ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සහ රනිල්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සහ රනිල්

    ජාතික අයවැයට පෙරාතුව රජයේ “මධ්‍ය කාලීන” ප‍්‍රතිපත්තියේ දල සැලැස්මක් ශ‍්‍රී ලංකා අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් ආර්ථික ප‍්‍රකාශනයක් හැටියට නොවැම්බර් 5 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. විදේශ ආයෝජකයන්ට හා දේශීය මහා ව්‍යාපාරවලට වැඩි වාසි හා සහන ප‍්‍රදානය කරන අතර තුර කම්කරුවන්ගේ හා දුගීන්ගේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට ප‍්‍රබල ලෙස බලපාන පුලුල් වෙලඳපොල හිතැති ප‍්‍රතිසංස්කරන ඔහු සංක්ෂිප්තව ගෙනහැර දැක්වීය.

    ranil270204.jpg

    බරපතල ආර්ථික ගැටලු නිර්මානය කිරීම සම්බන්ධව වික‍්‍රමසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුවට දොස් පැවරීය. 2000 දී රටෙහි අපනයන, දල දේශීය නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 30 ක් වූ නමුත් එය 2014 දී සියයට 15 කට පසු බැස්ස බව ඔහු ප‍්‍රකාශ කලේය. ජනගහනයෙන් සියයට 43ට දිනකට ඇමරිකානු ඩොලර් 2 ක් පමනක් ලැබෙන අතර ආදායම් අසමතුලිතතාව ඉහල ගොස් තිබේ.

    රටෙහි නරක අතට හැරෙන ආර්ථික තත්වය පිලිබඳව රාජපක්ෂ ආන්ඩුවට සියලු දොස් පැවරීම අවම වශයෙන් කියනවා නම් කුහකය. ලෝකය පුරා වෙලඳ භාන්ඩ අපනයන කරන රටවලට දැනටමත් බලපා ඇති ගෝලීය ආර්ථික අර්බුදය නිසාවෙන් ලංකාවටත් එහි අපනයනයන්ටත් දිගින් දිගටම පහර වැදෙමින් තිබේ.

    z_pxvi-Senok.jpg

    “ආදායම් මට්ටම්හි බරපතල අසමතුලිතතාව” වික‍්‍රමසිංහගේ සැලකිල්ලට භාජනය වුවත්, 1977 දී ඔහුගේම එජාප ආන්ඩුවෙන් පටන්ගෙන පසුව අනෙකුත් ආන්ඩු විසින් ද පවත්වා ගෙන ගිය, සමාජ සේවා සහන කැපීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා සහනාධාර කප්පාදු ඇතුලත් වෙලඳපොල ගැති ප‍්‍රතිපත්ති, දුප්පතුන් හා ධනවතුන් අතර පරතරය ඉමහත් ලෙස පුලුල් කර ඇත.
    2001 සිට 2004 දක්වා පැවති වික‍්‍රමසිංහගේ කලින් පැවති ආන්ඩුව විසින් ලෝක බැංකුවේ අනුමැතිය සහිතව ක‍්‍රියාත්මක කල ‘යලි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩ සටහන තුලින් සමාජ බෙදීම ගැඹුරු කල අතර පසුකාලීනව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා රාජපක්ෂ ගේ ආන්ඩු විසින් මෙය දිගටම කර ගෙන යන ලදී. වික‍්‍රමසිංහ විසින් දැන් කතා කරනු ලබන ප‍්‍රතිපත්ති සමාජ බෙදීම තවදුරටත් ගැඹුරු කරනු ඇත.

    වර්තමානයේ දදේනියෙන් සියයට 6.8 ක් වන අයවැය හිඟය 2020 දී සියයට 3.5 දක්වා අඩකින් කපා හරින ලෙසට කර ඇති ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දේශ ඉෂ්ට කිරීම වික‍්‍රමසිංහගේ ආර්ථික ප‍්‍රකාශනයේ කේන්ද්‍රීය කාරනයයි. මෙය කල හැකි වන්නේ මිල සහනාධාර කප්පාදුවත්, පුද්ගලීකරනය හඳුන්වා දීමත් හා සාමාන්‍ය ජනතාව මතට බදු බර පැටවීමත් මගිනි.

    රාජ්‍ය අංශයේ ආයතන සඳහා “පුද්ගලික අංශය අනුගමනය කරන ආකාරයේ කාර්යක්ෂම වැඩ පිලිවෙලක්” හඳුන්වා දී ඒවා ලාභ ලබන ආයතන හැටියට ඵලදායීව වෙනස් කරන්නට වික‍්‍රමසිංහ යෝජනා කලේය. සියලු රාජ්‍ය ආයතන, භාන්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපති, වානිජ මංඩලයේ, වෘත්තීය සමිති හා ඊනියා සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් “රාජ්‍ය දේපල සංස්ථාව” හා “පොදු සම්පත් භාරය ” යටතේ තබනු ඇත.

    රාජ්‍ය ව්‍යවසායයන්ගේ කොටස් රට තුල හා ගෝලීය ආයෝජකයින්ට විකුනනු ලබන අතර ඵලදායිත්වය ඉහල දැමීමට උනන්දු කරවීමේ උපක‍්‍රමයක් ලෙස සේවකයන්ට ද කොටස් ලබා දෙනු ඇත. මොඩලය වන්නේ රාජ්‍යයට අයත් ව්‍යවසායයන් ලාභ උපයන වානිජ ආයතන ලෙස පවත්වා ගෙන යන සිංගප්පූරුවේ ටෙමාසෙක් ක‍්‍රමයයි.

    “ආන්ඩුව පුද්ගලික ව්‍යවසායයන් පවරා නොගන්නා බවට” අගමැති යලි යලිත් සපථ කරන අතර රාජපක්ෂ පරිපාලනය තුල “පවරාගත් ව්‍යාපාර” යලි නිදහස් කිරීම ගැන සලකා බැලීමට ද අගමැති පොරොන්දු විය. ව්‍යාපාරික කටයුතු කර ගෙන යාමට ඇති බාධා තව තවත් අඩු කිරීමේ “ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව නීති ගෙන එන බව” ඔහු සඳහන් කලේය. එවන් එක් අවශ්‍යතාවයක් වන්නේ දිවයිනේ ඉඩම් අත් කර ගැනීමට විදේශිකයන්ට පවතින බාධා ඉවත් කිරීමයි.

    වික‍්‍රමසිංහගේ අනෙක් යෝජනාවන්ට ඇතුලත් වන්නේ:

    ⋆ සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල යන රටෙහි විශාලතම අරමුදල් පවරා ගනිමින් භාරකාර මන්ඩලයක් මගින් පාලනය කෙරෙන “ජාතික විශ‍්‍රාම අරමුදලක්” පිහිටුවීම. දැන් රුපියල් ටි‍්‍රලියන 1.7ක් වන (ඇ. ඩො. බිලියන 11.9) විශ‍්‍රාම අරමුදල පරිපාලනය කෙරෙන්නේ මහ බැංකුව විසිනි. වඩා විශ්වාසවන්ත පරිපාලනයක් සැපයීමේ මුවාවෙන් මෙම වෙනස මගින් මඟ පාදනු ඇත්තේ බොහෝ කලක් තිස්සේ ජාමූඅ නිර්දේශ කල ලෙස කොටස් වෙලඳපල හරහා ව්‍යාපාරයන්ට මෙම මුදල් ලබා ගැනීමට සැලැස්වීමයි.
    දැනට විශ‍්‍රාම වැටුප් අරමුදලෙන් ගෙවීම් කරන්නේ, විශ‍්‍රාම ගැනීමේදී එකවර ගෙවන මුදලක් ලෙසිනි. අරමුදල් ආයෝජනයේ දිගටම යොදවා තැබීම සඳහා මාසික විශ‍්‍රාම වැටුපක් හඳුන්වා දීමේ සිය බලාපොරොත්තුව ආන්ඩුව අඟවා තිබේ. සේවක අර්ථසාධක අරමුදලට මෙවැනිම වෙනස්කම් හඳුන්වා දීමට 2011 දී රාජපක්ෂ කල උත්සාහය කටුනායක නිදහස් නිදහස් වෙලඳ කලාපය තුල වර්ජනයකට තුඩු දුන් අතර එක් කම්කරුවෙකු ඝාතනය කෙරුනු ප‍්‍රචන්ඩ පොලිස් මර්දනයකට මඟ පෑදීය. ආන්ඩුවට එම ක‍්‍රියාවලිය අකුලා ගැනීමට බල කෙරිනි. “අත්දැකීම් වලින් ඉගෙන ගන්නා ලෙස” හා “ගින්දර සමග සෙල්ලම් නොකරන” ලෙසට අයිලන්ඩ් කතුවැකිය අනතුරු හැඟවීය

    ⋆ අඩු බදු හා අනෙක් පහසුකම් භුක්ති විඳින දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන් සඳහා ආයෝජන කලාප ඇති කිරීම. රටෙහි නොයෙක් ප‍්‍රදේශ වල වර්ග සැතපුම් 20 සිට 200 දක්වා වූ කලාප ඇති කිරීම. මින් හම්බන්තොට, රයිගම, ත‍්‍රිකුනාමලය හා මහනුවර යන ප‍්‍රදේශ වල කලාපයන් ලබන වසරේදී ඇති කිරීමට නියමිතය.

    ⋆ විශ්ව විද්‍යාල පුද්ගලීකරනය දිගටම ගෙන යාම. “තාක්ෂන මන්ඩප, තෘතීය පුහුනු ආයතන, හා පුද්ගලික විශ්ව විද්‍යාල වත්මන් විශ්ව විද්‍යාල සමගම පිහිටුවා පවත්වා ගෙන යාම” පිලිබඳව වික‍්‍රමසිංහ කතා කලේය. “අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ සිසුන්ට” මෙම ආයතන වලට ඇතුල් වීමේ ඉඩකඩ සලසන වව්චර් ක‍්‍රමයක් ඔහු හඳුන්වා දුන්නේය. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් ඉගෙන ගත්තේ කොහේ ද යන්න නොසලකා ඒ ඒ සිසුන්ට අරමුදල් සැපයෙන බවයි. මෙය රජයේ විශ්වවිද්‍යාල වලට වල කපන අතර ලාභ උපයන පෞද්ගලික ආයතන වලට අරමුදල් සැපයීමට නොවෙනස් ක‍්‍රියාවලියකි.

    ⋆ “ග‍්‍රාමීය ආර්ථිකය නැංවීමේ” නාමයෙන් “ගොවීන්හට සාමාජිකයන් බවට පත් විය හැකි, අපනයන වෙලඳපල සඳහා නිපදවන මහා පරිමාන කෘෂිකර්ම ව්‍යවසායයන්” ඇති කිරීම. මෙය දුප්පත් ගොවීන්ගේ වියදමෙන් කෘෂිකර්ම ව්‍යවසායයන් දිරි ගැන්වීමේ තවත් වැඩ පිලිවෙලකි.

    මහා ව්‍යාපාරයන්ට සිය අනුග‍්‍රාහකත්වය පුද කරමින් වික‍්‍රමසිංහ පුරසාරම් දෙඩුවේ 1977දී එජාපය වෙලඳපල ආර්ථිකය පන ගැන්වූ බව කියමිනි. එනමුදු එහි ප‍්‍රතිපල පිලිබඳව ඔහු කිසිවක් කීවේ නැත. වෙලඳ පල ගැති ක‍්‍රියා මාර්ගයන්ට එරෙහිව පැන නැගුනු මහ වර්ජනය මැඬීමට 1980දී එජාප ආන්ඩුව රජයේ සේවකයන් 100,000ක් දොට්ට දැමුවේය. වැඩෙන සමාජ ආතතිය මධ්‍යයේ එම ආන්ඩුව කම්කරු පන්තිය බෙදීමට දෙමල විරෝධී ප‍්‍රකෝපකරනයන් ඇති කර ගොඩ නැගූ විෂ සහිත වර්ගවාදී වාතාවරනය මගින් දිවයින 26 අවුරුදු සිවිල් යුද්ධයට ඇද දැමීය.
    එජාපයේ වාර්තාව පිලිබඳව පාරට්ටු කරමින් අගමැති ව්‍යංගයෙන් කියා සිටියේ ඔහුගේ පක්ෂය එහි දිගුකාලීන විරුද්ධවාදියා වූ ශ‍්‍රීලනිපයට වඩා මහා ව්‍යාපාරික න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීමේ හැකියාවෙන් යුක්ත බවයි. එජාපය දැන් ශ‍්‍රීලනිපය සමග සභාගයකින් වෙලඳපල ගැති ක‍්‍රියා මාර්ග ඉදිරියට ගෙන යන අතර දැනටම ඉස්මතු වෙමින් ඇති කම්කරු පීඩිත ජනයාගේ විරුද්ධත්වය මැඩලයි.
    වෘත්තීය සමිති හා “සිවිල් සමාජය” ලෙස හැඳින්වෙන බොහෝ ආන්ඩුවේ නොවන සංවිධාන හා මධ්‍යම පන්තික කන්ඩායම් වල සහය ගොනු කර ගනිමින් විශ‍්‍රාම අරමුදල් වෙනස් කිරීම, අවම වැටුප් තීන්දු කිරීම හා පුද්ගලීකරනය ට එරෙහි විරුද්ධත්වය කොටුකර මැඩලීමට එජාපය උත්සාහ දරයි.

    ලංකා වානිජ මන්ඩලය, ජාතික වානිජ මන්ඩලය, අපනයනකරුවන්ගේ සංගමය ඇතුලු නොයෙකුත් ව්‍යාපාරික දෘෂ්ටි මන්ඩල ගනනාවක් වික‍්‍රමසිංහගේ ප‍්‍රකාශයට වහාම ප‍්‍රශංසා කලේ එමගින් “ආන්ඩුවේ අනාගත සැලසුම් පිලිබඳ වැදගත් දිශාවනතියක්” සැපයෙන බව කියමිනි.

    sep02-cover.gif

    යුරෝමනි සඟරාවේ අනුග‍්‍රහයෙන් ප‍්‍රකෝටිපති ජෝර්ජ් සොරෝස් ගේ සහභාගිත්වය සහිතව ජනවාරියේදී ආර්ථික සමුලුවක් පැවැත්වීමට වික‍්‍රමසිංහ යෝජනා කලේය. ජනවාරියේදී ඩවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුලුවට සහභාගි වීමට ආන්ඩුවට ආරාධනා ලැබී ඇතැයි ඔහු උදම් ඇනුවේය.v
    රටෙහි ලඹ දෙන ගෙවුම් ශේෂ අර්බුදය යම් තාක් දුරට සමහන් කර ගැනීම සඳහා විදේශ ආයෝජන සැලකිය යුතු ලෙස ආකර්ෂනය කර ගැනීම වික‍්‍රමසිංහගේ පැහැදිලි එල්ලයකි. වර්තමානයේදී ආන්ඩුවේ ආදායමෙන් සියයට 35 ක් නය ආපසු ගෙවීම සඳහා යෙදවේ. මූල්‍ය අර්බුදයක් වලක්වා ගැනීම සඳහා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇ. ඩො. බිලියන 4.6ක නය මුදලක් ඉල්ලා ඇත.

    IMF.jpg

    වික‍්‍රමසිංහ ගේ ප‍්‍රකාශය සකසා ඇත්තේ, ඔහුගේ ආන්ඩුව ජාමූඅ නියෝග ක‍්‍රියාවට දමමින් වැඩෙන අර්බුදයේ බර කම්කරු පීඩිත ජනතාව මත පටවන බවට මහා ව්‍යාපාරයන්ට යලි සහතික කිරීම සඳහා ය.

    9Y7qmQ3.png

    http://www.wsws.org/sinhala/2015/2015nov/slbj-23n.html
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mona Labbak hari karala, Venasak kala yuthuya. Ema venasa Ranil Wikkaramasiinha Mahathata kala haki yai visvasa kala haka.Meka amathaka karanna epa. DANATA LAANAKAVE PRADANA INCOME EKA--PITA RATA VAHAL MEHEKARA SEVAYATA GAHANUN YAVALA GANNA INCOME EKAI. LAJJA NATHDHA SINHALUNI ????????? EKAI VENASAK AVASYAI. EMA VENASA GARU RANIL WIKKRAMASINGHE MAHATHA KARAVI.
     
    ඔව් ඔව් කරනවා හොදටම කරගෙන යනවා වෙල් ඩන් :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Balan kada thura hara dasey-----Koggala free trade eka issaraha, Job araganna polime hamadama innava kollo, kello .
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Balan kada thura hara dasey-----Koggala free trade eka issaraha, Job araganna polime hamadama innava kollo, kello .

    පාස්ට් නියමයි රස්සා වැඩි වැඩියෙන් දෙනවා :rofl: ලබන අවුරුද්දේ ඉදන් ප්‍රයිවට් වැඩ කරන අයටත් විශ්‍රම වැටුමක් දෙන්න ආණ්ඩුව පොරකනවා :lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    COUNTRY EKA DEVELOP VENNE , GOVERNMENT JOBS VALIN NEVE. PRIVATE COMPANY VALA JOB VALINI. MEYA ARTHIKA SPECIALIST LATA VATAHENAVA ATHI.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    COUNTRY EKA DEVELOP VENNE , GOVERNMENT JOBS VALIN NEVE. PRIVATE COMPANY VALA JOB VALINI. MEYA ARTHIKA SPECIALIST LATA VATAHENAVA ATHI.

    වට්නවා වටිනාවා අපිට සොච්චම් පඩියකට වැඩ අරන් ලක්ශපති කොටිපතියො වෙන හැටි බලන්නම වටිනවා :rofl:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    “මහින්ද රාජපක්ෂ“ නොහොත් අපේ උප විඥානය

    මහින්ද රාජපක්ෂ යනු පුද්ගලයෙක් පමණක් නොවේ. එය අපේ රටේ ජනතාවගේ උප විඥානය ය. වෙනත් ලෙසකින් කියන්නේ නම් මේ මහින්ද නම් පුද්ගලයාගේ හැසිරීමෙන් මූර්තිමත් වන්නේ ජනයාගේ උපවිඥානයේ ප්‍රකාශනය ය.
    අපේ මිනිසුන් ස්වාමියාට බිය ය. ඔහු ඉදිරියේ නිවට නියාලු ය. ඔහු නැති තැන ඔහුට පරිභව කරන්නේ ය. ඔහුට පාඩමක් උගන්වන බව කියන්නේ ය.
    ස්වාමියා තමන් සමග පින්තූරයක් ගන්නට එන්නැයි ආරාධනා කළ විට අපේ මුහුණේ මල් දහසක් පිපෙන්නේ ය. ඒ පින්තූරය හැමෝටම පෙන්නන්නේ ය. කටවුට් එකක් හැටියට මහපාරේ ගහන්නට බැරිනම් ගෙදර සාලයේ හෝ එල්ලා ගන්නේ ය.
    මේ සියල්ල මහින්ද නම් චරිතය තුළ ද තිබේ.
    ඔහු ඇමරිකාවට බිය ය. බටහිරට බිය ය. ඒ නිසාම දෝ ඇමරිකාව සමග සබඳතා යහපත් අතට පවත්වාගෙන යෑම සඳහා ලංකාවේ රජයේ මුදල් යොදවා පෞද්ගලික මහජන සම්බන්ධතා සේවාවක් පවා අධික මිලකට ගත්තේ ය. ඒ සඳහා කොහේවත් නැති ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් යොදා ගත්තේ ය. රටේ මුදල් යොදවා චෝගම් සංවිධානය කොට බ්‍රිතාන්‍ය කිරුළ හිමි කුමරු ද ගෙන්වා ගෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ කමකට නැති නායකයෙක් බවට ද පත් විය.
    මහින්ද ලංකාව තුළ සිංහලෙන් බටහිරට විරුද්ධව වහසි බස් දොඩන්නේ ය. තමන් ඔවුන්ට යටත් නැතැයි කියන්නේ ය. එහෙත් ඔවුන්ට දහසක් පොරොන්දු දී එන්නේ ය. අපේ අය මෙන් නොව උන් ඒවා මතක තියාගෙන නැවත විමසන බවක් මහින්දගේ මතකට, අපේ මතකයට මෙන්ම, එන්නේ නැත. අපේ උන් එසේ මතක තබා ගෙන නැවත නොවිමසන නිසා ය. උන් විමසන කල මහින්ද ද අප මෙන්ම කල් ඉල්ලන්නේ ය. එතකොට සියල්ල හරි යයි මහින්ද අප මෙන්ම හිතන්නේ ය. පොරොන්දු ඉටුකරන්නේ අද නොව හෙට ය. අපේ ජනතාව වගේම ය.
    නැති තැන ඇමරිකාවට බටහිරට පලු යන්නට බනින්නේ ය. විමල් වීරවංශ නම් සියඅන්තේවාසිකයා ලවා බොරු උපවාස කරවන්නේ ය. අහිකුණ්ඨකයෙකු වඳුරා ලවා කරන නැටුමක් සිහිපත් කරන එය හුරතල් විරෝධයක් පමණක්ම ය. ලෙමන් පෆ් කා ඉක්මණින් අවසන් වන්නේ ඒක හුරතල් එකක් නිසා ය.
    බරක් ඔබාමා සමග පින්තූර ගන්නේ ය. ඒවා කටවුට් බවට පත්ව පාරේ එල්ලෙන්නේ ය.
    ලෙඩක් වුවත් දුවන්නේ ඇමරිකාවට ය. පවුලේ වැඩි දෙනෙක් පදිංචි ද එහිය. වහසිබස් වලින් පෙනෙන විරෝධය ඇතුළතින් නැත්තේ ය.
    රටේ මිනිසුන් අල්ලපු වත්තේ මිනිසා සමග මායිමට නඩු කියන්නේ ය. නඩුවට දාස් ගණන් වියදම් කරන්නේ ය. ප්‍රශ්නයකට තුඩු දුන් ඉඩමේ වටිනාකම මෙන් දෙතුන් ගුණයක් පුද පඩුරු ලෙස පෙරකදෝරුවාට දෙන්නේ ය. මහින්ද ද එසේ ය.
    සුළු ජාතිකයින් සමග ආරෝවල් ඇති කරගන්නේ ය. ඇතිකරගත් ආරවුල් විසදන්නට තමන්ගේ නොව රටේ මුදල් අසිමීතව වියදම් කරගන්නේ ය. එක්සත් ජාතීන්ට උත්තර බඳින්නට කප්පරක් මහන්සි වන්නේ ය. වියදම් කරන්නේ ය. කොමිසම් එකක් දෙකක් නොව දුසිමක් ම පත් කරන්නේ ය. බලය විමධ්‍යගත කිරීමට එකක් නොව කීපයක් ද අතුරුදහන් වූවන් වෙනුවෙන් තව එකක් ද සංහිදියාව ඇති කිරීමට තව එකක් ද වශයෙනි.
    කොච්චර පාරම්බෑවත් අපේ මිනිහා බය ය. ඝෝසාවේ තරම ට වැඩ නැත. හරියට බුරන බල්ලන් වැනි ය. හපා කන්නේ නැත. එහෙත් බුරන්නේ ය. මා කිව්වේ බටහිර සම්බන්ධයෙනි. ස්වාමියා සම්බන්ධයෙනි. තමන්ගේ ගෝලයන් ගැන නොවේ. අපේ මිනිහා ද එහෙම ය. හපා කන්නේ ගෝලයින්ව ය. බලවන්තයා ඉදිරියේ පුස් බිරිල්ලක් පමණක් දාන්නේ ය. ඒ ද අපට පෙනෙන්නට ය.
    යුද්ධය සම්බන්ධ කාරණය හැරුණු කොට ඉතිරි සියල්ල සම්බන්ධයෙන් මහින්දත් එහෙම ය. යුද්ධය ඇත්තටම කළේ මහින්දම දැයි සිතෙන තරමට ය. ඒ ගැන චම්පික කියන කතාව ද අහන්නට වටින්නේ ඒ නිසාම ය.
    විදුලි පුටුවට යන්නට බය නැතැයි කී මහින්ද අල්ලස් කොමිසමට කැඳවීමක් ලැබ නැටූ තොයිලයෙන් පෙන්නුවේත් ඒක ය.
    අපේ රටේ කුසල්හාමිලා මාළු බාන්නෝ ය. ඒ වුනාට පසලොස්වකට සිලුත් ගන්නෝ ය. මත්පැනුත් බොන්නෝ ය. පස් වෙනි සිල් පදයත් ඒ සමගම කියන්නෝ ය. ඒ සමගම නොකියන්නේ නම් කියන්නේ අඩු වශයෙන් පදමට දාගන්නටවත් හිතේ තියා ගෙන ය. සිල් ගන්නා තාක් ඔහු උපාසක මහත්තයෙක් ලෙස සළකනු ලබන්නේ ය. එලිපිට නොබොන තාක් හේ බේබද්දෙකු නොවන්නේ ය. මහින්දත් එහෙම ය.
    මතට තිත තියෙන ගමන් බාර් ලයිසන් දෙන්නේ ඒ නිසා ය. කප්පරකට බොන්නේ ඒ නිසා ය. පුරා විද්‍යා චක්‍රවර්තීට මහින්දගේ බීම වෙනුවෙන් කතා කරන්නට සිදු වූයේ ඒ නිසා ය.
    මහින්ද පැරදුනහම අපට ඇඩෙන්නේ මහින්ද පැරදුනු නිසා නොවේ. අපේ උපවිඥානය පැරදුන නිසා ය.
    මහින්ද කියා එහෙමට කෙනෙක් නැත. එහෙත් මහින්ද තුළින් ප්‍රතිමූර්තිමත් වන අපේ උප විඥානය අතිශයින්ම අප වෙත ඇත්තේ ය. මහින්ද රාජපක්ෂ කියන 70 හැවිරිදි මිනිසා අප මෙන්ම සාමාන්‍ය මිනිසෙකි. එහෙමට ගත යුතු දෙයක් ඔහු තුළ නැත. එහෙත් ඔහු තුළ අඩු නැතිව අපේ උප විඥානය මූර්තිමත්ව තිබෙන්නේ ය. ඒ සංකේත මහින්ද ශක්තිමත් ය. ජාතියක සැගවුනු ශක්තිය, එයට ශක්තිය යැයි කිව හැකි නම්, ඔහුගේ සමස්ථ හැසිරීම තුළ තිබේ.
    මහින්ද කළා යැයි කියන සියළු හොරකම් අපරාධ වංචා නාස්තිය දූෂණය අපට ප්‍රශ්නයක්ව නැත්තේ ඒ නිසා ය. ඒ සමහර විට අප ද අඩුවැඩි වශයෙන් ඒවා කරන නිසා ය. ඒ තරමටම අපේ උප විඥානය මහින්ද හා සමපාත ය.
    මහින්ද සමග නැගිට ගත්තොත් මිසක අපට අත් හැර දමන්නට වන්නේ ඒ අපේම උපවිඥානය ය. මහින්දට කරුණු සහිතව වුව වාග් ප්‍රහාරයන් එල්ලවන විට අපට මල පනින්නේ මේ නිසා ය.
    දැන් අපි මහින්දව වෙනදාට වඩා හොඳින් අඳුනන්නෙමු. සැකයක් නැතිවම ඒ අපේ උපවිඥානය ය.
    ෆේස්බුක් පරපුර මේ උප විඥානය ඒ තරමටම බෙදා ගන්නේ නැත. ලෝකය ඇත්තේ ලංකාව තුළ යයි අප සිතන විට මේ නව පරපුර ලෝකය තුළ ලංකාව තියෙන බව කියන තරමට අපෙන් දුරස්ථ වී තිබේ. මහින්ද පැරදුනේ එවැනි අක් මුල් නැති නව ෆේස්බුක් පරපුර නිසා ය.
    අගෝස්තු 17 දා සටන මේ අක් මුල් නැති පරයින් හා ජාතියේ භූමි පුත්‍රයින් අතර වී ඇත්තේ මේ නිසා ය. මහින්ද ඉන් පැරදුනොත් පරදින්නේ මහින්ද පමණක් නොවේ. අපේ බහුතරයකගේ උප විඥානය ද ඒ සමගම පරදිනු ඇත.
    අලුත් රටකට මාවත ඇත්තේ ඒ හරහා ය. ලෝකය තුළ ලංකාව ඇතැයි යන සැබෑව ජය ගැනීම ලංකාව තුළ ලෝකය ඇතැයි සිතමින් සිහින ලෝකයක ජීවත්වනවාට වඩා හොඳ ය. නැතිනම් වන්නේ අප සිහිනයෙන් අවදිවන විට ලෝකයේ ඉතිරි රටවල් ද අප පසු කර ගොස් තිබීම ය.
    ඒ නිසාම මහින්ද ද ඒ සමග බහුතර අපේ උප විඥානය ද පරදිනවා දකින්නට මා නම් කැමති ය.
    අවසාන වශයෙන් කිව යුත්තේ අපේ උප විඥානයේ එක් කොටසක් 17 දා අපේ සෙසු උප විඥානයට එරෙහිව යෑමට ද ඉඩ තිබෙන බව ය. ඒ අපේ අවස්ථාවාදීත්වය යි. අපිට ප්‍රතිපත්තියක් නැත. අපේ එකම ප්‍රතිපත්තිය වාසිය සොයා යෑම ය. වඩාත් වාසිදායක වන්නේ කොහිද අපි එතැන ය. මේ වාසිය පෞද්ගලික වාසියක් මිස රට හෝ එවැනි පළල් අරමුණක් සම්බන්ධ වාසියක් නම් නොවන්නේ ය. ඒ නිසා අපේ පොඩි එකා ජාතික පාසලකට දාගත හැකි ලොකු එකා රස්සාවකට දාගත හැකි බිරිඳගේ මාරුව හදා දිය හැකි මට වැලි පර්මිට් එකක් ගත හැකි පොඩි පොඩි සිල්ලර වැඩ කර ගත හැකි කෙනෙකු වෙනුවෙන් චන්දය දීමට මා සූදානම් ය. ඌවෙන් ආරම්භ වූ එජාපයේ ගමන දැන් ස්ථිර වන බවක් පෙනෙන්නට ඇත. ඒ තත්වය යටතේ චන්දය දිය යුත්තේ වැඩ කළ යුත්තේ එජාපයට ය.
    ඒ නිසා ද එජාපය දිනන්නේ ය. රට චම්පිකලා ද අනුරකුමාරලා ද එකතුව බලා ගනු ඇත්තේ ය. අපට ඇත්තේ අපේ වැඩක් බලා ගැනීම ය.
    ඒ නිසා ෆේස්බුක් සගයින් නැතුව ද දැන් එජාපයට දිනිය හැකි ය. මහින්ද පරදිනු ඇත්තේ ය. මොන හේතුව නිසා පැරදුනත් එය නම් රටට හොඳ ය. මක්නිසා ද යත් මහින්ද සමග අපේ පසුගාමී උප විඥානය ද පරදින නිසා ය. එවිට ඉතිරි වනු ඇත්තේ අවස්ථාවාදය විතර ය. ඊළග වටයේදීවත් එය ජය ගන්නට අපි බලමු. සමස්ථයවක් ලෙස පරදිනවාට වඩා එකක් ඉතිරි කොට සෙසු ඒවා ජය ගැනීම හොඳ නිසා ය.

    https://nishanthakamaladasa.wordpress.com/2015/08/03/මහින්ද-රාජපක්ෂ-නොහොත්/
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    ආර්ථික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සහ රනිල්

    ජාතික අයවැයට පෙරාතුව රජයේ “මධ්‍ය කාලීන” ප‍්‍රතිපත්තියේ දල සැලැස්මක් ශ‍්‍රී ලංකා අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් ආර්ථික ප‍්‍රකාශනයක් හැටියට නොවැම්බර් 5 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. විදේශ ආයෝජකයන්ට හා දේශීය මහා ව්‍යාපාරවලට වැඩි වාසි හා සහන ප‍්‍රදානය කරන අතර තුර කම්කරුවන්ගේ හා දුගීන්ගේ රැකියා, වැටුප් හා ජීවන තත්වයන්ට ප‍්‍රබල ලෙස බලපාන පුලුල් වෙලඳපොල හිතැති ප‍්‍රතිසංස්කරන ඔහු සංක්ෂිප්තව ගෙනහැර දැක්වීය.

    ranil270204.jpg

    බරපතල ආර්ථික ගැටලු නිර්මානය කිරීම සම්බන්ධව වික‍්‍රමසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුවට දොස් පැවරීය. 2000 දී රටෙහි අපනයන, දල දේශීය නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 30 ක් වූ නමුත් එය 2014 දී සියයට 15 කට පසු බැස්ස බව ඔහු ප‍්‍රකාශ කලේය. ජනගහනයෙන් සියයට 43ට දිනකට ඇමරිකානු ඩොලර් 2 ක් පමනක් ලැබෙන අතර ආදායම් අසමතුලිතතාව ඉහල ගොස් තිබේ.

    රටෙහි නරක අතට හැරෙන ආර්ථික තත්වය පිලිබඳව රාජපක්ෂ ආන්ඩුවට සියලු දොස් පැවරීම අවම වශයෙන් කියනවා නම් කුහකය. ලෝකය පුරා වෙලඳ භාන්ඩ අපනයන කරන රටවලට දැනටමත් බලපා ඇති ගෝලීය ආර්ථික අර්බුදය නිසාවෙන් ලංකාවටත් එහි අපනයනයන්ටත් දිගින් දිගටම පහර වැදෙමින් තිබේ.

    z_pxvi-Senok.jpg

    “ආදායම් මට්ටම්හි බරපතල අසමතුලිතතාව” වික‍්‍රමසිංහගේ සැලකිල්ලට භාජනය වුවත්, 1977 දී ඔහුගේම එජාප ආන්ඩුවෙන් පටන්ගෙන පසුව අනෙකුත් ආන්ඩු විසින් ද පවත්වා ගෙන ගිය, සමාජ සේවා සහන කැපීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා සහනාධාර කප්පාදු ඇතුලත් වෙලඳපොල ගැති ප‍්‍රතිපත්ති, දුප්පතුන් හා ධනවතුන් අතර පරතරය ඉමහත් ලෙස පුලුල් කර ඇත.
    2001 සිට 2004 දක්වා පැවති වික‍්‍රමසිංහගේ කලින් පැවති ආන්ඩුව විසින් ලෝක බැංකුවේ අනුමැතිය සහිතව ක‍්‍රියාත්මක කල ‘යලි පුබුදමු ශ‍්‍රී ලංකා’ වැඩ සටහන තුලින් සමාජ බෙදීම ගැඹුරු කල අතර පසුකාලීනව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා රාජපක්ෂ ගේ ආන්ඩු විසින් මෙය දිගටම කර ගෙන යන ලදී. වික‍්‍රමසිංහ විසින් දැන් කතා කරනු ලබන ප‍්‍රතිපත්ති සමාජ බෙදීම තවදුරටත් ගැඹුරු කරනු ඇත.

    වර්තමානයේ දදේනියෙන් සියයට 6.8 ක් වන අයවැය හිඟය 2020 දී සියයට 3.5 දක්වා අඩකින් කපා හරින ලෙසට කර ඇති ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දේශ ඉෂ්ට කිරීම වික‍්‍රමසිංහගේ ආර්ථික ප‍්‍රකාශනයේ කේන්ද්‍රීය කාරනයයි. මෙය කල හැකි වන්නේ මිල සහනාධාර කප්පාදුවත්, පුද්ගලීකරනය හඳුන්වා දීමත් හා සාමාන්‍ය ජනතාව මතට බදු බර පැටවීමත් මගිනි.

    රාජ්‍ය අංශයේ ආයතන සඳහා “පුද්ගලික අංශය අනුගමනය කරන ආකාරයේ කාර්යක්ෂම වැඩ පිලිවෙලක්” හඳුන්වා දී ඒවා ලාභ ලබන ආයතන හැටියට ඵලදායීව වෙනස් කරන්නට වික‍්‍රමසිංහ යෝජනා කලේය. සියලු රාජ්‍ය ආයතන, භාන්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපති, වානිජ මංඩලයේ, වෘත්තීය සමිති හා ඊනියා සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් “රාජ්‍ය දේපල සංස්ථාව” හා “පොදු සම්පත් භාරය ” යටතේ තබනු ඇත.

    රාජ්‍ය ව්‍යවසායයන්ගේ කොටස් රට තුල හා ගෝලීය ආයෝජකයින්ට විකුනනු ලබන අතර ඵලදායිත්වය ඉහල දැමීමට උනන්දු කරවීමේ උපක‍්‍රමයක් ලෙස සේවකයන්ට ද කොටස් ලබා දෙනු ඇත. මොඩලය වන්නේ රාජ්‍යයට අයත් ව්‍යවසායයන් ලාභ උපයන වානිජ ආයතන ලෙස පවත්වා ගෙන යන සිංගප්පූරුවේ ටෙමාසෙක් ක‍්‍රමයයි.

    “ආන්ඩුව පුද්ගලික ව්‍යවසායයන් පවරා නොගන්නා බවට” අගමැති යලි යලිත් සපථ කරන අතර රාජපක්ෂ පරිපාලනය තුල “පවරාගත් ව්‍යාපාර” යලි නිදහස් කිරීම ගැන සලකා බැලීමට ද අගමැති පොරොන්දු විය. ව්‍යාපාරික කටයුතු කර ගෙන යාමට ඇති බාධා තව තවත් අඩු කිරීමේ “ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව නීති ගෙන එන බව” ඔහු සඳහන් කලේය. එවන් එක් අවශ්‍යතාවයක් වන්නේ දිවයිනේ ඉඩම් අත් කර ගැනීමට විදේශිකයන්ට පවතින බාධා ඉවත් කිරීමයි.

    වික‍්‍රමසිංහගේ අනෙක් යෝජනාවන්ට ඇතුලත් වන්නේ:

    ⋆ සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල යන රටෙහි විශාලතම අරමුදල් පවරා ගනිමින් භාරකාර මන්ඩලයක් මගින් පාලනය කෙරෙන “ජාතික විශ‍්‍රාම අරමුදලක්” පිහිටුවීම. දැන් රුපියල් ටි‍්‍රලියන 1.7ක් වන (ඇ. ඩො. බිලියන 11.9) විශ‍්‍රාම අරමුදල පරිපාලනය කෙරෙන්නේ මහ බැංකුව විසිනි. වඩා විශ්වාසවන්ත පරිපාලනයක් සැපයීමේ මුවාවෙන් මෙම වෙනස මගින් මඟ පාදනු ඇත්තේ බොහෝ කලක් තිස්සේ ජාමූඅ නිර්දේශ කල ලෙස කොටස් වෙලඳපල හරහා ව්‍යාපාරයන්ට මෙම මුදල් ලබා ගැනීමට සැලැස්වීමයි.
    දැනට විශ‍්‍රාම වැටුප් අරමුදලෙන් ගෙවීම් කරන්නේ, විශ‍්‍රාම ගැනීමේදී එකවර ගෙවන මුදලක් ලෙසිනි. අරමුදල් ආයෝජනයේ දිගටම යොදවා තැබීම සඳහා මාසික විශ‍්‍රාම වැටුපක් හඳුන්වා දීමේ සිය බලාපොරොත්තුව ආන්ඩුව අඟවා තිබේ. සේවක අර්ථසාධක අරමුදලට මෙවැනිම වෙනස්කම් හඳුන්වා දීමට 2011 දී රාජපක්ෂ කල උත්සාහය කටුනායක නිදහස් නිදහස් වෙලඳ කලාපය තුල වර්ජනයකට තුඩු දුන් අතර එක් කම්කරුවෙකු ඝාතනය කෙරුනු ප‍්‍රචන්ඩ පොලිස් මර්දනයකට මඟ පෑදීය. ආන්ඩුවට එම ක‍්‍රියාවලිය අකුලා ගැනීමට බල කෙරිනි. “අත්දැකීම් වලින් ඉගෙන ගන්නා ලෙස” හා “ගින්දර සමග සෙල්ලම් නොකරන” ලෙසට අයිලන්ඩ් කතුවැකිය අනතුරු හැඟවීය

    ⋆ අඩු බදු හා අනෙක් පහසුකම් භුක්ති විඳින දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන් සඳහා ආයෝජන කලාප ඇති කිරීම. රටෙහි නොයෙක් ප‍්‍රදේශ වල වර්ග සැතපුම් 20 සිට 200 දක්වා වූ කලාප ඇති කිරීම. මින් හම්බන්තොට, රයිගම, ත‍්‍රිකුනාමලය හා මහනුවර යන ප‍්‍රදේශ වල කලාපයන් ලබන වසරේදී ඇති කිරීමට නියමිතය.

    ⋆ විශ්ව විද්‍යාල පුද්ගලීකරනය දිගටම ගෙන යාම. “තාක්ෂන මන්ඩප, තෘතීය පුහුනු ආයතන, හා පුද්ගලික විශ්ව විද්‍යාල වත්මන් විශ්ව විද්‍යාල සමගම පිහිටුවා පවත්වා ගෙන යාම” පිලිබඳව වික‍්‍රමසිංහ කතා කලේය. “අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ සිසුන්ට” මෙම ආයතන වලට ඇතුල් වීමේ ඉඩකඩ සලසන වව්චර් ක‍්‍රමයක් ඔහු හඳුන්වා දුන්නේය. වෙනත් වචන වලින් කිවහොත් ඔවුන් ඉගෙන ගත්තේ කොහේ ද යන්න නොසලකා ඒ ඒ සිසුන්ට අරමුදල් සැපයෙන බවයි. මෙය රජයේ විශ්වවිද්‍යාල වලට වල කපන අතර ලාභ උපයන පෞද්ගලික ආයතන වලට අරමුදල් සැපයීමට නොවෙනස් ක‍්‍රියාවලියකි.

    ⋆ “ග‍්‍රාමීය ආර්ථිකය නැංවීමේ” නාමයෙන් “ගොවීන්හට සාමාජිකයන් බවට පත් විය හැකි, අපනයන වෙලඳපල සඳහා නිපදවන මහා පරිමාන කෘෂිකර්ම ව්‍යවසායයන්” ඇති කිරීම. මෙය දුප්පත් ගොවීන්ගේ වියදමෙන් කෘෂිකර්ම ව්‍යවසායයන් දිරි ගැන්වීමේ තවත් වැඩ පිලිවෙලකි.

    මහා ව්‍යාපාරයන්ට සිය අනුග‍්‍රාහකත්වය පුද කරමින් වික‍්‍රමසිංහ පුරසාරම් දෙඩුවේ 1977දී එජාපය වෙලඳපල ආර්ථිකය පන ගැන්වූ බව කියමිනි. එනමුදු එහි ප‍්‍රතිපල පිලිබඳව ඔහු කිසිවක් කීවේ නැත. වෙලඳ පල ගැති ක‍්‍රියා මාර්ගයන්ට එරෙහිව පැන නැගුනු මහ වර්ජනය මැඬීමට 1980දී එජාප ආන්ඩුව රජයේ සේවකයන් 100,000ක් දොට්ට දැමුවේය. වැඩෙන සමාජ ආතතිය මධ්‍යයේ එම ආන්ඩුව කම්කරු පන්තිය බෙදීමට දෙමල විරෝධී ප‍්‍රකෝපකරනයන් ඇති කර ගොඩ නැගූ විෂ සහිත වර්ගවාදී වාතාවරනය මගින් දිවයින 26 අවුරුදු සිවිල් යුද්ධයට ඇද දැමීය.
    එජාපයේ වාර්තාව පිලිබඳව පාරට්ටු කරමින් අගමැති ව්‍යංගයෙන් කියා සිටියේ ඔහුගේ පක්ෂය එහි දිගුකාලීන විරුද්ධවාදියා වූ ශ‍්‍රීලනිපයට වඩා මහා ව්‍යාපාරික න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීමේ හැකියාවෙන් යුක්ත බවයි. එජාපය දැන් ශ‍්‍රීලනිපය සමග සභාගයකින් වෙලඳපල ගැති ක‍්‍රියා මාර්ග ඉදිරියට ගෙන යන අතර දැනටම ඉස්මතු වෙමින් ඇති කම්කරු පීඩිත ජනයාගේ විරුද්ධත්වය මැඩලයි.
    වෘත්තීය සමිති හා “සිවිල් සමාජය” ලෙස හැඳින්වෙන බොහෝ ආන්ඩුවේ නොවන සංවිධාන හා මධ්‍යම පන්තික කන්ඩායම් වල සහය ගොනු කර ගනිමින් විශ‍්‍රාම අරමුදල් වෙනස් කිරීම, අවම වැටුප් තීන්දු කිරීම හා පුද්ගලීකරනය ට එරෙහි විරුද්ධත්වය කොටුකර මැඩලීමට එජාපය උත්සාහ දරයි.

    ලංකා වානිජ මන්ඩලය, ජාතික වානිජ මන්ඩලය, අපනයනකරුවන්ගේ සංගමය ඇතුලු නොයෙකුත් ව්‍යාපාරික දෘෂ්ටි මන්ඩල ගනනාවක් වික‍්‍රමසිංහගේ ප‍්‍රකාශයට වහාම ප‍්‍රශංසා කලේ එමගින් “ආන්ඩුවේ අනාගත සැලසුම් පිලිබඳ වැදගත් දිශාවනතියක්” සැපයෙන බව කියමිනි.

    sep02-cover.gif

    යුරෝමනි සඟරාවේ අනුග‍්‍රහයෙන් ප‍්‍රකෝටිපති ජෝර්ජ් සොරෝස් ගේ සහභාගිත්වය සහිතව ජනවාරියේදී ආර්ථික සමුලුවක් පැවැත්වීමට වික‍්‍රමසිංහ යෝජනා කලේය. ජනවාරියේදී ඩවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුලුවට සහභාගි වීමට ආන්ඩුවට ආරාධනා ලැබී ඇතැයි ඔහු උදම් ඇනුවේය.v
    රටෙහි ලඹ දෙන ගෙවුම් ශේෂ අර්බුදය යම් තාක් දුරට සමහන් කර ගැනීම සඳහා විදේශ ආයෝජන සැලකිය යුතු ලෙස ආකර්ෂනය කර ගැනීම වික‍්‍රමසිංහගේ පැහැදිලි එල්ලයකි. වර්තමානයේදී ආන්ඩුවේ ආදායමෙන් සියයට 35 ක් නය ආපසු ගෙවීම සඳහා යෙදවේ. මූල්‍ය අර්බුදයක් වලක්වා ගැනීම සඳහා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇ. ඩො. බිලියන 4.6ක නය මුදලක් ඉල්ලා ඇත.

    IMF.jpg

    වික‍්‍රමසිංහ ගේ ප‍්‍රකාශය සකසා ඇත්තේ, ඔහුගේ ආන්ඩුව ජාමූඅ නියෝග ක‍්‍රියාවට දමමින් වැඩෙන අර්බුදයේ බර කම්කරු පීඩිත ජනතාව මත පටවන බවට මහා ව්‍යාපාරයන්ට යලි සහතික කිරීම සඳහා ය.

    9Y7qmQ3.png

    http://www.wsws.org/sinhala/2015/2015nov/slbj-23n.html
    කෝ යකෝ මේ කරනවයි කිව්ව වැඩ ? @monson @EVC @hirashgeff @Mr.Wikirana @J Starlin තොපිලා හිතන් ඉන්නේ අපේ මොලේ තියෙන්නේ පුකේ කියලාද ? 🤭 🤭 🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කෝ යකෝ මේ කරනවයි කිව්ව වැඩ ? @monson @EVC @hirashgeff @Mr.Wikirana @J Starlin තොපිලා හිතන් ඉන්නේ අපේ මොලේ තියෙන්නේ පුකේ කියලාද ? 🤭 🤭 🤭

    කවුද එහෙම කිව්වේ.. අපි නම් එහෙම කිව්වේ නෑ..
    . උඹලගේ මොලේ දැන් බෙට්ටක් වීදියට ලැට් වලේ තියෙන්නේ..