ආරච්චි

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    උපරිමාධිකරණයේ ආරච්චි තනතුරට 12,000ක් පෝලිමේ
    රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා

    කොළඹ අලූත්කඩේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රධාන ආරච්චි තනතුරෙහි පුරප්පාඩුව වෙනුවෙන් අයැදුම්කරුවන් 12,000ක් අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    මේ වන විට මෙම පුරප්පාඩුව වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අතර අයදුම්කරුවන් විශාල පිරිසක් පෝලිම් ගැසී අලූත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට රැස්ව සිටන අයුරු දක්නට ලැබිණි.

    අදාළ තනතුර සඳහා අයැදුම් කළ 12,000 අතරින් මූලික සුදුසුකම් ලැබූ පිරිස් කණ්ඩායම් වශයෙන් සම්මුඛ පරීක්ෂණ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛාධිකාරිනිය වන මහේෂි ජයසේකර මහත්මිය හමුවට කැඳවනු ලබයි.



    උපුටා ගැනීම-http://www.lankadeepa.lk




    මොකක්ද බන් ඒ රස්සාව?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මන් හිතන්නේ නඩු කාරයට ෆයිල් බෑග් එහෙම ගෙනත් දෙන එකා ..හරියට උසාවියේ පියුමා :D

    නඩුකාරයට වඩා බලය තියෙන සල්ලි හම්බකරන්න පුළුවන් තනතුරක් :lol::lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තෝල්ක මුදලි කියන්නෙත් ඔය තනතුර තමා මම හිතන්නේ....
    මගේ යාලුවෙක්ගේ මාම කෙනෙක් ඉන්නව පොර ප්‍රසිද්ධ උසාවියක තෝල්ක මුදලි..මමයි යාලුවයි ලංකාව වටේ රවුම් ගැහුවා සති5ක් විතර 2010 D.S.ගුනසේකර බස් වලින් නොමිලේ... මොකෝ ගුනසේකර උන්ගෙ කේස් ගොඩක් මේ මාම ශේප් කරල දෙනවා.. ඒ ෆිට්1ට උන් ඕන සප්1ක් දෙනවා මාමට..
    මාර කන්ටැක්ට් හැදෙන්නේ ඔය ජොබ් එකෙන්...
     
    Last edited: