ආයෝජන එපා කරවන අනිසි තීරණ

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,889
    113
    ජපන් ණය ආධාර යටතේ ගිවිසුම්ගත වී ආරම්භ කෙරුණු කොළඹ - මාලබේ සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය මගින් ඒකපාර්ශ්විකව අවලංගු කිරීමෙන් රුපියල් කෝටි 598ක පමණ මුදලක් මකර කටට ගොස් ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කර තිබිණි. අත්තනෝමතික ලෙස එම ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වනවිට ඒ වනතුරු වැය කරන ලද මුදල මෙසේ අපතේ ගොස් ඇති බවද වාර්තාවේ සඳහන් වෙයි.


    image_983c831b51.jpg


    මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන අලාභය එතෙකින් අවසන් වන්නේ නැත. එතෙක් සපයන ලද උපදේශක ගාස්තු ද ඇතුළත්ව කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ව්‍යාපෘතිය අවලංගු කිරීම නිසා සිදුවන අලාභය වෙනුවෙන් ජපන් උපදේශක සමාගම රුපියල් කෝටි 516ක මුදලක් ඉල්ලා ඇති බවත් එය නොගෙවා සිටියහොත් අනාගතයේ දී සිදුවිය හැකි බේරුම්කරණ නඩුවක දී සම්පූර්ණ උපදේශක ගාස්තුව සහ වන්දි මුදල් ආදී ලෙස තවත් විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත් දැන් එම වාර්තාව පුරෝකතනය කර තිබේ.

    සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2016දී ශ්‍රී ලංකා රජය ජපන් රජයෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙන් වසර 12ක සහන කාලයක් සහිතව වසර 40කදී ගෙවීමට සහන පොලී පදනමක් යටතේ ණය මුදලක් අනුමත වී තිබිණි. එසේ තිබියදී 2020 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ඉදිරිපත් කෙරුණු කැබිනට් සංදේශයකින් මේ ව්‍යාපෘතිය අවලංගු කර තිබේ. ඒ සඳහා කිසිදු පිළිගත හැකි හේතු දැක්වීමක් සිදුකර නොතිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

    සමස්ත සිද්ධිය කෙටියෙන් දැක්වුවහොත් 2016දී තිබූ යහපාලන ආණ්ඩුව ආරම්භ කළ ශ්‍රී ලංකාවට ඉතා වාසිදායී විය හැකිව තිබූ ව්‍යාපෘතියක් 2020දී පැවති රාජපක්ෂ ආණ්ඩුව මගින් හිතූමතයේ නවත්වා දමා තිබේ. එයින් සිදුව ඇති මූල්‍යමය පාඩුවටත් වඩා දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතාවල කල්‍යාණ මිත්‍රයකු වන ජපානය අමනාප කර ගැනීම බරපතළ පාඩුවක් විය. ජපානය එයට ප්‍රතිචාර දැක්වූයේ ඉතා වේදනාත්මකව බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

    එහෙත් එය අවලංගු කිරීමේ තීරණය ගත් බලධරයන් කිසිවකුත් ජපානය වැනි ශ්‍රී ලංකාව සමඟ පුළුල් අවබෝධයකින් ක්‍රියාකරන මිත්‍රශීලී රටක් අමනාප කර ගැනීමෙන් සිදුවිය හැකි බරපතළ හානි පිළිබඳව තුට්ටුවක සැලකීමක් සිදුකර නැත. මෙවැනි බහුබූත තීන්දු තීරණ යට ඇත්තේ මහා අසික්කිත කුණු ගනුදෙනු බවත් රටට සිදුවන වාසියට වඩා කිහිප දෙනකුට තමන්ගේ සාක්කු පුරවා ගැනීමෙන් ලැබෙන වාසියට මුල්තැන දීමට මෙවැනි තීන්දු ගන්නා බවත් කෙනකුට සැක පහළ වීම නොවැළැක්විය හැක. එම තකතීරු තීන්දුව රටේ යහපතට ගනු ලැබූ තීන්දුවක් වශයෙන් පෙන්වීමට ඒ කාලයේ මාධ්‍ය මෙහෙයුම් පවා ක්‍රියාත්මක වූ බව පැහැදිලිව පෙනිණි.

    මෙම ව්‍යාපෘතිය අහෝසි කිරීමේදී එය නොකළ යුත්තක් බවට ද මත පළ විය. එම මතවාදවලට ආණ්ඩුව පිළිතුරු ලබාදීමට උනන්දුවක් දැක්වූයේ නැත. වරක් ප්‍රකාශ වී තිබුණේ යහපාලන රජයේ හිටපු අමාත්‍යවරයකුගේ කොමිස් ඉල්ලීමක් හේතුවෙන් එම ව්‍යාපෘතිය ඇණහිටි බවකි. එහෙත් ජපානය කිසිදු ආණ්ඩුවක් සමඟ එවැනි ගනුදෙනුවලට නොයන රටක් වශයෙන් චිර ප්‍රසිද්ධියක් උසුලයි. මේ හේතුවෙන් එම කතාවටද තටු නොලැබිණි. සිදුවූ එකම දෙය ශ්‍රී ලංකාවට හොඳම ව්‍යාපෘතියක් අහිමිවීමත් රුපියල් බිලියන ගණනාවක් මකර කටට යාමත් පමණි.

    දැනට කඩා වැටී තිබෙන ආර්ථිකය ගොඩගැනීමට හොඳම ක්‍රමය අායෝජන හැකිතරම් රටට ආකර්ෂණය කර ගැනීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ඩොලර් බිලියන 2.9 ලබාගැනීමටත් එයින් ඉහළ ප්‍රතිඵල ගැනීමටත් ආයෝජන අවස්ථා වර්ධනය කර ගැනීම අත්‍යාවශ්‍යම පියවරකි. ඒ සඳහා සෑම ආණ්ඩුවක්ම විනිවිද පෙනෙන ආකාරයකින් කටයුතු කිරීම අපේක්ෂිතය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ආයෝජන සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමය. එවැනි ප්‍රතිපත්තියක් තිබේ නම් එක් ආණ්ඩුවකින් ගිවිසුම්ගතවන ආයෝජනයක් ඊළඟ ආණ්ඩුවෙන් අත්හිටුවීමට ඉඩක් ලැබෙන්නේ නැත. එහෙත් එවැනි ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීමට සෑම ආණ්ඩුවක්ම උනන්දු නොවීම පිටුපස ඇත්තේ අත යට සිදුවන බිලියන ගණන් කළු ගනුදෙනුවලට තිබෙන ඉඩකඩ එයින් ඇහිරෙන බැවිනි.


    ශ්‍රී ලංකාවට සැහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය යළි ලබාදීමට කැමැත්ත පළකර ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා පළවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතා ලද විගස එය ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී සඳහන් කර තිබිණි. එය යහපත් ඉදිරි පියවරකි. එහෙත් වඩාත් වැදගත් වන්නේ ජපානය වැනි ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සූදානමින් සිටින රටවල් සමඟ හොඳහිත පවත්වාගෙන යාමය. ගිවිසුම්ගත ආයෝජන එක පෑන් පහරින් කපා හරින ආණ්ඩු තිබෙන තුරු ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව හුදෙකලාවීම වළක්වාගත නොහැකි වනු ඇත.

    https://www.lankadeepa.lk/editorial/ආයෝජන-එපා-කරවන-ශ්‍රී-ලංකාවේ-අනිසි-තීරණ/117-625365

    මේ අනිත් එක ->

    281921238_1738085049860498_6742192260281501623_n.png


    PMD-4-1-1.jpg


     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,904
    113
    Colombo
    උඹ ඒ කාලෙ සංවර්දන නිවුස් දාද්දි අපි එකතු වෙලා උඹෙන් ආතල් ගත්ත.

    දැන් මේව දාද්දි මයිනගෙන් ආතල් ගන්නව.

    හැමදාම උන් දෙගොල්ල ගුපියන් ගෙන් ආතල් ගන්නව :(
     
    • Like
    Reactions: topkollek

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,889
    113
    Just asking, is it possible to resume the project?

    Forget the political bullshit, treat it as an engineering project

    Yes, I think so.
    Japan agreed in principle to resume this project.
    I am not sure about the fine print.

    Govt. plans to restart suspended Japanese-funded LRT project​

    By Bandula Sirimanna

    In an effort to mend fences with Japan, the Sri Lanka government plans to resume the Japan International Cooperation Agency (JICA)-funded US$2.2 billion ‘Light Rail Transit (LRT) project, stretching from Malabe to Colombo Fort which was abruptly terminated by the previous regime, Presidential Secretariat sources divulged.

    The new administration is set to renew the LRT project contract with JICA loan facility due to its favourable conditions including low interest rates and the grace period of 12 years which was completely ignored by the previous regime.

    On the advice of the then President Gotabaya Rajapaksa, Presidential Secretary Dr. P.B. Jayasundera had instructed the Ministry of Transport Services Management to review and terminate the project and close the project office with immediate effect.

    He cited the reason for this action and a subsequent cabinet decision in favour of it to the high cost incurred for the LRT project and it was not being the appropriate cost effective transport solution for the Urban Colombo transportation infrastructure.

    The government is yet to take any action to terminate the loan agreement with JICA, the Auditor General (AG)’s special report revealed.

    The AG disclosed that the Department of External Resources had informed JICA that the loan amount would be utilised for another development project.

    The total project cost was estimated to be 246,641 billion yen (US$ 2.3 billion) but this includes land acquisition, administration, interest and taxes which are not financed by the loan.

    The consultants started work in early 2019. Their seven-year contract was signed with the Ministry of Megapolis and covered detailed design and related engineering services, procurement assistance, construction supervision, testing and commissioning as well as defect liability check.

    The Government has not yet settled a claim of around Rs 5 billion from the project consultants Oriental Consultants Global of Japan and Sri Lanka’s Consulting Engineers & Architects Associated for the work already done, expenses and loss of profit caused by the cancellation of the project in 2020.

    Sri Lanka’s Auditor General has confirmed this claim adding that after loan agreement number 2019011 linked to the LRT was scrapped following a policy decision, a consultancy contract was terminated and the firm has demanded a sum of Rs.5.89 billion for losses and damages.

    In addition, there will be certain penalties from JICA as Sri Lanka has already signed an agreement on the project, a senior official closely connected to negotiations with JICA revealed.

    The total consultancy cost of the project is estimated at around $140 million for seven years, including the feasibility review, detailed design, evaluation assistance, and construction supervision inclusive of all government taxes.

    Any disbursements already made by JICA will have to be settled, despite the project being called off for the first two years, he added.

    It has also been observed that the Government incurring a higher cost would be unavoidable if the consultancy firm were to seek justice from the International Court of Justice, as provisions governing the loans relating to the unilateral termination of a project had not been indicated in the contract.

    - https://www.sundaytimes.lk/221218/b...ended-japanese-funded-lrt-project-505592.html
     
    • Like
    Reactions: Schrodinger Cat

    Similar threads