ආසියාවේ ආශ්චර්යයේ වහල්ලු

AbaranAtha

Member
Apr 13, 2012
300
21
0
madamulana
ආසියාවේ ආශ්චර්යයේ වහල්ලු

"සෞදි අරාබියේ සේවයට යෑම ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවන්ට එරට රජය තහනම් කර තිබේ. ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක සෞදි අරාබියේදී මරණීය දණ්ඩනයට ලක් කිරීමත් සමඟම ඉන්දුනීසියානු රජය මේ පියවර ගෙන ඇත. මරණීය දණ්ඩනයට ලක් වූ ගෘහ සේවිකාව ඉන් පෙර සේවය කළ නිවෙසේ හාම්පුතා ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ අතර ඇය හාම්පුතාගේ විවිධ අතවරයන්ට ලක් වී තිබූ බවද විදෙස් වාර්තා පළ කරයි.


එරට බලධාරීන් පවසන්නේ සිය සංක්‍රමණික සේවකයන්ට හොඳින් සලකන බවට සෞදි අරාබියාව එකඟතාවකට පැමිණෙන තුරු ඉන්දුනීසියානු සේවකයන් සෞදියේ ගෘහාශ්‍රිත රැකියාවන් සඳහා නොයැවීමට තීරණය කර ඇති බවයි. ලක්ෂ 15ක පමණ ඉන්දුනීසියානු වැසියන් පිරිසක් සෞදි අරාබියේ සේවය කරන අතර ඉන් වැඩි පිරිසක් ගෘහ සේවිකාවන් බවද වාර්තා වී තිබේ." (උපුටා ගැනීම: ඊයේ දිනමිණ)


ආසියාවේ ආශ්චර්යයේ එහෙම නැත. එහේ කරන්නේ දුප්පත්කමින් එතෙර වීමට කරන්නට දෙයක් නැති නිසා රට යන වහල් ගැහැනුන් 'මුන් අම්මලාදැ'යි අසමින් ජනමාධ්‍ය හරහා කිච කර, ඒ ගෑනුන් ම එවන මුදලින් ජනමාධ්‍ය ද ඇතුළු රටේ ආර්ථිකය ම නඩත්තු කරමින් ජෝගි නැටීමයි.


තමන්ගේ රටින් අරාබියට යන වහලියකට, වහලකුට මරණීය දඬුවම හිමි වූ විට හෝ කස පහර දුන් වට හෝ ආසියාවේ ආශ්චර්යයේ මිනිස්සු ජනමාධ්‍ය සමග එක්ව හුරේ දමති. මෙහෙත් කරන්න ඕනෑ එහෙම යයි කියති. ඒ ආතල් එකට ගෙදර ගැනිට තඩි බාති. තඩි බා අරාබියේ වගේ නො කරන එක ගැන අපට කෘතඥ වෙයව් කියා වන්දවා ගනිති.


ආසියාවේ ආශ්චර්යයේ මිනිසුන්ගේ හා ඔවුන්ගේ නායකයන්ගේ සෙවලකම අරාබිකාරයෝ හොඳින් දනිති. අසාධාරණ නඩු විභාගයකින් සවුදි අරාබියේදී මරණීය දණ්ඩනයට නියම වී සිටින, බාල වියේදී අපනයනය කරන ලද රිසානා නෆීක් නම් ගෘහ සේවිකාව නිදහස් කරන ලෙස ආශ්චර්යයේ නායකයා කළ ඉල්ලීමවත් අරාබිය ගණන් නො ගත්තේ එහෙයිනි.


ඉන්දුනීසියාව මෙන් තම රටේ සංක්‍රමණික සේවකයන්ට හොඳින් සලකන බවට ප්‍රතිඥාවක් ඉල්ලන්නට කොන්දක් අපේ රටේ ආණ්ඩුවට තිබේ ද?

w3lanka
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කවුද බං ඔය ගොං ආටිකල් එක ලිව්වෙ??? :D

    "තමන්ගේ රටින් අරාබියට යන වහලියකට, වහලකුට මරණීය දඬුවම හිමි වූ විට හෝ කස පහර දුන් වට හෝ ආසියාවේ ආශ්චර්යයේ මිනිස්සු ජනමාධ්‍ය සමග එක්ව හුරේ දමති. මෙහෙත් කරන්න ඕනෑ එහෙම යයි කියති. ඒ ආතල් එකට ගෙදර ගැනිට තඩි බාති. තඩි බා අරාබියේ වගේ නො කරන එක ගැන අපට කෘතඥ වෙයව් කියා වන්දවා ගනිති."

    අපේ රටේ මිනිස්සු මෙච්චර මෝඩ නැහැ බං...

    ඉන්දුනීසියාව හුඟක් ප්‍රබල විශාල රටක්... උං එක්ක අපේ පුංචි රට සන්සන්ධනය කරන එක සෑහෙන්න මෝඩයි... :yes: