ආර්ථිකය සාමාන්‍යකරණයට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ වසරේදී බලාපොරොත්තු වූ පරිදිම ඇඟළුම් අපනයනය අඩු වෙලා තියෙනවා.

    ඒ පසුගිය ජනවාරි මාසයේදී වාර්ථාගත ලෙස එම අගය මිලියන 396 දක්වා පහත වැටීම සමගයි.

    ඒ වගේම වසර 2023 දී ඇඟළුම් ක්ෂේත්‍රයේ 25% ක පසුබැසීමක් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ ගෝලීයව ඇති වී ඇති ආර්ථික අවපාතනය සමග ලෝක පුරවැසියන් තම තමන්ගේ වියදම් කප්පාදු කර ගෙන තිබෙන නිසා. එම නිසා ඔවුන් ඇඳුම් පැළඳුම් සඳහා එතරම් වියදම් නොකරනු ඇති බව උපකල්පනය කොට මේ වසරේ ඇඟළුම් නිශ්පාදනය සීමා කර තිබෙනවා. එහි ප්‍රතිඵලය තමයි අපිට ලැබෙන ඕඩර් ප්‍රමාණය අඩු වීම. මේ සංඛ්‍යා වලින් පෙන්නුම් කරන්නේ එයයි.

    කෙසේ වෙතත්, ඉන්දියාවේ මිනිසුන් පසුගිය 2022 වසර සඳහා සංචාරය කිරීමට පමණක් ඩොලර් බිලියන 10 ක් වියදම් කර තිබෙනවා. එය ඊට පෙර වසරේ බිලියන 7 ට වඩා ඉහළ අගයක්. වේගයෙන් වර්ධනය වෙන ආර්ථිකයක් හිමි ඉන්දියාවේ මිනිසුන් වෙනත් රට වල නිවාඩුව ගත කරන්නට තෝරා ගැනීම අපේ සංචාරක කර්මාන්තයට සුබ ලකුණක් විය හැකියි.

    එක පයිප්පයක් වැහෙන කොට තව පයිප්පයක් ඇර ගන්න එක අපේ දක්ෂකම.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්