ආශාව සහ ඇබ්බැහිවීම ‍| Desire and Addiction

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ආශාව සහ ඇබ්බැහිවීම ‍| Desire and Addiction

    ආශාව සහ ඇබ්බැහිවීම | Desire and Addiction

    T330_8951_Untitled-13.gif



    ආශාව, ඇබ්බැහිවීම යන්න එකම දෙයක් විදිහට ගොඩක් අයට පේන්න පුලුවන්. නැහැ. මේ දෙක දෙකක්.!

    මේ දෙකේ ගතිගුණ පැහැදිලිව වෙනස්. හැබැයි මේ දෙක අතර තියෙන්නෙ පුදුමාකාර සම්බන්ධතාවයක්.

    බොහෝ දෙනෙක්ගේ ජීවිත තුළ ප්‍රශ්න පිට ප්‍රශ්න ඇති කරගන්න මේ දෙක තමයි හේතු වෙන්නෙ. සමාජයීය වශයෙන් ප්‍රශ්න ඇතිවෙන්නත් මේ දෙක තමයි මූලිකව හේතු වෙන්නෙ. ඒ තරමටම මේ කරුණු දෙක අපේ ජීවිත අල්ලේ තියල නටවනව කියන එක තේරුම් ගන්න ඕනෙ.

    මෙතනදි පොදුවේ ආශාවත්, ඇබ්බැහිවීමත් දෙක වහල තියෙන්නෙ අවශ්‍යතාවය කියන දෙයින්. මූලිකව හැමෝම තමන්ගේ අවශ්‍යතාවයන් සපුරාගන්න බව තමයි පෙන්නුම් කරන්නෙ.

    ආශාව | Desire


    FI-Desire.jpg



    ඉතා සරලව කිව්වොත් ආශාව සංසාරිකයි. යටි සිත තුල ගැඹුරින් පිහිටන නිතරම ඉල්ලන දෙයක්. මේක විඳීමක්. පිනවීමක්. ගින්නක්. දැවීමක්.

    තවත් පැහැදිලිව කිව්වොත්... තෘෂ්ණාවක්.!

    සමහරවිට ගැඹුරු ආශාවන් තියෙනවද කියන එක තමන් දන්නෙත් නැති තරම්.

    ජීවිතේ ගත කරගෙන යද්දි මේ ආශාවන් සපුරාගන්න තමයි හැමෝම වැඩ කරන්නෙ. ඒවා නැත්තං ජීවිතය තුළ ගොඩක් හැල හැප්පීම් සිද්ධ වෙන්නෙ නැහැ.

    සමහරු හිතනව ආශාව තමන්ගේ උවමනාවට හසුරවනවා කියල. නැහැ.! හැමවෙලේකම වෙන්නේ ආශාව විසින් තමන්ව පාලනය වීමක්ම විතරයි. මනස ආශාවන්ට විරුද්ධව හසුරවන් නැති හැම කෙනෙක්ම ආශාවන්ගේ ගොදුරක්ම විතරයි.

    බොහොම පොදු උදාහරණයක්....
    අපි ගමු බොහොම ජනප්‍රිය මාතෘකාවක් Porn බලන එක.
    (මේක උදාහරණයකට ගත්තේ ඕනෙ කෙනෙක්ට ටක් ගාල වදින මාතෘකාවක් නිසා. නමුත් මීට වඩා මතුපිටට අහුවෙන්නෙ නැති ආශාවන් තව ඇතුලෙ තියෙනව)

    ඕක පටන්ගන්නෙ කුතුහලයත් එක්ක නමුත් ආශාව විසින් දුවවනව සිත මේවා බලන්න. මුලදි බලපු දෙයින් ආශාව සංසිඳුනට ආශාව ඉවර වෙන් නැහැ. ආයෙත් ආශාව හටගන්නව.
    නිරායාසයෙන් ම ආශාව හට ගත්තම ඒක සංසිඳුවාගන්නකන් හිතට සැනසීමක් නැහැ. දැන් ඉතිං කඩියෙක් කෑව වගේ දුවනව ඉවරයක් නැහැ මේ ආශාව නිසා.
    තමන්ගේ සිතේ හටගත් දැඩි ආශාවටම තමන් ගොදුරක් වෙලා දුවනවා කියන එක තමන් ම දන්නෙ නැහැ. හැල්මෙ දුවනව.

    "මේක මගේ" කියල හිත කියන නිසා අල්ලගෙන දුවනව. ආශාවත් මගේ. විඳීමත් මගේ. පිනවීමත් මගේ. සේරම මගේ. මට මේවා ඕනේ.

    ඕකටම තව සමහරු එකතු කරනව දෙයක්.... "ඕක තමයි ලෝක ස්වභාවය", "ඒවා එහෙම තමයි", "ජීවිතේ එහෙම තමයි" කියල.
    ඔන්න හිත තමන්ව මුලා කරන හැටි.!


    i_ve_lost_my_mind_by_suzysilence-d6w715h.jpg



    ගොඩක් වෙලාවට ගොඩක් අය ආශාව වරදවා හඳුනගෙන ඉන්නෙ.



    w84.jpg


    උදාහරණයක් විදිහට ඊළඟට ජනප්‍රිය කාරණාව "සල්ලි"
    අපි හැමෝම සල්ලි පස්සෙ දුවනව. ඉතින් අපිට පේන්නෙ සල්ලිවලට ආශා කරනවා කියල. ඒක ඇවිල්ල ආශාව විසින් දුවවන මුලාවක් විතරයි. සල්ලි පස්සෙනෙ දුවන්නෙ කියන එකෙන් ආශාව වැහිල තියෙන්නෙ.

    නමුත් යම්කිසි ආශාවක් සපුරාගැනීමටමයි මේ දිවිල්ල දුවන්නෙ. නැත්තං මෙච්චර සල්ලි කන්දරාවක් හොයන්න කාටවත් ඕනෙ නැහැ.

    ජීවිතයේ මූලික අවශ්‍යතාවලට යන්නෙ සාමාන්‍ය වියදමක්. නමුත් උපයන මුදල් මදිවෙන්නෙ ආශාවන් පිනවන්න ගියාම විතරයි.

    ඊට පස්සේ මේ ආශාව විසින් ම ඇබ්බැහිවීම ඇතිකරවන්න පැහැදිලිවම ඉඩ තියෙනව.


    ඇබ්බැහිවීම | Addiction


    79081.jpg


    මේක ආශාවට වඩා ගොඩක් වෙනස්. මේක එක පාරින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. සරලවම කිව්වොත් ඇබ්බැහිවීම ඇතිවෙන්නේ පුරුද්දත් එක්ක. ඒ කියන්නෙ යමක් පුරුද්දක් විදිහට නිරන්තරයෙන් කරගෙන යද්දි බලාපොරොත්තු නොවන විදිහට ඒක ඇබ්බැහිවීමක් බවට පරිවර්තනය වෙනව. ඒක කරන්නැතුව ඉන්න බැරුව යනව. දම්වැලක් දාල ගැට ගහල වගේ ඊට පස්සෙ. ඇබ්බැහිවීම මගින් හිතට ඒත්තු ගන්වනව මෙතනින් එහාට මට යන්න බැහැ කියල.

    සමහර ඇබ්බැහිවීම් ඇතිවෙන්න ආශාවන් හේතුවක් වෙනව. ආශාව නිසා කරන්න ගත්තු යම් කිසි දෙයක් එක පාරකින් නවතින් නැතුව ඒක නැවත නැවතත් කරන්නට පෙළඹවීම මත ඇබ්බැහිවීමක් කරා දන්නෙම නැතුව යොමු වෙන්න පුළුවන්.
    ඒ ඇබ්බැහිවීම නිසා යම් ආශාවක් සංසිඳෙනවා නම් ඇබ්බැහිවීමෙන් ගොඩ යන්න හරිම අමාරුයි. මොකද ආශාව සිත තුළ ගැඹුරින් පිහිටන නිතරම ඉල්ලන දෙයක් නිසාත්, සිත ඉල්ලන දේ දෙන්නම පුරුදු වෙලා තියෙන නිසාත් අවාසනාවන්ත විදිහට පාලනයකින් තොරව ඇබ්බැහිවීමකට වැටෙනව.

    මෙතනදිත් උදාහරණයක් විදිහට Porn බලන එක ගන්න පුළුවන්.
    දැකල ඇති ඕනෙ තරම් අය අපි අතරෙ ඉන්නව මේක පුරුද්දක් විදිහට බලන අය. නොබල ඉන්නෙ නැහැ. අනිවාර්යෙන් බලනව. අනිවාර්යෙන් හොය හොය බලනව. ‍
    දැන් මේ බලන එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ. මොකද නිතරම ආශාවක් සංසිඳවගන්න පුරුද්දක් විදිහට බලන නිසා.

    සමහර ඇබ්බැහිවීම් නිසා අලුත් ආශාවන් හට ගැනීමේ අවදානමකුත් තියෙනව.
    ඒ කියන්නේ එක්තරා ආශාවක් නිසා ඇබ්බැහිවීම ඇතිවුණත්, දිගින් දිගටම ඇබ්බැහිවීම සිදුවන විට මුළින් හේතු වන ආශාවේ තවත් ප්‍රභේද සිතේ ගැඹුරින් ඇතිවෙන්න පුළුවන්.
    ප්‍රශ්නය තවත් දුරදිග යනව කියන එක තේරෙනව ඇති.

    Porn බලන එකම ගත්තොත්.... ඒවායෙත් විවිධ ප්‍රභේද තියෙනව. කලින් ආශා නොකරපු ප්‍රභේද වලට දැන් ආශා කරන්න පටන්ගන්න තියෙන ඉඩ වැඩියි. මුලදි අපෝ ඒවා මට හරියන් නෑ කියපු අය පස්සෙ බලද්දි හරියන් නෑ කියපු දේ බලන්න ආශා කරනව.
    ඇබ්බැහිවීම් වල තියෙන අවදානම ඒකයි. ඒක මුලාවක්.! යන්න යන්න තමන් තව තවත් අතරමං වෙන එක විතරයි වෙන්නෙ. ඇබ්බැහිවීමේ ගැඹුරට ගිය කෙනෙක්ට තමන් වැටිල ඉන්න තත්වයෙන් ගොඩ එන්න තියා ඒක තේරුම් ගන්නත් හරිම අමාරුයි.

    ***

    උදාහරණයක් විදිහට Porn බලන එක කිව්වට ඕනෙ තරම් අය ඉන්නව මේවා නොබලන අය. වරක් දෙකක් බැලුවත් පුරුද්දක් විදිහට නොබලන නමුත් ලැබුනොත් විතරක් බලන අය.
    ඒ අය ඇබ්බැහිවෙලා නැතිවෙන්න පුළුවන්.

    නමුත් ඒ අයගේ ජීවිතවල උනත් වෙනත් ආශාවන් සහ ඇබ්බැහිවීම් වලට අසුවෙලා නෑ කියන්න කාටවත් බැහැ. ප්‍රශ්නය තියෙන්නෙ ඒක තමන් විසින් අඳුනගෙන නැති එකයි.

    මේ ආශාවන් සහ ඇබ්බැහිවීම් වලට බාධා ඇතිවෙනවා නම් වැඩ වර්ජනය කරන එක, ගහගෙන, බැණගෙන, මරාගෙන ප්‍රශ්න ඇතිකරගන්න සියල්ලගේ ඇතුලාන්තය පැහැදිලිවම ආශාවන් සහ ඇබ්බැහිවීම්වල ගොදුරු තමයි.
    ඒකෙ ආයෙ දෙකක් නැහැ.!!!


    3991241-argue-divorce-Getty-NEWS_trans_NvBQzQNjv4BqrIkI4M6qRwmge7XKN2LlVmJzAVRltvWQH4D4CTm88pg.jpg



    ආශාවත් ඇබ්බැහිවීමත් යන දෙකේ ගොදුරක් වෙලා අවසිහියෙන් දුවන කෙනෙක්ට තරමක හරි ප්‍රඥාවක් තියෙනව නම් තේරුම් යනව මම මේ දුවන එක තේරුමක් නැති වැඩක්, මේ දිවිල්ලෙන් තමන්ට ඇත්තටම ලැබුණු දෙයක් නැහැ කියන එක.


    Alone.jpg


    නැත්තං අඩුම තරමේ ටිකක් කල් යනකොට තමන්ටම මහන්සියක් දැනෙනව. හැබැයි මේ ප්‍රඥාවෙන් තේරුම් යන එකයි මහන්සිය දැනෙන එකයි වෙන්න සමහරුන්ට නම් වයසට ගියත් වෙන්නෙ නැහැ. මොකද ඒ තරමටම ආශාවත් ඇබ්බැහිවීමත් යන දෙකේ සම්පූර්ණ ගොදුරු බවට පත්වෙලා ඒවා බාරගෙන ඉවරයි. සමහරු ඉන්නව මේ දෙකේ වැරදි කවදාවත් දකින්නෙ නැහැ. 100%ක් ම බාර ගන්නව ජීවිතේට.

    දැන් පැහැදිලිවෙනව ඇති මේ දෙකේ මොන තරම් සම්බන්ධතාවයක් තියෙනව ද කියන එක. එකකින් අනිකට පෝර දානව දිගටම පවතින්න. මේක ක්‍රියාකාරිත්වයක්. නිරන්තරයෙන් සිද්ධවෙන. මේක ටික ටික නවතිනව නම් මේ පෝර දැමීමේ ක්‍රියාවලියත් ටික ටික නවතිනව. ඒ කියන්නේ ආශාව අඩු වෙනව. ඇබ්බැහිවීම අඩුවෙනව.

    නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ...

    පැහැදිලිව තමන් ආශාවටත් ඇබ්බැහිවීමටත් අහුවෙලා ඉන්න රූකඩයක් බව තේරුම් අරගෙන,
    මේකෙන් ගැලවෙන්න ඕනෙ නේද කියන උවමනාවත්,
    ඉන් ගැලවෙන වැඩපිලිවෙලකට යන්න උත්සාහ කිරීමත්,

    කීයෙන් කී දෙනා ද ක්‍රියාත්මක කරන්නේ කියන එකයි.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මටනං වෙලාවකට හරි කම්මැලියි...


    ඒක වෙනම මාතෘකාවක් හැබැයි.
    කම්මැලිකම කියන එකත් ඇබ්බැහිවීමට සම්බන්ධ වෙන්න පුළුවන්.

    කොහොම වුනත්, කම්මැලිකම කියන එක "පිරිහීමේ දොරටුවක්"
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඒක වෙනම මාතෘකාවක් හැබැයි.
    කම්මැලිකම කියන එකත් ඇබ්බැහිවීමට සම්බන්ධ වෙන්න පුළුවන්.

    කොහොම වුනත්, කම්මැලිකම කියන එක "පිරිහීමේ දොරටුවක්"

    මම මොනාටවත් ඇබ්බැහි වෙලා නෑ යකෝ :angry:

    මම ගෙදරටම වෙලා තනියම ඉන්නෙ..
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මම මොනාටවත් ඇබ්බැහි වෙලා නෑ යකෝ :angry:

    මම ගෙදරටම වෙලා තනියම ඉන්නෙ..

    හරි... ගෙදරට වෙලා තනියම හිටියට මොනවත් වැඩක් නොකර ඉන්නව නම් නෙ කම්මැලිකම එන්නෙ. පස්සෙ ටිකක් කල් එහෙම ඉන්නකොට ඒක පුරුද්දකට යනව. ඒකයි මම කිව්වෙ.

    නිකම් හිටියට හිත වැඩනෙ. හිත හැමතිස්සෙම බලන්නෙ මොකක් හරි දේකට ඇලෙන්නනෙ. මතුපිටට දැනෙන් නැති දේකට දැනටමත් හිත ඇලිල තියෙනව වෙන්න පුළුවන්.
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    හරි... ගෙදරට වෙලා තනියම හිටියට මොනවත් වැඩක් නොකර ඉන්නව නම් නෙ කම්මැලිකම එන්නෙ. පස්සෙ ටිකක් කල් එහෙම ඉන්නකොට ඒක පුරුද්දකට යනව. ඒකයි මම කිව්වෙ.

    නිකම් හිටියට හිත වැඩනෙ. හිත හැමතිස්සෙම බලන්නෙ මොකක් හරි දේකට ඇලෙන්නනෙ. මතුපිටට දැනෙන් නැති දේකට දැනටමත් හිත ඇලිල තියෙනව වෙන්න පුළුවන්.

    කිසි වැඩක් නොකර ගෙදරට වෙලා නිකං ඉන්න එක ආතල් කියලද හිතන්නෙ :angry: