ආලය අන්ද -මන්දවේ

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ආලය අන්ද -මන්දවේ

ඔහු රැුකියාව කළේ කොළඹ නගරයේය. ගම ගාල්ලේය. සතියේ දිනවල දී කොළඹ නැවතී රස්සාව කරන ඔහු සති අන්තයේ සිකුරාදා ගමට යයි.

ගමේ යාමට විශේෂ හේතුවක්ද තිබිණි. ඉදිරි වසරේ විවාහ වීමට අපේක්‍ෂාවෙන් සිටින තම පෙම්වතිය ගමේ සිටීම නිසාය. සිකුරාදා වනතුරු ඇඟිලි ගනිමින් සිටින ඔහු හැකි ඉක්මණින් මහරගමට පැමිණ අධිවේගී බසයකින් ගාල්ලට යන්නේ තම ගමනේ කාලය කෙටිවීම ගැන මහත් සතුටිනි.

මේ යන ගමනේ දී ඔහුගේ ජංගම දුරකථනයට නම් කිසිදු විවේකයක් නැත. ඔහු හැමදාමත් බසයට නගින්නේත් බසයෙන් බසින්නේත් දුරකථනය කනේ ගහගෙනය. අනෙක් පැත්තේ ඉන්නේ පෙම්වතියයි.

තොඳොල් බස් කතා කරමින් ආදර වදන් දොඩමින් කෙරෙන මේ කතා බහ කිසිවෙකුට ඇහෙන්නේද නැත. ඒ තවත් සිකුරාදා දිනයකි. මහරගමින් අධීවේගී මාර්ගයේ ගාල්ලට යන අවසන් බසය අල්ලා ගැනීමට කඩිනමින් මහරගමට පැමිණි ඔහු පිටත්වෙමින් තිබෙන බසයක් දුටුවේය. ඒ වනවිටත් ජංගම දුරකථනය ඔහුගේ දකුණු කනට බරවී තිබිණි. බසයේ සිටි සේවකයා ද සීට් තියෙනවා යැයි කියූ බැවින් ඔහු දිව ගොස් බසයේ එල්ලූණි. පිටත් වී තිබූ බසයේ නැගුණු ඔහු ”බස් එකට නැංගා” යැයි පෙම්වතියටත් කීවේය.

ඇය වේලාව බැලූවාය. තවත් පැය එකහමාරකින් ඔහු ගාල්ලෙන් බසින බව ඇය දනියි. දැන් බසය හැල්මේ ගමන් කරයි.

ඔහුත් ඇයත් දුරකථනයේය. ඔහුට මෙලෝ සිහියක් නැත. කොන්දොස්තර ඔහු අසලට පැමිණ ටිකට් කඩද්දී ඔහු 1000 නෝට්ටුවක් දික් කළේය. ඉතිරි මුදල දෙසවත් නොබැලූ ඔහු එය සාක්කුවේ රුවා ගත්තේය.

විනාඩියෙන් විනාඩිය ගෙවීගොස් පැයක් ගතවී ගියේය. බොහෝ දෙනෙකු නින්දේය.

”තාම ඔය බස් එක හයිවේ එකේද?” පෙම්වතිය අසයි. ඇය සිතා සිටින්නේ බසය දැන් ගාල්ලට පැමිණෙන්ට ඇතැයි කියාය. ගතවූ වේලාව අනුව ඇය නිවැරදිය.

කවුළුවෙන් පිටත බැලූ ඔහු ”නෑ. තවම හයිවේ එකේ. වහිනවානේ හෙමින් එන්නේ” කීවේය.

බසය නතර කැරිණි. ”හැමෝම බහින්න. ස්ටෑන්ඞ් එකට ආවා.” ඒ කොන්දොස්තරගේ හඬයි.

”ගාල්ලට ආවා” කියමින් ඔහු බසයේ දොර වෙත ගමන් කළේය.

බසයෙන් බැස්ස ද තැන නුහුරුය නුපුරුදුය. පුදුමයකි. ඔහු මාතරට පැමිණ ඇත. බසයේ නාමපුවරුවේ මහරගමxමාතර ලෙස සඳහන්ව ඇත.
දුරකථනයෙන් පෙම්වතිය අමතමින් පැමිණි ඔහු කලබලයට නැග ඇත්තේ මාතර බසයේය.

දැන් ගාලූ යන්නට බස් නැත.

අලූයම වනතුරු මාතර බස් නැවතුමේ රැුය පහන්කළ ඔහු මුලින්ම කොළඹ යන බසයේ නැග ගාල්ලෙන් බැස ගත්තේ මට මේවා හොඳ පාඩම් යැයි සිතමිනි.
 

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මම දන්නා විදියට නම් මාතරින් රෑට කොළබ බස් තියනව ගාලු පාරේ යන... මොකද මම ගිහින් තියනව...