ආසයි මං පියා බන්න

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආසයි මං පියා බන්න

    මිනිසාගේ කුරුල්ලකු වීමේ සිහිනය සැබැ වෙයි! පිරික්සුම් පියසැරි ළඟදීම!
    ජර්මන් තරුණයන් පිරිසක් නිර්මාණය කළ ලොව ප‍්‍රථම පියාඹන ජෙට්කට්ටලය පරීක්ෂණ ගුවන් ගමන්වලට දැන් සූදානම්.

    තනි මිනිසකුට අහසේ පියාසර කළ හැකි ජෙට් ප‍්‍රචාලන ක‍්‍රමයෙන් කි‍්‍රයා කරන මේ පියසැරි කට්ටලය නිර්මාණය කිරීමට ෆ්රිට්ස් උන්ගර් හා මිතුරන් පිරිසට වසර පහකටත් වැඩි කාලයක් තිස්සේ වෙහෙසීමට සිදු වුණා.

    මෙය හඳුන්වා ඇත්තේ ‘ස්කයිෆ්ලෑෂ්’ (Skyflash) කියායි. සම්පූර්ණ කළ විට, කුඩා ඇංජින් දෙකක් සහිත මෙය මෙතෙක් ලෝකයේ නිපදවා ඇති කුඩා ම ගුවන් යානය විය හැකියි.

    පයින් ගමන් දුර ගමන් යන විට ගෙන යන පසු උර පොදියක් (backpack) ගෙන යනවා වාගේ මෙය ගුවන් මගියාට පිටෙහි රඳවා ගත හැකියි. ඉදිරි අනාගතයේ දී පුද්ගල ගුවන්ගමන්වල නව යුගයක් මේ නිසා උදා වෙනවා ඇති.

    මෙයට පැ.කි.මී 200කට වැඩි වේගයෙන් අහසේ අඩි 26,000ක් ඉහළින් පියාසර කළ හැකියි.

    මෙය මීට කලින් ජෙට්මෑන් නමින් ප‍්‍රකට වූ යේ රෝසී තැනූ ජෙට්යානයට වඩා වෙනස් වන්නේ එය ගුවන්යානයක සිට ඉහළ අහසට මුදා හල අතර මේ නව යානය කෙළින් ම තනිවම බිම සිට අහසට නැඟිය හැකි වීමයි.



    1.jpg

    ස්කයිෆ්ලෑෂ් නම් මෙම කුඩා අහස් යානය ගුවන්ගමන් යන විට මෙසේ දිස් වනු ඇති.


    මෙය තැනීමට මුල් වූ උන්ගර් අවුරුදු 14 සිට ම ගුවන් යානා පදවන නියමුවෙක්. ඔහු සිහින දැක්කේ ගුවන් යානයකට හෝ ග්ලයිඩරයකට වඩා නිදහස් ව අහසේ පියාසර කළ හැකි ක‍්‍රමයක් තනන්නයි.

    මේ අනුව ස්කයිෆ්ලෑෂ් සැලසුම් කළේ කොන්ඩොර් ගිජුලිහිණියකුගේ පියාපත් විහිදුවන ආකරය දිහා බලලයි. කඳුකරයට ඉහළින් පියාසර කරන විට ඒ යෝධ කුරුල්ලන් එහි ඇති සුළං තත්වයන්ට මුහුණ දෙන්නේ පියාපත්වල ව්‍යුහයේ යම් යම් වෙනස්කම් කරමිනුයි.

    ඒ අනුව මේ යානයේ පියාපත් කොටස් තුනකින් සමන්විතයි. ඒවා පහත දී විහිදුවා අහසට නැගීමේ දී අවශ්‍ය ගැම්ම ගන්න උදවු වෙනවා. ඉහළ පියාසර කර විට දී ඒ අකුලා ගෙන වැඩි වේගයක් හා සමනට ස්ථාවර ගැම්මක් ලබා ගන්න පුළුවන්.

    මෙහි ඇති තාක්ෂණයම තමයි, මීට වඩා මහා පරිමාණයෙන් නවීන ජෙට් ගුවන් යානාවලට යොදා ගන්නෙත්.


    4.JPG


    ස්කයිෆ්ලෑෂ් යානයේ පියාපත් සකසා ඇත්තේ වෙන් වෙන් වූ කොටස් තුනකටයි. ඒවා ගුවන් ගත කරන විට දිග හැරී තිබුණ ඉහළ අහසේ ගමනට ගැළපෙන විදියට හැකිළෙයි.

    ස්කයිෆ්ලෑෂ් යානයට සවි කර තියෙනවා මයික්‍රොටර්බයින් ඞීසල් ඇංජින් දෙකක්. ඒවා පසුපස ‘උරමල්ල’ වැනි කොටසෙයි තියෙන්නෙ. ඒ හැරෙන්නට පියසැරි පරිගණකයත්, අනෙක් ඉලෙක්ට්‍රොනික පාලකත් ඇත්තේ ඒ කොටසෙයි.

    ගුවනට නැඟීමට පෙර නියමුවා එය පිටෙහි පැලඳ ගත යුතු වෙනවා. පියාපත් සවි කර ගැනීමට සහයකයකු අවශ්‍යයි. ඒ පියාපත්වල තමයි ඉන්ධන රැගෙන යන්නේ.

    නිෂ්පාදන වියදම් අඩු කිරීමේ අරමුණින් මේ ස්කයිෆ්ලෑෂ් යානය තැනීමට ගුවන් යානා තැනීමට ගන්නා සැහැල්ලූ තුනී ලෑලියි, මෙහි රාමුවට යොදා ගෙන තියෙන්නෙ. මෙය රාත්තල් 55ට අඩුවෙන් තියා ගන්න තමයි, නිෂ්පාදක කණ්ඩායම උත්සාහ දරා තියෙන්නේ.

    ස්කයිෆ්ලෑෂ් යානයේ පාලනය සිදු කරන්නේ පියසැරි පරිගණකයට යා කළ අඟල් 8ක ආලේඛීය අතුරුමුහුණතක් මගින්. පාලක දණ්ඩ ඇත්තේ නියමුවාගේ දකුණතෙයි. එය සෙල්ලම් කාරයක දුරස්ථ පාලකයකට සමානයි.

    5.jpg


    ඔවුන් මේ ස්කයිෆ්ලෑෂ් යානා ව්‍යාපෘතිය සඳහා කළ සැලසුම් රටාවයි, මේ.


    අහසට නැග්ගාට පසුව නියමුවා සිරුරේ චලනයන් මගින් තමයි යානය පදවා ගෙන යන්නේ. ඉහළට නැඟීමේ දී ඔහු දණහිස් නවා හකුළා ගන්නවා.

    ස්කයිෆ්ලෑෂ් නිෂ්පාදන කණ්ඩායම ඔවුන්ගේ ව්‍යාපෘතිය සඳහා වූ වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ, ”අපේ සිහිනය වුණේ අපේම සිරුර මෙහෙයවමින් අහසේ වලාකුළු අතරින් පියාසර කළ හැකි යානයක් තනන්නයි.” කියායි. කුරුල්ලකු වාගේ පියාසර කරන්න දැන් ඔබටත් පුළුවන්.

    ”මෙහි ඇති මයික්‍රෝජෙට් ඇංජින් දෙකෙන් පැ.කි.මී 200කට වැඩි වේගයකින් යන්න පුළුවන්.” ඔවුන් කියනවා.

    මෙම යානය ඔබට අහසට නඟින්න බලාපොරොත්තු වන පුංචි ධාවන පථයක් ඇති තැනකට පහසුවෙන් ම ඔසවා ගෙන යා හැකියි. ඒ වගේ ම පහසුවෙන් සවි කළ හැකියි.
    යානය දියත් කිරීමට අඟල් 10ක් යෙදූ තට්ටුවක් මත දිගා වී සිටිය යුතු වෙනවා.

    ‘හැම දෙයක් ම කළ යුත්තේ ඔබේ සිරුරේ චලනයන් මගින්. ඇඟිල්ලක් සෙලවීමෙන් වේගය වැඩි කළෑකි. හැරීමේ දී දෑත් විදාහරිමින් අවශ්‍ය කෝණයට සිරුර ඇල කළ යුතු වෙනවා. ගුවනට නඟින්නට දණහිස් නැවිය යුතුයි.

    ‘උඩට නැග්ග විදියටම තමයි, බහින්න සිදුවන්නේත්. ඒ අතරතුර කාලය තුළ දී ඔබට අසීමිත නිදහසක් ලැබෙනවා වලාකුළු අතර සැරිසරන්න.’

    හදිසියක දී ආරක්ෂා සහිතව බහින්නට අවශ්‍ය නම් ඒ සඳහා පැරචූටයක් යෙදූ ගැලවුම්කාර පද්ධතියකුත් තියෙනවා.

    මේක අපි වසර පහක් තිස්සේ බොහොම ආසාවෙන් කළ නිර්මාණයක්. එන්න අපත් එක්ක පියාඹන්න යන්න.

    6.jpg


    ජර්මනියේ හැනෝවර් නගරයේ නිර්මාණශීලී තරුණ පිරිසක් වසර 5ක් තිස්සේ කළ ස්කයිෆ්ලෑෂ් යානය.



    7.jpg


    නිෂ්පාදන වියදම අඩු කිරීමට මේ ස්කයිෆ්ලෑෂ් යානයේ රාමුවට සැහැල්ලූ තුනී ලෑලි යොදා




     
    Last edited:

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මේක බිමදිගේ යන එකක් නේ .මෙහෙම යන්න කාර් එකක් ගත්තා නම් ඉවරයි නේ ,,අය්යෝ සල්ලි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ela machan.


    ko uda giye neheneeee ??

    nice rep ++++


    තාම බිම වගේ :lol:


    Nice one.... Thx for sharing

    Patta machan... :cool:
    2+

    +3.. මේකත් බලපල්ලා මචන්ලා..


    source: wikipedia

    http://en.wikipedia.org/wiki/Jet_pack

    Got another 1 frm youtube :confused:

    thanks all of you