ඇගලුම් කම්හල ජිවිතය

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    ඇගලුම් කම්හල ජිවිතය

    මට වෙන site එකකින් ලෑබුන එකක්

    ඇගලුම් කම්හල් ජිවිතය

    16262_214402837648_671197648_2897311_5752820_n.jpg




    ඔබත් ආයතනයක මානව සම්පත් කළමනාකරන අංශයේ සේවය කරන්නේ නම් මේ ගැන කියන්න දෙයක් නැති තරම්. ‍අපේ ආයතනයේ සෙවය කරන්නේ වැඩි හරියක්ම ගැනු ළමයි. පිරිමිත් නැත්තේමත් නැ. අපේ ආයතනය ගාමන්ට් එකක්.ඔන්න කොටින්ම කිවොත්. සේවකයන් දෙදහසක් විතර ඉන්නවා. එයින්‍ ගොඩක්ම අය ගැනු ළමයි. ගාමන්ට් කෙලේලෝ කිවාම ගොඩක් අය හිතන්නේ ඉතාම පහල මට්ටමින්. එහෙම කියලා අපහාසයෙන් බැලුවට අපේ වාගේ ආයතනවල සේවය කරන අහිංසක දුප්පත් කෙල්ලෝ ටික නැති වෙන්න ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග වැහිලා යනවා. දැන් තේ පොල් රබර් නෙමෙයිනේ ‍. දැන් ඇගලුම් නේ තියෙන්නේ. කොහොම උනත් අපේ වාගේ ආයතනවල ඉන්න අහිංසක කෙල්ලෝ ටික නැත්තම් ලංකාවේ දියුනුව ගොඩක් ආපස්සට යනවා.

    ගාමන්ට් එකේ ළමයි කිවාම ගොඩක් අය හිතන්නේ හුගක් පහල මට්ටමින්. ඒත් ඒ අහිංසක ළමයින්ගේ දියුනුවක් ගැන ‍අයිතියක් කතා කරන්නකවුරුත් නැ. ගොඩක් ළමයි ඇවිත් තියෙන්නේ ගම්වලින්. අම්මලා තාතත්තලා ගොවිතැන් කරන අය. දෙමව්පියන්ට පවුල බර ගෙනියන්න බැරි නිසා තමයි මේ විදිහට ගොඩක් අය මේ ඇගලුම් ආයතන වල සේවයට ඇවිල්ලා තියෙන්නේ. නැතිව ගෙදරට වෙලා ඉන්න ආසාවක් නැතිව නෙමෙයි. ගොඩක් වෙලාවට මැෂින් ‍ඹපරේටර් කෙනෙක්ට ලැබෙන්නේ හුගාක් අඩු පඩියක්. බොහෝ ආයතනවල ඒ ළමයින්ට ලැබෙන්න ඕන මුදල් ප්‍රමාණයන් දෙන්නේ නැ. හුගාක් අඩු පඩියකට වැඩ කලත් මේ අහිංසකයන්ට කරන්න කප්පරක් වැඩ තියෙනවා. ටාගට් තියෙනවා ඉවර කරන්න. වෙන වැඩ කරන්න බැ. ළග කෙනෙක් එක්ක කතා කරන්න බැ. වැඩ වැඩ වැඩ. සමහර ආයතනවල වැසිකිලියටවත් යන්න බැ වැඩ වෙලාවට. මේ කෙලේලෝ ගොඩක් වෙලාවට නැවතිලා ඉ‍න්නේ බෝඩිම් කාමර වල.ඒවා ලැලි මඩු වෙන දේවල් නෙමෙයි. ලයිට් නැ ගොඩක් වෙලාවට. ඒසි වල ඉන්න ලොකු නෝනලාට මේ ළමයි කැලි වෙන්නේ ඒකනේ. ගොඩක් වෙලාවට මේවාගේ විදින්නේ අමු ම අමු දුකක්.

    පඩි වැඩි විම් ගැන කතා කරන්න මේ ළමයින්ට හැකියාවක් නැ. දෙන ගාන ගන්න වෙනවා. වෘත්තිය සමිති නැ. වෙන සමිති නැ. ‍අයිතිවාසිකම් ඉල්ලන්න දෙන්නේ නැ. දෙන දෙයක් ගන්න වෙනවා. රු ‍වැඩ තහනම් කිවාට එහෙම නැ. වැඩ කරන්නේම රෑ. අපේ ලොකු නෝනලා මහත්තුරු වාගේ පඩි වැඩි කරන්න කියලා වර්ජන කරන්න බැ. කරන්න පුලුවන් ගෙදර ගිහින්. ෆැක්ටරියේ ඉදන් බෝඩිමට බොහෝ වෙලාවට පයින් යන්නේ මහ රෑ. කවුරුවත් ඒ ළමයින්ගේ ආරක්ෂාවක් ගැන හිතනවාද? ගම්වල හැදුන වැඩුන මල් වාගේ කෙල්ලන්ව මහ රෑ පාරේ තනියම යන්න වෙනකොට මොනවා හිතෙනවාද ? අපි කවදාවත් ‍අපේ නංගියෙක් තනියම රෑක ගමනක් යවනවාද?
    මේ අය‍ට තියෙන්නේ ඉතාම අහිංසක බලාපොරොත්තු. ගොඩක් ලොකු දේවල් නැ. නංගිට උගන්වන්න. මල්ලිට කොහොම හරි පඩියෙන් අලුත් ඇදුමක් අරන් ‍දෙන්න. ලෙඩ ඇදේ ඉන්න තාත්තගේ බේත් ටික ගන්න වාගේ දේවල් තමයි ‍තියෙන්නේ. නැතිව පගාව ගන්න, කොමිස් ගහන්න, ඒවා මේ අය ගාව නැ. ගොඩක් ඉගෙන ගෙන නැ තමයි. විශ්ව විද්‍යාල වල උපාධි නැ. ඒක් ඒ මිනිස්සුත් එක්ක ඉන්න එක වෙලාවකට කොයිතරම් සැහැල්ලුවක් දැනෙනවාද කියලා මානය සම්පත් අංශයක සේවය කරනවා නම් ඔබ දන්නවා ඇති.

    අ‍පේ මානව සම්පත් කළමණාකාර තුමාට සියලු සේවකයන් දරුවන්ය. කෙල්ලන්නය. කෙල්ලන්ට ඔවුන්ගේ තාත්තාය. කොයිතරම් නම් හිතවත්ද? මේ සියල්ල කරන්නේ මේ අහිංසකයන්ගේ රිරි මාංස උරා බෙන්න නොව ඔවුන්ට සැබවින්ම ආදරය කරන්නය.

    හවසට කටුනායකින් හෝ බියගම හෝ ඇගලුම් ආයතන අසලින් යන වාහන වල බොහෝ දෙනෙක් විදුරුවෙන් බෙල්ල දික්කර කර බලන්නේ ඔවුන්ගේ මස් ටික හුරාගෙන කන්නේ කොහොමද කියාය. කොටින්ම කිවොත් හොද කැල්ලක් හොයා ගන්නටය. ඒ ඇයි. සමාජය සිතන්නේ ඇගලුම් කර්මාන්තයේ ඉන්නේ සියල්ලන්ම ගනිකාවන් කියාය. අසික්කිත ගැනුන් කියාය. එසේ අයද නැතුවා නොවන්නේය. එහෙම උන් හිටියද ඒ ටිකය. පැය ගානක් මැසිමක් පාගා හරි දවසම හිටගෙන ඉදලා ලැලි කාමරේට වෙලා පාන් කැල්ලයි පරිප්පු ටිකයි කාලා නිදගෙන ආපහු පහුවදා වැඩට යන මේ අහිංසකයන් ගනිකාවන් නොවේ. ඔවුන් තව කෙනෙක්ගේ ආසාවන් ඉටු කරන සෙල්ලම් බඩුද නොවන්නේය. මේ අපේ රටේ සම්පත්ය. ඔවුන් පාර්ලිමේන්තුවේ ඉන්න හොර ගොඩියන්ට වඩා මට නම් වටින්නේය. ලොකු උපාධි අරන් රට කන නෝනලාට වඩා මට වටින්නේය. මේ අපේම නංගිලාය, අක්කලාය, අපේම නැ‍දැයන්ය. එහෙව් ‍එකේ ගාමන්ට් ඇරෙන වෙලාවකට එතනට ගොස් කැලි හොයන්නේ බුරුවන්ය. උන් උන්ගේ අම්මලා දන්නේ නැත. නංගිලා ගැන දන්නේද නැත

    සියලු දෙනා හොද නැත. ඒ උනත් බොහෝ දෙනෙක් එසේ නැත. කන එක මකුනා නිසා සියලුම මකුනන් මරන්න එපා. ඔබවත් ඔවුන් දෙස දයාවෙන් බලන්න. ඔවුන්ටත් ආදරය අයිතිය. ඔවුන්ටත් සමා‍ජයේ නම්බුකාර ලෙස ජිවත් විස අයිතිය. ඔවුන්ටත් සැප විදිමට අයිතිය. අප විසින් කල යුත්තේ ඔවුන්ගේ නිසි තැන දිමය.
    මිලාන වී ගිය නුඹගේ දෙනුවන්
    පවසයි දුක්බර දිවිය නුඹේ
    ගෙවනා හැම මොහොතකම සෙත වෙයන්
    නුඹට දයාබර හිතවතියේ……
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හොඳ පෝස්ට් එකක්. මේ තරුණියන්ගේ ශ්‍රමය අගය කෙරෙනවා අඩුයි. අපේ ගම්වල අහිංසක තරුණයින් හමුදාවට බැඳී සිය දහදිය ලේ රට වෙනුවෙන් වැය කරනවා සේම, මේ අහිංසක තරුණියන් සිය දහදිය කඳුලු රට වෙනුවෙන් වැය කරනවා. ඔවුන්ගේ ජීවිතවල ඇති අනාරක්ෂිත බව හිතනකොටත් බයයි.
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    හොඳ පෝස්ට් එකක්. මේ තරුණියන්ගේ ශ්‍රමය අගය කෙරෙනවා අඩුයි. අපේ ගම්වල අහිංසක තරුණයින් හමුදාවට බැඳී සිය දහදිය ලේ රට වෙනුවෙන් වැය කරනවා සේම, මේ අහිංසක තරුණියන් සිය දහදිය කඳුලු රට වෙනුවෙන් වැය කරනවා. ඔවුන්ගේ ජීවිතවල ඇති අනාරක්ෂිත බව හිතනකොටත් බයයි.

    0002011B.gif
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,212
    113
    34
    දෙණියාය :)
    හොඳ පෝස්ට් එකක්. මේ තරුණියන්ගේ ශ්‍රමය අගය කෙරෙනවා අඩුයි. අපේ ගම්වල අහිංසක තරුණයින් හමුදාවට බැඳී සිය දහදිය ලේ රට වෙනුවෙන් වැය කරනවා සේම, මේ අහිංසක තරුණියන් සිය දහදිය කඳුලු රට වෙනුවෙන් වැය කරනවා. ඔවුන්ගේ ජීවිතවල ඇති අනාරක්ෂිත බව හිතනකොටත් බයයි.
    mmmmmmmmmmmmmmmmm:yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    හොඳ පෝස්ට් එකක්. මේ තරුණියන්ගේ ශ්‍රමය අගය කෙරෙනවා අඩුයි. අපේ ගම්වල අහිංසක තරුණයින් හමුදාවට බැඳී සිය දහදිය ලේ රට වෙනුවෙන් වැය කරනවා සේම, මේ අහිංසක තරුණියන් සිය දහදිය කඳුලු රට වෙනුවෙන් වැය කරනවා. ඔවුන්ගේ ජීවිතවල ඇති අනාරක්ෂිත බව හිතනකොටත් බයයි.

    ටවුන් එකෙ අපි ආතල් එකෙ ඉන්නවා:yes::yes::yes: