ඇට්ලාන්ටිස් අවසන් ගමනට සැරසෙයි

IShyam

Member
Mar 3, 2011
671
55
0
ඇට්ලාන්ටිස් අවසන් ගමනට සැරසෙයි

941765ae54a166001a19ef0e80bca163.jpg

ඇමරිකානු උඩු ගුවන් බස් රිය වැඩසටහනේ අවසන් අභ්‍යවකාශ චාරිකාව සඳහා එක්වන ගගනගාමීන්, ඊයේ (04) ඇමරිකානු නිදහස් දිනයදා ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණියා.

ගගනගාමීන් තිදෙනෙකු සහ ගගනගාමිනියක රැගත් ඇට්ලාන්ටිස් උඩු ගුවන් බස් රිය සිකුරාදා නික්මෙන්නේ ටොන් තුන හමාරක භාණ්ඩ තොගයක් ද රැගෙනයි. අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ ගගනාගාමීන්ට වසරකට සෑහෙන ආහාර ඊට ඇතුළත් වෙනවා.

දින 12 ක් අභ්‍යවකාශයේ ගත කරන ඔවුන් නැවත පොළොවට පැමිණි පසු ඇට්ලාන්ටිස් උඩු ගුවන් බස්රිය කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කෞතුකාගාරයට එක්කෙරෙනු ඇති.

ඇට්ලාන්ටිස් ජූලි 8 වැනිදා උඩු ගුවනට නික්මෙන්නේ 135 වන ෂටල චාරිකාව ලෙසයි. එය මෙම උඩු ගුවන් බස්රියේ 33 වන අභ්‍යවකාශ චාරිකාව ද වනවා.

ෂටල යානා විශ‍්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙල යටතේ මීට පෙර ඩිස්කවරි සහ එන්ඩෙවර් යානා සිය අවසන් උඩු ගුවන් චාරිකා නිමා කළ අතර, ඇට්ලාන්ටිස් එහි අවසන් පියවරයි. 1981 වසරේ අපේ‍්‍රල් 12 වැනිදා සිට ඇමරිකානු ෂටල මගින් අභ්‍යවකාශ චාරිකා 135 කදී ගගනගාමීන් 355 දෙනෙකු උඩු ගුවනට රැගෙන ගියා.