ආසියාවේ ආශ්චර්යය

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ආසියාවේ ආශ්චර්යය

    ආසියාවේ ආශ්චර්යය

    ලංකාව ආසි‍යාවේ ආශ්චර්යය කරන්නට ආණ්ඩුව සපථ කොට ඇත. විරුද්ධ පාක්ෂිකයින්ට නම් එය මේ ආණ්ඩුවට කිසිදා ජය ගත නොහැකි විහිලුවකි.


    අප කැමති මේ දෙස ධනාත්මකව බලන්නට ය. එහෙම බැලුවහම දැනටමත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පියවර රැසක් ගෙන තිබේ. ඒ අතින් බැලුවහම අමුතුවෙන් කරන්නට දෙයක් නැත. අප දැනටමත් ආසි‍යාවේ ආශ්චර්යය තමා ය.


    ලෝකයේ හොදම හමුදාව අපේ ය. එය හොදම හමුදාවක් බවට පත් කළ හමුදාපති හිරේ ය.
    විනීතම හමුදාව ඇත්තේ අපට ය. එහි හමුදාපතිගේ ලිංගික හැසිරීම් සතෙකුටත් වඩා පිළිකුල් සහගත ය. තුච්ඡ ය.


    ඒ හමුදාව යුද්ධයට ගියේ එක් අතක තුවක්කුවකුත් අනෙත් අතේ මානව හිමිකම් ප්‍රකාශනයකුත් අතේ ඇතිව ය. එවැනි හමුදාවක අධිපතියා හමුදා නිලධාරීන්ගේ මානව හිමිකම් කෙසේ වෙතත් කරණවෑමියෙකුගේ කනක් වත් ඉතිරි කළ එකෙක් නොවී ය.


    අපි මතට තිත තබා දැන් කාලයක් ගත වී තිබේ. මිනිස්සු මේ වනවිට තිතට මත් වී සිටිති.
    මිනිසුන් මත් වී සිටින්නේ මිනිසුන්ගේ නියෝජිතයින්ට පමණක් ලබා දී ඇති බාර් පර්මිට් නිසා ය. බාර් පර්මිට් නොදුන් අය දැන් එය කාරණාවක් කොට මනාපය ඉල්ලති. බාර් පර්මිට් දීමට තීන්දු කළ අය බාර් පර්මිට් නොදුන් නිසා එයම මනාපය දීමට කාරණාවකි. බාර් පර්මිට් දීම අවලංගු කරන්නේ නැති ව තූමුම නොදී සිටීමෙන් අනෙකාගේ නිදහසත් තමන්ගේ පාරිශුද්ධියත් දෙකම ආරක්ෂා වේ.


    පොලීසිය සැක කරුවන් උසාවියකටවත් ඉදිරිපත් නොකොට තමන්ම නිදහස් කොට හරිති. එතකොට පොලීසිය කරන්නේ උසාවියේ කටයුත්ත ය. සමහරවිට පොලීසිය අහිංසකයින් කුදලාගෙන ගොස් උන්ට අඩම්තේට්ටම් කරති. කූඩු කරති. ඉඩකඩක් තිබේ නම් උන්ගේ දිවි ‍තොර කරති. එතකොට පොලීසිය කරන්නේ මැරයන්ගේ ජේලර්ලාගේ හා අලුගෝසුවන්ගේ වැඩ ය. එහෙත් පාතාලය උසාවිය හෝ බන්ධනාගාරය යයි නොකියා අපි උන්ට පොලීසිය යයි තවදුරටත් කියමු. ඒ පොලීසියට අයත් රාජකාරි හමුවේ උන් බකන් නිලාගෙන සිටිද්දී ය.
    රටේ නීතියක් ඇති මුත් එය ක්‍රියාත්මක වෙන්නේ එහෙමත් වෙලාවක ය. ඇත්තටම නීති හදන්නට යන අය එසේ කිරීමට මත්තෙන් නීති කඩා තම සුදුසුකම් පෙන්වති. ඊට ඉඩකඩ සළසන ක්‍රියාවලියට අපි මැතිවරණය යයි කියමු.


    රටේ ස්වාධීන නොවූ ස්වාධීන රූපවාහිනියන් ද ජාතික නොවූ ජාතික රූපවාහිනියන් ද තිබේ.
    ඉරිදා පත්තරේ එන්නේ එක්කෝ සෙනසුරාදා ය. නැත්නම් සිකුරාදා ය. එහෙත් ඒවා ට දිගටම ඉරිදා පත්තර යයි කියමු.


    ජනාධිපති තුමා විටෙක (මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින්නන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේදැයි ගමේ අම්මණ්ඩිලාගෙන් අසද්දී) උසාවිය හැටියට ද විටෙක (චිත්‍රපටි තහනම් කරද්දී) රැගුම් පාලක මණ්ඩලය හැටියට ද විටෙක (ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමේදී) පොලීසිය හැටියට ද පෙනී සිටියි. ඒත් එතුමාට දිගටම ජනාධිපති යයි අපි කියමු.


    සතියකට තුන හතරක් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙයි. ඒවා නිකම් හරියට සබන් පෙන වාගේ ය. නිකම් ම පුපුරා යයි. ඒත් ඊලග සතියේත් නැවත මතුවෙයි. ඒත් ඒවාට විරුද්ධව පෙළ නොගැසුනොත් රට ඉවර ය.


    එක් මැතිවරණයක් අවසන් වෙන්නේ ඊලග මැතිවරණයට දින වකවානු නියම කරමින් ය. මෙහෙම කිට්ටුවෙන් කිට්ටුවෙන් ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් ආසියාවේ තියා ලෝකයේ කොහේවත් නැත.


    මිනිසුන් මැරණත් අත පය අඩු නැතිව මිනීපෙට්ටිය තුළ තැන්පත් කළ හැකි ගාණට ලැබෙන්නේ නම් ආණ්ඩුව ෂේප් ය. ගෙදරදී හෝ ඉස්පිරිතාලයකදී මැරණත් පාරේ දී මැරෙන්නේ නැත්නම් ඒත් ෂේප් ය. ඩෙංගුවලින් මැරුණාට ත්‍රස්තවාදීයෙක් අතින් නො‍මැරේ නම් ඒත් ෂේප් ය.


    කොටියෙකු අතින් නොමැරී මදුරුවෙකු අතින් මරණයට පත්වීම සහනයක් ලෙස සළකනු ලැබේ.
    රටින් බැහැරව ගිය ජනමාධ්‍යවේදීන්ට සිය රටට ඒමට ආරාධනා කරන්නේ නීතිපති තුමා ය. එසේ පැමිණෙන අයට ආරක්ෂාව තහවුරු කරන බව මෙසේ බය නැතිව කියන්නට සමත් එකම නිලධාරීයා ඔහු ය.


    ලයිස්තුව දිග ය. කෙටියෙන් කියන්නට හැක්කේ ආසියාවේ ආශ්චර්යය බවට දැනටමත් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව පත් කර ඇති බව ය. ඇත්තට ම අප Land Like No Other වූයේ මීට බොහෝ කලකට පෙර ය. එවැනි තත්වයක් යටතේ ආසියාවේ ආශ්චර්ය වීම ඉදිරි පියවරක් වෙන්නේ මක්නිසා දැයි ඒ නිසා ම මට නොතේරේ. අපට නොතේරෙන දේ මිලියන 5.8කට තේරුම් යාම ද එක් අතකින් ආශ්චර්යයකි.



    Original :- http://beyondframe.wordpress.com/2010/04/04/10apr4/
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කතාකරන්න නිදහසක් නැති
    ආසියාවේ ආශ්චර්යය

    උන්මත්තකයින්ට පොලිසියෙන් ගහල
    මූදෙ ගිල්වලා මරන
    ආසියාවේ ආශ්චර්යය

    තාත්තා දුව දූෂණය කරල මරාදාන
    ආසියාවේ ආශ්චර්යය

    දොස්තර ලෙඩාව දූෂණය කරලා
    මරලා 6 වෙනි තට්ටුවෙන් පහලට දාන
    ආසියාවේ ආශ්චර්යය

    මවුබිම රකින සෙබළු
    මවුබිමේ පහ වසරෙ දැරියො දූෂණය කරන
    ආසියාවේ ආශ්චර්යය

    චන්දෙන් පැරදිච්ච මැරයො
    ජිල්මාට් වලින් දිනලා
    බලෙන් රජ කරන
    ආසියාවේ ආශ්චර්යය

    අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති
    බල්ලෙක් වගේ ඇදගෙන ගිහින්
    ත්‍රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න
    ආසියාවේ ආශ්චර්යය

    දළදා මාළිගාවට බෝම්බ ගහපු,
    හාමුදුරුවරු මරාපු ත්‍රස්තවාදීන්ට
    රජසැප දෙන
    ආසියාවේ ආශ්චර්යය

    මවුබිම රකින්න කියල එන එවුන් හූරන් කන
    ආසියාවේ ආශ්චර්යය

    මහානායක හිමිවරුන්ට බෝම්බ ගහන්න
    ඝාතනය කරන්න තර්ජනය කරන
    හාමුදුරුවරු ඉන්න
    ආසියාවේ ආශ්චර්යය

    මේ මොනවා උණත් සමහර අඳ බාලයෝ
    මවුබිම පුරාම ගඳ ගහද්දිත්
    අභිමානයෙන් ඔලුව උඩම තියාගෙන යන
    ආසියාවේ ආශ්චර්යය
    :lol::lol::lol:



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: coolkasun

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Rata kalama dala :angry:

    :lol:



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කතාකරන්න නිදහසක් නැති මවුබිම,

    උන්මත්තකයින්ට පොලිසියෙන් ගහල
    මූදෙ ගිල්වලා මරන මවුබිම,

    තාත්තා දුව දූෂණය කරල මරාදාන මවුබිම,

    දොස්තර ලෙඩාව දූෂණය කරලා
    මරලා 6 වෙනි තට්ටුවෙන් පහලට දාන මවුබිම,

    මවුබිම රකින සෙබළු
    මවුබිමේ පහ වසරෙ දැරියො දූෂණය කරන මවුබිම,

    චන්දෙන් පැරදිච්ච මැරයො
    ජිල්මාට් වලින් දිනලා
    බලෙන් රජ කරන මවුබිම,

    අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති
    බල්ලෙක් වගේ ඇදගෙන ගිහින්
    ත්‍රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න මවුබිම,

    දළදා මාළිගාවට බෝම්බ ගහපු,
    හාමුදුරුවරු මරාපු ත්‍රස්තවාදීන්ට
    රජසැප දෙන මවුබිම,

    මවුබිම රකින්න කියල එන එවුන් හූරන් කන මවුබිම,

    මහානායක හිමිවරුන්ට බෝම්බ ගහන්න
    ඝාතනය කරන්න තර්ජනය කරන
    හාමුදුරුවරු ඉන්න මවුබිම,

    මේ මොනවා උණත් සමහර අඳ බාලයෝ
    මවුබිම පුරාම ගඳ ගහද්දිත්
    අභිමානයෙන් ඔලුව උඩම තියාගෙන යන මවුබිම


    :lol::lol::lol:



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :(

     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37


    කතාකරන්න නිදහසක් නැති
    ආසියාවේ ආශ්චර්යය


    උන්මත්තකයින්ට පොලිසියෙන් ගහල
    මූදෙ ගිල්වලා මරන
    ආසියාවේ ආශ්චර්යය

    තාත්තා දුව දූෂණය කරල මරාදාන
    ආසියාවේ ආශ්චර්යය

    දොස්තර ලෙඩාව දූෂණය කරලා
    මරලා 6 වෙනි තට්ටුවෙන් පහලට දාන
    ආසියාවේ ආශ්චර්යය

    මවුබිම රකින සෙබළු
    මවුබිමේ පහ වසරෙ දැරියො දූෂණය කරන
    ආසියාවේ ආශ්චර්යය

    චන්දෙන් පැරදිච්ච මැරයො
    ජිල්මාට් වලින් දිනලා
    බලෙන් රජ කරන
    ආසියාවේ ආශ්චර්යය

    අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති
    බල්ලෙක් වගේ ඇදගෙන ගිහින්
    ත්‍රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න
    ආසියාවේ ආශ්චර්යය

    දළදා මාළිගාවට බෝම්බ ගහපු,
    හාමුදුරුවරු මරාපු ත්‍රස්තවාදීන්ට
    රජසැප දෙන
    ආසියාවේ ආශ්චර්යය

    මවුබිම රකින්න කියල එන එවුන් හූරන් කන
    ආසියාවේ ආශ්චර්යය

    මහානායක හිමිවරුන්ට බෝම්බ ගහන්න
    ඝාතනය කරන්න තර්ජනය කරන
    හාමුදුරුවරු ඉන්න
    ආසියාවේ ආශ්චර්යය

    මේ මොනවා උණත් සමහර අඳ බාලයෝ
    මවුබිම පුරාම ගඳ ගහද්දිත්
    අභිමානයෙන් ඔලුව උඩම තියාගෙන යන
    ආසියාවේ ආශ්චර්යය
    :lol:
    :lol::lol:



    එක කාරණාවක් අරන් ඇයි උබ ඒක මුළු සමාජයටම පොදුවට දාන්නේ , තාත්ත කෙනෙක් දුව දූෂණය කලාම තොපේ තාත්තත් ඒකට පළිද? ගොනෙක් වගේ හැසිරෙන්න එපා.......
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    quoting.gif
    ඉතින් ආයුබෝවන්, එළකිරි සොයුරනි.

    :love:
    ඉතින් ආයුබෝවන්,
    එළකිරි සොයුරනි.

    ලංකාවේ සැබෑ දේශපාලනයේ අවසාන දවස අදයි
    කියල මම දැඩිව විශ්වාස කරනවා.

    ජන 26න් පස්සෙ තියෙන්නෙ
    නිර්මාණය කරන ලද ප්‍රතිඵල විතරයි.

    මින් මතු මහින්දට යම් මැතිවරණ ප්‍රතිඵලයක් අවශ්‍යද
    එය එසේම ඉල්ලන ප්‍රතිශතයකින් ලබාදෙන්නට
    මේ රටේ ජනතාවගෙන් වැටුප් ලබන
    මැකෝ සහ කාකි කෝට්කාර රාජ පුරුෂයන්
    ඇතුලු රජවාසල සේවක නඩය
    එදාටත් ඒ ජනතාවටම එරෙහිව ඉදිරිපත් වනු ඇත.

    ඒ පින්වතුන් සිය ආත්මය පාවාදී
    වැර වීරියෙන් තනාගන්නා වූ
    පින්බර අනාගතයට අපි සුබ පතමු.

    අපේ ජීවිත කාලය තුළ සිදු නොවනු ඇතැයි සිතුවත්
    කිසියම්වූ අහම්බයකින් හෝ
    තිරිසන් සතුන්ගේ නොව
    මිනිසුන්ගේ දේශපාලන යන්ත්‍රයක් යළි බිහිවුවහොත්
    නැවත එළකිරි තුළින් හමු වෙමු.

    මගේ මත වලට එකඟව
    මා ක්‍රියා කරනවිට
    යම් යම් අයගේ හිත් රිදුණු බව
    මා දන්නා නමුත්
    මා කිසි විටෙකත්
    කිසිවෙකුගේත් හිත රිදවීමට
    හිතා මතා උත්සාහ නොකළ බව කියන්න කැමතියි.

    ඉතින්
    ඔබ සැමට
    දරාගත හැකිතරමේ
    සුභම සුභ අනාගතයක් වේවා.

    :D
    අනිත්‍ය

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Lankawa Banana Republic ekak wela

    rate nithiyak naha :angry:

    මේ මේ අළුත් අවුරුද්දෙ යට ඇඳූම් (උඹ ඇඳං හිටපු ටයි කෝට් ගෝනි අනික් අය ගැලැව්වනෙ ? ) ගැලවෙන්න අහගන්නෙ නැත්ව උබ පැත්තකට එලා ඉදපං මචං ? :dull:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    දැන් රටේ ඉන්නෙ හුඟක් මෝල් අමාරු කාරයෝ, බස් වල.. පාරේ.. ඊට හපන් සමහරු ඉන්නවා random mobile numbers තෝරලා Call කරලා බලනව කෙල්ලො ද කතා කරන්නෙ කියලා
    ඒ අතින් සමහර කොල්ලො ඉන්නවා 24/7 Porn බැලුවත්
    හැදියවක් කියලා දෙයක් තියෙන උන්
    :yes:

    ඔය Doctors, සක්කිලි Army කාරයො, තාත්තලා කියන උන්ව අයෙත් හදන්න දෙයක් නැ.. උන්ව ප්‍රසිද්ධියෙ තියල මරන්න ඕනෙ අනික් උන්ට චු යන්න