ආශ්චරේයේ පෙර නිමිති

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ආශ්චරේයේ පෙර නිමිති

    අලුත් අවුරුදු සමය නිමා වීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලුම පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් විශාල වශයෙන් ඉහල යාමට නියමිත බව වෙළඳපොල ආරංචි මාර්ග අනාවරණය කරයි.

    අවුරුදු සමය ඇතුලත පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවයකට පත්වන බැවින් මිල ගණන් වැඩි නොවුන නමුත් අවුරුදු සමය නිමා වීමෙන් අනතුරුව කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සීනි, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉදිරි දින කිහිපය ඇතුලත ඉහල යාමට නියමිත බව වාර්තා වේ.

    ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විශාල වශයෙන් පහල බැසීමත්, ආනයනික භාණ්ඩ මත බදු පනවා තිබීම මෙයට හේතු වේ.

    එසේම ලංකා ඉන්දියානු ඔයිල් සමාගමද ඉන්ධන මිල යළිත් රුපියල් 15 කින් වැඩිකිරීමට අවසර දෙන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ඉන්ධන මිල වැඩිවුව හොත් ඊට සාපේක්ෂව යලිත් වතාවක් සියලුම වෙළද භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහල යනු ඇති.

    food-city.jpg

     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉන්දන මිල වැඩි වෙන නිසා තමඊ EK එකේ
    ආණ්ඩුවට කඩේ යන එවුන් කියන්නේ
    එක ආණ්ඩුවට පාලනය කරන්න බැහැ කියල