පුරප්පාඩු - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    පුරප්පාඩු - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


    Government%2Bjobs%2Bsri%2Blanka.jpg
    ld,.=කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
    ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාලගුණ විද්‍යා නිරීක්ෂක/සන්නිවේදක තනතුරු සඳහා (පුහුණු කිරීමේ ශ්‍රේණියට) බඳවා ගැනීමේ
    විවෘත තරග විභාගය - 2016
    1.0 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙහි, පුරප්පාඩුව පවත්නා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරු සඳහා පුහුණු කිරීමේ
    ශ්‍රේණියට බඳවා ගැනීමට පැවැත්වෙන විවෘත තරග විභාගය සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත්
    කැඳවනු ලැබේ.
    1.1 තනතුරු නාමය : කාලගුණ විද්‍යා නිරීක‍ෂක/සන්නිවේදක
    1.2 තනතුරෙහි රාජකාරි ස්වභාවය
    ෆ කාලගුණ විද්‍යාත්මක දත්ත රැස් කිරීම
    ෆ කාලගුණ විද්‍යා උපකරණ නඩත්තු කිරීම
    ෆ කාලගුණ විද්‍යා දත්ත බාහිර ආයතනයන්ට සැපයීම
    ෆ කාලගුණ විද්‍යා දත්ත වෙබ් පිටුවට ඇතුළත් කිරීම
    ෆ විශේෂ කාලගුණික දත්ත පිළිබඳ අවධානයෙන් සිටීම සහ ඒවා වාර්තා කිරීම
    ෆ දෙපාර්තමේන්තු ප්‍රධානී විසින් පවරනු ලබන වෙනත් කාර්යයන්
    2.0 පත් කරනු ලබන සංඛ්‍යාව හා පත්වීම් දිනය පත්වීම් බලධරයා විසින් නිශ්චය කරනු ලැබේ. පුරප්පාඩු සියල්ලම හෝ කිසියම්
    ගණනක් නොපිරවීමට පත්වීම් බලධරයාට බලය ඇත.
    3.0 වැටුප :
    වගුව - අංක 01
    ශ්‍රේණිය වැටුප් පරිමාණය ආරම්භක මාසික වැටුප
    පුහුණු කිරීමේ ශ්‍රේණිය නොමැත 1 වසර මාසිකව රු. 15,924
    2 වසර මාසිකව රු. 16,100
    (රා. ප. ච. 03/2016) හි උපලේඛන ඪ
    විධිවිධාන අනුව)
    ෂෂෂ ශ්‍රේණිය මාසිකව රු. 31,040 - 10 ං 445 රු. 18,212
    - 11 ං 660 - 10 ං 730 - 10 ං 750 - රු. 57,550 (රා. ප. ච. 03/2016 හි උපලේඛන ෂෂ
    - (එම්එන්3 - 2016) විධිවිධාන අනුව)

    ෂෂ ශ්‍රේණිය මාසිකව රු. 31,040 - 10 ං 445 රු. 21,218
    - 11 ං 660 - 10 ං 730 - 10 ං 750 - රු. 57,550 (රා. ප. ච. 03/2016 හි උපලේඛන ෂෂ
    (12 වන වැටුප් පියවරෙන් ආරම්භ වේ) විධිවිධාන අනුව)
    (එම්එන්3 - 2016)
    ෂ ශ්‍රේණිය මාසිකව රු. 31,040 - 10 ං 445 රු. 25,532
    - 11 ං 660 - 10 ං 730 - 10 ං 750 - රු. 57,550 (රා. ප. ච. 03/2016 හි උපලේඛන ෂෂ
    - (23 වන වැටුප් පියවරෙන් ආරම්භ වේ) විධිවිධාන අනුව)
    (එම්එන්3 - 2016)
    විශේෂ ශ්‍රේණිය මාසිකව රු. 41,580 - 11 ං 755 රු. 24,340
    - 18 ං 1,030 - රු. 68,425 (රා. ප. ච. 03/2016 හි උපලේඛන ෂෂ
    - (එම්එන්7 - 2016) විධිවිධාන අනුව)
    විභාග, විභාග ප්‍රතිඵල ආදිය
    1222 ෂ කොටස ථ :ෂෂඅ- ඡෙදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2016.07.08
    4.0 තනතුරෙහි සේවා කොන්දේසි :
    4.1 පුහුණු කිරීමේ ශ්‍රේණියට බඳවා ගනු ලබන අයදුම්කරුවන් දෙවසරක පුහුණුව අවසානයේ පෙනී සිටිය යුතු යෝග්‍යතා
    පරීක‍ෂණය සමත් වූ විට ශ්‍රී ලංකා තාක‍ෂණ සේවයේ ෂෂෂ ශ්‍රේණියේ කාලගුණ විද්‍යා නිරීක්ෂක/සන්නිවේදක තනතුරට
    බඳවා ගනු ලැබේ.
    4.2 ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ ෂෂෂ ශ්‍රේ‚යේ කාලගුණ විද්‍යා නිරීක්ෂක/සන්නිවේදක තනතුර ස්ථීර හා විශ්‍රාම වැටුප්
    සහිතය. මෙම පත්වීම අවුරුදු 03ක පරිවාස කාලයකට යටත් වන අතර, තෝරා ගනු ලබන අයදුම්කරුවන් දිවයිනේ
    ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සුÞනම්ව සිටිය යුතු ය. මෙම ගැසට් නිවේදනයේ ආරම්භයේ ඇති රාජ්‍ය සේවයට
    පත් කිරීම්වලට අදාළවන පොදු කොන්දේසිවලට ද, ශ්‍රී ලංකා තාක‍ෂණ සේවා ව්‍යවස්ථාව හා එයට කලින් කලට කරනු
    ලබන සංශෝධන, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති, ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා රජය
    මගින් රාජ්‍ය සේවය පිළිබඳව නිකුත් කර ඇති හා කරනු ලබන වෙනත් නියෝග හා රෙගුලාසිවලට ද තෝරාගනු
    ලබන්නා යටත් වේ.
    4.3 රාජ්‍ය භාෂාව නොවන භාෂා මාධ්‍යයකින් බඳවාගත් නිලධාරියෙකු පරිවාස කාලය තුළදී රාජ්‍ය භාෂා පරීක‍ෂණයෙන් සමත්
    විය යුතු ය. නියමිත කාලය තුළ මෙම පරීක‍ෂණයෙන් සමත්වීමට අපොහොසත් වීම ඊළඟ වැටුප් වර්ධක විලම්භනය
    වීමට හේතු වනු ඇත.
    4.4 ස්ථීර පත්වීමේ දින සිට වසර 05ක් ඇතුළත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 1/2014 හි දැක්වෙන පරිදි තම තනතුරට
    අදාළ වන මට්ටමේ දෙවන රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබාගත යුතු වේ. අදාළ කාලය තුළ එම ප්‍රවීණතාව ලබා ගැනීමට
    අපොහොසත් වුවහොත් එම ප්‍රවීණතාව ලබා ගන්නා තුරු වැටුප් වර්ධක නතර කෙරේ.
    4.5 සන්ධාන භාෂාව වන ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අ. පො. ස. (සා. පෙළ) මට්ටමේ ප්‍රවීණතාවයක් ෂෂෂ ශ්‍රේ‚යේ වසර 05ක්
    ඉක්මවීමට පෙර ලබා ගත යුතු ය.
    4.6 දෙවසරක පුහුණුව පූර්ණ වශයෙන් සම්පූර්ණ කරන බවට ද, දෙවසරක පුහුණුවෙන් පසු වසර 05ක් දෙපාර්තමේන්තුවේ
    සේවය කරන බවට ද, දෙපාර්තමේන්තුව සමග ගිවිසුමකට එළඹිය යුතු අතර, ඔහු/ඇය පුහුණුව ආරම්භක දිනයෙන්
    පසු පුහුණුව හැර ගියහොත් හෝ ගිවිසුම්ගත කාලය දෙපාර්තමේන්තුවේ සේවය කිරීමට අපොහොසත් වුවහොත්
    පුහුණුව සඳහා රජයට වැයවූ මුදල ද, රු. 2,50,000 ක වලංගු මුදලක් ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට
    ගෙවන බවට ද දෙපාර්තමේන්තුව විසින් පිළිගන්නා වූ ඇපකරුවන් දෙදෙනෙකුගේ සහතික වීම සහිතව බැඳුම්කරයක්
    පුහුණුව ආරම්භ කිරීමට පෙර ලියා අත්සන් කළ යුතු ය.
    4.7 රාජකාරි වේලාවන් සෑම විටම සාමාන්‍ය කාර්යාල වේලාවන් නොවන අතර, දිවා රාත්‍රී දෙකෙහිම සහ සෙනසුරාදා,
    ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හි ද යෙදෙනු ඇත. කෘත්‍ය ලේඛන අනුව ද රාජකාරි කිරීමට සිදු වේ.
    4.8 තෝරාගනු ලැබූ අයදුම්කරුවන් දිවයිනේ කවර පෙදෙසක වුව ද සේවය කළ යුතු වේ.
    5.0 සුදුසුකම් :-
    5.1 මූලික සුදුසුකම් :
    (අ) ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම,
    (ආ) විශිෂ්ඨ චරිතයකින් යුක්ත වීම.
    (ඇ) යම් ආගමික නිකායක පැවිදිවරයක් දරන කිසිදු තැනැත්තෙකු මෙම විභාගය සඳහා පෙනී සිටීමට සුදුසුකම්
    නොලබයි.
    (ඈ) අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට අවම වයස අවුරුදු 18 වන අතර, උපරිම වයස අවුරුදු 30 වේ.
    (ඒ අනුව 1998.08.08 වැනි දිනට හෝ ඊට පෙර හා 1986.08.08 ඊට පසු උපන් දිනය යෙදී ඇති අයට පමණක්
    මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇත.)
    5.3. අධ්‍යාපන සුදුසුකම් :
    (අ) සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, විද්‍යාව, ගණිතය සහ තවත් එක් විෂයකට සම්මාන සාමාර්ථ සහිතව එකවර
    විෂයයන් (06) කින් අ. පො. ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත්ව තිබීමත
    ෂ කොටස ථ :ෂෂඅ- ඡෙදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2016.07.08 1223
    (ආ) විෂයයන් 03කින් අ. පො. ස. (උසස් පෙළ) විභාගය එකවර සමත්ව තිබීම, විෂයය සංයුතිය පහත එක් ආකාරයකට
    විය යුතු ය.
    (1) භෞතික විද්‍යාව, ශ=ද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය,
    (2) භෞතික විද්‍යාව සමග,
    (ස) ශ=ද්ධ ගණිතය/ව්‍යවහාරික/සංයුක්ත ගණිතය යන විෂයයන්ගෙන් එකක්,
    සහ
    (සස) රසායන විද්‍යාව/කෘෂි විද්‍යාව/තොරතුරු තාක‍ෂණය/පරිගණක විද්‍යාව යන විෂයයන්ගෙන් එකක්.
    5.4 කායික සුදුසුකම් :
    සෑම අපේක‍ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, තනතුරේ රාජකාරි ඉටු කිරීමටත් ප්‍රමාණවත්
    ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතු ය. බඳවා ගැනීමෙන් පසු පවත්වන වෛද්‍ය පරීක‍ෂණයේ දී
    අයෝග්‍ය බව තහවුරු වුවහොත් තනතුරට නුසුදුසු සේ සළකනු ලැබේ.
    සටහන : සෑම අයදුම්කරුවෙකුම තනතුරට අදාළ සුදුසුකම් අයදුම්පත් භාර ගන්නා අවසාන දිනයට හෝ ඊට පෙර සම්පූර්ණ
    කර තිබීම අනිවාර්ය වේ.
    6.0 විභාග පටිපාටිය :-
    විභාගය විෂයයන් දෙකකින් යුත් ලිඛිත පරීක‍ෂණයකි. මෙම විභාගය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යවලින් පැවැත්වෙන
    අතර, ඉල්ලූම් කරන මාධ්‍යය පසුව වෙනස් කිරීමට ඉඩදෙනු නොලැබේ.
    ලැබිය හැකි සමත්වීම සඳහා
    මුළු ලකුණු ලැබිය යුතු අවම කාලය
    ප්‍රමාණය ලකුණු ප්‍රතිශතය
    ෂ. බුද්ධි පරීක‍ෂණය 100 40% පැය 01
    ෂෂ. විෂයානුබද්ධ තාක‍ෂණික ප්‍රශ්න පත්‍රය 100 40% පැය 02
    7.0 විෂය නිර්දේශය :
    :ස- බුද්ධි පරීක‍ෂණය : මෙම ප්‍රශ්න පත්‍රය අපේක‍ෂකයාගේ සිතීමේ තර්කානුකූලතාවයත්, ඔහුගේ විශ්ලේෂණ තත්ත්වයත්,
    තීරණය කිරීමේ ශක්තියත් විනිශ්චය කිරීම සඳහා වන බහුවරණ හා කෙටි පිළිතුරු සැපයීමේ මාදිලියේ ප්‍රශ්න 50කින්
    යුක්ත වන අතර, ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතු ය.
    :සස- විෂයානුබද්ධ තාක‍ෂණික ප්‍රශ්න පත්‍රය : භෞතික විද්‍යාව විෂය ආශ්‍රිත අ. පො. ස. (උ.පෙළ) විභාග මට්ටම හා ඒ
    දක්වා වූ යාන්ත්‍රණ විද්‍යාව, ඒකක හා මාන, පදාර්ථයේ ගුණ, කම්පන හා තරංග, තාපය සහ විද්්‍යුතය යන විෂය දැනුම
    නිශ්චය කෙරෙන ප්‍රශ්නවලින් යුක්ත වන අතර, ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතු ය.
    8.0 තේරීමේ පටිපාටිය :-
    8.1 ලිඛිත පරීක‍ෂණයේ ප්‍රතිඵල අනුව ඉහළම ලකුණු ලබාගත් අයදුම්කරුවන් අතරින්, පිරවීමට අපේක‍ෂිත පුරප්පාඩු ගණනට
    සමාන අයදුම්කරුවන් ගණන, ප්‍රතිඵලවල කුසලතා අනුපිළිවෙල අනුව බඳවා ගනු ලැබේ. (සම්මුඛ පරීක‍ෂණයේ දී මූලික
    සුදුසුකම් සනාථ කළ නොහැකි වන අයදුම්කරුවන් විභාගයේ දී නියමිත කුසලතා මට්ටම ලබා සිටිය ද බඳවා ගනු
    නොලැබේ.)
    9.0 බඳවා ගැනීම :- පුහුණු කිරීමේ ශ්‍රේණියට තෝරාගනු ලබන්නන් දෙවසරක පුහුණුව අවසානයේ පැවැත්වෙන පරීක‍ෂණය
    සමත් වූ පසු ශ්‍රී ලංකා තාක‍ෂණ සේවයේ ෂෂෂ ශ්‍රේණියට පත් කෙරේ.
    10.0 අයදුම්පත්‍ර සකස් කිරීම :-
    10.1 ඉල්ලූම්පත් සකස් කළ යුත්තේ තමා විභාගයට පෙනී සිටින භාෂා මාධ්‍යයෙන් ය.
    10.2 ස ිංහලෙන ් සහ දෙමළෙන ් ඉදිරිපත ් කරන අයදුම්පත ්‍රවල ශ ීර්ෂයෙ ් සඳහන ් විභාගයෙ ් නම් එම භාෂාවට අමතරව
    ඉංග්‍රීසියෙන් ද සඳහන් කළ යුතු ය.
    1224 ෂ කොටස ථ :ෂෂඅ- ඡෙදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2016.07.08
    10.3 මෙම නිවේදනය අවසානයේ දක්වා ඇති ආදර්ශ අයදුම්පත්‍රය අනුව සෙ. මී. 21 ං 29 (ඒ4) ප්‍රමාණයේ කඩදාසිවල
    දෙපැත්තම ප්‍රයෝජනයට ගනිමින් ඉල්ලූම් පත්‍රය සකස් කරගත යුතු ය. අංක 01 සිට 04 (ඉ) දක්වා ශීර්ෂ 01 පිටුවේද,
    අංක 05.0 - 09.3 දක්වා ශීර්ෂ 02 පිටුවේ ද, අංක 10.0 - 15 දක්වා ශීර්ෂ 03 පිටුවේ ද, අංක 16.0 - 17.3 දක්වා ශීර්ෂ 04
    පිටුවේ ද ඇතුළත් වන පරිදි ඉල්ලූම්පත්‍රය සැකසිය යුතු ය.
    11. 0 අයදුම්පත් සම්පූර්ණ කිරීම :
    11.1 අයදුම්කරු/කාරිය ගේ අත් අකුරින් සම්පූර්ණ කළ යුතු ය.
    11.2 පෙනී සිටින භාෂා මාධ්‍යය පසුව වෙනස් කිරීමට අවසර නොදෙන හෙයින් නිවැරදිව සම්පූර්ණ කළ යුතු ය.
    11.3 විභාග මධ්‍යස්ථාන පසුව වෙනස් කිරීමට ඉඩදෙනු නොලැබේ. එනමුත් යම් මධ්‍යස්ථානයකට ප්‍රමාණවත් අයදුම්කරුවන්
    සංඛ්‍යාවක් අයදුම්කොට නොමැති විටෙක එම මධ්‍යස්ථානය අවලංගු කර අපේක්ෂකයන් ආසන්නතම මධ්‍යස්ථානයට
    යොමු කරවනු ලැබේ. තව ද යෝජිත නගර සියල්ලෙහිම හෝ වැඩි ගණනක හෝ විභාග මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා
    ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් අයදුම්කොට නොමැති නම් විභාගය කොළඹ දී පමණක් පැවැත්වීමට විභාග
    කොමසාරිස් ජනරාල් විසින් කටයුතු කරනු ඇත.
    11.4 විභාග ගාස්තුව ගෙවා කුවිතාන්සිය ඒ සඳහා වෙන් කර ඇති ස්ථානයෙහි ඇලවිය යුතුය.
    11.5 අයදුම්පත්‍රයේ ද විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රයේ ද අයදුම්කරුගේ අත්සන සහතික කර තිබිය යුතුය. කිසියම්
    ආයතනයකින් විභාගයට ඉල්ලූම් කරන අයදුම්කරුවෙකු තම අත්සන ආයතන ප්‍රධානියා හෝ ඔහු විසින් බලය පවරන
    ලද නිලධාරියකු ලවාද, එසේ නොවන අයදුම්කරුවෙකු තම අත්සන රජයේ පාසලක ප්‍රධානියෙකු, කොට්ඨාසයේ ග්‍රාම
    නිලධාරීවරයෙකු, සාමÞන විනිශ්චයකාරවරයෙකු, දිවුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥවරයෙකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු,
    ත්‍රිවිධ හමුÞවේ අධිකාරිලත් නිලධාරියෙකු, රු. 240,360 ක් හෝ ඊට වැඩි හෝ වාර්ෂික එAකාබද්ධ වැටුපක් ලබන රජයේ
    හෝ පළාත් රාජ්‍ය සේවයේ හෝ ස්ථීර මාණ්ඩලික ශ්‍රේ‚යේ නිලධාරියෙකු හෝ ලවා සහතික කරවා ගත යුතුය.
    11.6 සාවද්‍ය තොරතුරු සැපයීම :
    මෙම විභාගය සඳහා ඉදිරිපත් වීම සඳහා කිසියම් අපේක‍ෂකයෙකුට සුදුසුකම් නොමැති බව අනාවරණය වුවහොත්
    හෝ ඉදිරිපත් කර ඇති කිසියම් තොරතුරක් සාවද්‍ය බව දැන දැනම ඉදිරිපත් කර ඇති බව හෝ යම් වැදගත් කරුණක්
    ඕනෑකමින් වසන් කර ඇති බව පෙනී ගියහොත් විභාගය පැවැත්වෙන අතරතුර හෝ විභාගයට පසුව හෝ ඔහු/ඇය ගේ
    විභාග අපේක‍ෂකත්වය අවලංගු කිරීමට ද සේවයට බඳවා ගත් පසුව ඒ බව අනාවරණය වුවහොත් සේවයෙන් පහකිරීමට
    ද ඉඩ ඇත.
    12.0 අයදුම්පත් යොමු කිරීම :
    12.1 සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 2016.08.08 වැනි දින හෝ ඊට පෙර පහත දැක්වෙන ලිපිනයට ලැඛෙන සේ ලියාපදිංචි
    තැපෑලෙන් එවිය යුතු ය.
    12.2 අයදුම්පත් යොමු කිරීම :
    විභාග කොමසාරිස් ජනරාල්,
    සංවිධාන හා විදේශ විභාග ශාඛාව,
    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,
    තැ. පෙ. 1503,
    කොළඹ.
    12.3 දැනට රාජ්‍ය සේවයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ හෝ නියුතු ඉල්ලූම්කරුවන් අයදුම්පත් තම දෙපාර්තමේන්තු ප්‍රධානීන්
    මගින් ද, රාජ්‍ය සංස්ථා, පළාත් පාලන ආයතන ආදියේ සේවයේ නියුතු වූවන් සිය ආයතන ප්‍රධානීන් මගින් ද නියමිත
    දිනට හෝ පෙර ඉදිරිපත් කළ යුතුවේ.
    12.4 අයදුම්පත්‍රය බහා එවන කවරයේ වම් පස ඉහල කෙලවරේ —තාක‍ෂණ සේවයේ තනතුරුවලට බඳවා ගැනීම - කාලගුණ
    විද්‍යා දෙපාර්තමේන්තුව˜ යනුවෙන් පැහැදිලිව සඳහන් කළ යුතුය.
    12.5 සම්පූර්ණ කරන ලද අයදුම්පතෙහි හා මුදල් ගෙවූ ලදුපතෙහි ඡායා පිටපත් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.
    13.0 අයදුම්පත් භාර ගැනීම හා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම :
    13.1 නියමිත ආදර්ශ ආකෘතියට අනුකූල නොවන, නියමිත දිනට පෙර විභාග ගාස්තු ගෙවා නොමැති හා නිවැරදිව සම්පූර්ණ
    කර නොමැති අසම්පූර්ණ තත්වයේ පවතින අයදුම්පත්‍ර කිසිදු දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. නිසි පරිදි
    ෂ කොටස ථ :ෂෂඅ- ඡෙදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2016.07.08 1225
    අයදුම්පත්‍ර සම්පූර්ණ නොකිරීමෙන් සිදුවන පාඩුව අයදුම්කරුවන් විසින් දරාගත යුතු ය. ඉල්ලූම්පත්‍රයේ ඡායා පිටපතක්
    ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත. සම්පූර්ණ කරනු ලබන ඉල්ලූම්පත්‍රය විභාග නිවේදනයේ දැක්වෙන ඉල්ලූම්
    පත්‍රයට අනුකූල ද යන්න පිළිබඳව අයදුම්කරු විසින් විමසා බැලිය යුතු වේ. එසේ නොවුනහොත් අයදුම්පත ප්‍රතික්ෂේප
    විය හැක.
    13.2 ඉල්ලූම්පත් ලද බව දන්වනු නොලැබේ. තැපෑලේ දී අස්ථානගත වන ඉල්ලූම්පත් සම්බන්ධව කෙරෙන කිසිදු පැමිණිල්ලක්
    සලකා බලනු නොලැබේ.
    13.3 මෙම න ිවේදනයෙ ් සඳහන ් වයස ් ස ීමාව ත =ළ වන, අයදුම්පත ් භාර ගන ්නා අවසාන දිනට හො ් එදිනට පෙර
    නියමිත විභාග ගාස්තුව ගෙවා ඊට අදාළ ලදුපත සමඟ නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් යොමු කොට ඇති
    අයදුම්කරුවන් වෙත විභාග කොමසාරිස් ජනරාල් විසින් ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ඇත. තරග විභාගයට පෙනී සිටීම
    සඳහා ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම අයදුම්කරු මෙම විභාගයට පෙනී සිටීමට හෝ මෙම තනතුර සඳහා සුදුසුකම් සපුරා
    ඇති බවට පිළිගැනීමක් ලෙස සලකනු නොලැබේ. අයදුම්කරුවන් සම්මුඛ පරීක‍ෂණයට කැඳවා ගැසට් නිවේදනය අනුව
    සුදුසුකම් තිබේදැයි පරීක‍ෂා කරන අවස්ථාවේ අවශ්‍ය සුදුසුකම් නොමැති බව අනාවරණය වුවහොත් එම අයගේ විභාග
    අපේක‍ෂකත්වය අවලංගු කරනු ලැබේ.
    13.4 අයදුම්කරුවන ් වෙත ප ්‍රවේශ පත ්‍ර න ික =ත ් කළ වහාම එ ් බව සඳහන ් කරමින ් ප ුවත ්පත ් න ිවේදනයක ් ශ ්‍ර ී ලංකා
    විභාග දෙපාර්තමේන්තුව මගින් පළ කරනු ඇත. නිවේදනය පළ වී දින 02ක් හෝ 03ක් ගතවූ පසුවත් ප්‍රවේශ පත්‍රය
    නොලැබු‚ නම් දැන්වීමේ සඳහන් ආකාරයට ඒ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දන්වා සිටිය යුතුයි. ඔබ
    වෙත තබාගත් අයදුම්පත්‍රයේ පිටපත ද, විභාග ගාස්තුවට අදාළ ලදුපතෙහි පිටපත ද, ඉල්ලූම්පත්‍රය තැපෑලෙන් යොමු
    කිරීමේදී ලියාපදිංචි කරන ලද කුවිතාන්සියද අතැතිව ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා
    විභාගයේ නම නිවැරදිව සඳහන් කරමින් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසා සිටීම සුදුසුය. ඔබ කොළඹින් බැහැර
    අයදුම්කරුවෙකු නම් ඉහත විස්තර සමඟ ෆැක්ස් මගින් ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ලබා ගැනීම සඳහා ඔබගේ ෆැක්ස්
    අංකයක් ද සඳහන් ඉල්ලීම් ලිපියක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත ෆැක්ස් මගින් යොමු කරමින්ම විමසා
    සිටීමද සුදුසු ය.
    14.0 විභාග ගාස්තු :
    14.1 විභාග ගාස්තුව රු. 750 කි. එම ගාස්තුව විභාග කොමසාරිස් ජනරාල්ගේ ආදායම් ශීර්ෂ 2003-02-13 යටතේ රජයේ
    ආදායමට බැර වන පරිදි දිවයිනේ පිහිටි ඕනෑම තැපැල්/උප තැපැල් කාර්යාලයක් වෙත මුදලින් ගෙවා අයදුම්කරුගේ
    නමින් ලබා ගන්නා ලදුපත, එහි එක් දාරයක් මගින් අයදුම්පත්‍රයේ නියමිත ස්ථානයේ නොගැලවෙන ලෙස ඇලවිය
    යුතුය. විභාග ගාස්තුව සඳහා මුදල් ඇණවුම් හෝ මුද්දර භාරගනු නොලබන අතර, විභාගය සඳහා ගෙවන ලද ගාස්තුව
    මොනම හේතුවක් නිසාවත් ආපසු ගෙවීමක් හෝ වෙනත් විභාගයක් සඳහා මාරු කිරීමක් හෝ සිදු නොකෙරේ. ලදුපතේ
    ඡායා පිටපතක් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් විය හැකිය.
    15.0 විභාගයට පෙනී සිටීම :
    15.1 විභාග අපේක‍ෂකයින් විභාගයට පෙනී සිටීමට ප්‍රථම ප්‍රවේශ පත්‍රයේ තම අත්සන සහතික කරවා ගත යුතුය. විභාග
    මධ්‍යස්ථානයේදී විභාග ශාලාධිපති වෙත තම අත්සන සහතික කරවාගත් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කළ යුතු අතර, එසේ
    නොමැතිව විභාගයට පෙනී සිටීමට ඔබට අවසර නොලැඛෙනු ඇත. තවද අපේක‍ෂකයෙකු තමාට නියම කර ඇති විභාග
    මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටිය යුතු ය.
    15.2 විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන නීති රීතිවලට විභාග අපේක‍ෂකයන්
    යටත් වේ. එම නීති රීති උල්ලංඝණය කළහොත් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන ද`ඩුවමකට විභාග
    අපේක‍ෂකයා/අපේක‍ෂිකාව යටත් විය යුතු ය.
    15.3 විභාග ප්‍රතිඵල :
    ගැසට් නිවේදනයේ 6.0 ඡේදයට අනුව, විභාගයට පෙනීසිට සුදුසුකම් ලැබූ අපේක්ෂකයින්ගේ නම් ඇතුළත් ප්‍රතිඵල
    ලේඛනය කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලබාදෙනු ඇත. විභාගයට පෙනීසිටි සියලූම අයදුම්කරුවන් වෙත
    ප්‍රතිඵල පෞද්ගලිකව දන්වා යැවීම හෝ අඅඅගරුිමකඑිග ැං්පිගටදඩගකන වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරනු ඇත.
    16.0 අපේක‍ෂකයන්ගේ අනන්‍යතාවය :
    විභාග ශාලාවේදී තමා පෙන ී ස ිටින සෑම විෂයයක ් සම්බන ්ධයෙන ්ම විභාග ශාලාධිපත ි සෑහ ීමකට පත ් වන අය ුරින ්
    අයදුම්කරුවන් තම අනන්‍යතාවය ඔප්පු කර සිටිය යුතුය. මේ සඳහා පහත සඳහන් ලේඛන පිළිගනු ඇත.
    :ස- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද වලංගු ජාතික හැඳුනුම්පතත
    :සස- වලංගු විදේශ ගමන් බලපත්‍රය.
    1226 ෂ කොටස ථ :ෂෂඅ- ඡෙදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - 2016.07.08
    17.0 මෙහි සඳහන් නොවන යම් කරුණක් වෙතොත්, ඒ සම්බන්ධව කාලගුණ විද්‍යා අධ්‍යක‍ෂ ජනරාල් විසින් තීරණය කරනු ඇත.
    සියලූම අයදුම්කරුවන් මෙම ගැසට් පත්‍රයේ සඳහන් පොදු විභාග නීතිරීති අනුව කටයුතු කිරීමට බැඳී සිටිනු ඇත.
    18.0 ස ිංහල, දෙමළ හා ඉංග ්‍ර ීස ි මාධ්‍යයන ්ගෙන ් පළවන මෙම න ිවේදනයෙ ් භාෂා පාඨ අතර ක ිස ියම් නොගැලප ීමක ් හො ්
    අනනුකූලතාවයක් ඇති බව පෙනී යන්නේ නම් එවැනි අවස්ථාවක සිංහල මාධ්‍ය නිවේදනයට අනුව කටයුතු කරනු ලැබේ.
    ලලිත් චන්ද්‍රපාල,
    කාලගුණ විද්‍යා අධ්‍යක‍ෂ ජනරාල්,
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
    2016 ජූලි මස 08 වැනි දින,
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,
    බෞද්ධාලෝක මාවත,
    කොළඹ 07.
    උපලේඛනය - 01
    විභාගය පවත්වන මධ්‍යස්ථාන හා මධ්‍යස්ථාන අංක
    අනු. මධ්‍යස්ථානය මධ්‍යස්ථාන
    අංකය අංකය
    01 කොළඹ 01
    02 මහනුවර 02
    03 ගාල්ල 03
    04 කුරුණෑගල 04
    05 අනුරාධපුරය 05
    06 රත්නපුර 06
    07 බදුල්ල 07
    08 යාපනය 08
    09 වවුනියාව 09
    10 මඩකලපුව 10
    ආදර්ශ අයදුම්පත්‍රය
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
    ශ්‍රී ලංකා තාක‍ෂණ සේවයේ කාලගුණ විද්‍යා නිරීක‍ෂක/සන්නිවේදක තනතුරු සඳහා (පුහුණු කිරීමේ ශ්‍රේණියට) බඳවා ගැනීමේ විවෘත
    තරඟ විභාගය - 2016

    Open Competitive Examination for Recruitment to the Post of Meteorological Observers/Communicators (to the Training
    Grade) of the Sri Lanka Technological Service of the Department of Meteorology - 2016

    gazzete.jpg

    http://documents.gov.lk/files/gz/2016/7/2016-07-08(I-IIA)S.pdf


    https://goo.gl/g9di12
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    විෂයයන් 03කින් අ. පො. ස. (උසස් පෙළ) විභාගය එකවර සමත්ව තිබීම, විෂයය සංයුතිය පහත එක් ආකාරයකට
    විය යුතු ය.:sorry::sorry:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113


    1.1 තනතුරු නාමය : කාලගුණ විද්‍යා නිරීක‍ෂක/සන්නිවේදක
    1.2 තනතුරෙහි රාජකාරි ස්වභාවය
    කාලගුණ විද්‍යාත්මක දත්ත රැස් කිරීම
    කාලගුණ විද්‍යා උපකරණ නඩත්තු කිරීම
    කාලගුණ විද්‍යා දත්ත බාහිර ආයතනයන්ට සැපයීම
    කාලගුණ විද්‍යා දත්ත වෙබ් පිටුවට ඇතුළත් කිරීම
    විශේෂ කාලගුණික දත්ත පිළිබඳ අවධානයෙන් සිටීම සහ ඒවා වාර්තා කිරීම
    දෙපාර්තමේන්තු ප්‍රධානී විසින් පවරනු ලබන වෙනත් කාර්යයන්


    අඩේ මට මේක කියවන කොට ඔය ඉස්සරහින් දාපු අකුරින් පටන් ගන්න ඉංග්‍රීසි ...ing ක්‍රියා පදයක් එක්ක වාක්‍යය කිවවුනා නේ. :lol::lol:
    anyway ජොබ් හොයන එවුන්ට හොද අවස්ථාවක්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    12.1 සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 2016.08.08 වැනි දින හෝ ඊට පෙර පහත දැක්වෙන ලිපිනයට ලැඛෙන සේ ලියාපදිංචි
    තැපෑලෙන් එවිය යුතු ය.



    ඇයි මේ පරණ ඒවා දාන්නෙ?