ආලවක යක්ෂයා...

0_Inception

Member
Feb 12, 2011
69
2
0
ආලවක යක්ෂයා දුම් මැස්සේ තිබු පිය පරපුරෙන් පැවත ආ ප්‍රශ්න 10 බුදුන් ගෙන් අසා සත්‍ය දුටුවේය. බොහෝ දෙනෙක් සත්‍ය නොදකින්නේ මවු පරපුරෙන් රැගෙන ආ එළිපත්තේ ඇති ප්‍රශ්න 5 ගැනම බුදුන්ගෙන් අසන බැවිනි.
 

0_Inception

Member
Feb 12, 2011
69
2
0
යාළුවනේ,

එළිපත්තේ ඇති ධර්ම නම් ඉන්ද්‍රියන් පහෙන් (5) එකතු ක‍ර ගත් රුප ධර්මයි. ඇසෙන් වර්ණ රුප කනෙන් ශබ්ධ රුප ආදී වශෙයන්. අපි ගුරු වරයාගෙන් දැන ගන්නේ මේ ප්‍රශ්න 5 ට පිළිතුරුයි.

මෙම ධර්ම මනසේ තැන්පත් ක‍ර ගැනීමෙන් නාම පර්වතය උපදියි. එතන 5 යි.
එය 10 ක් වන්නේ එම නාම ධර්ම කෙරෙහි සැක ඇති වීමෙනි. සැකයත් සමග ධර්ම දෙගුණ වෙයි (ඇත නැත ආදී වශයෙන් ) ඒවා දුම් මැස්සේ තිබු ප්‍රශ්න 10 යි.

ආලවක යක්ෂයාට එම සැකය තිබුණි. රාජ්‍ය තුළ එක දරුවෙක් පමණක් ඉතිරි වනතෙක් මරා ආහාරයට ගත්තේ එබැවිනි. සැකය නොමැති කල මැරීම සම්පුර්ණ කල නොහැකිය. අංගුලිමාල කතාවෙන්ද කියන්නේ එම ධර්මයමයි. නමුත් අවසානෙදි සැකය ඉතිරි වෙයි (ඒ අවසාන දරුවයි). ප්‍රශ්න 10 ට පිළිතුරු ලැබීමත් සමග සැකයෙන් නිදහස් වී දර්ශනයට පැමිණෙයි.