ඇක්සිඩන්ට්!!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,155
    8,149
    113
    M-Town
    ඇක්සිඩන්ට් එකකදි කිසිම වරදක් කරපු නැති ඔබත් අනතුරක් වලක්වා නොගැනීම චෝදනාවට ලක් වෙලා ද ?

    මම මුලින්ම මේ උපදෙස් උපදෙස් මාලාව හරහා ලබා දීමට බලාපොරොත්තු වන්නේ රථ වාහන නීතිය සම්බන්ධව .ඊට හේතුව විදියට මම දකින්නේ කිසි දවසක අධිකරණයකට යෑමට හිතලවත් නැති අයට පවා තමන් කිසිදු වරදක් කර නොමැති අවස්ථාවක පවා රථ වාහන වැරදි වලට විත්තිකරුවන් වෙලා අධිකරණයට යන්න සිද්ධවෙලා තියනවා.ඒ වගේ ගොඩක් අවස්ථාවලදී රියදුරන් කියන්නේ තමන්ගේ අතේ කිසිම වරදක් තිබුන් නැති බව .ඒ වගේ අවස්ථා වල ගොඩක් වෙලාවට නගල තියන චෝදනාව තමයි "අනතුරක් වලක්වා නොගැනීම" කියන චෝදනාව .මෙම චෝදනාව කියවෙන්නේ මෝටර් වාහන පනතේ 149 වැනි වගන්තියෙන් .එය මෙසේ දක්වා තිබෙනවා .

    "148 වැනි වගන්තියෙහි කුමක් සඳහන්ව ඇතත් ,යම් අනතුරක් වැළැක්වීමට වැළැක්වීමට අවශ්‍ය වන යම් ක්‍රියා මාර්ගයක් ගැනීම මහා මාර්ගයක ඇති සෑම මෝටර් වාහනයක රියදුරෙකුගේම යුතුකම වන්නේය. එසේම මාර්ගයක ඇති යම් මෝටර් වාහනයක රියදුරු විසින් 148 වැනි වගන්තියේ විධිවිධාන කිසිවක් කඩ කිරීම ඒ අවස්ථාවේදී මාර්ගයේ වෙනත් යම් මෝටර් වාහනයක රියදුරකු වෙත149 (1) වගන්තියෙන් නියම කර ඇති යුතුකම සම්බන්ධයෙන් ඇතිවූ කඩකිරීමකින් ඔහු නිදහස් කරනු ලබන්නේ යැයි සලකනු නොලැබිය යුතුය." ඒ අනුව එම වගන්තියෙන් පෙනී යනවා මාර්ගයක වාහනයක් ධාවනය කරන සෑම රියැදුරකුම අනතුරක් වලක්වා ගැනීමට තමන් විසින් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ලබාගත යුතු බව.ඒ වගේම එම වදන් තියේ තියෙයි ඉතිරි කොටසින් පෙනී යනවා ඔහු විසින් පියවර ගෙන තිබියදී පවා අනෙක් රියදුරා වැරදි ක්‍රියාවක් කර තිබුණේ වුවද ඔහු වගකීමෙන් නිදහස් වෙන්නේ නෑ කියලා.

    ඉතින් ඒ අනුව එම වගන්තිය පදනම් කරගනිමින් බොහෝ අවස්ථාවලදී පොලිසිය විසින් අධිකරණයේදී අනතුරට පත්වෙච්ච වාහන දෙකේම රියදුරු දෙදෙනාටම විරුද්ධව මේ "අනතුරක් වලක්වා නොගැනීම" කියන චෝදනාව යටතේ නඩු පවරනවා . ඒ අනුව කිසිම වරදක් නොකරපු අහිංසක පාර්ශ්වය වුණත් ඔහු කිසිදු වැරදි ක්‍රියාවක් නොකර වුණත් , අනතුර සිද්ධ වුණේ ඔහුගේ යම් නොකර හැරීමක් නිසා නොවුණත් , "අනතුරක් වලක්වා නොගැනීම" කියන චෝදනාවට ලක්වෙනවා. එවැනි අවස්ථාවල බොහොමයක් රියදුරන් පවසන්නේ තමන් අතේ කිසිම වැරැද්දක් නැති බවත් අනෙක් රියදුරා සතුව සියළුම වැරදි ඇති බවත් අසාධාරණ ලෙස ඔවුන්ට නඩු පවරා ඇති බවත්ය . නමුත් මේ වගන්තියෙහි ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා අනෙක් රියැදුරා පනතේ පනතේ 148 වැනි වගන්තියට ගැනෙන කුමන වරදක් කරත් ,මෙම රියදුරා අනතුරක් වලක්වා නොගැනීමේ චෝදනාවට ලක් වීමෙන් වැලැක් වෙන්නේ නෑ කියලා. එහෙම බැලුවම සැබැවින්ම නීතිගරුක විනයගරුක රියදුරෙක් වුණත්, පනතේ 148 වැනි වගන්තියේ සදහන් කරුණු පිළිපදිමින් නිසි පරිදි මාර්ගයේ ගමන් කරන රියදුරකු පවා මේ චෝදනාවට ලක් වෙන්න පුළුවන් .මේ සිද්ධිය හරියට "ගහෙන් වැටුණු මිනිහට මිනිහට ගොනා ඇන්නා වගේ" එහෙම කියන්න හේතුව අනතුර වෙලා තමන්ට හානියකුත් වෙලා තියෙද්දි මෙන්න පොලීසියෙන් තව නඩුවකුත් ගොණු කරල.ඒ විදියට පොලීසිය චෝදනා ගොණු කිරීමට පදනම් කරගෙන තියෙන්නේ මම අර කලින් කිව්ව පනතේ දැක්වෙන පරිදි අනෙක් රියදුරා 148 වැනි වගන්තිය ප්‍රකාරව කුමන වරදක් කරත් මේ වගකීමෙන් අනිත් අවුරුදු රියදුරු නිදහස් නොවෙනවා කියලා සඳහන් වෙන නිසා .

    හැබැයි එහෙම කිව්ව පමණින් අපි වැරදි කාරයෙක් වෙන්නෙ නෑ.බොහොමයක් වෙලාවට යම් දඩයක් ගෙවලා නඩුව කෙටියෙන් අවසන් කර ගන්නත් පුළුවන් .නමුත් එයින් ගැටලූව වන්නේ ඔහු සතු වන සිවිල් අයිතිවාසිකම් වලට අගතියක් සිදු වීමයි .ඒ නිසාම දැනට මේ චෝදනාවට ලක් වෙලා ඉන්න පුද්ගලයන්ට වගේම මාර්ගයේ වාහන ධාවනය කරන රියැදුරන්ටත් ඒ වගේ අයට උපදෙස් දෙන අයටත් පහතින් තියෙන උපදෙස් ගොඩක් වැදගත් වේවි .

    මෝටර් වාහන පනතේ 149 වැනි වගන්තිය දක්වන ආකාරයට බැලූ බැල්මටම අනතුරක් වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනාවකට ඕනෑම රියැදුරෙක් වරදකාරයෙක් වෙන්න පුළුවන්.වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම ගත්තම අනෙක් රියදුරා සතුව වරදකාරී බවක් තිබුණේ වුවත් අනතුරක් වළක්වා ගන්නට තරම් උත්සාහයක් දැරුවේ නෑ කියලා මේ පුද්ගලයා චෝදනාවට ලක් වෙන්න පුළුවන් .නමුත් පනතේ වචනයෙ පරිසමාප්ත අර්ථයෙන් ලබා දෙන අර්ථයට එහා ගිය අර්ථයක් තිබෙන බව මෙම වගන්තියට අදාළව විනිශ්චිත නඩු තීන්දු සලකා බැලුවොත් පෙනී යනවා .

    මේ සම්බන්ධයෙන් වැදගත් නඩු තීන්දුවක් විදියට Seemon Singhe Vs Scharenguivel 4 C.L.S.J. notes 08 යන නඩු තීන්දුව දක්වන්න පුළුවන් .මෙම නඩුවට අදාළව අනතුරක් වලක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම යටතේ චූදිතයාට චෝදනා නගලා තිබුණා.මෙම නඩුව විමසා බැලූ අධිකරණය තීන්දු කළේ ,එසේ චෝදනා නැගීමේ දී රියදුරා විසින් අනතුර වළක්වා ගැනීමට නොගත් අත්‍යවශ්‍ය පියවර කුමක් ද යන්න විශේෂයෙන් දැක්විය යුතු බවයි . ඒ අනුව එම නඩු තීන්දුවෙන් පැහැදිලි වෙනවා මෙම චෝදනාව නගලා තිබුණේ වුණත් චෝදනාව නැගීමේදී චුදිත විසින් අනතුර වලක්වා ගැනීමට නූගත් අත්‍යවශ්‍ය පියවර කුමක් ද ? චුදිත විසින් එම පියවර නොගත්තේ ද ? යන කරුණු දෙක පොලිසිය විසින් අධිකරණයේදී ඔප්පු කළ යුතු වෙනවා . ඉතින් අපි නිසි පරිදි කටයුතු කරල කියලා ඔප්පු වෙනවා නම් පොලිසියට බැරිවෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් අපිට විරුද්ධව අපි විසින් ගත යුතු අත්‍යවශ්‍ය පියවර ගත්තේ නැතැයි කියල ඔප්පු කරන්න. අපි එයින් ම නිදහස් වෙනවා. අපි මොකටද එහෙනම් නොකළ වරදකට වරද පිළි ගන්නේ ? ඉතින් පැමිණිල්ල අසමත් වූවොත් අප විසින් ගත යුතු අත්‍යවශ්‍ය පියවර ගත්තේ නැතැයි කියල ඔප්පු කරන්න අපි එයින් ම නිදහස් වෙනවා

    ඒ වගේම මේ සම්බන්ධයෙන් 61 NLR 152 තව වැදගත් නඩු තීන්දුවක් සඳහන් වෙනවා. ඒ තමයි Doray Vs Inspector of Police Dehiwela කියන තීන්දුව. එම තීන්දුව දෙන අවස්ථාවේ දී ගරු අධිකරණය විසින් තීරණය කරලා තිබුණේ මෙම චෝදනාව යටතේ චෝදනා නැගීමේදී අනතුර වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම යන්න පමණක් සඳහන්ව තිබීම ප්‍රමාණවත් වෙන්නේ නෑ කියන එකයි . ඒ අනතුර වලක්වා ගැනීමට චුදිත විසින් ගත යුතුව තිබූ පියවර මොනවාද යන්නත් ,ඒවා ඔහු විසින් පිළිපැද නොමැත්තේ ද යන්නත් ,පැහැදිලිව චෝදනාවට දැක්විය යුතු බවත් ය .ඒ අනුව පෙනී යනවා චුදිත විසින් ගත යුතු පියවර මොනවා ද යන්න සහ ඔහු විසින් ඒ ගත යුතු පියවර නොගෙන තිබුණේය යන කාරණා දෙකම චෝදනාවට ඇතුළත් විය යුතු වෙනවා.ඒ වගේම ඒ කරුණු ඔප්පු කිරිම පැමිණිල්ල සතු කාර්යයක් . මොකටද එහෙනම් අපේ සිවිල් අයිතිවාසිකම් වලටත් හානි වෙන නඩුවකට කෙටියෙන් නඩුව ඉවර කරගන්න කියලා අපි වරද පිලිගන්නෙ ?මොකද අපි මොනවද නොකල කියන එක අධිකරණයට පෙන්නන්න ඕනි පොලිසිය විසින්.ඉතින් අපි අපේ තිරිංග නිසි පරිදි යොදලා අපේ වාහනේ නවත්තන්න කරන්න තියෙන ඔක්කොම කටයුතු කරලා තියෙද්දි වෙන වාහනයක් ඇවිල්ලා අපේ වාහනේ වැදුනොත් අපි අනතුරක් වලක්වා නොගැනීම යන වරද පිළිගන්න ඕනේ ද ? එහෙම ජනතාව අසාධාරණකම් වලට යටත් වෙන්න පුළුවන් නිසා තමයි එවැනි අගතියට පත් වීම් වලින් පුද්ගලයන් ආරක්ෂා කරන්න ඉහළ අධිකරණ වල ගරු උගත් විනිසුරුතුමන්ලා මේ ආකාරයෙන් නඩු තීන්දු ලබා දීලා තියෙන්නෙ .

    තවත් වැදගත් නඩු තීන්දුවක් විදියට පෙරේරා එදිරිව පෙරේරා නඩුව දක්වන්න පුළුවන් .මේ නඩුව තියෙන්නෙ 59 නව නීති වාර්තා 64 වැනි පිටුවේ .එම නඩුවේ දී අධිකරණය තීරණය කළේ සියලුම නොසැලකිලිමත් රිය පැදවීමේ චෝදනා වලට කිසිදු සාධාරණ හේතුවක් හෝ සිතිවිල්ලක් නොමැතිව අනතුරක් වලක්වා නොගැනීම යන චෝදනාව එක් කිරීමෙන් වැලකී සිටීමට පියවර ගත යුතු බවයි.මෙවැනි චෝදනාවක් නැගීමේදී එය ඔප්පු කිරීමේ භාරය පැමිණිලි පක්ෂයට පැවරෙන බව ද එහිදී ඔවුන් සැකකරු අදාළ අනතුර වළක්වා නොගැනීමට එබඳු අවස්ථාවකදී නොගත් අත්‍යවශ්‍ය පියවර කුමක් ද යන්න පෙන්වා දිය යුතු බවද අධිකරණය වැඩි දුරටත් තීන්දු කරා. එහෙනම් මෙම නඩු තීන්දුවෙන් ම පේනවා නේද මෙම චෝදනාව නිකන් ගොනු කලාට බෑ මෙවැනි චෝදනාවක් නගද්දී එම චෝදනාව ඔප්පු කිරීමේ භාරය තියෙන්නෙ පොලිසියට .පොලිසිය විසින් අපට විරුද්ධ ව ඔප්පු කරන්න තියෙන චෝදනාවට මොකටද අපි කලින්ම වරද පිලිගන්නෙ ? ඒ විතරක් නෙමෙයි අනතුර වළක්වා ගෙන නොතිබීමට එබඳු අවස්ථාවක නොගත් අත්‍යවශ්‍ය පියවර කුමක් ද ?කියන එකත් පෙන්නල දෙන්න ඕනේ .එහෙනම් පේනවා නේද ඔබ නඩුවක් විභාගයට සූදානම් නම් පොලිසියේ විසින් මේ චෝදනාව ගොනු කළ පමණින්ම ඔබ වරදකරු කරන්න අධිකරණය සූදානම් වෙලා නෑ.රටේ පුරවැසියන් වන ඔබ කිසිවකුත් අධිකරණයක් විසින් නොකළ වරදකට වරදකරු කරන්න කටයුතු කරන්නේ නෑ .පොලිසියෙන් මේ චෝදනා ගොණු කළ පමණින් අපි වැරදිකාරයෙක් වෙන්නෙත් නෑ .අපිට සිද්ධ වෙනවා අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඒ වගේම අපේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න මේ නඩුව විභාගයට යන්න .ඉතින් ඒ නඩුව විභාග වෙද්දි අපි අනතුර වළක්වා ගන්න මොනාද නොකල කියන එක ඔප්පු කරන්න පොලිසිය බැඳිලා ඉන්නවා .මොනවද අපි කරන්න ඕනි කියන එක ඔප්පු කරන්න පොලිසිය බැඳිලා ඉන්නවා .එහෙමනම් මේ නඩුව විභාගයට යන එක තවදුරටත් "ගහෙන් වැටුණු මිනිහට වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ" වෙන්නේ නෑ .ඉතින් මගේ අරමුණ වුණේ බොහොමයක් අය කියනවා අපි කිසි වරදක් නැතුව නඩුවකට පැටලිලා අන්තිමට දඩත් ගෙවලා තමයි ආවෙ කියලා .....එහෙම අවශ්‍ය නෑ ඇතැම් මෙවැනි අවස්ථා වලදී බොහෝ අය ඔය නඩුව වරද පිළිගෙන අවසන් කරන්න කියලා උපදෙස් දෙනවා . ඉතිං ඉහලින් දක්වලා තියෙන කරුණු ගැන සැලකිලිමත් උනොත් එහෙම වරද පිළි අරගෙන ලේසියෙන් නඩු කටයුතු අවසන් කර ගන්ඩ ඕනි නෑ.
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    ow ehemanam wenna one na eth awurudu ganak usawi yannada uba kiyanne lankawe eka nadu warayak iwara wela thawa ekak denne masa tunakata ho masa hayakata passe,, tholkaya aduma gane kiyana reddawath ahenne na aduma gane nadu ankayawath ,, hitagena payaganan , rasthiyaduwa,,, melo rahak na ita wada hodai ban warada piliaragena naduwa ikmanin iwara karana eka,, mamath eka parak oya katta kawa epa wenawa,
     
    • Like
    Reactions: Shadow.Walker

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    බොහොම වැදගත් ලිපියක්. මට ඇති තවත් ගැටළුවක් තමයි. අපි වමෙන් ඔවෙර්ටක් කරාම පොලිසියට දකුණෙන් ගමන් කල වාහනයට අනිවාර්යෙන් දඩ නියම කලයුතු නැද්ද?

    1. වමෙන් ඔවෙර්ටෙක් කිරීමට කිසිදු රියදුරෙක් කැමති නෑ
    2. වමෙන් ඔවෙර්ටක් කිරීමට හැකි නම් ඉදිරියෙන් යන රියදුරුට අනිවාර්යෙන් වම් මන්තිඉරුවෙන් ගමන් කල හැක.
    3. සෑම විටම වම් මන් තීරුවෙන් ගමන් කල යුතුය යන වගන්තිය එම රියදුරු කඩකර ඇත. (මාර්ගය අවහිර වන ලෙස රිය පැදවීම.)

    මට හිතෙන දෙයක් විතරයි.

    අපිට පොලිසියේ මහත්වරුන් ට විරුද්දව. නිසිලෙස රාජකාරිය ඉටු නොකිරිඉම යන චෝදනාව යටතේ නඩු පැවරිය හැකිද?

    මට පුද්ගල්කව බලු රාලහාමිලාට විරුද්දව නඩුවක් පවරීමට පුදුම අමාරුවක් ඇත.
     
    • Like
    Reactions: DangerMan119

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    BUMP
     
    මටත් ඔය වගේ ප්‍රශ්න ඇවිල්ල තියෙනව බං. ඔය වගේම තව ප්‍රශ්නයක් තමයි. නීතියෙ තියෙනව නේ පුලුවන් තරම් වම් මංතීරුවෙන් ගමන් කරන්න කියල. දකුණට හරවනව නම් හෝ වේගයෙන් යනව නම් නේ දකුණෙ හෝ මැද මංතීරු වල යන්නෙ. සාමාන්‍යයෙන් වේගෙන් එන වාහනයකට අපි වම් මංතීරුවට දාල ඉඩ දෙන්න ඕන නේ. ඒ වගේ ලංකාවෙ නීතිය අනුව නගරබද ප්‍රදේශයක කාර් එකකට යන්න පුලුවන් උපරිම වේගට පැයට කිලෝමීටර් 50යි ඒ වගේම නගරෙන් පිට උපරිම වේගය 70යි. ඔන්න අපි 70ටම යනව කියල හිතන්න ඒ කියන්නෙ ලංකාවෙ නීතියට අනුව යන්න පුලුවන් උපරිම වේගෙ. එතකොට අපිට දකුණු මංතීරුවෙ යන්න සම්පූර්ණ අයිතිය තියෙනව නේද ඒ වගේම කෙනෙක් ඊට වඩා වේගෙකින් අපිව ඕවටේක් කරන්න හදනව නම් ඒ කරන්නෙ සම්පූර්ණයෙන්ම නීතිය කඩ කිරීමක් නේද?:confused:

    මම අහපු ප්‍රශ්නෙ තේරුනාද දන්නෙ නෑ:lol::lol::lol:
     
    • Like
    Reactions: DangerMan119

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    This is again an abused provision in Motor Traffic Act. The discretion to charge is left with police(Actually this is with Magistrate) so instead of pleading not guilty and contesting the accused should ask for discharge fully on the basis that he was charged wrongly by Magistrat's Court. Some intelligent judges who understand this distinction will either discharge or order a state cost(depending on circumstances) if such an application is made.
    Since paying of fine is easy a wrongly charged person should not plead guilty to an offence that was not committed.
    Police do this due to ignorance and also for other reasons such as curruption and or fear explanation. But all of this can be corrected by judge as he is the only person legally entitled to charge a person in Magistrate's court. In High Court it is Attroney General. This kind of offences rearely tried in High Court. So finally this is a matter for Magistrates to curb and if they do Police will not unnecessarily charge innocent people.

    Good post and needs to discuss such issues more publicly specially with enforcement authorities Police and Courts
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඒ වගේ ලංකාවෙ නීතිය අනුව නගරබද ප්‍රදේශයක කාර් එකකට යන්න පුලුවන් උපරිම වේගට පැයට කිලෝමීටර් 50යි ඒ වගේම නගරෙන් පිට උපරිම වේගය 70යි. ඔන්න අපි 70ටම යනව කියල හිතන්න ඒ කියන්නෙ ලංකාවෙ නීතියට අනුව යන්න පුලුවන් උපරිම වේගෙ. එතකොට අපිට දකුණු මංතීරුවෙ යන්න සම්පූර්ණ අයිතිය තියෙනව නේද ඒ වගේම කෙනෙක් ඊට වඩා වේගෙකින් අපිව ඕවටේක් කරන්න හදනව නම් ඒ කරන්නෙ සම්පූර්ණයෙන්ම නීතිය කඩ කිරීමක් නේද?:confused:

    මම අහපු ප්‍රශ්නෙ තේරුනාද දන්නෙ නෑ:lol::lol::lol:

    adooo patta prashne...oka kalin hithun nane..:yes::cool:
     
    • Like
    Reactions: sithija.h

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් ඔය වගේ ප්‍රශ්න ඇවිල්ල තියෙනව බං. ඔය වගේම තව ප්‍රශ්නයක් තමයි. නීතියෙ තියෙනව නේ පුලුවන් තරම් වම් මංතීරුවෙන් ගමන් කරන්න කියල. දකුණට හරවනව නම් හෝ වේගයෙන් යනව නම් නේ දකුණෙ හෝ මැද මංතීරු වල යන්නෙ. සාමාන්‍යයෙන් වේගෙන් එන වාහනයකට අපි වම් මංතීරුවට දාල ඉඩ දෙන්න ඕන නේ. ඒ වගේ ලංකාවෙ නීතිය අනුව නගරබද ප්‍රදේශයක කාර් එකකට යන්න පුලුවන් උපරිම වේගට පැයට කිලෝමීටර් 50යි ඒ වගේම නගරෙන් පිට උපරිම වේගය 70යි. ඔන්න අපි 70ටම යනව කියල හිතන්න ඒ කියන්නෙ ලංකාවෙ නීතියට අනුව යන්න පුලුවන් උපරිම වේගෙ. එතකොට අපිට දකුණු මංතීරුවෙ යන්න සම්පූර්ණ අයිතිය තියෙනව නේද ඒ වගේම කෙනෙක් ඊට වඩා වේගෙකින් අපිව ඕවටේක් කරන්න හදනව නම් ඒ කරන්නෙ සම්පූර්ණයෙන්ම නීතිය කඩ කිරීමක් නේද?:confused:

    මම අහපු ප්‍රශ්නෙ තේරුනාද දන්නෙ නෑ:lol::lol::lol:

    හයිවේ එකේ 95ට වාහනයක් වමේ ලේන් එකේ යනවා. මම 100ට ඕක ඔවටේක් කරනව. සාපේක්ෂ වේගය ගොඩක් අඩු නිසා ඕකට ටිකක් වෙලාව යනවා. ඒවෙලාවෙ පිටිපස්සෙන් එන එකාට 150ට යන්න රුදාවක් හැදිල ලයිට් ගහනව හෝන් ගහනව. මෙහෙම වෙලා නැද්ද උඹලට?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොහොම වැදගත් ලිපියක්. මට ඇති තවත් ගැටළුවක් තමයි. අපි වමෙන් ඔවෙර්ටක් කරාම පොලිසියට දකුණෙන් ගමන් කල වාහනයට අනිවාර්යෙන් දඩ නියම කලයුතු නැද්ද?

    1. වමෙන් ඔවෙර්ටෙක් කිරීමට කිසිදු රියදුරෙක් කැමති නෑ
    2. වමෙන් ඔවෙර්ටක් කිරීමට හැකි නම් ඉදිරියෙන් යන රියදුරුට අනිවාර්යෙන් වම් මන්තිඉරුවෙන් ගමන් කල හැක.
    3. සෑම විටම වම් මන් තීරුවෙන් ගමන් කල යුතුය යන වගන්තිය එම රියදුරු කඩකර ඇත. (මාර්ගය අවහිර වන ලෙස රිය පැදවීම.)

    මට හිතෙන දෙයක් විතරයි.

    අපිට පොලිසියේ මහත්වරුන් ට විරුද්දව. නිසිලෙස රාජකාරිය ඉටු නොකිරිඉම යන චෝදනාව යටතේ නඩු පැවරිය හැකිද?

    මට පුද්ගල්කව බලු රාලහාමිලාට විරුද්දව නඩුවක් පවරීමට පුදුම අමාරුවක් ඇත.

    මටත් ඔය වගේ ප්‍රශ්න ඇවිල්ල තියෙනව බං. ඔය වගේම තව ප්‍රශ්නයක් තමයි. නීතියෙ තියෙනව නේ පුලුවන් තරම් වම් මංතීරුවෙන් ගමන් කරන්න කියල. දකුණට හරවනව නම් හෝ වේගයෙන් යනව නම් නේ දකුණෙ හෝ මැද මංතීරු වල යන්නෙ. සාමාන්‍යයෙන් වේගෙන් එන වාහනයකට අපි වම් මංතීරුවට දාල ඉඩ දෙන්න ඕන නේ. ඒ වගේ ලංකාවෙ නීතිය අනුව නගරබද ප්‍රදේශයක කාර් එකකට යන්න පුලුවන් උපරිම වේගට පැයට කිලෝමීටර් 50යි ඒ වගේම නගරෙන් පිට උපරිම වේගය 70යි. ඔන්න අපි 70ටම යනව කියල හිතන්න ඒ කියන්නෙ ලංකාවෙ නීතියට අනුව යන්න පුලුවන් උපරිම වේගෙ. එතකොට අපිට දකුණු මංතීරුවෙ යන්න සම්පූර්ණ අයිතිය තියෙනව නේද ඒ වගේම කෙනෙක් ඊට වඩා වේගෙකින් අපිව ඕවටේක් කරන්න හදනව නම් ඒ කරන්නෙ සම්පූර්ණයෙන්ම නීතිය කඩ කිරීමක් නේද?:confused:

    මම අහපු ප්‍රශ්නෙ තේරුනාද දන්නෙ නෑ:lol::lol::lol:

    :yes::yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    බොහොම වැදගත් ලිපියක්. මට ඇති තවත් ගැටළුවක් තමයි. අපි වමෙන් ඔවෙර්ටක් කරාම පොලිසියට දකුණෙන් ගමන් කල වාහනයට අනිවාර්යෙන් දඩ නියම කලයුතු නැද්ද?

    1. වමෙන් ඔවෙර්ටෙක් කිරීමට කිසිදු රියදුරෙක් කැමති නෑ
    2. වමෙන් ඔවෙර්ටක් කිරීමට හැකි නම් ඉදිරියෙන් යන රියදුරුට අනිවාර්යෙන් වම් මන්තිඉරුවෙන් ගමන් කල හැක.
    3. සෑම විටම වම් මන් තීරුවෙන් ගමන් කල යුතුය යන වගන්තිය එම රියදුරු කඩකර ඇත. (මාර්ගය අවහිර වන ලෙස රිය පැදවීම.)

    මට හිතෙන දෙයක් විතරයි.

    අපිට පොලිසියේ මහත්වරුන් ට විරුද්දව. නිසිලෙස රාජකාරිය ඉටු නොකිරිඉම යන චෝදනාව යටතේ නඩු පැවරිය හැකිද?

    මට පුද්ගල්කව බලු රාලහාමිලාට විරුද්දව නඩුවක් පවරීමට පුදුම අමාරුවක් ඇත.

    ලංකාව තුල දකුනෙන් ඉස්සර කිරීම පසුකර යාම නිතිය බලත්මකයි.