ආහාර – පාන ගන්න වේලාවට අර්ථය නුවණින් මෙනෙහි කරන්න ඕනෑ (අසිතේ පීතේ ඛායිතේ සායිතේ සම්පජානකාරී හෝති). එ්කට කියනවා ආහාර ප‍්‍රත්‍යවේක්ෂාව කියලා. ප‍්‍රත්‍යවේක්ෂාවේ යෙදෙනවා කියන්නේ යළි යළිත් යම්කිසි කාරණයක් පිළිබඳ ව නුවණින් සිහි කිරීම. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය ප‍්‍රගුණ කරන කෙනා අනවශ්‍ය විදිහට කෑම පස්සේ දුවන කෑම දාසයෙක් නො වෙයි. එ් ශ‍්‍රාවකයා ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස උපකාරයක් හැටියට විතරක් ආහාරය පාවිච්චි කරන කෙනෙක්. එහි දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආහාර ගන්නේ ‘‘ජවය ඇති කර ගන්න නෙවෙයි. මදය පිණිස නෙවෙයි. ඇෙඟ් අඩුතැන් පුරවන්න නෙවෙයි. ඇඟ ශෝභාසම්පන්න කර ගන්න නෙවෙයි. මේ කය පවත්වා ගන්න විතරයි. ආහාර නො ගැනීමෙන් ඇතිවෙන වෙහෙස ක්ලාන්ත ගතිය දුරුකර ගන්න විතරයි. උපන් බඩගිනි වේදනා නැතිකරගෙන, අලූතින් වේදනා ඇති වීම වළක්වාගෙන සුවසේ ධර්ම මාර්ගයේ හැසිරීම පිණිස යි. මේ ජීවිත යාත‍්‍රාව සුවසේ පවත්වා ගැනීම පිණිස යි.” කියා.
‘‘පටිසංඛායෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි. නේව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූසනාය. යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය. ඉතිපුරාණඤ්ච වේදනං පටිභංඛාමි. නවඤ්ච වේදනං න උප්පාදෙස්සාමී. යාත‍්‍රා ච මේ භවිස්සති. අනවජ්ජතාච ඵාසු විහාරෝති.”
මේ සිත දියුණු කර ගන්න කැමති, ශාන්ත සිතක් ඇතිකර ගන්න කැමති ශ‍්‍රාවකයා එ් විදිහට සිහි නුවණ පවත්වනවා. ඊ ළඟට බුදුරජාණන් වහන්සේ වදාළා වැසිකිළි – කැසිකිළි කරද්දි පවා සිහියෙන් ඉන්න ඕනෑ කියා (උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති). එතකොට පේනවා ජීවිතය කියන්නේ එ් එ් ඉරියව් පැවැත්වීමයි. වැසිකිළි කැසිකිළි කරද්දි පවා සිහියෙන් ඉන්න එකේ තේරුම තමයි එතනදිත් අපේ මේ සිත නොමඟ යන්න ඉඩ තිබීම.