ආහාර අර්බුදය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාස තුනක් තිස්සේ වැස්සක් නෑ..මරා කියනවා ගෙවතු වගාව පටන් ගන්නලු.

    හැබැයි විසදුම අපි ලගම තියෙනවා..




    1930 දශකයේ මැද භාගයේ දිනයකි. තිහාරියේ කෘෂිකර්ම ප්‍රදර්ශණයක් විවෘත කිරිමට පැමිණෙන රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා පිළිගැනිමට සූදානම් වන සුදු ඇදුමින් සැරසුනු මහතෙකි. ඔහු අත සුපුරුදු මල්මාලා හෝ කලඹ දක්නට නැ. ඇත්තේ පනා මලින් තැනු කුඩා පළදනාවකි.

    ඒ මහතා විසින් ආණ්ඩුකාරවරයා පිළිගෙන උත්සව සභාව අමතා මෙසේ පැවසීය.
    ‘‘අපේ මිනිස්සු බත් ගස යැයි කියන කොස් ගසෙන් හටගත් පනාමල තරම් ඉහල මලක් ගැන මට සිතාගන්නට වත් බැ‘‘

    ඔහු නමින් ආතර් වී දියෙස් මහතාය. ක්‍රි.ව 1886 පෙබරවාරි 11 වැනි දින පානදුරේ දානපති ව්‍යාපාරිකයකු වූ පොන්නහැන්නැදිගේ ජෙරමියෙස් දියෙස් මහතාට දාව පත්තිනි හැන්නැදිගේ වර්ණදීප්තියා කුරුකුලසූරිය සෙලෙස්තිනා රොද්‍රිගෝ මැතිණිය බිහිකල පුත් කුමරු ආතර් වින්සන්ට් දියෙස් නම් විය.

    මූලික අධ්‍යාපනය පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් පූර්ණ කරගත් දියෙස්, වැඩිදුර අධ්‍යාපනය සදහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුලත් විය. පාසල් අධ්‍යාපනයෙන් පසුව පියාගේ ව්‍යාපාර කටයුතු සදහා ඔහු දායක විය.

    කුඩා කල සිටම ආතර් දියෙස් තුල ජාත්‍යාලය පැලපදියම් වන්නට විය. තරුණ වියට එලැඹෙත්ම ඔහු දුටුවේ බ්‍රිතාන්‍යයන් සුරාසල් රටපුරා විවෘත කරමින් ජාතිය නිලින කිරිමට දරන වැයමයි. අමද්‍යප ව්‍යාපාරයට සෘජුව දායක වු ඔහුව 1915 සිංහල මුස්ලිම් කෝලහාලය මුවාවෙන් බ්‍රිතාන්‍යයන් විසින් සිරබාරයට ගෙන පසුව උසාවියෙන් වරදකරුවකු කරනු ලැබිය. කෙසේනමුදු පසුව විශාල දඩමුදලක් ගෙවා සිරගෙදරින් නිදහස ලබාගත්තද දියෙස් මහතාගෙන් තවත් ස්වරාජ්‍ය හැගීම ඉස්මතු විය.

    ආතර්.වී.දියෙස්, ‘‘කොස්මාමා‘‘ බවට පත්වන නිමිත්ත ඔහුගේ සිතේ පැලවන්නේ දුටු සිත සලිත කරවන දර්ශණයකිනි.

    දිනක් තම නිවසේ ආලින්දයේ සිටින ඔහු ගේ නෙත ගැටුනේ දැවැන්ත කොස් ගස් කදන් ගවයන් බැදි බරකරත්ත වලින් රැගෙන යන අයුරුයි. වසර ගනනාවක් මුළුල්ලේ පරිසරය හා මිනිසා සමග බැදි දෙපාර්ශවයටම උපකාරයක් වු මෙම දැවැන්ත වෘක්ෂයන් කපා හෙලා රැගෙන යන අයුරු ඔහුගේ සිතේ සංවේගයක් ජනිත කලේය. ජාතික ආහාරයක් බදු කොස් මෙසේ විනාශ කිරිම ජාතික අපරාදයක් බව සිතු ඔහු කොස් පැල සිටුවිමේ නව ව්‍යාපාරයක් ආරම්භ කලේය.

    නියංගම් සැරිසැරූ දියෙස් මහතා කොස් ඇට බෙදාදෙමින්, ඒවා පැලකිරිමට දිරිගන්වමින් හා කොස්ගස කැපිමට එදිරිව හඩක් නගමින් තම ව්‍යාපාරය ඉදිරියටම ගෙනගියේය. කොස්ගස් මිලියනයක් වගාකිරිම ඔහුගේ අරමුණ වූ බව පැවසේ. මේ අරමුණ සාක්ෂාත් කරගැනිම සදහා පාලක පන්තියේ සහය ලබාගැනිමට ඔහු උපක්‍රමශීලි විය.

    කොස්ඇට නොමිලයේ තැපැලෙන් යැවිමටත්, මහමාර්ග දෙපස කොස්ගස් වැවීමටත් දියෙස් මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියද එම යෝජනා ප්‍රතික්ෂේප විය. මේ සමයේ එවක අමාත්‍යවරයකු වූ සර් ජෝන් කොතලාවල මහතාගේ සමිපතමයෙකු හා දියෙස් මහතාගේ ඥාතිදියණියක් අතර විවාහයක් සිදුවිය. සිංහල කුල සිරිතට සිදුවු විවාහ මංගල්‍යයේ භෝජන අතර කිරුළු පැළදුවේ කොස් ගෙඩියෙන් සෑදු ආහාර වර්ගයි. එමෙන්ම මංගල යුවල වෙත දියෙස් මහතා තෑගි ලෙස ලබාදුන්නේද කොස් ඇට පාර්සලයකි. මංගල්‍යයේ ප්‍රධාන අමුත්තා වූ කොතලාවල ඇමැතිවරයා දියෙස් මහතාගේ ප්‍ර්‍යාත්නය දැක සතුටට පත්ව කොස්ඇට රටපුරා නොමිලේ යැවීමටත්, මාර්ග දෙපස වැවීමටත් අවසරය ලබාදුන්නේය.

    දෙවැනි ලෝක යුද්ධ සමයේදි විවිධ රටවල ඇතිවූ ආහාර අර්බුධය ලංකාවට තදින් නොදැනුනේ දියෙස් මහතාගේ කොස් වලින් ස්වයංපෝෂිත රටක් බිහිකිරිමේ උත්සහයේ ප්‍රතිපලයක් ලෙසින් බවද පැවසේ. කොස් ව්‍යාප්තියට අමතරව කොස්මාමා, ගස්ලබු අඹ ඇබරැල්ලා වැනි ශාකද බෙදාහැර ඇත.

    කොස්මාමා වගා සංග්‍රාමයට නොදැවෙනි බුද්ධි සංග්‍රමයකටද මුල පිරුවේය. තම මව් වූ සෙලෙස්තිනා රොද්‍රිගෝ මැතිණියගේ අඩිපාරේ යමින් ලක්දිව බෞද්ධ පාසල් නගාසිටුවිමේ වැඩසටහනක් ද ඇරඹිණි. පානදුර ශ්‍රී සුමංගල, කොලඹ ආනන්ද, අම්බලන්ගොඩ ධර්මාශෝක, නුවර ධර්මරාජ ඇතුලු විද්‍යාලයන් එහි මහඟු ඵල නෙලාගත්තේය.

    සිංහල භාෂාවෙන් චෙක්පතක් අත්සන් කල පලමු පුද්ගලයා ලෙසද දියෙස් මහතා සැලකේ. ඔහුට බ්‍රිතාන්‍ය විසින් නයිට් පදවියක් ලබාදුන්නද එය ප්‍රතික්ශේප කලේය. පසුකාලින ආණ්ඩු එතුමාට මන්ත්‍රි පදවි ලබාදිමට උත්සහ කලද ඒවාද පෙරදී මෙන් ගෞරවයෙන් ප්‍රතික්ෂේප කලේය.

    දියෙස් මහතා විවාහපත්වන්නේ ඉයුජින් සල්ගාදු මෙනවිය සමගයි. දූ පුතුන් නව දෙනකුගේ දෙමාපියන් වීමට එම දෙපල වාසනාව ලදි.

    ලක් ජනතාවට අදද අත්විදින මහත් මෙහෙයක් සිදුකල ආතර් වින්සන් දියෙස් නොහොත් කොස්මාමා ක්‍රි.ව 1960 ජූලි 31 වැනි දින ලක්මව සලිත කරවමින් සදහටම දෑස් පියාගත්තේය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රටට ණය නැති පුතෙක් බව කිවමනා ය.


    ආහාර අර්බුදයකට මුහුණ දෙන්න කොස් ගස තරම් විසඳුමක් පේන තෙක් මානෙක නෑ.


    රජයේ මැදිහත් වීමකින් කොස් වගා කරන්න පියවරක් ගන්නවා නම් හොඳයි.නැත්නම් ඉන්දියාවෙන් කන්න ගේනකම් බලන් ඉදලා බඩගින්නේ මැරෙන්න වෙන්නේ මේ රටේ උන්ට.
     
    • Like
    Reactions: tokkaputha

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පචස් 7 10 ඉඩම් ගෙ හදලා වාහානෙ දාගන්න විදිහක් නැතුව දගලනවා මිනිස්සු , වාගා කරන්නෙ මහින්දයගෙ ඔලුව උඩ වෙන් ඇ මහින්දයත් රනිල් වගෙ ගොන් ජොකර් විගෙන එන්නෙ යාලුවො දෙන්නානෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පචස් 7 10 ඉඩම් ගෙ හදලා වාහානෙ දාගන්න විදිහක් නැතුව දගලනවා මිනිස්සු , වාගා කරන්නෙ මහින්දයගෙ ඔලුව උඩ වෙන් ඇ මහින්දයත් රනිල් වගෙ ගොන් ජොකර් විගෙන එන්නෙ යාලුවො දෙන්නානෙ

    තොපි තමයි ගොන් මෝඩ..හදිස්සියක් උනොත් තොට වාහන කන්ඩ පුලුවන්ද..නිකන් ගොන්කම ප්‍රදර්ශනය නොකර ඉදපන් මීමො..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thiyena kos gas tikath dan kapala iwarai.

    Kos gahak hadenna avurudu keeyak yaida?

    අපිට නම් කොස් ගස් ඇත ..ඒත් මේකාලෙ ගෙඩි හරියට නැති එක වෙනම දෙයක්
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තොපි තමයි ගොන් මෝඩ..හදිස්සියක් උනොත් තොට වාහන කන්ඩ පුලුවන්ද..නිකන් ගොන්කම ප්‍රදර්ශනය නොකර ඉදපන් මීමො..

    උබ දන්නෙ නැති උනාට මහින්දයා උපදෙස් ගන්නෙ රනිල්ගෙන් උබ නොදැනුවත්ව කඩෙ යන්නෙ UNP එකට :rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    අපිට නම් කොස් ගස් ඇත ..ඒත් මේකාලෙ ගෙඩි හරියට නැති එක වෙනම දෙයක්
    පොන්නයන්ගෙ වතුවල කොස් ගස්වල ගෙඩි නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දන්නෙ නැති උනාට මහින්දයා උපදෙස් ගන්නෙ රනිල්ගෙන් උබ නොදැනුවත්ව කඩෙ යන්නෙ UNP එකට :rofl:

    උබ දන්නවනෙ ඔක්කොම ඒක හින්ද පිලි ගන්නම්..ලැජ්ජාවක් නැනෙ උබලට.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තොපි තමයි ගොන් මෝඩ..හදිස්සියක් උනොත් තොට වාහන කන්ඩ පුලුවන්ද..නිකන් ගොන්කම ප්‍රදර්ශනය නොකර ඉදපන් මීමො..

    උගේ Business පාඩු වෙලා කියලා රට ආයිමත් අරින්නලු :lol::lol: මුන් වගේ රට හරක් ලංකාවේ ඉන්නවනේ :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගේ Business පාඩු වෙලා කියලා රට ආයිමත් අරින්නලු :lol::lol: මුන් වගේ රට හරක් ලංකාවේ ඉන්නවනේ :dull:

    ඕකගෙ කඩේ ඇරගන්ඩ දිල ඉස්සෙල්ලාම වාට්ටුවෙ ඉන්නෙ කොරෝනා ලෙඩෙක් යැවුවනම් හරි එතකොට හරි අපිට කනක් ඇහිල ඉන්ඩ පුලුවන් වෙයි.. :lol::lol::lol::lol: