ආර්ථිකේ කඩන් වැටිලා

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නයිතික වියුහය
    රජය විසින් නීති රීති පද්ධතිය පනවනු ලබන අතර එම විධිමත් නීතිරීති පද්ධතිය නීති රීති හා රෙගුලාසි ලෙස හදුන්වනු ලබයි .

    නීතිරීති වැදගත් වන අංශ
    1 ගිවිසුම් ඇති කරගැනීම හා ක්‍රියාත්මක කිරීම
    2 දේපල අයිතිය සුරක්ෂිත කිරීම හා අර්ථ දැක්වීම
    3 බදු ක්‍රමය තුල පුද්ගලයන්ට හා නිෂ්පාදන ආයතන වලට හිමි වගකීම්
    4 අවම වැටුප් මට්ටම්
    5 සාවුක්ය අංශය සම්බන්ඳ නීති
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සිරිත් වීරිත් සම්ප්‍රදායයන් හා සංස්කෘති&

    සිරිත් විරිත් සම්ප්‍රදායයන් හා සංස්කෘතිය
    මෙමගින් පහත බලපෑම් ඇති කරයි


    • කාන්තාවන් පහත් කොට සැලකීම
    • පරිභෝජනය දිරිමත් කිරීම හෝ ඉතුරුම් දිරිමත් කිරීම
    • ඇතැම් සමාජ තුල දේශපාලනීකරණය දුෂණය අල්ලස් ගැනීම වැනි සමාජ විරෝධී ක්‍රියා සංස්කෘතික අංග වීම
    • ආගමික සංස්කෘතික හේතු නිසා වැඩකළ හැකි දින නිවාඩු දින වීම නිසා සම්පත් කාර්යක්ෂමව උපයෝජනයට බාධා ඇතිවීම
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මීලගට කතා කරන්න තියෙන්නේ ආර්ථික පද්ධති වල ක්‍රමික විකාශනය ගැන මේ ගැන හොද ලිපියක් ලැබුනා එහනම් බලමු
    මේක අපි හදුන්වන්නේ ආර්ථික පද්ධති වල ඉතිහාසික පරිණාමය කියල
    මේක මිනිසාගේ බිහිවීමත් එක්ක උනා කියල හිතන්න පුළුවන් ,මෙය කාල්මාක්ස් නම් දාර්ශනිකයාට අනුව අදියර තුනක් යටතේ හදුනා ගන්න පුළුවන්

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]1 ප්‍රාථමික සාමුහික ආර්ථික පද්ධතිය[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot]2වහල් ආර්ථික පද්ධතිය.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]3.වැඩවසම් සමාජ පද්ධතිය[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]ප්‍රාථමික සාමුහික ආර්ථික පද්ධතිය,[/FONT]

    [FONT=&quot][FONT=&quot]ලක්ෂණ:-[/FONT] [/FONT]


    • [FONT=&quot]මුලික නිෂ්පාදන සාධක පිළිබද පොදු අයිතියක් පැවතිම.[/FONT]
    • [FONT=&quot]පොදු පාරිභෝජන රටාවක් පැවත්ම සහ නිෂ්පාදනය සාමූහිකව බෙදා ගැනිම.[/FONT]
    • [FONT=&quot]නිෂ්පාදන උපකරණ ඉතා ප්‍රාතමික ම‍ට්ටමේ පැවතීම සහ නිෂ්පාදනය ඉතා අඩු අගයක් ගැනිම.[/FONT]
    • [FONT=&quot]පෞද්ගලික දේපල අයිත්යක් ‍නොපැවතිම නිසා සුරාකැමක් දක්නට නොලැබිම හේතුන් මෙම ප්‍රාථමික කොමියුනිස්ට් සමාජයක් ලෙසට මාස්ක්ස් සැලකීය.[/FONT]


    [FONT=&quot]ප්‍රාථමික සාමුහික ආර්ථික පද්ධතිය බිඳ වැටී ගිය ආකාරය,[/FONT]

    • [FONT=&quot]කාලයත් සමඟ තාක්ෂණය වෙනස් විම.[/FONT]
    • [FONT=&quot]අළුත් නිෂ්පාදන ක්‍රියා ආරම්භ විම.[/FONT]
    • [FONT=&quot]නිෂ්පාදනය වර්ධනය වීම.[/FONT]
    • [FONT=&quot]සමාජය වංශ ක්‍රමයට සංවිධානය විම සහ ඒ මත පදනම්ව ගෝත්‍ර බිහි විමත් ස්වංපෝෂිත බාවය බිඳවැටීම.[/FONT]
    • [FONT=&quot]ගෝත්‍ර අතර වැඩ බෙදා ගැනීම හරහා විශේෂ ප්‍රාගුන්‍යයක් බිහි විම සහ ඒ හරහා අතිරික්ත නිෂපාදනයක් බිහි වීමත් ස්වංපෝෂිතභාවය බිඳවැටීම.[/FONT]
    • [FONT=&quot]පෞද්ගලික දේපොළ අයිත්යක් සමාජය තුළ තහවුරු වීම සහ පවුල ස්වාධින ආර්ථික ඒකකයක් බවට පත්විම.[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]2.වහල් ආර්ථික පද්ධතිය.[/FONT]

    [FONT=&quot][FONT=&quot]ලක්ෂණ:-[/FONT] [/FONT]


    • [FONT=&quot]පෞද්ගලික දේපළ ක්‍රමයක් දක්නට ලැබිම සහ ශ්‍රමිකයන් දේපොළ වර්ගයක් ලෙස සැලකීම.[/FONT]
    • [FONT=&quot]වහලෙකු තබා ගැනීම වහල් හිමියාට අන්රික්ත නිෂපාදනයක් බිහි කර ගත හැකි විම.[/FONT]
    • [FONT=&quot]නිෂ්පාදන ක්‍රම ශිල්පවල දියුණුව නිසා අතිරික්ත නිෂ්පාදන වේගවත් වීම.[/FONT]
    • [FONT=&quot]එකිනෙක වෙනස් සමාජ පංති ක්‍රමයක් නිර්මාණය වීම.[/FONT]
    • [FONT=&quot]මෙම ක්‍රමය මත පදනම්ව විශාල අධිරාජ්‍යයන් ගොඩ නැගීම.(ඊජිප්තුව,ග්‍රිසිය, සහ රෝමය ආදි ලෙස)[/FONT]





    [FONT=&quot][FONT=&quot]වහල් ආර්ථික පද්ධතිය බිඳ වැටී ගිය ආකාරය:-[/FONT][/FONT]


    • [FONT=&quot]කාලයත් සමඟ තාක්ෂණය වෙනස් වීම.[/FONT]
    • [FONT=&quot]සමාජ පංති අතර ගැටුම්.[/FONT]
    • [FONT=&quot]රාජ්‍යයන් අතර පැවති අරගව.[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    [FONT=&quot]3.වැඩවසම් සමාජ පද්ධතිය[/FONT]


    [FONT=&quot]ලක්ෂන:-[/FONT][FONT=&quot] [/FONT]


    • [FONT=&quot]කෘෂිකාර්මික සමාජ ක්‍රමයක් ලෙස සැලකිය හැකි අතර මූලික නිෂ්පාදන සම්පත වුයේ ඉඩම් ය.[/FONT][FONT=&quot] [/FONT]
    • [FONT=&quot]සියළු ඉඩම් වල පරම අයිතිය රජතුමා සතු වු අතර රජු විසින් රදළ සාමි වරුන්ට ඉ ඩම් බෙදා දී තිබුණි.[/FONT]
    • [FONT=&quot]අද ක්‍රමය රාජකාරි ක්‍රමය හරහා මෙ‍ම ඉඩම් වල වගා කටයුතු කළේ ප්‍රෙව්නි දාසයන් ය.[/FONT][FONT=&quot] [/FONT]
    • [FONT=&quot]ප්‍රෙවිනි දාසයන් විසින් රදලයින්ට හිම් ඩොමේන් වල නොමිලයේ සේවය කලේය.[/FONT][FONT=&quot] [/FONT]
    • [FONT=&quot]කෟෂි උපකරන සහ සතුන් රදලයන් සතු ව්ම[/FONT][FONT=&quot]. [/FONT]



    වැඩවසම් සමාජය පද්ධතිය බිඳ වැටී ගිය ආකාරය[FONT=&quot]:-[/FONT]


    • [FONT=&quot]කාලයත් සමග තාක්ෂණය වෙනස් විම.[/FONT]
    • [FONT=&quot]සමාජ පංති දෙක අතර වු ගැටුමි සහ වෙළෙද පංතියක් නිර්මාණය විම.[/FONT]
    • [FONT=&quot]වෙළෙදම ප්‍රචලිත විම සහ මුදල් භාවිතය පැණිම.[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ විග්‍රහයෙන් පස්සේ වර්තමාන ආර්ථික පද්ධති පහත පරිදි හදුනා ගන්න පුළුවන්

    [FONT=&quot] 3.වෙළඳපොළ/ ධනේෂ්වර ආර්ථික පද්ධතිය.[/FONT]

    [FONT=&quot] භූමිය,ප්‍රාග්ධනය, වැනි භෞතික සම්පත්වල අයිතිය පෞද්ගලික අංශය සතුව පවත්නා ව්‍යවසායකත්වය කටයුතු පෞද්ගලික අංශය මඟින් මෙහෙය වන මූලික ආර්ථික ප්‍රශ්නය වෙළඳපොළ මිල ක්‍රමය මඟින් විසදාගනු ලබන සමාජ සංවිධානයක් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ලෙස සැලකේ. [/FONT]

    [FONT=&quot] මෙහි දක්නට ලැබෙන ආයතනික ලක්ෂණ:- [/FONT]


    • [FONT=&quot] පෞද්ගලික දේපොළ හිමිකම.[/FONT]
    • [FONT=&quot] පෞද්ගලික ව්‍යවසාය සඳහා ඇති නිදහස.[/FONT]
    • [FONT=&quot] තරඟය සහ නිදහස් වෙළඳපොලවල් පැවතීම.[/FONT]
    • [FONT=&quot] ස්වාර්ථය පදනම් කර ගත් සානුබල.[/FONT]
    • [FONT=&quot] වෙළඳපොළ මිළ යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය.[/FONT]
    • [FONT=&quot] පාරිභෝගික ස්වාධිපත්තියක් පැවතිම.[/FONT]
    • [FONT=&quot] රාජ්‍ය නිර්බාධවාදයක් පැවතීම[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] වෙළඳපොළ ආර්ථික පද්ධතියක මිල ක්‍රමය.වෙළඳවොළ ආර්ථික පද්ධතියක් වික ල්ප වශයෙන් මිල ක්‍රමය ලෙසඳ සැලකේ.වෙළඳපොළ ආර්ථික පද්ධතියක් තුළ භාණඩ බා සේවාවල මිල ගණන් තීරණය වන්නේ ගැනුම්කරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ අනෝන්‍ය ක්‍රියාකාරීත්වය තුළිනි. වෙළඳපොළ ආර්ථික පද්ධතියක දක්නටලැබෙන සම්බන්ධීකරණ යාන්ත්‍රණය මිල ක්‍රමය වේ.ආර්ථිකය පුරා විසිරී සිටින පාරිභෝගිකයින් නිෂ්- පාදිතයින් සහ සාධක සපයන්නන් තම ස්වාර්ථය උදෙසා කටයුතු කිරී මේදී ඔවුන් විසින් ගනු ලබන තීරණ මනාව සම්බන්ධීකරණය කිරීමින් ආර්ථිකයේ ව්‍යාකූලතාවක් ඇති නොකොට ක්‍රමානූකූලව මෙහෙවනු ලබන්නේ මිල ක්‍රමයයි. [/FONT]


    [FONT=&quot] මිල ගණන් පදනම් කර ගෙන විවිධ ආර්ථික ඒකක තම තමන්ගේ ස්වාර්ථය උ දෙසා තීරණ ගනී. වෙළඳපොළ ආර්ථික පද්ධතිය ඉතා පුලුල් අන්දමේ සංනිවේදන පද්ධතියක් ලෙසටද සැලකේ.ආර්ථික පද්ධතියක් තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය විභේදනය වී පවත්න අතර මිල යන්ත්‍රණය මඟින් ඒවා සම්බන්ධීකරණය කෙරේ.ආර්ථිකය පුරා විකේන්ද්‍රණය වී ඇති අති විශාල පුද්ගල සංඛ්‍යාවක් විසින් විසින් කරනු ලබන කිරිමල සාරංශ කිරීම් සහ එකිනෙක තුළනය කිරීම වෙළඳපොළ මිළ යාන්ත්‍රණය හරහා සිදු වේ.ආර්ථික පද්ධතියක ක්‍රමවත් ආකාරයට ක්‍රියාත්ම කරනුයේ කිසියමි පුද්ගලයේකු හෝ බම අදිකාරියක් නිසා නොව වෙළෙදපොල මිල යන්ත්‍රණය හරහාය.ඇඩමි ස්මිත් මෙම මිල යන්ත්‍රනය වෙළෙදපොළ මිල යන්ත්‍රනය හරහාය.ඇඩමි ස්මිත් මෙම මිල යාන්ත්‍රණය වෙළෙදපොළ ආර්ථික පද්ධතියේ අදෘශ්‍යමාන හස්තය ලෙස සැලකිය.සියඑ මුලික ආර්ථික ප්‍ර ශ්න විසදෙනුයේ මිල ක්‍රමය හරහාය.[/FONT]


    [FONT=&quot] මිලෙහි කාර්යභාරයන් 03කි.[/FONT]


    • [FONT=&quot] තොරතුරු සංඥා සැපයිමේ කාර්යය.[/FONT]
    • [FONT=&quot] සානුබල සැප්‍යීෙම් කාර්යය.[/FONT]
    • [FONT=&quot] සලාකනය කිරීමේ කාර්යය.[/FONT]

      [FONT=&quot] [/FONT]

      [FONT=&quot]රාජ්‍ය නිර්බාධවාදය යනු:- [/FONT]

    [FONT=&quot] රාජ්‍ය නිර්බාධවාදය යනු රජයක් විසින් අනවශ්‍ය ආකාරයට ආර්ථිකයට මැදීහත් නොවිය යුතු නැති බවට ඇඩම් ස්මිත් විසින් ප්‍රකාශ කළ අදහසයි.වෙළඳපෙළ ආර්ථික පද්ධතියක රජය නිර්බාධී වේ. රාජ්‍ය නිර්බාධවාදයෙන් රජයක් කිසිසේත් ආර්ථිකයට මැදිහතතතත් නොවිය යුතු යැයි අදහස් නොකෙරේ.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] 4.විධාන ආර්ථික පද්ධතිය.[/FONT]


    [FONT=&quot] විධාන ආර්ථික පද්ධතියකදි මුලික ආර්ථික ප්‍රශ්න ඇතුළු සියඑම ආර්ථික කටයුතුවල හුසිරිම තිරනය වන්නේ කිසියමි බලධරයකු විසින් දෙනු ලබන නියෝග හෝ මධ්‍ය සැළසුමි අධිකාරීයක් විසින් දෙනු ලබන නියෝග මතය.එබැවින්සියළු තිරන තනි පුද්ගලයකු හෝ සැලසුමි මංඩලය ක්රේන්දගත කරමින් සංකේන්ද්‍රණය වී ඇත.විධාන ආර්ථික පද්ධතියක අධිපති බලය ප්‍රජතාන්ත්‍රික රාමුවක් මත පිහිටා නිදහස් මැතිවරණයකින් බලය ලබා ගන්නා පුද්ගලයන් විසින් ක්‍රියාවට නැගිය හැකි සේම ඇතැමි විට අති දක්ෂිණාංශික ඒකාධිපති බලධරයෙකු යටතේ ද පැවැතිය හැකිය.අහෙත් වර්තමානයේ බහුල වශයෙන් දක්නට ලැබෙන විධාන ආර්ථික පද්ධති මෙහෙයවනු ලබන්නේ සමාජවාදි දේශපාලන දර්ශනය මත නිසා විධාන ආර්ථික පද්ධතිය සමාජවාදි ආර්ථික පද්ධති ලෙසට ද හදුනා ගැනේ.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] විධාන ආර්ථික පද්ධතියක මුලික ලෂණ හදුනා ගැනිම.[/FONT]


    • [FONT=&quot] ශ්‍රමය හැරුනු විට සියඑම නිෂ්පාදන සමිපත් රාජ්‍යය සතු විම : ශ්‍රමය වුව ද සේවා නියුක්ත කිරිමට සිදුවන්නේ රජය විසින් දෙනු ලබන නියෝග වලට අනුකුලවය.[/FONT]
    • [FONT=&quot] මුලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනිමට සැලසුමි ක්‍රියාවලිය යොදා ගැනිම.[/FONT]
    • [FONT=&quot] ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකයින් වන්නේ රජය සහ සැළසුමි අධිකාරියල නිෂ්පාදන ව්‍යවසායල කමිකරුවන් සහ පාරිභෝගිකයන්ය.[/FONT]
    • [FONT=&quot] ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකාරකයින් වන පාරීභෝගිකයන් ,ශ්‍රමිකයින් සහ නිෂපාදන ව්‍යවසාසකයින් අභිපේරණය කරන යන්ත්‍රණය වන්නේ පොදු යහපතයි.[/FONT]
    • [FONT=&quot] පෞද්ගලික නිදහස සීමා සහිත වීම.තරඟය නොමැති වීම,භාණ්ඩ හා සේවා වල මිල ගණන් මධ්‍යම සැලසුම් අධිකාරිය විසින් තීරණය වීම.[/FONT]
    • [FONT=&quot] ආදායම් ව්‍යාප්තියේ දැඩි විෂමතා නොමැත.ශ්‍රමය හැරුනු විට අනිකුත් සියළුම නිෂ්පාදන සම්පත් රජය සතුවන නිසා ශ්‍රමය එකම ආදායම් මූලාශ්‍රය ලෙස සැලකේ.සේවා නියුත්ති ඉඩ ප්‍රස්තා සහ ශ්‍රමයේ ගුණාත්මක තත්වයේ වෙනස්කම් මත ආදායමේ යම් විෂමතාවක් පවති.[/FONT]

    [FONT=&quot] සැලසුම් ක්‍රියාවලිය.[/FONT]


    [FONT=&quot] විධාන මඟින් මෙහෙයවන ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට ආදාල තීරණ ගනු ලබන්නේ රජයේ මඟපෙන්වීම යටතේ ඇති මධ්‍යම සැලසුම් අධිකාරිය විසිනි.ආර්ථික සැලස්මසි යටතේ මධ්‍යම සැලසුම් අධිකාරිය ක්‍රියාත්වක වේ.ආර්ථික සැලැස්මක් යනු කිසියම් කිල රාමුවක් තුළ නිශ්චිත අරමුණු මාලාවක් ඉටු කිරීම සඳහා සමාජය සතු සම්පත් සංචලනය කිරීම හා ඒ තුළින් නිෂ්පාදන සංවිධානය කිරීමත් හා මෙහෙය වීමත් එලෙස නිපදවන භාණ්ඩ හා සේවා කුටුම්භ අතර බෙදා හරිනු ලබන ආකාරය යනාදී කාර්යයන් ඇතුලත් කොට සකස් කරනු ලබන විස්තරාත්මක වැඩසටහනකි.ආර්ථික සැලැස්මේ ඇතුළත් අරමුණු දේශපාලන අධිකාරිය විසින් තීරණය කරනු ලබන අතර එම අරමුණු මත පිහිටා සැලසුම් සකස් කිරිම හා ක්‍රියාත්මක කිරීම මධ්‍යම සැලසුම් අධිකාරිය විසින් ඉටු කරයි.වසර 5,10, සහ 15, ආදී ලෙස නිෂ්පාදන සැලසුම් පැවතිය හැකි අතර කෙටිකාලීන වාර්ෂික සැලසුම්ද පවති.[/FONT]


    [FONT=&quot] මධ්‍යම සැලසුම් අධිකාරිය අසමත් වීම.[/FONT]



    • [FONT=&quot] [/FONT][FONT=&quot]සංවිධානය සහ සම්බන්ධීකරණය පිළිකඳ ගැටළු.[/FONT]
    • [FONT=&quot] [/FONT][FONT=&quot]තත්ත්ව පාලනයේ බිඳ වැටීම.[/FONT]
    • [FONT=&quot] [/FONT][FONT=&quot]සානුබල ප්‍රමාණවත් නොවීම.[/FONT]
    • [FONT=&quot] [/FONT][FONT=&quot]පරිසර හායනය වැඩිවීම.[/FONT]
    [FONT=&quot] සමාජ වෙළඳපොළ ආර්ථික පද්ධතියක,රජය ආර්ථිකයට අවශ්‍ය සෑම විටමත් පෞද්ගලික අංශයට අවශ්‍ය සඋම විටමත් ආර්ථිකයට මැදිගත් විය යුතුය.සමාජ සාධාරණය ඉටු කිරීම සඳහා අති විශාල කාර්යභාරයක් සමාජ වෙළඳපොළ ආර්ථික පද්ධතියක රජය විසින් ඉටු කළ යුතු වේ.[/FONT]


    [FONT=&quot] උදා:-ජර්මනිය හා නැගෙනහිර යුරෝපීය රටවල්.[/FONT]


    [FONT=&quot] පරිවර්ථන ආර්ථිකයක් යනු,[/FONT]


    [FONT=&quot] පරිවර්ථන ආර්ථිකයක් යනු, සමාජවාදී ආර්ථික ක්‍රමයන්ගෙන් මිදී ක්‍රමයෙන් ධනවාදී ආර්ථික ලක්ෂන පිළිගත් ආර්ථිකයන්ය.ගෝලීය ක්‍රියාදාමය සමඟ සමාජවාදී රටවල සමාජවාදී ආර්ථික ලිහිල් වීමක් ආරම්භ විය.දැඩි අනම්‍ය ප්‍රතිපත්තියක සිට සමාජවාදි රටවල් ක්‍රමයෙන් තම ආර්ථික ප්‍රතිපත්ති ලිහිල් කිරීම ආරම්භ කරන ලදී.එහිදී ඇති වු වෙනස්කම් නම්,[/FONT]


    • [FONT=&quot] ආවෘත්ත ආර්ථිකයක සිට ලිහිල් ආර්ථික ප්‍රථිපත්තියක් දක්වා වර්ධනය වීම, එහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික අංශයට විකිණීම වැනි පෞද්ගලීකරණ වැඩසටහන් ඇරඹීම.[/FONT]
    • [FONT=&quot] විදේශ ආයෝජකයන්ට රට තුළට පැමිණීමට පූර්ණ නිදහසක් පැවතීම.[/FONT]
    • [FONT=&quot] අභ්‍යන්තර මූල්‍ය කටයුතු ලිහිල් කිරීම.[/FONT]
    • [FONT=&quot] විදේශ වෙළඳාම සම්බන්දයෙන් මෙතෙක් පැවති දැඩි විනිමය පාලන ප්‍රතිපත්ති වෙනුවට ලිහිල් විනිමය පාලන ප්‍රතිපත්තියක් හදුන්වා දීම.[/FONT]
    • [FONT=&quot] වෙළඳපොළ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට පනවා තිබු සීමාකිරීම් යම් ආකාරයකට සරල කිරීම්.[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] මිශ්‍ර ආර්ථික පද්ධතිය.[/FONT]


    [FONT=&quot] මෙයින් අදහස් කරන්නේ වෙළඳපොළ යන්ත්‍රණය මඟින් සම්පත් බෙදා වෙන් කිරීම හා සැලසුම් ක්‍රියාවලිය තුළින් සම්පත් බෙදා වෙන් කිරිම බොහෝ දුරට එකිනෙක සමාන ප්‍රමාණයන්ගෙන් පවත්වාගෙන යනු ලබන ආර්ථිකයයි.ඉහත සඳහන් ආර්ථික පද්ධතිවල යම් යම් ලක්ෂණවල මිශ්‍රනයක් සැබෑ ලොව කවර ආර්ථික පද්ධතියක වුවද දක්නට ලැබුනත් ශුද්ධ විධාන ආර්ථිකයක් හෝ ශුද්ධ නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් හෝ සම්ප්‍රධයික ආර්ථිකයක් හෝ ලොව කොතනකවත් දක්නට නොමැත.[/FONT]


    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] මිශ්‍ර ආර්ථික පද්ධතියක ලක්ෂන,[/FONT]


    • [FONT=&quot] ආර්ථිකයේ සිව් වැදෑරුම් ක්‍රියාකාරකයින් සිටී.ආර්ථික කාරකයින් හතර දෙනා වන්නේ,[/FONT]

    1. [FONT=&quot] පාරිභෝගිකයින් [/FONT]
    2. [FONT=&quot] නිෂපාදකයින්[/FONT]
    3. [FONT=&quot] නිෂ්පාදන සම්පත් හිමිකරුවන්[/FONT]
    4. [FONT=&quot] ආණ්ඩුව[/FONT]

    • [FONT=&quot] මිශ්‍ර ආර්ථිකයක පෞද්ගලික අංශය ස්වාර්ථය මත පදනම්ව ක්‍රියා කරන අතර රාජ්‍ය අංශය සමාජ සුබ සාධනය වෙනුවෙන් පෙනී සිටී.[/FONT]
    • [FONT=&quot] මිශ්‍ර ආර්ථික පද්ධතිය පෞද්ගලික අංශය සහ පොදු අංශය යන අංශ දෙකම වෙන් වෙන්ව නිෂ්පාදන සම්පත් හිමිකර ගෙන සිටී.[/FONT]
    • [FONT=&quot] මිශ්‍ර ආර්ථික පද්ධතිය පෞද්ගලික අංශය විසින් මෙහෙයවනු ලබන ආර්ථික කටයුතු වලදී තරඟය ක්‍රියාත්මක වන අතර පොදු අංශය තුළ සම්පත් බෙදා හරින්නේ සැලසුම් යන්ත්‍රණය මගින් පෞද්ගලික අංශය විසින් නිපදවන භාණ්ඩ හා සේවා පිළිබඳව පාරිභෝගිකයන්ට තෝරා ගැනීමේ ඉඩකඩක් දී ඇති අතර රාජ්‍ය අංශය විසින් සපයනු ලබන භාණ්බ වා සේවා වලදී තෝරා ගැනීමේ ඉඩකඩ අඩුය.[/FONT]
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රනිල්-අර්ජුන් කපෝතියි.! බැදුම්කර මගඩිය කෝප් කමිටුවේදී තහවුරුවෙයි.! පාඩුව බිලියන 1‍.6ක්.!

    පසුගිය කාලය තුල මහත් ආන්දෝලනයට තුඩු දුන් ශ්‍රීලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී රැස්වූ විශේෂ කෝප් කමිටුව හමුවේ එහි සියළු තොරතුරු අනාවරණය වී ඇත. විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද පරීක්ෂණයට අනුව අද දින කෝප් කමිටුවට අදාල තොරතුරු ලැබී ඇත. එම වාර්තාවට අනුව 2015 පෙබරවාරි 27 දින බැදුම්කර නිකුතුවේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 889,358,050 ක ඇස්තමේන්තුගත අවාසිය සහ 2016 මාර්තු 29 දින පැවති භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 784,898,755ක ඇස්තමේන්තුගත අවාසිය යන දෙකෙහිම එකතුව රුපියල් 1,674,256,805 ක ඇස්තමේන්තු ගත අවාසිය වලක්වාගැනීමට කටයුතු නොකිරීම පිළිබදව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වගකිවයුතු බව මේ අනුව තහවුරු වී ඇත.

    විශේෂයෙන්ම මෙම පරීක්ෂණය විගණකාධිපතිවරයා සිදුකර ඇත්තේ ඔහුට පැවරී ඇති බලතල හා විෂය සීමාව තුල වන අතර ඉන් ඔබ්බට සාපාරාධී හෝ විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්ටමේ නීති විරෝධී කටයුතු මහබැංකුව තුල සිදුවී තිබේ නම් ඒවා මෙම පරීක්ෂාවට හසු නොවන හෙයින් එවැනි පරීක්ෂාවක් සම්බන්ධයෙන් විශේෂිතවූ ආයතනයන්හි සහය ලබාගෙන එය සිදු කිරීම සුදුසු බවට විගණකාධිපතිවරයා තහවුරු කොට ඇත.

    බැදුම්කර හොරකමක් උනේ නෑ නෑ නෑමයි අයියෝ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපි නොදන්න "පිිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත"කියලා දෙන්න ආපු rocat90 සොන්නයා කෝ?
    ලප කුමාරගේ කක්කුස්සි හෝදනවද දන්නේනෑ..

    rocat90 කියන එකා ඒ දවස් වල උදේ හවස තර්ක කළා, බැදුම්කර හොරකමක් වෙලා නෑ... විපක්ෂේ උන් මඩ ගහනවා කියලා... නිකන් නෙමෙයි මූ තර්ක කලේ, ඌ යන්තම් කටේ ගාගත්ත ආර්ථික විද්‍යා වචන ටිකකුත් එල්ලගෙන... නෙදකින් මේ වගේ සෙවලයෝ...
    හොදටම මට ෂුවර් මූ තාමත් කියනවා කියල, ඔය බිලියන 145 හොරකම් කලේ මහින්ද කියලා මිසක් රනිල් කියල නෙමෙයි...
    මුන් පොර ටෝක්ස් දෙන්නේ අර ලප කුමාර වගේ බර වචන එහෙම දාලා... එතකොට ඒ වචන දන්නේ නැති මිනිස්සු හිතනවා,, ආ.. මූ බුද්ධිමත් එකෙක් කියලා.. එහෙනම් මූ කියන දේවලුත් ඇත්ත වෙන්න ඕනේ කියලා...

    මේ වගේ දෙකයි පනහට රවී කරුපයියගේ කක්කුස්සි හෝදන උන් තව ඉන්නවා... උන් ඊලග චන්දෙදිත් වෙනත් මාතෘකා අරන් ඉස්සරහට එයි... 10% GDP for healthcare වගේ...
    මුන් වගේ කාලකන්නින්ට රැවටෙනවද නැද්ද කියන එක, මොලේ තියෙන උන් හිතලා බලන්න ඕනේ... එහෙම නැත්නම් මූ වගේ එකෙක් කිව්වොත් මහින්ද හොරා කාපු ඩොලර් බිලියන 100 පිටරටින් අරන් ඇවිත් හැමෝටම කාර් එකක් අරන් දෙනවා කියලා......, ඒකටත් චන්දෙ දෙන මන්ද බුද්ධිකයෝ මේ රටේ ඉදිවී.....

    http://www.divaina.com/2016/11/12/feature.html

    මහ බැංකු කොල්ලය සහ වගවීම

    රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

    මංකොල්ලයක්‌ යනු සාමාන්‍ය සොරකමකට වඩා බලය පාවිච්චි කරමින් කරන්නා වූ විශාල සොරකමකි. පැහැර ගැනීමකි. මහ බැංකු බැඳුම්කර වංචාවේදී සිදුව ඇත්තේ රටේ සමස්‌ත ජනතාවම බලා සිටියදී ජනතාවගේ ඇසට වැලි ගසමින් ප්‍රකෝටි ගණනක මුදලක්‌ එක්‌ සමාගමකට ලාභ වශයෙන් ලැබෙන පරිදි සහ රටට විශාල වශයෙන් පාඩුවන පරිදි අදාළ බැඳුම්කර ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමයි. එය මංකොල්ලයක්‌ වන්නේ එබැවිනි.

    මෙහිදී චෝදනා ලබන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ නමැති පෞද්ගලික සමාගමක්‌ වන අතර එහි අයිතිකරු වන අර්ජුන් ඇලෝසියස්‌, මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් නමැත්තාගේ බෑණා වේ.

    බැඳුම්කර සඳහා ලංසු ඉදිරිපත් කළ හැකි ආයතන 16 ක්‌ තිබෙන අතර පර්පෙචුවල් ට්‍රෙෂරිස්‌ සමාගමද ඉන් එකක්‌ වේ. අදාළ බැඳුම්කර වෙන්දේසියේදී මහ බැංකුව ඉහත සඳහන් ලියාපදිංචි ප්‍රාථමික ගනුදෙනුකරුවන් සියලුදෙනාට දන්වා ඇත්තේ රු. බිලියනයකට බැඳුම්කර ඉල්ලා සිටින බවයි. ඒ කාලය තුළ පැවතුන පොලී අනුපාතය 9.5% පමණ වේ. ඉහත ආයතන මෙම වෙන්දේසියට පැමිණියේ රු. බිලියනයකට ලංසු තැබීමටය. නමුත් ඒ අවස්‌ථාවේ එම මුදල මහ බැංකු අධිපතිගේ උපදෙස්‌ මත රු. බිලියන 10 දක්‌වා වැඩි කළ විට එයට ලංසුව 12.5% පොලියට ඉදිරිපත් කළේ පර්පෙචුවල් සමාගමය. එසේ කිරීමට එයට හැකි වූයේ එවන් දෙයක්‌ සිදුවන බව පෙර තියා දැනගෙන සිටි නිසාය. අනෙක්‌ ආයතන ඊට සූදානම්ව නොපැමිණිනු නිසා පර්පෙචුවල් සමාගමට ඉහත විශාල පොලියට මුදල් ලබාදීමට හැකියාව ලැබිණි. එසේ ලංසු තැබූ මුදලින් විශාල කොටසක්‌ද ඔවුන් රැගෙන තිබුණේ ලංකා බැංකුව මගිනි. සාමාන්‍ය පුද්ගලයකුට නිවාස ණයක්‌ ලබා ගැනීමට දින ගණනාවක්‌ විවිධාකාර ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු නමුත් ලංකා බැංකුව මෙම සමාගමට මිලියන දහස්‌ ගණනක්‌ දී ඇත්තේ කිසිම ලේඛනයකින් තොරව පැය කිහිපයක්‌ ඇතුළතය. එසේම මෙම සමාගම සේවක අර්ථසාධක අරමුදල ද මීට සම්බන්ධ කරගෙන ඇති අතර එම අරමුදලටද විශාල පාඩුවක්‌ කර තිබේ.

    මෙම ගනුදෙනුවේ අවසාන ප්‍රතිපලය ලෙස දැක්‌විය හැක්‌කේ පර්පෙචුවල් සමාගම මාර්තු මස 31 වැනි දින වනවිට ලැබූ ලාභය රුපියල් බිලියන 5.1 (මිලියන 5100) වන අතර මැයි මාසයේ 31 වන විට ලැබූ ලාභය රු. බි. 10 කි. (මිලියන 10,000) රටේ ආර්ථිකයට වූ පාඩුව වසරකට රු. බි. 100 ක්‌ බව එනම් කෝටි 10,000 ක්‌ බව ගණන් බලා තිබේ.

    මෙම බැඳුම්කර වංචාවේදී රටේ අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව කුමක්‌ද? කිසියම් සොරකමක්‌, මිනීමැරුමක්‌ සිදුවූ විට එයට සෘජුව හෝ වක්‍රව හෝ සම්බන්ධ වී ඇති සියලුම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම නියම පරීක්‍ෂණයක ස්‌වභාවයයි. එක්‌තරා මත්ද්‍රව්‍ය කෝටිපති ව්‍යාපාරිකයෙක්‌ගේ නිවසෙහි පැවැත්වූ උත්සවයකට සහභාගිවී ඡායාරූපයකට පෙනී සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුට පොලිස්‌පති ධුරය පවා අහිමිවීම පුවත අප අසා ඇත්තෙමු. වගකිවයුතු පුද්ගලයකුට තමා නොදැනුවත්ව හෝ වරදකට සම්බන්ධ වුවහොත් එහි විපාක අත්විඳිය යුතුය. මෙම මහා මුදල් වංචාවට රනිල් වික්‍රමසිංහ සෘජුව/ වක්‍රව දායක වී ඇත්තේ මෙසේය.

    ෆ මහා බැංකුව එතෙක්‌ තිබුණේ මුදල් අමාත්‍යාංශය යටතේය. අගමැතිතුමා බලයට පැමිණි විගස මහබැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර එය තමාගේ අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලදී.

    ෆ ඉන්පසු ඔහු විසින් තමාගේ අතිජාත මිත්‍රයෙක්‌ වූ අර්ජුන මහේaන්ද්‍රන් නමැති දැනට සිංගප්පූරුවේ පුරවැසිකම ලබා ඇති පුද්ගලයාව මහ බැංකුවේ අධිපති ලෙස තමාගේ කැමැත්ත අනුව පත්කර ගන්නා ලදි, විදේශිකයකු මහ බැංකුවේ ප්‍රධානියා ලෙස පත් කළේ අපේ රටේ සුදුසු, වෘත්තීමය එකදු පුද්ගලයෙක්‌ හෝ එම භාරදූර තනතුර සඳහා සොයාගත නොහැකි වූ නිසාද යන සාධාරණ ප්‍රශ්නය අපට තිබේ. රටේ මූල්‍යමය අංශයේ මර්මස්‌ථානය මහ බැංකුවයි. රටේ ආර්ථිකය පිළිබඳව සියලුම දත්තයන් ඇත්තේ මහ බැංකුවේය. එය රටේ ජාතික ආරක්‍ෂාවටද සෘජුව බලපාන දෙයකි. එසේ නම් එවන් වු සංවේදී තනතුරක්‌ විදේශිකයකුට බාරදීම රටට කරනු ලැබූ ෙද්‍රdaහී ක්‍රියාවක්‌ නොවන්නේ කෙසේද? මහ බැංකුවේ අධිපති විසින් එම බැරෑරුම් තනතුර භාර ගැනීමට පෙර රට වෙනුවෙන් දිය යුතු දිව්රුම් ප්‍රකාශයක්‌ තිබේ. අර්ජුන මහේන්ද්‍රන් එම දිව්රුම ලබාදී නැත. මන්ද සිංගප්පූරුවේ නීතියට අනුව එහි පුරවැසියකුට වෙනත් රටක දිවුරුමක්‌ ලබාදුනහොත් සිංගප්පූරු පුරවැසිකම අහෝසි වන බැවිනි. දිව්රුමක්‌ දුන් පසුත් දේශදොaහි ක්‍රියා කළ හැකි නමුත් දිව්රුමකින් කරනුයේ තමන් එසේ නොකරන බව රටේ ජනතාවට පොරොන්දු වීමයි. අර්ජුන මහේන්ද්‍රන් එසේ දිව්රුම් නොදීම සාධාරණීයව කිරීමට කුමන අන්දමේ තාක්‍ෂණික හේතූන් ඉදිරිපත් කළත් එවන් දිව්රුමක්‌ ලබාදිය නොහැකි විදේශිකයකු, අපේ රටේ කොතෙකුත් සුදුසු පුද්ගලයන් ඒ සඳහා සිටියදී රටේ ව්‍යවස්‌ථාව සහ මූල්‍ය පනත ද උල්ලංඝනය කරමින් පත් කිරීම මාතෘභූමියට කරන ලද අපහාසයකි.

    ෆ එම විදේශිකයා මහ බැංකුවේ අධිපති ලෙස පත්වී දින 100 ක්‌ යන්නට මත්තෙන් ලංකාවේ මෑත ඉතිහාසයේ පමණක්‌ නොව දකුණු ආසියාවේද සිදුවූ මහා බැඳුම්කර වංචාව සිදුවිය. පවතින සියලුම මූල්‍ය නීති/ සම්ප්‍රදායයන් බිඳ දමා මෙම විදේශිකයා විසින් ලංකාවේ වෙසෙන සිය බෑණාගේ සමාගමට ඉතා කෙටි කලකින් කෝටි, ප්‍රාකෝටි මුදලක ලාභයක්‌ ලබාගත හැකි වන සේ මං විවෘත කර දී රටේ ජනතාවට මහා වංචාවක්‌ මෙන්ම විශාල මුදල් මංකොල්ලයක්‌ද සිදු කරන ලදී. එසේම තම බෑණාගේ එම පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ නමැති සමාගමෙන්, ඊට දින කිහිපයකට පෙර, බෑණාගේ නම එහි අධ්‍යක්‍ෂ මණ්‌ඩලයෙන් ඉවත් කර තැබීමටද කටයුතු කර තිබේ. මන්ද මෙම වංචාව හෙළිදරව් වූ විට නීතිය හමුවේ වරදකරුවීමෙන් ගැලවීම සඳහාය. මෙම මහා මූල්‍යමය වංචාව සිදුවී රටේ ජනතාව උද්ඝෝෂණය කිරීමට පටන්ගත් පසු රනිල් වික්‍රමසිංහ කළේ තමාටම හිතවත් නීතිඥවරු තිදෙනෙක්‌ගේ මණ්‌ඩලයක්‌ පරීක්‍ෂණය සඳහා පත් කිරීමයි. ඒ තුළින් මෙහි සත්‍ය තත්ත්වය ජනතාවගෙන් වසන් කිරීමට අග්‍රාමාත්‍යවරයා තැත් කර තිබේ.

    ෆ අර්ජුන මහේන්ද්‍රන්aගේ සේවා කාලය නිම වනවිට ඔහුව නැවත පත් කිරීමට අගමැතිවරයා ඉමහත් වෑයමක්‌ දරන ලද නමුත් අතිගරු ජනාධිපතිතුමා මැදිහත් වී ඔහුව ඉවත්කර ඒ සඳහා සුදුසු පුද්ගලයෙක්‌ පත් කරන ලදී. තමා විසින් පත් කරන ලද පුද්ගලයා මහ වංචාවකට මැදිහත් වී සිටියදී ඔහුව නැවත පත් කිරීමට තැත් කිරීම කොතරම් දුරට සදාචාරාත්මකද යන්න ඕනෑම අයෙකුට අවබෝධ කර ගත හැකි කරුණකි. සදාචාරයක්‌ නොතකා එවන් දෙයක්‌ කළ හැක්‌කේ දුෂ්ට අරමුණකින් පමණි.

    ෆ ජනාධිපතිවරයා විසින් අර්ජුන මහේන්ද්‍රන් එම තනතුරෙන් ඉවත් කළ පසු අග්‍රාමාත්‍යතුමා කළේ ඔහුට සියලුම වරප්‍රසාද සහිත තනතුරක්‌දී තමා වෙතම රඳවා ගැනීමයි. එසේම අගමැතිවරයාගේ විදේශ සංචාරවලදී එම පුද්ගලයා රැගෙන ගොස්‌ විදෙස්‌ රාජ්‍ය නායකයන්ට සහ විදේශීය ප්‍රභූවරුන්ට හඳුන්වාදීමයි. රටේ දුප්පත් ජනතාවගේ මුදල් මංකොල්ලකෑ සිද්ධියක්‌ වූ ආයතනයක ප්‍රධානියකු මෙසේ තමා සමඟ ගෙනගොස්‌ එසේ හඳුන්වාදීම රටේ ශිෂ්ට සමාජය පිළිකුලින් යුතුව ප්‍රතික්‍ෂේප කරන කරුණකි. රනිල් වික්‍රමසිංහට අර්ජුනට එසේ සලකන්න සිදුව ඇති හේතුව යම්කිසි රහසක්‌ ඔහු දන්නා නිසාද?

    ෆ මේ පිළිබඳව විමර්ශනයට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කමිටුව රැස්‌වූ අවස්‌ථාවේ සිට එහි සිටින එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රථමයෙන්ම එම වංචාව වසා දැමීමටද පසුව වාර්තාව දියාරු කිරීමටද ගත් වෑයම සියල්ලෝම දනිති. එසේම සාක්‍ෂි දීමට පැමිණි විගණකාධිපතිවරයාට ද තර්ජනය කළ ආකාරයද දන්නෙමු. එසේ එම පරීක්‍ෂණයට බාධා කළ හැක්‌කේ තම පක්‍ෂයේ නායකයා, එනම් රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම පිට පමණක්‌ බවද දන්නා කරුණකි. (එසේ හැසිරුණු එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අවසානයේ මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට ගෙනැවිත් තරයේ දඬුවම් කළ යුතු යෑයි පවසන්නේ ලක්‌ ජනතාව තවමත් ආඥන අපතයන් යෑයි සිතන නිසා විය යුතුය.) රනිල් සභාපතිත්වය දරන එජාපයද එසේ නම් මුලින් කර ඇත්තේ මෙම මහා වංචාව ජනතාවගෙන් වසන් කිරීමට තැත් කිරීමයි.

    ෆ මෙම සිද්ධියේදී ඉතා විශාල මූල්‍යමය අක්‍රමිකතාවක්‌ සිදුවී ඇතැයිද මෙම වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් වගකිවයුතු යෑයිද කෝප් කමිටු වාර්තාවේ ලියෑවී ඇත. එසේම මේ වංචාව පිළිබඳව දැනටමත් විගණකාධිපතිවරයා ද, මහ බැංකුවද වාර්තා ඉදිරිපත් කොට මේවා නීතිපති දෙපාර්තමේන්තුවට යෑවූ පසු පරීක්‍ෂණ ආරම්භ වනවිට එම ආයතනය අයත් වන අමාත්‍යාංශයේ ඇමැතිවරයාද වනුයේ අගමැතිතුමාය.

    ෆඅර්ජුන මහේන්ද්‍රන් මේ පිළිබඳව පරීක්‍ෂණයට මුහුණ දුන් අවස්‌ථාවේදී කියා ඇත්තේ මෙය නිත්‍යානුකූල ගනුදෙනුවක්‌ බවත් එසේ කිරීමට ඔහුට උපදෙස්‌ දුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බවත් ය.

    ඉහත කරුණු ගැන අවධානය යොමු කිරීමේදී මෙම මහා මුදල් මංකොල්ලයට රනිල් වික්‍රමසිංහ මහතා ද සෘජුව/ වක්‍රව වගකිවයුතු බැව් ඉතාම පැහැදිලිවේ. ඇවන්ගාඩ් සිද්ධියේදී තිලක්‌ මාරපන මහතා එහි වක්‍රව හෝ වගකීමක්‌ තමා සතු බැවින් අස්‌වීමේ ලිපිය බාරදුන් අන්දම අපට සිහි වේ. එසේම රනිල් වික්‍රමසිංහ මහතා ද වරක්‌ උදාහරණයක්‌ ලෙස දුම්රියක්‌ පීළිපැනීමෙන් හෝ අනතුරකට ලක්‌වූ විට මහාමාර්ග ඇමැතිතුමා අස්‌විය යුතු යෑයිද කී බව අප විසින් මතක්‌ කරගත යුතු වේ.

    කෝප් වාර්තාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙය පාර්ලිමේන්තුවේ සහ යහපාලනයේ ජයග්‍රහණයක්‌ බවයි. තවද ඔහු කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් එදින සිංගප්පූරුවට ගියේ මඟුල් ගෙදරක යැමට තමාව දැනුවත් කොට බවය. මහේන්ද්‍රන් සමග අගමැතිගේ ඇති දැඩි සම්බන්ධතාවය එයින්ම තහවුරු වේ. පාර්ලිමේන්තුව ඔහු ප්‍රකාශ කරන අයුරින් උත්තරීතර නම් පාර්ලිමේන්තුව මගින් පත් කළ කෝප් කමිටුව මගින් අර්ජන මහේන්ද්‍රන් මේ මූල්‍ය වංචාවට සෘජුව සම්බන්ධ බව තීරණය කර ඇත්නම් රටේ මූල්‍ය පනත පවා උල්ලංඝනය කරමින්, වෙන රටක පුරවැසිකම දරන එම පුද්ගලයා තමාගේ තනිමතයට පත් කිරීමේ වගකීම බාරගෙන අගමැතිවරයා වහා ඉල්ලා අස්‌ විය යුතු නොවේද? එම ක්‍රියාවද පාර්ලිමේන්තුවේ සහ යහපාලනයේ ජයග්‍රහණයක්‌ නොවන්නේද?

    එබැවින් තමා කියන දේ කරන අවංක පුද්ගලයෙක්‌ බවට පෙන්වීමට නම් සහ තමා විසින් ඇති කරගෙන ඇති යෑයි සිතන "මිස්‌ට ක්‌ලීන්" (පිරිසිදු මහතා) යන ප්‍රතිරූපය එසේම පවත්වාගෙන යැමට නම් රනිල් වික්‍රමසිංහ මහතා මෙම පරීක්‍ෂණය අවසන්වන තුරුවත් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බව යුක්‌ති සම්පන්, ශිෂ්ටසම්පන්න සමාජය අපේක්‍ෂා කරන බවද මෙහිදී මතක්‌ කරදිය යුතුව ඇත.

    අගමැතිතුමා සිය කැමැත්තෙන් අස්‌ වූයේ නැත්නම් කළ යුත්තේ කුමක්‌ද? දකුණු කොරියාවේ ජනතාව එරට ජනාධිපතිවරයා දූෂණයකට සම්බන්ධ බැවින් අස්‌විය යුතු යෑයි දහස්‌ ගණනින් පාරට බැස ඇති අන්දම අපට පෙනේ. එවන් වූ නින්දාවකට අගමැතිතුමා දැන්ම පත්විය යුතු නැති බව ජනතාව තවමත් සිතයි. එසේ සිතන්නේ අතිගරු ජනාධිපතිතුමා පිළිබඳව ඇති විශ්වාසය තරමක්‌ දුරට හෝ තවමත් තිබෙන නිසාය. තරමක්‌ දුරට හෝ යෑයි පැවසුවේ මෙම මහ බැංකු මුදල් වංචාව පිළිබඳව පසුගිය මහ මැතිවරණයට පෙර පත්කර තිබූ "කෝප්" කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් එතුමා ගත් පියවරය නිසා ජනතාවගේ විශ්වාසය පලුදු වූ හෙයිනි. එවකට සිටි කෝප් කමිටු සභාපතිවරයා වන ඩිව් ගුණසේකර මන්ත්‍රීවරයා විසින් සැකසූ වාර්තාව එළිදක්‌වන්න ඔන්න මෙන්න කියා තිබියදී ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරිය බැවින් යහපාලන ආණ්‌ඩුවට එරෙහිව පාවිච්චි කල හැකිව තිබූ ප්‍රධානම අවියක්‌ අනෙක්‌ පක්‍ෂයට අහිමි විය. එසේ නොකළා නම් ජනාධිපතිතුමා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටම තනිවම ආණ්‌ඩු කළ හැකි රජයක්‌ පිහිටුවීමට අවස්‌ථාව තිබිණ. එසේම ඉන්පසුව ජනාධිපති විසින් ඩිව් ගුණසේකර මහතාව ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමද ජනතාවගේ අවධානයට යොමු වූ කරුණකි.

    එසේ නම් ඒ සියල්ලේම සැකය මඳක්‌ දුරට හෝ දුරු කළ හැක්‌කේ ජනාධිපති විසින් තමා විසින්ම අගමැතිතුමා තනතුරෙන් ඉවත් කොට ඒ සඳහා සුදුසු පුද්ගලයෙක්‌ පත් කර ගැනීම තුළිනි. ජනාධිපතිවරයාට ඒ සඳහා බලය ජනතාව විsසින් ලබා දී තිබේ.

    දශක 3 ක යුද්ධය ද නිම කොට රටෙහි ද ඉතා විශාල සංවර්ධනයක්‌ කළ මහින්ද රාජපක්‍ෂට "හොරා" "හොරා" යෑයි කෝටි වාරයක්‌ මතුරා ජනතාවගේ මොළ ශුද්ධ කරමින් විදේශීය කුමන්ත්‍රණකරුවන් සමග එක්‌වී එතුමාව බලයෙන් පහ කිරීමට කටයුතු කළ එජාපයට සහ ජවිපෙට මහින්ද රාජපක්‍ෂ කළා යෑයි කියන එක සොරකමක්‌a හෝ සනාථ කිරීමට තබා පෙන්වීමට වත් නොහැකිවී තිබෙන බැව් ජනතාවට දැන් තේරුම් ගොස්‌ තිබේ. එසේම ජනතාව විසින් පැහැදිලිවම තේරුම් ගෙන ඇති තවත් කරුණක්‌ තිබේ. එනම් කෝප් කමිටු සභාපති ජ.වි.පෙ. හඳුන්නෙත්ති විසින් හිතාමතාම රනිල් වික්‍රමසිංහට මෙහි කිසිදු වගකීමක්‌ නොතිබෙන ආකාරයෙන් වාර්තාව සකස්‌ කොට ඇති බවයි. අර්ජුන මහේන්ද්‍රන්, තමන් මේ දේ කළේ අගමැතිගේ උපදෙස්‌ පරිදි යෑයි කළ ප්‍රකාශය කෝප් වාර්තාවට ඇතුළත් නොකළ හඳුන්නෙත්ති මෙයට අගමැතිවරයා වගකිව යුතු නැතැයි ප්‍රසිද්ධියේ විලිලැඡ්ජාවකින් තොරව ප්‍රකාශ කරයි. පසුගිය රජයේ අමාත්‍යවරුන් සිදු කළා යෑයි කියනු ලබන වංචා දූෂණ හේතුවෙන් ජනාධිපතිවරයා වගකිවයුතු යෑයි මොරදුන් ජ.වි.පෙ. මෙම මහා මූල්‍ය වංචාවට සෘජුව වගකිවයුතු යෑයි කියන ලංකාවේද පුරවැසියකු නොවන විදේශිකයා මූල්‍ය පනත ද උල්ලංඝණය කරමින් තනි කැමැත්තට පත් කළේ අගමැතිතුමා බැව් නිකමටවත් සඳහන් නොකරයි.

    රටේ සංවර්ධනයට, ඉතිහාසය පුරා ජ.වි.පෙ. එක අබමල් රේණුවකින් වත් දායක වීS නැත. වරක්‌ කෘෂිකර්ම ඇමැතිව සිටි අනුර කුමාර දිසානායක වැව් දහසක්‌ සැදීම සඳහා කෝටි ගණනක්‌ මුදල් වෙන් කරවා ගත්තද එසේ සෑදූ එක්‌ වැවක්‌ හෝ වළක්‌වත් පෙනෙන්නට නැත. මහින්ද රාජපක්‍ෂ අධිවේගී මාර්ග සඳහා වියදම් කළ මුදලින් රත්‍රන් අතුරා එම මාර්ග සෑදිය හැකි යෑයි කටමැත දෙඩූ අනුර දිසානායක තමා අවංක අද රත්‍රන් කෙසේ වෙතත් පිත්තලත් නොවන සාමාන්‍ය තාර අතුරා හෝ එවන් මාර්ගයක්‌ සාදා රටට පෙන්විය යුතුය. ඔවුන් එසේ එම මුදලටම නොකරන්නේ නොහැකියාව නිසා පමණක්‌ නොව එය ඔවුන්ගේ "රාජකාරිය" නොවන නිසාය. ඔවුන්ගේ රාජකාරිය කපුටන් කුණු අවුස්‌සන්නාක්‌ මෙන් දොaෂ පමණක්‌ දැකීම පමණි. එහෙව් ඉතිහාසයක්‌ ඇති ජ.වි.පෙ. මෙම මූල්‍ය වංචාවේ අගමැති සම්බන්ධ කරුණ ඉදිරියට නොගන්නේ හිතාමතාය. ඒ සඳහා ඇලෝසියස්‌ ඔවුන්ට දී ඇති මුදල කොතෙක්‌දැයි අපි නොදනිමු. නමුත් එය නොතේරීමට තරම් ජනතාව අන්ධ, අඥන, අපතයන් බව සිතීමද හාස්‍යයට කරුණකි. එසේ නම් ජවිපෙ දැන් කරනුයේ "ධනේශ්වර" එජාප නායකතුමා වංචනික ලෙස ආරක්‍ෂා කිරීමය. පක්‍ෂයේ නිර්මාතෘවරයා වන රෝහණ විඡේවීර සහෝදරයා පවා පාවාදෙමින් වර්තමාන ජ.වි.පෙ. මන්ත්‍රීවරුන්ගේ මෙම ක්‍රියා කලාපය අවංක ජ.වි.පෙ. පාක්‍ෂිකයන් පවා පිලිකුළින් යුතුව හෙළා දකින බැව් ද කිව යුතුව ඇත.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    rocat90, උබ දන්න ආර්ථිකේ ගහගනින් පුke... මේ අවුරුදු 2 ට රු. බිලියන 674 ක් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කාලා දාපු එක ගැන, උබ නිකමටවත් ත්‍රෙඩ් එකක් දානවා දැක්කෙම නෑ... මොකද ඒවාට උබට ගෙවන්නේ නැතුව ඇති..:angry::no:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    1. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොටගෙන, 2015.02.27 සිට 2015.21.31 දක්‌වා කාලය තුළදී, පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145 ක්‌ යෑයි ආර්ථික විශ්ලේෂකයන් විසින් දැනටමත් වෘත්තීමය ආකාරයට ගණනය කොට ඇත. ඊට අමතරව, 2015.02.27 දින පමණක්‌ රජයට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2 ක්‌ පමණ වූ බවද, විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    2. 2015.02.27 මහ බැංකු මහා මගඩියෙන් පසු පවත්වන ලද බැඳුම්කර වෙන්දේසි වලදී, හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාත (off-market rates) වලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55 ක්‌ බව මෑතකදී හෙළිවූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත.

    3. බැඳුම්කර මගඩිය ඔස්‌සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගම හරහා, අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්‌ඩාගාර බැඳුම්කර, ඉතා කෙටි කාලයක්‌ තුළදී, ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පවරමින්, සියලු ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 10 ක දැවැන්ත පාඩුවක්‌ සිදු කර ඇත.

    4. 2015 සහ 2016 දී, ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරිත්වය නිසා, ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම ඔස්‌සේ, රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක්‌ එකතු කිරීමක්‌ නොමැතිව, රාජ්‍ය ණය බර වැඩිවූ නිසා සිදු කරන ලද පාඩුව, 2015 දී රුපියල් බිලියන 285 ක්‌ද, 2016 වසරේ ජනවාරි සිට ජූලි මාසය වන තෙක්‌ රුපියල් බිලියන 141 ක්‌ද වූ බව, මහ බැංකු නිල වාර්තාවලින් දැනටමත් පැහැදිළිව හෙළිවී ඇත.

    5. ශ්‍රී ලංකා එයාර් ලයින්ස්‌ සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස්‌ යානා කීපයක්‌ම, වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා, එම අහස්‌ යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 98 හෝ රුපියල් බිලියන 15 වන්දියක්‌ (claim for damages) ගෙවීමට රජයට සිදුවී ඇත.

    6. කොළඹ -පෝර්ට්‌ සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්‌සේ, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම (claim for compensation) වන ඇ.ඩො. මිලියන 143, එනම් රුපියල් බිලියන 21 සමථයකට පත් කිරීම සඳහා, ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර අක්‌කර 5 ක්‌ පමණ වටිනා ඉඩමක්‌ චීන පාර්ශවයට ලබා දෙන්නට රජය එකඟවීමෙන්, එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇත.

    ඉහත කී පාඩු, අලාභ සහ වන්දි ඔස්‌සේ වර්තමාන යහපාලන රජය විසින් පළමු වැනි වසර දෙකක කාලය තුළදී පමණක්‌, රටට සිදු කර ඇති පාඩුව රුපියල් බිලියන 674 කි. එම මුදල, කොළඹ - ගාල්ල අධිවේගී මාර්ග 10 ක්‌ පමණ ඉදිකළ හැකි මුදලක්‌ බව හැඳින්විය හැකි අතර, එම මුදල, හෙජින් ගනුදෙනුවලින් සිදුවූ පාඩුව මෙන් 56 ගුණයක්‌ ලෙසද විදහා දැක්‌විය හැක.

    http://www.divaina.com/2017/04/02/politics02.html

    2020 දීත් අපමණ අගයක් ඕනෙද වේ_ගේ පුටාලට?
    2020 දී හදන සින්දුවට කසුන් කල්හාරවම තමයි දාන්නේ..මොකද සිංහලයට ඕනම දෙයක් මතක සතියයි නේ...
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    විද්ද හීයත් මුවින් පිටවූ වචනයත් එළකිරියේ පලකල ත්‍රෙඩ් එකත් ආපසු ගත නොහැක.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විද්ද හීයත් මුවින් පිටවූ වචනයත් එළකිරියේ පලකල ත්‍රෙඩ් එකත් ආපසු ගත නොහැක.
    මහබැංකුවේ ආර්ථික විශ්ලේෂණ අංශයේ දත්ත, ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියේ යුධ ජයග්‍රහණය පිළිබද දත්ත මැකුවා වගේ එළකිරියේ පරණ ත්‍රෙඩ් නොමැකුවොත් පමණි.... :no:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif
    political2.gif


    පසුගිය සතියේ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ තව තවත් අලුත් කරුණු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වන්නට විය. මේ මහ බැංකු බැඳුම්කර වංචාවට යටින් මේ රටේ මොනතරම් විශාල ධන සම්භාරයක්‌ පෞද්ගලික බූදලයකට ඇදී යන්නේ දැයි මෙයින් රටට කරුණු අවබෝධ විය. එහෙත් පුදුමයට කාරණාව වූයේ ජනතාවට ඒ ගණන් ඉලක්‌කම් එතරම් ගණනක්‌ නැති වීමය. ජනතාවට ඒ වෙනුවට තවමත් දැනෙමින් තිබුණේ බැසිල්ලා ජී එල්. පයිප්ප බෙදා යැමය. මහින්ද ලිත් ගසා ජනතාවට බෙදූ වංචාවන් දූෂණයන් ගැනය. ජනතාවට සිල් රෙදි බෙදූ රාජ්‍ය මුදල් අවභාවිතාවන් ගැනය. මහබැංකු බැඳුම්කරය මගින් රටේ මහා භාණ්‌ඩාගාරය හිස්‌ කරවමින් හිතන්නට බැරි තරම් මුදල් සම්භාරයක්‌ හොර පාරවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට ඇදී යැම කාටවත් ඒ හැටි අවබෝධයක්‌ තිබුණේ ම නැති ගානය.

    මේ අතර දේශපාලන කතිකාවේ කතාබහට ලක්‌වූ වැදගත් කාරණාව වූයේ යම් හෙයකින් ජනාධිපති කොමිසමෙන් වරදකරු වුවත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට ඇදී ගිය ධන සම්භාරය යළි අය කරගන්නට රජයට ඇති නොහැකියාව ගැනය. රජය මේ මුදල් කෙසේ නම් ආපසු ගන්නද යන ප්‍රශ්නය පැන නගින්නට වූයේ එම සමාගම එම මුදල් දැනටමත් මහා පරිමාණ ව්‍යාපාරවලට ආයෝජනය කර තිබූ නිසාය.....

    http://www.divaina.com/2017/04/09/politics03.html

    පාහර ජෙප්පෝ තාමත් තාප්ප වල ලියන්නේ මහින්දගේ සිල් රෙදි ගැන.. එක පරයෙක් කටක් ඇරලා කියන්නේ නෑ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි, රු. බිලියන 674 ක් මහ දවල් හොරා කාපු එක ගැන.. මොකද උන්ගේ සන්විධානේටත් කොටස හම්බෙලා ඇති...
     
    • Like
    Reactions: Pissu_Matta

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    sdivaina_logo.gif
    political2.gif


    පසුගිය සතියේ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ තව තවත් අලුත් කරුණු ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වන්නට විය. මේ මහ බැංකු බැඳුම්කර වංචාවට යටින් මේ රටේ මොනතරම් විශාල ධන සම්භාරයක්‌ පෞද්ගලික බූදලයකට ඇදී යන්නේ දැයි මෙයින් රටට කරුණු අවබෝධ විය. එහෙත් පුදුමයට කාරණාව වූයේ ජනතාවට ඒ ගණන් ඉලක්‌කම් එතරම් ගණනක්‌ නැති වීමය. ජනතාවට ඒ වෙනුවට තවමත් දැනෙමින් තිබුණේ බැසිල්ලා ජී එල්. පයිප්ප බෙදා යැමය. මහින්ද ලිත් ගසා ජනතාවට බෙදූ වංචාවන් දූෂණයන් ගැනය. ජනතාවට සිල් රෙදි බෙදූ රාජ්‍ය මුදල් අවභාවිතාවන් ගැනය. මහබැංකු බැඳුම්කරය මගින් රටේ මහා භාණ්‌ඩාගාරය හිස්‌ කරවමින් හිතන්නට බැරි තරම් මුදල් සම්භාරයක්‌ හොර පාරවලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට ඇදී යැම කාටවත් ඒ හැටි අවබෝධයක්‌ තිබුණේ ම නැති ගානය.

    මේ අතර දේශපාලන කතිකාවේ කතාබහට ලක්‌වූ වැදගත් කාරණාව වූයේ යම් හෙයකින් ජනාධිපති කොමිසමෙන් වරදකරු වුවත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට ඇදී ගිය ධන සම්භාරය යළි අය කරගන්නට රජයට ඇති නොහැකියාව ගැනය. රජය මේ මුදල් කෙසේ නම් ආපසු ගන්නද යන ප්‍රශ්නය පැන නගින්නට වූයේ එම සමාගම එම මුදල් දැනටමත් මහා පරිමාණ ව්‍යාපාරවලට ආයෝජනය කර තිබූ නිසාය.....

    http://www.divaina.com/2017/04/09/politics03.html

    පාහර ජෙප්පෝ තාමත් තාප්ප වල ලියන්නේ මහින්දගේ සිල් රෙදි ගැන.. එක පරයෙක් කටක් ඇරලා කියන්නේ නෑ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි, රු. බිලියන 674 ක් මහ දවල් හොරා කාපු එක ගැන.. මොකද උන්ගේ සන්විධානේටත් කොටස හම්බෙලා ඇති...

    bump