ආලෝක_වේගය_ඉක්මවන්න_නාසා_සැරසේ

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ආලෝක_වේගය_ඉක්මවන්න_නාසා_සැරසේ

    ආලෝක වේගය ඉක්මවන්න නාසා සැරසේ

    Nasa-logo.png


    ස්ටාර් ටෙ‍්‍රක් විද්‍යා ප‍්‍රබන්ධ ටෙලිනාට්‍ය මාලාවේ එන එන්ටර්ප‍්‍රයිස් යානාව මෙන් ආලෝකය වේගය ඉක්මවිය හැකි අභ්‍යවකාශයානයක සිහිනය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා නාසා ආයතනයට අයත් ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පිරිසක් උත්සහ දරමින් සිටින බව වාර්තා වේ. ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ කාලය සහ අවකාශ නියමයන් හරහා ආලෝකයේ වේගය ඉක්මවීම සිදුකළ නොහැක්කක් ලෙස දක්වා තිබිනි.

    නමුත් 1994දී මෙක්සිකානු භෞතික විද්‍යාඥ මිගෙල් ඇල්කුබියරේ විසින් අවකාශය ප‍්‍රසාරණය සහ සංකෝචනය කළ හැකි නම් අයින්ස්ටයින්ගේ වේග සීමාව ඉක්මවිය හැකි බව ගණිතමයව තහවුරු කරන ලද අතර නාසා භෞතික විද්‍යාඥ ඉංජිනේරු ආචාර්ය හැරල්ඞ් ජී. වයිට් සහ කණ්ඩායම එය පර්යේෂණාත්මකව තහවුරු කිරීම සඳහා උත්සහ දරමින් සිටින බව පැවසේ.

    ඇල්කුබියරේගේ කල්පිතයට අනුව අභ්‍යවකාශයානයක් වටා වෝප් බුබුළක් නිර්මාණය කළ හැකි නම් ඉදිරිපස අවකාශය සංකෝචනය කිරීමත් පසුපස අවකාශය ප‍්‍රසාරණය කිරීමත් හරහා අවකාශ-කාලය මගින් ඉබේටම යානය පෘථිවියේ සිට දුර බැහැර තාරකාවක් වෙත ගෙන යනු ඇත.

    පොළව මතුපිට කම්පනයන් බලනොපාන ලෙස තැනූ සුවිශේෂී පර්යේෂණාගාරයක් තුළ වයිට්ගේ උත්සහය වන්නේ ආලෝක අංශුවක් වටා වෝප් බුබුළක් නිර්මාණය කිරීමට බව වාර්තා වේ. මෙම උත්සහය සාර්ථක වුවහොත් වසර ලක්ෂ ගණනක් ගතවේ යයි සැලකෙන ඉලක්කයකට ළ`ගා වීමට අභ්‍යවකාශගාමීන්ට ගතවන කාලය විනාඩි ගණනක් පමණක් වනු ඇති බව පැවසේ.

    මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ එඞ්වින් එෆ්. ටේලර් පවසන්නේ මෙම අදහස දැනට උමතුවක් නමුත් තවත් වසර සියයකින් තමන් අද දැක්වූ අදහස යළි සලකා බැලිය යුතු වනු ඇති බවයි.

    ගෙඩිය පිටින් ගත්තේ මෙතනින් ලින්ක්
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ආලෝකයේ වේගයට වඩා යන්න ගිහින් ස්කන්ධය අනන්තයක් වෙයිද?:confused: