ආසියාවේ සුන්දරතම TRANSGENDER ENTERTAINERS

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආසියාවේ සුන්දරතම TRANSGENDER ENTERTAINERS

    tumblr_nk8w60CQUh1u2lmxco1_540.png

    මෙලොව උපදින බොහෝදෙනා එක්කෝ පුරුෂයින් නැත්නම් ස්ත්‍රීන්.නමුත් මෙම ස්ත්‍රී පුරුෂභාවය පැහැදිලිව පිටතින් නොපෙනෙන පිරිසකුත් ලෝකයේ සිටියි.සමහරුන් පිරිමි ලෙස උපන්නත් ඔවුන්ට සිතන්නේ පතන්නේ ස්ත්‍රියක් ලෙසයි.තවත් සමහරු ස්ත්‍රීන් ලෙස උපන්නත් සිතන්නේ පතන්නේ පිරිමියෙක් ලෙසයි.මෙම දෙකොට්ටාශයේ ඇති හැකි අය වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් තමන්ට අවශ්‍ය ගැහැණුකම හෝ පිරිමිකම ලබාගනියි.අප ඔවුන්ව transgender හෝ transsexual යන නම් වලින් හඳුන්වයි.ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ MTF transsexual ලාය.මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ආසියාවේ සුන්දරතම MTF transsexual ලා දසදෙනෙකුගේ තොරතුරුය.



    1. Nong Poy



    tumblr_nk8vbfNCXN1u2lmxco9_250.jpg

    Treechada Petcharat එසේත් නැත්නම් Nong Poy ලෙස වඩාත් ප්‍රසිද්ධ මැය සුප්‍රසිද්ධ transgender නිළියක් සහ නිරූපිකාවක්ද වේ.ඇය තායිලන්ත ජාතිකයෙකි.ඇය උපන්නේ පිරිමි දරුවෙක් ලෙස 1986 වසරේ ඔක්තෝම්බර් මස 05 වනදා තායිලන්තයේ පුකට් දිවයිනේය.ඇය ශල්‍යකර්මයක් මගින් තම ලිංගිකත්වය වෙනස් කලේ වයස අවුරුදු 17 දීය.2004 වසරේදී ඇය Miss Tiffany's Universe සහ Miss International Queen යන transgendered ප්‍රජාව වෙනුවෙන් පවත්වන රූපරාජිණියන් තෝරන තරඟාවලි දෙකෙහි ප්‍රථමස්ථාන දිනා ගැනීමට සමත්විය.ඒ ඔස්සේ ඇය ලැබූ ජනප්‍රියත්වය ඇයව නිලියක් සහ නිරූපිකාවක් ලෙස ඔසවා තබන්නට ප්‍රබල ආධාරකයක් විය.



    2. Harisu



    tumblr_nk8vbfNCXN1u2lmxco3_250.jpg

    Harisu,1975 වසරේ පෙබරවාරි මස 17 වන දින දකුණු කොරියාවේ Seongnamහි උපන් ආසියාවේ වඩාත් ප්‍රසිද්ධතම transgender entertainersලාගෙන් එක් අයෙකි.ඇය උපන්නේ පිරිමියෙක් ලෙස Lee Kyung-yeop නමින්ය.Harisu අධ්‍යාපනය ලැබුවේ all-boys Naksaeng උසස් පාසලෙනි.1997 ත් 1999ත් අතර කාලයේදී ඇය ජපානයට ගොස් හිස්කෙස් සැකසීම සම්බන්ධයෙන් උගත් අතර එහිදීම ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයද කරගන්නා ලදි.2000 වසරේදී යලි දකුණු කොරියාවට පැමිණෙන ඇය TTM Entertainment නම් කළමනාකරණ සමාගම හා ගිවිසුම් අත්සන් කරමින් තම වෘත්තිය ජීවිතය අරඹයි.ඇය ප්‍රසිද්ධියට පත් වන්නේ 2001 වසරේ මුල් භාගයේදී දකුණු කොරියානු විලවුන් සන්නාමයක් වන DoDo වෙනුවෙන් කරන ලද වෙළද දැන්වීම් ප්‍රචාරණය ඔස්සේය.ඉන්පසු ඇය ගායිකාවක්,නිරූපිකාවක් සහ නිළියක් ලෙස කටයුතු කරයි.2007 වසරේදී ඇය තම පෙම්වතා වන Micky Jung සමග විවාහ විය.



    3. Kayo Satoh



    tumblr_nk8vbfNCXN1u2lmxco7_250.jpg

    Kayo Satoh මේවන විට ජපානය තුල ඉහලම ජනප්‍රියත්වයක් ලබාගෙන සිටින නිරූපිකාවක් මෙන්ම රූපවාහිනී ක්ෂේත්‍රය තුල ප්‍රසිද්ධ චරිතයකි.1988 වසරේ දෙසැම්බර් මස 26 වෙනදා ජපානයේ දිස්ත්‍රික්කයේ උපන් ඇය කුඩා කල සිට gender identity disorder හෙවත් ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය හරි හැටි නොපෙන්වන ආබාධයකින් පෙලිනි.2008 වසරේදී ඇය තම නිරූපණ වෘත්තිය ඇරඹුවේ Nagoyaහිදිය.ඇය 2009 වසරේ සිටි ජපාන විලාසිතා සඟරාවක් වන "Spy Girl" හි නිරූපිකාවක් ලෙස සේවය කරයි.2010 වසරේ අගෝස්තු මස 31 වනදා ජපාන රූපවාහිනී වැඩසටහනකදී ඇය තමන් උපන්නේ පිරිමියෙක් ලෙසයි යනුවෙන් සිදුකල ප්‍රකාශය මතභේදයට තුඩු දුන්නාක් මෙන්ම රට පුරා ඇගේ ප්‍රසිද්ධියත් වැඩිවිය.



    4. Ai Haruna



    tumblr_nk8vbfNCXN1u2lmxco2_400.jpg

    Ai Haruna යනු ජපානය තුල තවත් එක් සුප්‍රසිද්ධ transgender ගායිකාවක් සහ රූපවාහිනී වැඩසටහන් හි ප්‍රසිද්ධ චරිතයකි.1972 වසරේ ජූලි මස 21 දා ජපානයේ Osakaහි යන Kenji Ōnishi නමින් පිරිමි දරුවෙක් ලෙස උපන් ඇය වයස අවුරුදු 19 දී තම ලිංගිකත්වය වෙනස් කරගන්න ලදි.කාන්තාවක් ලෙස නව ජීවිතයක් ඇරඹූ Haruna එරට පොප් ගායිකාවක් වන Aya Matsuura අනුකරණය කරමින් තම වෘත්තිය ආරම්භ කරන ලදි.2009 වසරේදී ඇය Miss International Queen තරගාවලියට ඉදිරිපත්ව ප්‍රථමස්ථානය හිමි කරගන්නේ එවැන්නක් ලබා හිමිකරගත් පළමු ජපන් පුරවැසියා බවට පත්වෙමින්ය.



    5. Alicia Liu



    tumblr_nk8vbfNCXN1u2lmxco5_250.jpg

    Alicia Liu (චීන බසින් Liu Xun'ai ) තායිවානයේ විලාසිතා කර්මාන්තයේ සහ රූපවාහිනී ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිතයකි.පිරිමි දරුවෙක් (Liu Zihua) ලෙස 1986 වසරේ ජූනි මස 12 දා හි උපන් ඇය වයස අවුරුදු 18දී තම ලිංගිකත්වය වෙනස් කරගන්නා ලදි.2006 ඔක්තෝම්බර් Taiwan TVBS හි දී විලාසිතා තරඟයකට සහභාගී වෙමින් ඇය තම වෘත්තීය ජීවිතය අරඹන ලදි.ඇය 2008 වසරේදී Taiwan EeLin Modeling Agency Ltd නම් ආයතනය හා ගිවිසුම් ගත වී වෘත්තීයමය නිරූපිකාවක් බවට පත්වේ.2000 වසරේ සිට ඇය Guess Guess Guess, 100% Entertainment ,KangXi Lai Le ආදී තායිවාන් රූපවාහිනී වැඩසටහන් රැසකට දායකත්වය ලබා දී තිබේ.


    6. Lee Si-yeon



    tumblr_nk8vbfNCXN1u2lmxco8_500.jpg

    කලක් Lee Dae-hak යන නමින් නිරූපණ ක්ෂේත්‍රයේ නිරූපකයෙක් ලෙස පෙනී සිටි Lee Si-yeon උපන්නේ 1979 වසරේ ජුලි මස 24 දිනය.ඔහුගේ ස්ත්‍රී පෙනුමත් සිහින් සිරුරත් නිසා කාන්තා ඇඳුම් සන්නාමයන් වෙනුවෙන් පෙනී සිටි දකුණු කොරියාවේ පළමු නිරූපකයා ලෙස ඔහුව හැඳින්විය.පසුකාලයේ තම ක්ෂේත්‍රයෙන්ම එල්ල වූ පීඩනය හමුවේ ඔහු 2007 වසරේදී තම ලිංගිකත්වය වෙනස් කරගන්නා ලදි.2002 වසරේදී ඔහු දකුණු කොරියානු හාස්‍යාමය චිත්‍රපටයක් වන "Sex Is Zero"හි සුකුමාල පිරිමි චරිතයට රංඟනයෙන් දායකත්වය ලබා දෙන ලදි.ඔහු ලිංගිකත්වය වෙනස් කිරීමෙන් පසු "Sex Is Zero-2" චිත්‍රපටයේ රංඟනයේ යෙදිණි.



    7. Liu Shihan


    tumblr_nk8vbfNCXN1u2lmxco10_1280.jpg

    Liu Shihan 1989 වසරේ අගෝස්තු මස 18 දා චීනයේ Hunan පළාතේ Changsha හි උපන්නේ පිරිමි දරුවෙක් ලෙසයි.Hunan Mass Media Vocational Technical College පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඇය වසර තුනක් වෘත්තීයමය නර්තන ශිල්පිනියක් විය.2008 වසරේ සිට ඇය සඟරා,වෙබ් අඩවි සහ සඳහා නිරූපණ ශිල්පිනියක් ලෙස දායකත්වය දුන්නාය.2010 වසරේ දෙසැම්බර් මස 29 දා ඇය ඇගේ microblog ඔස්සේ කියා සිටියේ තමන් ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයක් සිදු කරගත් බවයි.නමුත් ඇගේ බොහෝමයක් රසිකයන් පිළිගත්තේ ඇගේ අතීතයයි.මේ වන විට ඇය චීනයේ අංක එකේ transgender නිරූපිකාව ලෙස සලකනු ලැබේ.



    8. Ayana Tsubaki



    tumblr_nk8vbfNCXN1u2lmxco4_1280.jpg

    Ayana Tsubaki ජපානයේ Tokyo හිදී වසර 1984 ජුලි මස 15 දා පිරිමි දරුවෙක් ලෙස උපන්නේය.ඇය දැන් රූපවාහිනියේ ප්‍රසිද්ධ චරිතයක් මෙන්ම මෝස්තර නිරූපිකාවක්ද වේ.2004 වසරේදී Yuri Nakamura යන පිරිමි නමින් Aoyama Gakuin විශ්වවිද්‍යාලයට ඇතුලුවූ Ayana එම වසරේදී එය හැර ගොස් 2006 වසරේ තායිලන්තයේදී ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මයකට මුහුණ දුන්නාය.පසු යළි සිය රට පැමිණි ඇය 2007 අප්‍රේල් මස සිට ගැහැණු ළමයෙක් ලෙස Aoyama Gakuin විශ්වවිද්‍යාලයට යළි ඇතුලුවේ.2006 වසරේ අවසන් සමයේ ඇය නිරූපන ක්ෂේත්‍රයට පිවිස විලාසිතා සඟරා සහ රූපවාහිනී වැඩසටහන්වලට පෙනී සිටීම අරඹයි.



    9. Jin Xing



    tumblr_nk8vbfNCXN1u2lmxco6_1280.jpg

    චීනයේ නූතන නැටුම් කර්මාන්තයේ පුරෝගාමියා ලෙස හඳුන්වන Jin Xing උපන්නේ 1967 වසරේ අගෝස්තු මස 13 දා චීනයේ Liaoning Province පළාතේ Shenyang හිය.Jin Xing කුඩා කාලයේ සිට නර්තනයට ඇලුම් කලේය.වයස අවුරුදු 9දී ඔහු හමුදාවට එක්වෙයි.1989-1991 යන කාලයේදී ඔහුව ඇමෙරිකාවට යවන්නේ නූතන නැටුම් සම්ප්‍රදාය ඉගෙනීමටය.ඔහු ඉතාලියේදී එය හදාරයි.1995දී යළි සිය රට බලා එන ඔහු ලිංගිකත්වය වෙනස් කරගැනීමට තීරණය කරයි.1996 දී ඔහු Beijing Modern Dance Company (BMDC) යන සමාගම පිහිටුවයි.1999දී Shanghai නගරයට යන Jin Xing එහිදී "Jin Xing " නාට්‍ය ශාලාව අරඹයි.එය චීනයේ ප්‍රථම නූතන නැටුම් සමාගමයි.2005දි තම ජර්මන් ජාතික පෙම්වතා හා විවාහ වුවත් එම වසරේදීම එය අවසන් වෙයි.



    10. Regine Wu



    tumblr_nk8vbfNCXN1u2lmxco1_1280.jpg

    Regine Wu නොහොත් Li Jing ලෙස චීන බසින් හඳුන්වන ඇය 1962 වසරේ ඔක්තෝම්බර් මස 25 දා තායිවානයේදී උපත් ලබයි.මුල් නම Wu Zhongming ය.වයස අවුරුදු 22 දී තම ලිංගිකත්වය වෙනස් කරගන්නා ඇය අනෙක් transsexual entertainers වෙනස් වන්නේ තමන් ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්මය සිදුකල බව ප්‍රතික්ෂේප කිරීම නිසාය.ඇයට අනුව ඇය උපන්නේ ස්ත්‍රී පුරුෂ දෙවර්ගයේම ලිංගික අවයව සහිතව උභයලිංගික ලෙසයි.භාණ්ඩ අලෙවිකරන නාලිකාවක ඇය සේවය කරන ලදි.එහිදී ඇය විවිධ භාණ්ඩ වර්ග වැඩිම ප්‍රමාණයක් කෙටිකලකදී අලෙවි කරමින් වාර්තා තබා ඇත.ඒවා නම් මිනිත්තු 85කදී ලැප්ටොප් පරිගනක 700කට වඩා අලෙවි කිරීම.පැයකදී motor homes 250ක් විකිණීම,මිනිත්තු 80කදී one-carat diamonds 380ක් විකිණීම.2004 සිට ඇය he Diamond Club, Super Idol ,Gossip Queen ආදී රූපවාහිනී වැඩසටහන් වලට සම්බන්ධ වී තිබේ.2002 දී ඇය තමන්ට වඩා අවුරුදු 14ක් බාල තම පෙම්වතා සමග විවාහ විය.




     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    මොකක්ද බන් මේ අන්තිමට කියල තියන අසභ්‍ය සීන් එක?