ආසනික් විවාදය

den_anj

Member
Aug 12, 2007
254
23
0
‘එකම වේදිකාවේ ආසනික් විවාදය’ තීන්දුව දෙමින් නිමවේ
‘ආර්ථික ඝාතන විරෝධී ජනතා ව්‍යාපාරය’ විසින් සංවිධානය කර තිබූ ආසනික් සම්බන්ධයෙන් විවිධ මත දැරූ පාර්ශ්වයන් කිහිපයම එකම වේදිකාවක් මත විවාදය සදහා එක් පාර්ශවයක නියෝජනයක් නොමැති වීමෙන් පළබෝධනාශක වල ආසනික් ඇති බව පැවසූ කැළණිය සහ රජරට විශ්ව විද්‍යාලවල පර්යේෂක කණ්ඩායමේ පමණක් සහභාගීත්වයෙන් සිදුවිය.

එම කණ්ඩායම වෙනුවෙන් කැලණිය විශ්ව විද්‍යලයේ මහාචාර්ය නලීන් ද සිල්වා, රජරට විශ්ව විද්‍යලයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන සහ පාරම්පරික ගොවිතැන් කටයුතු වල නිරතවන නිදහස් ලේකකයෙකු වන මතුගම සෙනෙවිරුවන් සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර යන අය සහභාගී වී සිටියහ.

මේ අතර පිළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් අනුර එදිරිසිංහ, මහාචාර්ය ජනිතා ලියනගේ යන අයට ආරාධනා කලද කිසිදු දැනුම් දීමකින් තොරව ඔවුන් නොපැමිනි බව සංවිධායකයන් විසින් සඳහන් කරනු ලැබීය.

ඒ අනුව පැමිණ සිටි පාර්ශ්වයන්ට අදහස් දැක්වීමට සංවිධායකයන් විසින් ඉඩ සලසා දුන් අතර ඉහල මහජන සහභාගීත්වයක් සහ ප‍්‍රතිචාරයක් එම අදහස් දැක්වීම් වලට ලැබිනි.

සියළු අදහස් දක්වන්නන් කියා සිටියේ නොපැමිණියේ පරාජිත පාර්ශ්වය බවයි.

-------------------------------------------------------------------------


චෝදනා සනාථයි. ‘ජනහඬ ආසනික් විවාදයෙන්’ පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් පැන දුවයි

ටී.එන්.එල්. රූපවාහිනිය මඟින් සජීවීව විකාශණය කරන්නට යෙදුනු ජනහඬ සංවාදයට සහභාගී වූ පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් අනුර විජේසේකර මහතා සංවාදයේදී මතුවූ ප‍්‍රශ්න ඉදිරියේ සංවාදයෙන් පලා ගියේය. පළිබෝධනාශක සම්බන්ධයෙන් ලංකාවේ වගකිව යුතු ඉහලම රාජ්‍ය නිළධාරියා ප‍්‍රශ්ණ වලට මුහුණ නොදී මෙසේ පැන යාම ඔහුට එල්ල වී ඇති චෝදනා අනියමින් පිළීගැනීමක් බව එම සංවාදයට සහභාගී වී සිටි සියළු සංවිධාන නියෝජියන්ගේ අදහස විය.

සාකච්ඡාවේ කේන්ද්‍රීය කාරණාව මඟහරිමින් වෙනත් අවශේෂ කරුණු කිහිපයක් පමණක් ඉතා කඩිමුඩියේ ඉදිරිපත් කල ඔහුගේ හැසිරීමෙන් පවා වංචනිකයෙකුගේ ස්වරූපය මතුවූ බව සාකච්ඡ මණ්ඩපයේ අදහස විය.

කෙසේ හෝ ඒක පාර්ශවීයව සාකච්ඡාව ඉදිරියට පවත්වද්දී දුරකතනය මඟින් කෘෂිකර්ම ඇමතිවරයා සාකච්ඡවට සම්බන්ධ වූ අතර සාකච්ඡ මණ්ඩපයෙන් ඉදිරිපත් වූ දැඩි ප‍්‍රශ්ණ කිරීම් වලින් ඇමතිවරයාද බලවත් අපහසුතාවයකට පත්විය.

කෙසේ වෙතත් සාකච්ඡවට විටින් විට සම්බන්ධ වූ කැළණි සහ රජරට විශ්ව විද්‍යාල පර්යේෂ කණ්ඩායමේ නියෝජිතයන් තම පරීක්‍ෂණයේ නිවරද්‍යභාවය රට හමුවේ සහතික කලේය.



සහල් වල ආසනික්

ඇමති: අපි ලංකාව වටෙන්ම සාම්පල අරන් අති නවීන යන්ත්‍ර භාවිතාකල පරික්ශනයෙන් සොයා ගැනුනේ කෘශි රසායන දෙකක පමනක් යන්තමින් ආසනික් අඩංගුව ඇතිබවයි.
:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
යන්තන් තිබුනත් ඇති ඔය කියන අය ඕවා කන්නේ නෑනේ
 

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    අනේ යකෝ.. අර පිස්සු නලියගේ ඔලුවට ගහපු නාථ දෙයියද මොකාද එකා තොගේ ඔලුවටත් ගැහුවද...? රෙද්ද.. උඹලා එකෙක්ටවත් ඔය නලියාගේ ගේම තේරෙන්නේ නෑ නේ.. ඕකා හදන්නේ වික්‍රම පාලා උගේ අර චින්තන පර්ෂද රෙද්ද ප්‍රසිද්ද කොරන්න.. මට ප්‍රශ්නේ තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි. ඕක සම්පූර්ණයෙන්ම ජාතිවාදී එකක් මේ රටේ තව දශක ගානක් යුද්දේ අවුලුවන වැඩක්, දොස්තර චන්න සුදත් ජයසුමන කියන මොකාද එකත් ඒ අච්චුවෙම තමා.. නාථ දෙයියො මට අරක දුන්නා මේක දුන්නා කිය කිය ඉඳලා දැන් එනවා මෙතන හාල් වල ආසනික් කියාගෙන, අම්මප මෙන්න මේවා දකිනකොට තමයි මගේ යකා නගින්නේ.. රෙද්ද...:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ප.ලි - මම ආවේගයකින් දාන පළමු පෝස්ට් එක(මේවටත් මල පනින්නෙ නැත්තම් ඉතින්...)