ආයෝජකයන් බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගන&#35

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    ආයෝජකයන් බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගන&#35

    :shocked::shocked::shocked::shocked:
    විදෙස් ආයෝජකයන් බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගනී


    විදෙස් ආයෝජකයන් ඔක්තෝබර් 26 වැනි දා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිත තත්ත්වය මෙසේ ආයෝජන ඉවත් කරගැනීමට හේතුවූ බව විශේෂඥ පෙන්වා දෙන බවද රොයිටර් වාර්තා සඳහන් වේ.

    මේ අතර නොවැම්බර් 14 වැනි දා වන විට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් වූ බවත් මේ වසර අවසාන වනවිට එම ප්‍රමාණය බිලියන 7.8ක් දක්වා ඉහළ යනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී පැවැසීය.

    ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට වසරකදී සාමාන්‍ය වශයෙන් ගෙවීමට ඇති ණය ප්‍රමාණය පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ක් වන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

    මේ අතර සඳුඳා (19) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් වාර්තා ගත ලෙස පහත වැටුණු අතර එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 178.26 ක් ලෙස දැක්විණි.


    lankadeepa
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    මැදමුලන ගන්කබරයාගේ වහල්ලු ටිකට මේවා පෙන්නේ නෑ..

    මරා පැරදුනහම ඔයිට වඩා ගාණක් ආයෝජකයෝ අයින් කරගත්තා.උබ ඒ කාලේ බුදියන් හිටියද?:P
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මේකනන් සිරා සීන් එකක්. අපේ warehouse එකේ අයිතිකාරයත් (සුද්දෙක්) හොටෙල් එකක් හදනව මෙහෙ. උගෙත් හොටෙල් එකට ඉන්වෙස්ට් කරපු උන් වගයක් අයින් වෙලා මේ සීන් හින්ද.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,870
    113
    හස්තිශෛලපුර
    මරා පැරදුනහම ඔයිට වඩා ගාණක් ආයෝජකයෝ අයින් කරගත්තා.උබ ඒ කාලේ බුදියන් හිටියද?:P


    හා ඒක හින්දා මේක අවුලක් නෑ නෙහ්..
    චින ආයෝජකයෝ ගැන වෙන්න ඇති කිවේ.. :P:P:P