ආසියාවේ_මීළඟ බලවතා ශ්‍රී ලංකාවයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ආසියාවේ_මීළඟ බලවතා ශ්‍රී ලංකාවයි

    ආසියාවේ මීළඟ බලවතා ශ්‍රී ලංකාවයි- ඇමරිකාවෙන් මල් මිටක්

    වත්මන් තත්ත්වය අනුව ශ්‍රී ලංකාව ඉදිරි කාලයේදී ආසියාවේ ප්‍රබල රටක් බවට පත්වනු ඇතැයි අැමරිකා එක්සත් ජනපදයේ වැඩබලන රාජ්‍ය ලේකම්වරයෙකු වන බෘෘස් වෝටන් පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ ඇමරිකාව ශ්‍රී ලංකාව සමග පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගන්නා බවයි.

    ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය පිළිබදව අමෙරිකාව සිය ප්‍රසාදය පළ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ්.

    ඇමරිකාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති නිදහස් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු මේ පිළිබද අදහස් පළ කළා.

    මෙරට පවතින ප්‍රතිසන්ධානය, වගවීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අමෙරිකාව අගය කරන බවයි අමෙරිකා එක්සත් ජනපදයේ වැඩබලන රාජ්‍ය ලේකම්වරයෙකු වන බෘෘස් වෝටන් මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.



    nethfm​
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පුලුවන්නම් පාන් පිටි ටොන් දහයක් පහලවක් එවපන්කෝ බන්.පකිස්ථානෙන් නම් ඊයේ හාල් ආධාරයක් එව්වා.:rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇමරිකාවෙත් ඉන්නවා නේද බං වෙනස් විදියට හිතන පිස්සෝ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව් ඔව් අනිත් රටවල් පනහක් විතර බලවත් රටවල් උනාට පස්සේ නං මීළඟ බලවතා ලංකාව වෙයි තමා
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    පුලුවන්නම් පාන් පිටි ටොන් දහයක් පහලවක් එවපන්කෝ බන්.පකිස්ථානෙන් නම් ඊයේ හාල් ආධාරයක් එව්වා.:rofl:

    Pakistan unta kanna denna un laga keema nethuwa thiyeddi lankawata haal ewala. aa denui mata therune Pakistan un haal kanne nehe ne un kanne roti ne:D