ඇංජලෝ episode 01

benq123

Active member
  • Mar 17, 2019
    59
    110
    33
    හැරල්ඩ් රොබින්ස් මහතාගේ "the stallion" නවකතාවේ අනුවාදනයකි.

    1612600458504.png


    පෙර කතාව

    එය 1939 වසරේ ග්‍රීස්මයේ එක්තරා දිනයකි. ස්ථානය ඩෙට්‍රොයිටයේ එකතරා උද්‍යානයකි. හැට වියැති ලෝරන් හාර්ඩ්මන් මහතා හෙදියකගේ උදව්වෙන් තල්ලුවන සිය රෝද පුටුවේ සිට උද්‍යානය හරහා ගමන් කරමින් සිටියේය. ඔහුගේ නෙත ගැටුනේ සිය සෙල්ලම් කාරය පදවමින් සිටි අට හැවිරිදි ඇන්ජලෝවයි. මෙම හුරුබුහුටි සෙල්ලම් කාරය කුඩා දරුවාගේ සීයා විසින් ඉතාලියේදී විශේෂයෙන් ඔහු වෙනුවෙන්ම නිපදවා නිපදවා එවන ලද්දකි.

    ලොරන් මහතා නිරීක්ෂණය කලේ දරුවා කොතරම් උත්සාහ කලත් සෙල්ලම් කාරය ඉතා කුඩා කන්දක්වත් තරණය කිරීමට සමත් නොවන වගයි. "මේක මට හදන්න පුලුවන්." ලොරන් මහතා තමාටම කියා ගත්තේය. ඉන් නොනැවතුනු ඔහු සටහන් පොතක් ගෙන සෙල්ලම් කාරයට වඩා සුදුසු ට්‍රාන්ස්මිශන් පද්දතියක් එහි සටහන් කලේය.

    රෝද පුටුවේ සිටින මෙම වයසක පුද්ගලයා රටේ හතරවන විශාලතම මොටර් රථ නිශ්පාදන ආයතනයේ එනම් බෙත්ලෙහෙම් මෝටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියා වග කුඩා ඇන්ජලෝ දැන සිටියේ නැත. බෙත්ලෙහෙම් ආයතනය නිර්මාණය කල ඔහු එය ප්‍රවෙණි දාසයන් පාලනය කරන නින්දගම් හිමියෙකුසේ දැඩි අයෝමය හස්ථියකින් පාලනය කරමින් සිටි බවද කුඩා ඇන්ජලෝ දැන සිටියේ නැත. ෆෝර්ඩ් ආයතනයේ ආරම්භකයා, පලවන හෙන්(රි) ෆෝර්ඩ් මෙන්ම මෙම වයසක මිනිසාද සිය ගමන පටන්ගෙන තිබුනේ ලෝකුරුවෙකු ලෙසිනි. ඔහු මෙන්ම මොහුද සිය ප්‍රථම මොටර් රථය නිපදවා තිබුනේ තමාගේම දෑතිනි. ඉංජීනේරු කර්මය පිළිබඳ කිසිදු මූලික දැනුමකින් තොරව සිය ප්‍රථම මෝටර් රථය නිපදවූ මේ මිනිසා,කළමණාකරනය පිළිබඳව කිසිදු මූලික දැනුමකින් තොරව ස්ව උත්සාහයෙන්ම බෙත්ලෙහෙම් මොටර්ස්, මොටර් රථ නිෂ්පාදන සමාගමද ඔහු විසින් ගොඩ නඟා තිබුනි.

    මොහු හෙන්(රි) ෆෝර්ඩ්ට සමාන වූයේ ඉහත කරුණුවලින් පමනක්ම නොවේ. මොහුද ඔහු මෙන්ම මාන්නධික, හිතුවක්කාර හා අත්තනෝමතික පුද්ගලයෙකු ද විය. මෙනිසාම, ඇන්ජලෝගේ කුඩා සෙල්ලම් කාරයට අවශ්ය්‍ය බලය සහ වේගය සපයා දීමට ඩොලර් 11,000 ක් සිය ආයතනයෙන් සපයා ගැනීමට මෙම වයසක මිනිසා කිසිසේත්ම පසුබට නොවීය.

    කාලය විසින් ලෝරන් මහතා මහල්ලෙක් හා ලෙඩෙක් බවට පත්කර තිබුනි. එසේම දෙවියන් ඔහුට සලකා තිබෙන ආකාරය පිලිබඳ ඔහුගේ සිතේ තිබුනේ සතුටක් නම් නොවේ. ඔහුගේ පුතා හා පුතාගේ පුතා, එනම් ඔහුගේ මුනුබුරා පිළිබඳ ඔහු පසු වූයේ එතරම් සිත් සතුටකින් නොවේ. ඔහුව හාර්ඩ්මෑන් අංක 1 ලෙසටත් ඔහුගේ පුතා අංක 2 ලෙසටත් මුනුබුරා අංක 3 ලෙසටත් ප්‍රසිද්දියට පත්ව සිටි අතර ඔහු ගොඩනැඟූ ආයතනය අංක 2ට හෝ අංක 3ට භාරදීමට අංක එකට කිසිදු කැමැත්තක් නොවීය.

    කුඩා ඇන්ජලෝ ක්‍රමයෙන් වර්ධනය වූයේ මෙම මහල්ලා සතුවූ චරිත ලක්ෂණ වඩ වඩාත් පෙන්නුම් කරමිනි. මොහුද ඔහු මෙන්ම ශක්තිමත්, ප්‍රභල හා උද්‍යෝගිමත් පුද්ගලයෙකු වූ අතර ඔහු මෙන්ම මෝටර් රථ පිළිබඳ පිබිදුනු සිතැත්තෙකු විය. මෝටර් රථ සැලසුම් කිරීම, නිපදවීම හා වේගයෙන් ධාවනය කිරීම ඔහුගේ මෙන්ම මොහුගේද ප්‍රධාන විනොදාශ්වාදයන් විය. ඔහු මෙන්ම මොහුද තමාට අවශ්‍ය දේ කෙසේ හෝ ලබා ගන්නෙකුද විය.

    මුලින්ම ඔහුට අවශ්‍ය වූයේ මෝටර් රථ ධාවන සූරයෙකු වීමටය. ඔහු එය සපුරාගත්තා පමනක් නොව 1963 වසර වනවිට ලෝක ශේණි ගතකිරීම් අනුව ගෝන් ෆ්‍රී ධාවන ශූරයන් අතර දෙවැන්නා බවට පත්වීමටද සමත් විය. එකල ඔහුට මූණපෑමට සිදුවූ අති බිහිසුණු රිය අනතුර නිසා නොවන්නට ශ්‍රේණි ගතකිරීම්වල ඔහු පළමු තැනට පත්වීමට බොහෝ ඉඩකඩක් තිබුනි.

    මහල්ලා කුඩා ඇන්ජලෝගේ සෙල්ලම් කාරය වැඩි දියුණු කිරීමට සිත් යොමු කරේ ඔහු වෙලාගෙනතිබූ අලස බවින් මදක් හෝ මිදීමටය. ඔහු නිර්මාපකයෙක් විය. නව නිමැයුම් ලෝකයා අතරට ගෙනයාම හා එමගින් ලෝකය ජය ගැනීම ඔහුගේ දිවියේ ප්‍රධාන විනෝදාංශයන් වීය. බෙත්ලෙහෙම් ආයතනය ලෝකයා අතරට ගෙනගිය අතිවිශිෂ්ට පවුලේ වාහනයක් වූ 'සන්ඩාන්සර්' මෝටර් රථය ඔහුගේම නිර්මාණයක් විය. 1969 වසර වනවිට ඔහුගේ හිතේ ඇඳී තිබුනේ ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථයක් නිපදවීමේ සිහිනයයි. ඔහු එය සිය මිණිබිරියගේ නමින්, එනම් 'බෙට්සි' යනුවෙන් නම් කිරීමට ඇයට පොරොන්දුවක්ද දී තිබුනි.

    බෙට්සි සිහිනය සැබෑ කරගැනීමට ඔහු සිය විශ්වාසය තැබූයේ මෝටර් රථ ඉංජීනේරුවෙකු මෙන්ම මෝටර් රථ ධාවන සූරයෙකුද වූ ඇන්ජලෝ පෙරීනෝ කෙරෙහි පමනි. අනතුර නිසා දැඩිලෙස හානී වී තිබූ ඇන්ජලොගේ මූණ ප්ලාස්ටික් සැත්කමකින් නැවත යතා තත්වයට පත් කිරීමට මහල්ලා සිය ආයතනයේ මුදල් යොදවා ඇන්ජලෝව ස්විට්සර්ලන්තයට පිට කර හැරියේය. නැවත පැමිනි ඇංජලෝව, මහල්ල ඩෙට්‍රොයිටයේ සිය ආයතනයට යොමුකලේ බෙට්සි රථය නිපදවීමට අවශ්‍යය සියලු සම්පත් හා බලතල ඇංජලෝ වෙත නිර්ලෝභීව පවරා දෙමිනි.

    ඒ වනවිට දෙවැන්නා සිටියේ පරලොව ගොසිනි. තෙවැන්නා පළමුවැන්නා හා සටන් කරමින් සිටියේ බෙත්ලෙහෙම් ආයතනය මුලුමනින්ම සියතට ගැනීමටය. තෙවැන්නාගේ විශ්වාසය වූයේ බෙත්ලෙහෙම් ආයතනයේ අනාගතය මෝටර් රථ නිපදවීම මත නොව විදුලි උවාරණ නිපදවීම මත රඳා පවතින බවය. බෙත්ලෙහෙම් ආයතනය ඔහුගේ ග්‍රහණයෙන් මිදී කොහෙන්දෝ ආ ඇංජලෝගේ ග්‍රහණයට නතුවීම ඔහුට කිසිසේත්ම දරාගත් නොහැක්කක් විය. ඇංජලෝ සාධකය ඉවත් කරවාලීමට වරක් ඔහු මැරයන් යොදවා ඇංජලෝට පහර දීමට තරම් දුරදිග ගියේය.

    ඇංජලෝ, මැර ප්‍රහාරයකින් බියට පත්වී සියල්ල අත්හැර පලායන දුර්වලයෙකු නොවීය. තෙවැන්නගේ අවාසනාවට ඔහු අත නොහැර සටන් කරන්නෙකු විය. මෙයින් සිදු වූයේ ඇංජලෝ වඩ වඩාත් කෝපයට පත්වීම පමණි. කෝප වූ ඇංජලෝ, බෙත්ලෙහෙම් ආයතනයේ කොටස් හිමියන්ගේ රැස්වීමේදී තුන්වෙන්නා පරදවා මහල්ලගේ එනම් පළමුවෙන්නාගේ අයිතීන් රැක දීමට කටයුතු කලේය.

    ඇංජලෝ තමාවෙත ගෙනදුන් ජයග්‍රහණයෙන් උදම් වූවත්, සිය මුනුබුරාගේ පරාජය මහල්ලාගේ සිත් නොගත්තේය. ඔහුට අනුව ඇංජලෝ වනාහි වහා ඉවත්කලයුතු සාධකයක් විය. ඇංජලෝව සේවයෙන් පහ කල මහල්ලා ඉන් නොනැවතී ඔහුට බෙත්ලෙහෙම් ආයතන පරිශ්‍රයට ඇතුලුවීමද සපුරා තහනම් කලේය.

    නමුත් ඇංජලෝ පෙරීනෝ හා හා(ර්)ඩ්මාන් පවුල අතර පවතින දෛවෝපගත අවාසනාවන්ත ගණුදෙනුව මින් නොනවතින බවට මේ වනවිටත් කරුණු පෙළ ගැසෙමින් තිබිණි.

    මීළඟ කොටස ලඟදීම බලාපොරොත්තුවන්න....
     

    benq123

    Active member
  • Mar 17, 2019
    59
    110
    33
    වර්තමානය

    පලමු දිග හැරුම....

    1612856659031.png


    ඇංජලෝගේ පියා, වෛද්‍ය ජෝන් පෙරීනෝ මහතා සිය රතු වයින් වීදුරුව එසවූයේ සව්දිය පිරීමකටය. ඔහු හා කෑම මේසයට එක්ව සිටියේ ඔහුගේ බිරිඳ ජෙනී පෙරීනෝ මහත්මිය, ඇංජලෝ හා සින්ඩි මොරිස් මෙනවියයි.

    "ඇංජලෝ, සින්ඩි මම ඔයාලට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා." වෛද්‍යවරයා පැවසුවේය. "ඇංජලෝ, ඔයාව රස්සාවෙන් අස් කරපු එක හොඳ දෙයක් විදියටයි මමනම් දකින්නෙ. හාර්ඩ්මන්ල වෙනුවෙන් ඔයා නාස්ති කරපු කාලය හොඳටම ඇති. තුන්වෙන්නාත් එයාගෙ සීය, පළවෙන්නා වගේම මහ කුහක මිනිහෙක් විදියටයි මම නම් දකින්නෙ. ඔයා එයාලගෙන් ගැලවෙච්චි එක ලොකුම ලොකු දෙයක්".



    "ඒක නම් ඇත්ත." ඇංජලෝද කතාවට හවුල්වෙමින් කීවේය. ඔහු වයින් පානය කලේ මුඛයේ එක් පැත්තක් පමනක් භාවිතා කරමිනි. මැර ප්‍රහාරයේ ප්‍රථිපලයක් ලෙසට බිඳුනු ඔහුගේ වම් හක්ක තවමත් රැඳී තිබුනේ වෛද්‍යවරුන් යෙදූ වයර් මඟිනි. වම් තොලද තිබුනේ ඉදිමී, තඩිස්සිවීය.



    "අම්මේ, තාත්තේ... අපි තීරණය කලා විවාහ වෙන්න." සින්ඩි පැවසුවේ තවත් සව්දිය පිරීමකට මුල පුරමිනි.



    ජෙනී පෙරීනෝගේ කම්මුල දිගේ සතුටු කඳුළු වැගිරුනි. උපතින් කතෝලික තරුණියක නොවූවත්, සින්ඩි ඇයගේ ලේලියවීම ඇය ඉහලින්ම අනුමත කලාය. මෙම ප්‍රියමනාප තරුණිය සිය පුතුට වඩාත් ගැලපෙන බිරිඳ බව ඇය තේරුම්ගෙන සිටියාය.



    පවුලේ චාරිත්‍ර වාරිත්‍ර අකුරටම පිළිපදිමින්, ඇය මෙම සතුටුදායක අවස්තාවේ, සියලුදෙනාගේ, පිඟන්වලට උවමනාවටත් වඩා වැඩියෙන් ආහාර බෙදමින් පසුවූවාය.



    "අපි මේ මගුල ජයටම ගන්න ඔනේ." ඇය පැවසුවාය.



    "අපි හිතුවේ හැම දෙයක්ම චාමෙට කරන්න." "අපි හිතාගෙන ඉන්නවා මගුල ඉවරවෙලා යුරෝපයේ සංචාරයකට යන්න. ඒ ගමන්ම ඩොක්ටර් හාන්ස්ව මුනගැහිල, මූණට වෙලා තියෙන හානිය හරිගස්සගන්නත් ඕනි." ඇංජලෝ පවසන්නට විය. "මගේ නියම මූණ ආපහු ලබාගන්න උත්සාහ කරන්න ඕනි".



    තෙවසරකට පෙර පළවෙන්නාගේ බලවත් පෙරැත්තය නිසාම, ඇංජලෝ ස්වීට්සර්ලන්තයට ගියේ වාහන අනතුර නිසා විරූපී වී තිබූ සිය මුහුණ නැවත සකසා ගැනීමටය. එවර, ඔහුගේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා සිය මනාපය පරිදි ඇංජලෝට වඩාත් තරුණ පෙනුමැති මුහුණක් ලබා දීමට කටයුතු කර තිබුනි. වෛද්‍යවරයා සිය ශල්‍ය සැත හා නිර්මාණ හැකියාව උපයෝගී කරගනිමින්, ඇංජලෝගේ හතලිස් හැවිරිදි මුහුණ විසි හැවිරිදි මුහුණක් බවට පරිවර්ථනය කර තිබුනි. නමුත් මෙවර ඔහුට උවමනා වූයේ වයසට ගැලපෙන මුහුකුරා ගිය මුහුණකි. මැර ප්‍රහාරය නිසා මුහුණට සිදු වී තිබූ හානිය නැවත සකසා ගැනීමේදී එම අරමුණද ඉටු කර ගැනීම ඇංජලෝගේ අභිප්‍රාය විය.



    "එක අවුරුද්දකදීම වෙනස්කම් මහ ගොඩක්" වෛද්‍ය පෙරීනෝ පවසන්නට විය. "මට නම් විශ්වාසයි හැමදේම හොඳ අතට සිද්ද වෙයි කියලා."



    "සමහර වෙනස්කම් වලට ඔයාල කැමතිවෙයිදත් මන්ද" ඇංජලෝ පවසන්නට විය. "අපි තීරණය කලා ඩෙට්‍රොයිටය අතඇරල යන්න. සින්ඩියි මමයි ගොඩක් කතාබහ කරල තමා මේ තීරණයට ආවෙ. කොහොම නමුත් අපි මෙහෙන් ය්න එකනම් ස්ථිරයි"



    "ඒ උනත් අපිට ඔයාලව බලන්න එන්න පුළුවන්නෙ?" ඇංජලෝගේ මව ඇසුවාය.



    "ඔව්. ඒ විතරක් නෙවෙයි. අපිත් එනවා ඔයාලව බලන්න, නිතරම. සමහරවිට අපි එන එක එපාවෙන තරමටම" සින්ඩිද කතාබහට එකතුවෙමින් පැවසුවාය.



    "ඔයාල ළමයි හදනවනෙ?" ඇංජලෝගේ මව නැවත ඇසුවේ මුවපිරි සිනාවක්ද සමගිනි.



    "අඩුම ගානෙ හයක් හතක්වත්" සින්ඩිද සිනාවක් සමඟම පිළිතුරු දුන්නාය.



    "ඇයි ඔයාල ඩෙට්‍රොයිටයට කැමති නැද්ද?" වෛද්‍ය පෙරීනෝ විමසන්නට විය.



    "ඩෙට්‍රොයිටය කියන්නෙ, කුණුවෙච්චි, මහ භයානක ප්‍රදේශයක්. ඇංජලෝ පිළිතුරු දුන්නේය.



    "හැමදෙයක්ම කාලයත් සමඟ වෙනස් වේවි." වෛද්‍යවරයා පවසන්නට විය.



    "සමාවෙන්න මෙහෙම කිව්වට. මේක ඔයාල ඉපදුන නගරය තමයි. නමුත් අපිට මෙහෙ අතහැරල යන්න එකක් නෙවෙයි හේතු කීපයක්ම තියෙනවා. මම හිතන්නෙ නිව්යෝර්ක් තමා අපිට හරියනම ටවුන් එක. ඇත්තම කියනවානම් මටනම් මේ ටවුමෙ ඉන්න එක ඇතිම වෙලා තියෙන්නෙ" සින්ඩි පැවසුවේය.



    ඇංජලෝ සිනාසෙන්නට විය. "අපිට මෙහෙන් යන්නම වෙනවා. මට කොහොමත්ම බැරිවෙයි සින්ඩිගෙ හිත වෙනස් කරන්න."



    "ඔයා කොහෙත්ම එහෙම කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. මමත් හිතනවා ඔයාල ගත්ත තීරණේ හරි කියල." ඇංජලෝගේ මව පැවසුවාය.



    "ඒකනෙවෙයි.. ඇංජලෝ ඔයාට මතකද ඔයාගෙ සීයව; ඇංජලෝ?"



    "මොකද නැත්තෙ අම්මෙ. මට හොඳට මතකයි."



    කොහොම උනත් ඔයා එයාව බලන්න සිසිලියට නොගිය එකනම් වැරදියි. දැන් ඉතින් ඔයාට එයාව මුනගැහෙන්න වෙන්නෙ දිවිය ලෝකෙදි තමයි. මමනම් හිතන්නෙ ඔයා සිසිලියටත් ගිහින් එහෙ ඉන්න ඔයාගෙ නෑදෑයො....."



    "නෑ...නෑ... මමී.." වෛදයවරයා බාදා කරන්නට විය. "අපි දැන් ඒ සම්බන්දතා අතඇරපු ගානටනේ ඉන්නෙ. ඒ නිසා සින්ඩියි ඇංජලෝයි කොහෙත්ම සිසිලියට යන්න ඕනි නෑ."



    "මගේ සීයා කාලෙකට ඉස්සෙල්ලා මෙහෙ ඉඳලා සිසිලියට පිටුවහල් කලාලු." ඇංජලෝ සින්ඩිට විස්තර කරන්නට විය. "එයා මෙහෙ ප්‍රසිද්ද වෙලා ඉඳල තියෙන්නෙ නොම්බර එකේ පාතාල නායකයෙක් විදියට"



    "මගේ සීයාත් සිටුවර හොරෙක්. ඒකනෙ එයාට පුලුවන්වෙලා තියෙන්නෙ අසාමාන්‍ය විදියට සල්ලි හම්බ කරන්න!!" සින්ඩිද කතාබහට එක් වෙමින් පවසන්නට විය.



    "ඔයාගෙ දර්ශනේනම් හරිම අපූරුයි; සින්ඩි" ඇංජලෝ කීවේය.



    "ඇංජලෝ, දැං අනුන්ගෙ දර්ශන ගැන හිතපු කාලෙ හොඳටම ඇති. දැං ඇවිත් තියෙන්නෙ ඔයාටම කියල දර්ශනයක් ගොඩනඟා ගන්න සුදුසුම කාලෙ. බලන්න, ඔයා හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සෙ මොකද කලේ රේස් පැද්ද. ඒක ඉවර උනේ මරණය ළඟටම ගිහින්. ඊට පස්සෙ අනුන් වෙනුවෙන් කාර් හැදුව. අර කොහෙවත් ඉන්න නාකි මිනිහෙකුගෙ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා එයාට එයාගෙ කොම්පැනිය බේරල දුන්න. හොඳට හිතල බලන්න. ඒක එයාගෙ මිසක් ඔයාගෙ කොම්පැනිය නෙවෙයි. ඒක ඉවර උනේ මැරයන්ගේ ගුටිකාල, ආපහු පාරක් මරණය ළඟටම ගිහින්. යාන්තං ඒකෙනුත් ගැලවිච්චි. දැංවත් ඔය විකාරවැඩ අතඇරල ඔයා වෙනුවෙන්, ඔයාට ආදරය කරන අය වෙනුවෙන් යමක් කරන්න පටන් ගන්න. මේක තමා ඒකට හොඳම අවස්තාව. " ඇංජලෝගේ මව පැවසුවාය.



    .....


     

    benq123

    Active member
  • Mar 17, 2019
    59
    110
    33
    "දෙවියනේ!!! එයාල ඔයාට හොඳටම පහර දීලනෙ." බෙට්සි වෑන් ලුඩ්විග් ඇංජලෝගේ පහර කෑමට ලක්වූ මුහුණ හොඳින් නිරික්ෂමින් පැවසුවාය. ඇංජලෝ හා සින්ඩි සිටියේ බෙට්සිගේ ඇම්ස්ටර්ඩෑම් නිවසේ ආලින්දයේ වාඩි වී ඇය හා සුහද කතාබහක නිරත වෙමිනි.



    "ඔව්! මේක සාමාන්‍ය පහර දීමකට වඩා එහා ගිය දෙයක් එලිසබෙත් මෙනෙවිය." ඇංජලෝ පැවසුවේය.



    "ඇංජලෝ, මම ඔයාට කියල තියෙනවා මට එලිසබෙත් කියන්න එපා කියලා. තව එක පාරක් හරි ඒ නම කිව්වොත් මම ගහනව අතට අහුවෙන එකකින්. ඔයා මං වෙනුවෙන් කාර් එකක් හැදුව. ඒකෙ නමත් බෙට්සි. ඉතිං ඇයි ඔයාට මට බෙට්සි කියල කතා කරන්න බැරි?"



    "මං දන්නෙ නෑ. එතකොට මට හිතෙන්නෙ මම කාර් එකකට කතා කරනවා වගේ." ඇංජලෝ කීවේය.



    "ඒක මගේ නම ඇංජලෝ! කරුණාකරල ඒක පාවිච්චි කරන්න" බෙට්සි පැවසුවාය. "ඉතිං කවද්ද දැං ස්විට්සර්ලන්තෙට යන්න හිතාගෙන ඉන්නෙ?"



    "වෛද්‍ය පෙරීනෝ කියන්නෙ ප්ලාස්ටික් සැත්කමට කලිං තුවාලටික හොඳ කරගෙන ඉන්න ඕනෙ කියලා. අපි ලංඩන්වල මාසයක් හිටිය. දැං ඇම්ස්ටර්ඩෑම් වල සති දෙකක් ඉන්නවා. ඊට පස්සෙ රිවේයිරා.. එහෙත් ටික කාලයක් ඉඳල ස්විට්සර්ලන්තෙට යනවා සැත්කමට". සින්ඩි පැවසුවාය.



    "මම ප්‍රාර්ථනා කරනවා සැත්කම සීයට සීයක්ම සාර්ථක වෙන්න කියලා." මැක්ස් වෑන් ලුඩ්විග්ද කතාබහට එකතු වෙමින් පැවසුවේය.



    බෙට්සි, මැක්ස් හා විවාහ වූයේ ඇගේ දරුවාට නීත්‍යානුකූල පියෙකි අවශ්‍යවූ නිසාම පමනි. ඔවුන්ගේ විවාහය හාර්ඩ්මෑන්ලාගේ මුදල්වල බලය නිසා සිදුවූ අමුතුම ආකාරයේ විවාහයක් විය. බෙට්සිට දරුවාට නීත්‍යානුකූලභාවයක් ලබාදී ටික කලකින්, ඔවුන් දික්කසාදවනු ඇත. මැක්ස් නැවතත් ඔහුගේ පෙර බිරිඳවම විවාහ කරගනු ඇත. ඇංජලෝ මේ සියල්ල හොඳින් දැන සිටියේය.



    කෙසේ නමුත්, මැක්ස් ඉතා හොඳ පුද්ගලයෙකු බව ඇංජලෝට පෙනී ගියේය. දරුවාගේ නියම පියාද ඔහුම විය. නිවැරදිම දේ මෙයබව ඔහුද සිතුවේය. ඔහුගේ පෙර බිරිඳ සිය නිවසේ රඳවා, ඔහු බෙට්සි සමඟ වෙනමම නිවසක පදිංචි වී සිටියේය. එය දාහත්වන සියවසේදී පටන් පැවත එන ඉතාම සුඛොපභෝගී නිවසක් විය.



    බෙට්සි, විසිවන වියේ පසුවූ අති සුන්දර තරුණියක් විය. එවන් තරුණියක හා එක්ව වසන මැක්ස්, සිය පොරොන්දුව ප්‍රාකාරව, මෙම විවාහය අවසන් කර, නැවතත් සිය පළමු බිරිඳ වෙතට යනු ඇත්ද යන්න සින්ඩිගේ සිතේ හොල්මං කල ප්‍රධානතම ගැටලුව විය.



    බෙට්සි, ඉතාම සුඛොපභෝගී දිවි පෙවෙතකට උරුමකම් කියන හා ඉතා විනෝදයෙන් කාලය ගත කරන තරුණියක බවට සාධක බොහොමයක් එම නිවසෙන් දැක ගැනීමට සින්ඩී සමත් විය. ඇය වටා ලෝකය කෙසේ භ්‍රමනය වූවත්, ඇගේ ජීවන රටාව වෙනස් කිරීමට කිසිවක් සමත් නොවනු ඇතිබව සින්ඩී වටහා ගත්තාය.



    නව යුවල මීළඟට සිදුකලේ බෙට්සී හා ඔහුගේ සැමියා සමඟ ඔවුන්ගේ දරුවා බැලීමට යාමයි. තවමත් දෙමස් හැවිරිදි වියේ පසුවූ දරුවාගේ නියම නම ලොරෙන් වෑන් ලුඩ්විග් වූවත්, බෙට්සි ඔහු ඇමතුවේ හතරවෙන්නා ලෙසිනි. දරුවාගේ කටයුතු බලා කියා ගැනීමට ඒ වනවිටත් පළපුරුදු කාන්තාවකගේ සේවය ලබා ගැනීමට බෙට්සි කටයුතු කර තිබුනි. දරුවා දැක බලා ගැනීමෙන් පසු ඔවුන් නැවතත් ආලින්දයට පැමිණියහ.



    "අපි අද රාත්‍රියේ ඔයාල වෙනුවෙන්, රිජෙස්ටෆෙල් අවන්හලේ මේසයක් වෙන් කරල තියෙනවා. ඒක තමා මෙහෙ තියෙන විශිෂ්ඨතම ලන්දේසි අවන්හල" මැක්ස් නැවතත් කතාබහට අවතීර්ණ වෙමින් පැවසුවේය.

    ......

    රිජෙස්ටෆෙල් අවන්හල පිලිබඳ මැක්ස් පැවසූයේ අතිෂෝක්තියක් නොවනබව වටහා ගැනීමට ඇන්ජලෝට වැඩි වේලාවක් ගත නොවීය. ඇත්තෙන්ම එහි ආහාර ඉතා රසවත් වීය.



    "ඇංජලෝ, ඔයාගේ අනාගත සැලසුම් මොනවද?" බෙට්සි විමසුවාය.



    "මට තෝරා ගැනීම් කීපයක්ම තියෙනවා. බෙත්ලෙහෙම් එකේ මගේ කොටස්වල වටිනාකම විතරක් ඩොලර් මිලියන හයක් විතර වෙනවා. සමහරවිට ඒ ටික විකුණලා දාන එක මගේ පළවෙනිම සැලසුම වේවි."



    "අපෝ ඒකනම් කරන්න එපා. ඔයාට විකුණන්නම ඔනිනම් මට විකුණන්න. මම කොහොම හරි සල්ලි හොයා ගන්නම්. ඔයා ඒ කොටස් ටික ගත්තෙ ඩොලර් මිලියනයකට නේද?"



    "බෙට්සි, ඔයා ඒකත් දන්නව එහෙනම්"



    "මොකද මම නොදන්නෙ. සීය ඒ කොටස් ටික ඔයාට දුන්න කියල දැනගත්තහම මගේ තාත්තට හොඳටම තරහ ගියා. එයා කැමති නෑ එයාගෙ ආයතනයේ කොටස් අපේ පවුලෙන් පිට අය අතට යනවට"



    "ඔයාගෙ සීයට ඕනි උනේ බෙට්සි කාර් එක කොහොම හරි හදන්න. ඔයාගේ තාත්ත ඒකට සල්ලි යොදවන්න අකමැති වෙච්චි නිසා සීයට සිද්ද වුනා විකල්ප ක්‍රියාමාර්ග වලට යන්න. හැබැයි ඒ ඔයාගේ සීය අතට ආපහු බෙත්ලෙහෙම් එකේ පාලනය ලැබෙන්න කලින්"



    "ඔයාට තියෙන අනිත් විකල්ප මොනවද ඇංජලෝ?" මැක්ස් විමසුවේ ඇතිවෙමින් තිබූ කතා බහ වෙනත් අතකට යොමු කිරීමේ අටියෙනි.



    "මට කෙලින්ම තරඟෙට බහින්න පුලුවන්. මට වෙනත් ආයතන වලින් ඉල්ලීම් ඇවිල්ල තියෙනවා, එයාලත් එක්ක සම්බන්ධ වෙන්න කියලා." ඇන්ජලෝ පිළිතුරු දුන්නේය.



    "වෙච්චි හැම දෙයක්ම ගැන සලකලා බලද්දි ඔයා ඒ විකල්පෙනම තොරා ගනී කියල මම නම් හිතන්නෙ නෑ." බෙට්සි නැවත කතාවට එක් වෙමින් පැවසුවාය.



    "ඔව්. එහෙම උනොත් අපිට ආපහු ඩෙට්‍රොයිටයේම පදිංචි වෙන්න සිදුවේවි. ඒකනම් කොහොමටත්ම කරන්න බෑ." සින්ඩි පැවසුවාය.



    "අපිට අවසාන තීරණයකට එන්න තව ගොඩක් කල් තියෙනවා. අපි ආපහු ඇමරිකාවට යන්නෙ ඔපරේෂන් එක ඉවරවෙලා, සම්පූර්ණ සුවයක් ලැබුනට පස්සෙ" ඇංජලෝ පැවසුවේය.



    "ඔයාල එච්චර කාලයක් යුරෝපයේ ඉන්න සැලසුම් කරල තියෙනවනම්, ආපහු සැරයක් අපේ ගෙදරටත් ඇවිත් යන්න එන්න." මැක්ස් නැවතත් කතාවට අවතීර්ණ වෙමින් පැවසුවේය.



    "මැක්සුයි මමයි තව වැඩි කාලයක් එකට ඉන්න එකක් නෑ. අපි අපේ සැලසුම අනුව ලඟදීම දික්කසාද වෙනවා." බෙට්සි කිසිදු අපහසුවකින් තොරවම කියා දැම්මාය.



    "ඔව්. නමුත් ඒක ඉදිරි මාස දෙක තුනේදී වෙන දෙයක් නම් නෙවෙයි." මැක්ස් පැවසුවේය.



    "ඔව්." බෙට්සි පවසන්නට විය. "කොහොමටත් ඉදිරි මාස දෙකතුනේදි අපි එකට ඉඳීවි".



    ...........



    අවන්හලෙන් පිටවූ පසු සින්ඩිට අවශ්‍යය වූයේ, ඇම්ස්ටර්ඩෑමයේ, සුප්‍රසිද්ද "රෙඩ් ලයිට් දිස්ත්‍රික්කය" කොටස නැරඹීමට යාමටයි. එය ආසන්න දුරක පිහිටි නිසා පා ගමනින් එහි යාමට සියල්ලෝ එකඟ වූහ. එම කොටස නගරයේ ගණිකාවන් හා ඒ ආශ්‍රිත ව්‍යාපාරවල නිරතවෙන්නන් හට වෙන්ව තිබෙන කොටස විය.එහි සිටි බොහොමයක් කෙල්ලන් එක්කෝ මාවතේ එහෙ මෙහේ යමින් හෝ දොරවල් අසල සිට ඉඟි බිඟි පාමින් පසුවූහ. බොහොමයක් දෙනා කබායකින් පමනක් සිය විලි වසාගෙන සිටි අතර, සමහරක් කෙල්ලන් ආලෝකකර තිබූ ජනෙල් අසල සිට විවිධ අනඟ රැඟුම් පෑහ.



    "ඔයාල හිතනවට වඩා මේ ව්‍යාපාරය සදාචාරසම්පන්නයි. මැක්ස් දොඩන්නට විය."මෙහෙ ඉන්න අයගෙන් හැම හතරදෙනෙකුටම හෝ පස්දෙනෙකුටම එක්කෙනෙක් සිවිල් ඇඳුමෙන් ඉන්න පොලිස් නිළධාරියෙක්. එයාල හරියටම නීතිය ක්‍රියාත්මක කරනවා. මේ කෙල්ලො කාටවත් බෑ ගනුදෙණු කාරයො ළඟට ගිහින් ගණුදෙණු කතා කරන්න. ගණුදෙණුකාරයො ස්ව කැමැත්තෙන් එයාලා ගාවට යන්න ඕනෙ. ගණුදෙණුකාරයා තමයි කතාව පටන් ගන්න ඕනෙ. හැබැයි ඉතින් කෙනෙක් වෙලාව ඇහුවත් මේ කෙල්ලො තමන්ගෙ මිල කියාවි"



    ඔවුන් සංචාරක ජෝඩු දෙකක් බව පැහැදිලිවම දිස්වූ නිසා කිසිවෙක් ඔවුන්වෙතට ලඟා වීමටවත් උත්සාහ නොගත්හ. මෙමෙ පෙදෙස බොහෝ සංචාරකයන් ගැවසෙන, සංචාරකයන්ගේ ආකර්ශණය ඉහලින්ම දිනාගත් පෙදෙසක් විය.



    ඔවුන් රතු දිස්ත්‍රික්කය හරහා ගමන් කරද්දී මද වැස්සක් කඩා හැලෙන්නට විය. දෙපස සිටි කෙල්ලන්ගෙන් සමහරක් කුඩ ඉහලාගත් අතර සමහරුන් තොප්පි පැළඳ ගත්හ. නමුත් කිසිඅ කෙල්ලක් සිය ව්‍යාපාරික ස්ථානය අතහැර ආවරණ සොයා නොගියහ.



    මැක්ස්, සින්ඩි අසලින් ගමන් කරමින් සිටි අතර බෙට්සි සහ ඇංජලෝ ඊට මදක් පිටිපසින් ගමන් කරමින් සිටියහ.



    "මම හිතුව ඔයා මා වෙනුවෙන් බලා ඉඳීවි කියලා"බෙට්සි පවසන්නට විය.



    "බලා ඉඳීවි කියල?"



    "ඔව්. හරිනම් ඔයා තමා හතරවැන්නගෙ තාත්ත වියයුතුව තිබුනෙ."



    "බෙට්සි......" ඇංජලෝ තතනන්නට විය. "එහෙම දෙයක් උනානම් මුලු හාඩ්මාන් පවුලම මා එක්ක වෛර බැඳ ගනීවි"



    "ඔයාට වගේම මටත් එයාලගෙ වෛරය ගනන් නොගත යුතු තරම් සුළු දෙයක්"



    "නමුත් බෙට්සි... ඔයාගෙ සීය ගැන ඔයා ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනි. ඔයා දන්නෙ නෑ එයාට කෙනෙක් මර....."



    "මරණ එක උනත් සුළු දෙයක්" ඇංජලෝ තතනද්දී බෙට්සි ඔහු වෙනුවෙන් වාක්‍යය සම්පූර්ණ කලාය. "ඇත්තටම එහෙම දෙයක් උනානම් වැඩියෙන්ම වෛර බඳින්නෙ සීය නෙවේ.. මගේ තාත්ත. මට ඇහිල තියෙනවා ඔහු කියනවා ඔයාගේ සීය හොර අරක්කු වෙළෙන්දෙක් කියලා. එයා අපේ සීයටත් අරක්කු ජාවරම් කරල තියෙනවලු. අපේ තාත්තට මතක නෑ අපේ සීයත් කාලෙකට කලින් ලෝකුරුවෙක් කියලා. ලෝකුරුවෙක්, හොර අරක්කු වෙළෙන්දෙක්ට වඩා හොඳ වෙන්නෙ කොහොමද කියල මටනම් තේරෙන්නෙ නෑ. ඒක නෙවෙයි, ඇංජලෝ, ඇත්තෙන්ම ඔයාගෙ සීය හොර අරක්කු ජාවාරම්කාරයෙක්ද?"



    "ඔව්. ඒක ඇත්ත. එයා ඔයාගේ සීයට සපයල තියෙන්නෙ හොඳම අරක්කු"



    "මගේ සීය වැඩියෙන්ම දුක්වෙන්නෙ එයා රෝද පුටුවට වෙච්චි එකටත් වඩා එයාට තවදුරටත් කැනේඩියානු විස්කි බොන්න නොලැබෙන එක ගැන."



    "ඒක ගැනනම් මටත් කණගාටුයි"



    "ඇංජලෝ එහෙනම් ඔයා විවාහ උනා. මට වෙලාවකට ඒක විශ්වාස කරන්නත් බෑ. එයාට දරුවෙක් ලැබෙන්නවත්ද?"



    "නෑ..නෑ.. අපි තාම ඒ ගැන හිතලවත් නෑ."



    බෙට්සි, ඔහුගේ අතගෙන එය වේගයෙන් සෙලෙව්වේය. "ඇංජලෝ පෙරීනෝ, මම තීරණය කරල ඉවරයි. මම කවදහරි දවසක ඔයාගෙන් දරුවෙක් හදා ගන්නවා."



    "බෙට්සිට ඕනි මොනවද බෙට්සි ඒක ගන්නවා" ඇංජලෝ සෙමෙන් ගායනා කලේය.



    "ඉතින් පුංචි මනුස්සයෝ බෙට්සිට ඕනි ඔයාවයි" බෙට්සි ඇංජලෝගේ ගායනයට තවත් පදයක් එකතු කලේය.



    "හැබැයි ඉතිං ඔයාට සින්ඩිගෙන් අවසර අරන් ඉන්නව්වෙයි" ඇංජලෝ සිනාසෙමින් පැවසීය.



    ........


     

    benq123

    Active member
  • Mar 17, 2019
    59
    110
    33
    මේ ඇංජලෝගේ තුන්වන මුහුණයි. ඔහුගේ පළමු මුහුණ රේස් කාර් අනතුර නිසා සම්පූර්ණයෙන්ම විනාශ විය. දෙවනවරට ලැබුණ මුහුණ ඩෙට්‍රොයිටයේ අඳුරු මාවතකදී සිදුවූ මැර ප්‍රහාරය නිසා විනාශ විය. කෙසේ නමුත් එම දෙවන මුහුණ ඇංජලෝගේ සිත් ගත්තක් නොවීය. වෛද්‍ය හාන්ස් විසින් එවර ඔහුට ලබා දී තිබුනේ වයසට නොගැලපෙන තරම් තරුණ මුහුණක් වීම එයට හේතුවයි.



    මුහුණවටා ඔතා තිබූ සැරහුම් පළමුවරට ඉවත් කරන අවස්ථාවේදී කාමරය තුල තමා සිටිය යුතුම බවට සින්ඩි අවධාරණය කොට කියා සිටියාය. කෙසේ නමුත් එය යථා තත්වයට පත්වීමට තවත් කෙටි කලක් ගත්වනු ඇතිබවට වෛද්‍යවරයා ඇයට මුලින්ම දැණුම් දී තිබුනි.



    "අම්මෝ!! එයා හරියට අව්වට පිච්චිච්ච නාකි සුද්දෙක් වගේනෙ!" ඇංජලෝගේ නැවිම් මුහුණ පළමුවරට දුටු සින්ඩි පැවසුවාය.



    "ඔව්." වෛද්‍යවරයා පවසන්නට විය. "ඒක තාම රතු පාටයි... නමුත් තව සතියකින් සියල්ල හරියාවි"



    සතියක කාලයකින් ඇංජලෝගේ මුහුණ යථා තත්වයට පත්ව තිබුණි. එය ඔහු උපතින් ගෙන ආ මුහුණම නොව්නත් ඔහුගේ නියම වයසට වඩාත් ගැලපෙන්නක් විය. එය කඩවසම් මුහුණක්ද විය. නමුත් ඔහුගේ දෙවන මුහුණ තරම් අනවශ්‍ය ආකර්ශණයක් එහි නොවීය.



    "මම කැමතියි ඔයාගෙ අළුත් මූණට" සින්ඩි පැවසුවාය.



    ඇංජලෝට අවශ්‍යය වූයේ ඇගේ අනුමැතිය පමණි.



    යුරෝපය පුරා සැරිසරමින් විනොද වද්දී, කිසිදු බාහිර බලපෑමකින්, අඩුම තරමින් දුරකථන ඇමතුමකින්වත් සිය සංචාරයට බාධාවක් ඇතිනොවන බවට ඔව්හු වග බලා ගත්හ. ඇත්තෙන්ම එම කාලය අතරතුරදීම ඔවුන් පිළිතුරුදී තිබුණේ එකම එක දුරකථන ඇමතුමකට පමනක්ම විය. එය නික්සන් ජනාධිපතිතුමාගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් වූ අතර ඔහු නව යුවලට යහපත් යුගදිවියකට සුභ පැතුම් එක් කර සිටියේය. එසේම, සංචාරයෙන් අනතුරුව රජයේ තනතුරක් භාර ගන්නා ලෙසටද ජනාධිපතිතුමා ඇංජලෝට ආරාධනාකර සිටියේය.



    කෙසේ නමුත්, රෝහලේ කාලය ගත්කරන අතරතුරදීනම් සියලු භාහිර බලපෑම් වලින් මිදී සිටීමට ඔවුනට නොහැකි විය. එම කාලය අතරතුරදී ඇංජලෝට දුරකථන ඇමතුම් ලබාදුන් එක් අයෙකු වූයේ ෆෝර්ඩ් ආයතණයේ ලී ලොකෝකායි. හෙන් රි ෆෝර්ඩ් දෙවැන්නාද ඔහුට සුවය පතමින් මල් කළබක් එවා තිබුණි. ජෙනරල් මෝටර්ස් ආයතනයේ එඩ් කොලේ මෙන්ම ජපානයේ සොඉචිරෝ හොන්ඩා මහතාද ඇංජලෝට සුවය පතා සුබ පැතුම් එවා තිබුණි. ඔවුන් සියල්ලන්ගේම පොදු ඉල්ලීම වූයේ සුවය ලැබීමෙන් අනතුරුව ඔවුන්ව සම්බන්ධ කර ගැනීමයි.



    කෙසේ නමුත් ඔවුන්ගේ සිත් වඩාත්ම ආකර්ශණය කරගත් ඇමතුම ලැබුනේ ලෝක බැංකුවේ රොබර්ට් මැක්නමාරා මහතාගෙන් විය. මෝටර් රථ ඉංජිනේරු හා සැලසුම්කරණ ක්ෂේත්‍ර විශ්ලේෂකයෙකු ලෙස ලෝක බැංකුවට සම්බන්ධ වන ලෙසට ඔහු ඇංජලෝගෙන් ඉල්ලා සිටියේය. එය ඉතාම සිත්ගන්නාසුළු ආකාරයේ රැකියාවක් වියහැකි බව ඇංජලෝගේ මෙන්ම සින්ඩිගේ ද විස්වාශය විය.



    .......



    ඇමරිකාවේ සිය නිවසට සපැමිනි නව යුවලට මුලින්ම සුභ පැතුම් එක් කලේ පෙරීනෝ යුවලයි. සිය පුත් ඇංජලෝගේ නව මුහුණ ඔවුන්ගේ සිත් ගත්තේය. ඉන් අනතුරුව නව යුවල තම හිතවතුන් හමු වෙමින් කාලයක් ගත කලහ. මේ අතර ලී ලොකෝකා, බන්කි ක්නඩ්සන් මෙන්ම එඩ් කෝලේද විය. ඔවුන් සියල්ලෝ ක්ෂේත්‍ර විශ්ලේෂකයෙකු ලෙසට ලෝක බැංකුව හා එක් වීමට ඇංජලෝ ගත් තීරණයට සුභ පැතූහ.



    "ලොකෝකා, ඔයා අලුත්ම කාර් එකක් හදන්න පටන් අරන් කියල ආරංචියි. මොකද්ද ඔයා ඒකට තියන නම? මස්ටෑංග් ද?" ඇංජලෝ විමසුවේ, ලොකෝකා මහතා සමඟ දිවා ආහාරයකට එක් වූ අතරතුරකදීය.



    "ඇංජලෝ!! ඔයා දැනටමත් ඔනවටත් වඩා දන්නව වගේ." ලොකෝකා මහතා අකමැත්තෙන් මෙන් පිළිතුරු දෙන්නට විය. "මමනම් හොඳටම සතුටුවෙනවා ඔයා ලෝක බැංකුව එක්ක එකතුවෙන එක ගැන" ඔහු පවසන්නට විය.



    "නමුත් ලොකෝකා, ඔය ප්‍රොජෙක්ට් එකෙන් ඔයාට ලැබෙන දේ ගැන ඔයා කල්පනා කලාද? ඔයා හිතනවද ඔයාගෙ ලොක්ක, හෑන්ක් ෆෝර්ඩ් ඔයාගේ වැඩ ගැන සතුටු වෙලා ඔයාට නිසි තැන දෙයි කියලා?" ඇංජලෝ විමසන්නට විය.



    ලොකෝකා දෙවුර ගස්සා නිහඬ විය.



    "මොන පිස්සුද" සින්ඩි කතාවට එක් වෙමින් පව්සන්නට විය. "ඔය කාර් එක සාර්ථක උනොත් එයා කියයි ඒක එයාගෙ සැලසුමක් කියල. අසාර්ථක උනොත් ඔක්කොම කුණු ඔයාගෙ පිටේ පටෝල මිනිහ අත් පිහදා ගනීවි."



    "මම ඔයා තරම්ම නෙගටිව් නෑ සින්ඩි" ලොකෝකා මහතා සිනා සෙමින් පවසන්නට විය.



    සින්ඩි, ලොකෝකාගේ අත් අල්ලා ගත්තේය. "අපි ඔට්ටුවක් අල්ලමු." ඇය පවසන්නට විය. "තව අවුරුදු පහකින් අපි දවල් කෑමකට නැවත හමුවෙමු. මට හොඳටම විශ්වාසයි ඒ වෙද්දි ෆෝර්ඩ් සමාගමට ඔයා ටටා කියල තියෙයි කියලා"



    "ඒ වගේම සින්ඩි, ඔයා ඒ වෙද්දි බෙත්ලෙහෙම් මෝටර්ස් සමාගමේ සභාපතිතුමාගෙ බිරිඳ වෙලා තියෙන්නත් පුලුවන්" ලොකෝකා මහතා සිනා සෙමින් පවසන්නට විය.

    ........

    නව යුවල ක්‍රමයෙන් සිය නිව්යෝර්ක් දිවියට අනුගත වෙමින් පසුවූහ. ඔවුන්ගේ මෑන්හැටන් නිවස පිළිවෙලක් වනතුරු, වල්ඩ්‍රොෆයේ තාවකාලික නිවසක දෙදෙනා පදිංචි වූහ.



    දිනක් හැන්දෑවරුවේ සින්ඩි නාන කාමරයට ඇතුළු වූයේ ඇංජලෝට වැදගත් යමක් පැවසීමටය. ඔහු ස්නානයෙන් අනතුරුව, නිරුවතින් කණ්ණාඩිය ඉදිරියේ සිටගෙන සිටියේය. ඔහු සිටියේ සිය නවතම මුහුණ පිරික්ෂමිනි.



    "ඔයා දන්නවද ඕනෙවට වඩා කණ්ණාඩියෙන් මූණ බල බලා ඉන්න පිරිමින්ට අන්තිමට මොකද වෙන්නෙ කියල?" සින්ඩි සිනා සෙමින් පවසන්නට විය. "එයාල අමතක කරල දානව එයාලට ජීවිතේ වැදගත් වෙන අරමුණු මොනවද කියලා"



    ඇංජලෝගේ පසුපසින් ඔහුවෙතට ආ සින්ඩි, ඔහුව තරයේ වැළඳ ගත්තාය. ඔහුගේ පුරුෂ නිමිත්ත ඇගේ දෑතට මැදිව තිබුණි.



    "ඔන්න ඕක නම් මගේ ව්‍යාපාර කටයුතුවලට කිසිම සහයෝගයක් නොදෙන කොටසක්" ඇංජලෝද සිනාසෙමින් පැවසුවේය.



    "ඒ උනාට එයා එයාගේ ජොබ් එක හරියට කරල තියෙනවා" සින්ඩි පවසන්නට විය.



    "දන්නවද ඇංජලෝ, ඔයා තාත්ත කෙනෙක් වෙන්නයි යන්නෙ. මම ඩොක්ටර් කෙනෙක් හම්බ උනා. එයත් ඒක ස්ථිර කරා"



    ඇංජලෝ සිය බිරිඳට මූණලා අනිත් පසට හැරුනේය. සිය බිරිඳ ගැබ්ගෙන ඇතිබව මුල්වරට දැනගන්නා ඕනෑම සෙනෙහෙබර සැමියෙකු මෙන් ඇංජලෝද සින්ඩිව ඉතා මුර්දුව වැලඳගෙන ඇයව ආදරයෙන් සිප ගත්තේ ය.



    සින්ඩි, ඇගේ ග්‍රහණය තවත් වැඩි කලාය. "ඇංජලෝ, මාව කැඩිල බිඳිල යන්නෙ නෑ. එයත් මගේ බඩ ඇතුලෙ ආරක්ෂිතව ඉඳීවි." සින්ඩි පවසන්නට විය. "ඇංජලෝ, මට දැන් ඒක කරන්න ඕනෙ. නවත්තන්න ඕනෙ කාලෙ ආපුවහම මම ඔයාට දැනුම් දෙන්නම්" සින්ඩි සිය සැමියා සිපගනිමින් පැවසුවාය.



    "ම්ම්.... ඔයාට ඕනෙනම් ඉතින් එපා කියන්න මම කව්ද?" සිනාසෙමින් පැවසූ ඇංජලෝද, සිය බිරිඳව සිප ගන්නට විය.

    මීළඟ කොටස ලඟදීම බලාපොරොත්තුවන්න....


    උපුටාගැනීම,
    https://thestorypagesinhala.blogspot.com/