ආලාපාළුවෙන් හෝදා පාළුවට...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආලාපාළුවෙන් හෝදා පාළුවට...

    ආලාපාළුවෙන් හෝදා පාළුවට...
    ------------------------------------


    .
    .


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    වත්මන් ආණ්ඩුවේ සංවර්ධනය ගැන ඉදිරි දැක්මක් ඇති, අංක ගණිතය දන්නා එකම ඇමතිවරයා පාඨලී චම්පික මහා නගර ඇමතිවරයාය. ඔහු සංවර්ධනයේ තුන්වැනි යාමය දුටුවේ නවසිය අනූව මුල් භාගයේය. ඒ, ඔහු ජනතා මිතුරෝ තුලින් ජාතික වියාපාරයේ සුක්කානම අතට ගන්නට මාන බැලූ වකවානුවයි. පසුව කාලයේ රැළි වලට එක් එක් පොත් පෙරළූ ඔහු අල් කයිඩා - අල් ජිහාඩ් පසු කර, කොටි විනිවිද, පටිසෝත්ගාමීව තිස් වසක් පසු කලේය. අන්තිමේදී තමන් උන් ආණ්ඩුවේම සංවර්ධන වියාපෘති වල අන්තිම සතේට ගණන් හදා පෙන්නුවේය. ආලාපාළු මෙගා ඩීල් කියා පොතක්ද පළ කලේය. අහෝ..! දෛවයේ සරදම නම්, ඔහු ප්‍රවර්ධනය කරන ඔහු කලා යැයි කියන ව්‍යාපෘති වලටත් ඔහු හැදූ ගණං මෙන් තුන් ගුණයක් වියදම් යෑම යි.

    මේ දින වල ඔහු ප්‍රවර්ධනය කරන සැහැල්ලු දුම්‍රිය (LRT) රටට අත්‍යවශ්‍යම, මෙයට දශක දෙකකට කලින් ලැබිය යුතු වූ ‍වියාතියකි. කොළඹ රථ වාහන තදබදයට බලපාන ප්‍රධාන කොරිදෝර හතෙන් එකක් වන කොළඹ - මාළඹේ - කඩුවෙල කොරිදෝරයේ වාහන තදබදය අඩු කිරීම, ඒකක මගී දුරක් (Rs./p-km) සඳහා වන ඉන්ධන වියදම අඩු කිරීම, වායු දූෂණය අඩු කිරීම ආදිය එහි ප්‍රධාන අරමුණු වේ.

    වෙළඳ නගරය (කොළඹ) හා පරිපාලන නගරය (බත්තරමුල්ල) අතර, කාර්‍යක්ෂම මගී ප්‍රවාහන සේවයකට පිඹුරුපත් සැකසුනේ අනූව මැද භාගයේය. ඒ කාලයේම දෙමටගොඩ හා බත්තරමුල්ලේ ඉඩම් පවරා ගැනීම් ද සිදු කෙරුණි. මුලින් යෝජනා වුනේ MRT හා BRT පද්ධති වන අතර ආණ්ඩු මාරු හා යුද්ධය නිසා පමා වූ වියාපෘතිය නැවත සැහැල්ලු දුම්‍රිය ලෙස පණ ලැබුවේ යුද්ධය නිමා කිරීමෙන් පසු 2009 වසරේ ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් කල "හරිත ලංකා" ජාතික වැඩ සටහන මගිනි. (එහි පිඹුරුපත් සඳහාද එවක පරිසර ඇමති වූ චම්පික දායක වුණි). සැලසුම වූයේ එහි පළමු අදියර 2016 වසරේ ආරම්භ කර 2018 දී අවසන් කිරීමටයි. සියළු අදියරයන්හි කි.මී. 75ක සැහැල්ලු දුම්‍රිය මගක් හා දුම්‍රිය කට්ටල වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල වූයේ ඩොලර් බිලියන 3.5කි. එනම් කිලෝ මීටරයකට ඩොලර් මිලියන 47කි.

    නමුත් අද උත්සවශ්‍රීයෙන් ඇරඹි යහපාලන චම්පික ඇමතිගේ ව්‍යාපෘතියේ කිලෝමීටර 16ක මුල් අදියර සඳහා පමණක් වියදම ඩොලර් බිලියන 2.2 කි. එනම් කිලෝමීටරයකට ඩොලර් මිලියන 137කි. ඔහුම කලින් ඇස්තමේන්තු කල මුදල මෙන් තුන් ගුණයකි...!

    සැහැල්ලු දුම්‍රිය මගේ වටිනාකම වෙනත් ව්‍යාපෘති සමග සැසඳුය නොහැක. නමුත් මේ කොල්ලුපිටිය මාළඹේ කි.මී 16ට යන ඩොලර් බිලියන 2.2ක් යනු දක්ෂිණ අධිවේග තුනක වියදමයි... හම්බන්තොට වරායවල් පහක වියදමයි...මත්තල ගුවන් තොටුපල අටක වියදමයි.. අල්ලපු රටේ ඉන්දියාවේ සැහැල්ලු දුම්රිය මගට යන වියදම කිලෝ මීටරයට ඩොලර් මිලියන 39කි. මෑතක වැඩ ඇර්ඹූ මැලේසියා ජකාර්තා සැහැල්ලු දුම්‍රීයට ගිය වියදම කිලෝමීටරයට ඩොලර් මිලියන 42යි. කොටින්ම කැනඩාවේ හෝ ඇමරිකාවේ අති ජනාකීර්ණ වෙළද වටිනාකම් වැඩිම නගරයක ඉදිවන සැහැල්ලු දුම්‍රියකට යන වියදමත් කිලෝමීටරයක ඩොලර් මිලියන 80ට අඩුයි. ඉතිං අපි අනෙක් රටවල් මෙන් දෙගුණයක්, තෙගුණය වියදම් කරමු..!

    චම්පික ඇමතිතුමාගේ සැහැල්ලු දුම්‍රිය තවත් කිඹුලාවල කැරකෙන පාලම මෙන් වියාපෘතියක් නොවේවා සහ එතුමා ඊළඟ මැතිවරණයට පෙර ලියන ආලාපාළු මෙගා ඩීල් කෘතියට, එතුමාගේ සැහැල්ලු දුම්රිය ඇතුලත් නොවේවායි ද, උදක්ම ප්‍රාර්ථනා කරමු..!

    - Ruwan Wijemanne



    උපුටා ගැනීමකි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    යකඩ මිනිසා හික්... හික්...
    මලකඩ කාගෙන එන්නෙ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකඩ මිනිසා හික්... හික්...
    මලකඩ කාගෙන එන්නෙ..




    රත්තරන් වලින්ද හදන්නේ කියල කව්ද ඇහුව වගේ මතකයි ....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada


    රත්තරන් වලින්ද හදන්නේ කියල කව්ද ඇහුව වගේ මතකයි ....

    :yes::yes:

    උගත්කමයි බුද්දිමත් කමයි කියන්නේ දෙකක්.
    මේ මොඩය තමයි කිව්වේ පාරවල් හදන්නේ රත්තරන් වලින්ද කියල. කලින් වගේ දෙතුන් ගුණයක් වියදමින් මංතීරු ගානත් අඩුකරලා තමයි දැන් ආණ්ඩුව පාරවල් හදන්නේ. කාලකන්නි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේකද දන්නේ නෑ ලෝකේ කිලෝමීටරයකට වෑඩිම මුදලක් වෑයවෙන සෑහෑල්ලු දුම් රිය
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :yes::yes:

    උගත්කමයි බුද්දිමත් කමයි කියන්නේ දෙකක්.
    මේ මොඩය තමයි කිව්වේ පාරවල් හදන්නේ රත්තරන් වලින්ද කියල. කලින් වගේ දෙතුන් ගුණයක් වියදමින් මංතීරු ගානත් අඩුකරලා තමයි දැන් ආණ්ඩුව පාරවල් හදන්නේ. කාලකන්නි.

    :yes::yes:

    මාත් මතක් කර කර හිටියේ මොකාද ඔය කතාව කිව්වේ කියල...