ඇට කනවා නම් පපුවට හොඳයි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඇට කනවා නම් පපුවට හොඳයි

    ඇට කනවා නම් පපුවට හොඳයි

    ඒමන්ති මාරඹේ

    සතියකට දෙවරක්‌ හෝ කිහිප වරක්‌ ධාන්‍ය ඇට අහුරක්‌ බැගින් ආහාරයට ගැනීමෙන් හෘද රෝග වලට ගොදුරුවීමේ අවදානම සියයට විසිතුනකින් අඩුකර ගත හැකි බව ඇමෙරිකා එක්‌සත් ජනපදයේ බොස්‌ටන්හි පිහිටි හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදුකරන ලද නවතම පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.

    දෙලක්‌ෂයකට අධික පිරිසක්‌ යොදාගෙන සිදුකර ඇති මෙම පර්යේෂණයට අනුව රටකජු, කජු, වෝල් නට්‌ස්‌, ආමන්ඩ්ස්‌, හේසල් නට්‌ස්‌, පිස්‌ටාචියෝස්‌ හා පෙකැන්ස්‌ යන ධාන්‍ය වර්ග අහුරක්‌ බැගින් දිනකට දෙවරක්‌ හෝ කිහිපවරක්‌ ආහාරයට ගැනීමෙන් මෙම තත්ත්වය පෙන්නුම් කරන අතර එම ධාන්‍ය වර්ග අහුරක්‌ බැගින් ආහාරයට ගන්නා අයට හෘදයවස්‌තුව ආශ්‍රිත රෝග වැළඳීමේ හැකියාව ද සියයට 15 කින් අඩු බව අනාවරණය වී තිබේ.

    කෙසේ වුව ද මෙහිදී අනුභව කළ යුත්තේ ලුණු, සීනි ඇතුළු රසකාරකයන් නොයෙදූ ධාන්‍ය වර්ග පමණක්‌ බව පර්යේෂකයෝ කියා සිටිති. මෙම පර්යේෂණය මෙහෙය වූ හාවඩ් විශ්වවිද්‍යාලයේ පෝෂණවේදී වෛද්‍ය මාර්තා ගුආප් ෙµරේට අනුව ධාන්‍ය වර්ග රෝග නිවාරණය කිරීමේ සුපිරි ආහාරයක්‌ සේ සැලකෙයි. ඒවායේ ශරීරයට අවශ්‍ය ප්‍රතිඔක්‌සිකාරකයන්, ප්‍රොaටීන් වර්ග, පෝෂක ද්‍රව්‍ය, ලවණ හා තන්තු අධිකව අඩංගුව පැවතීම මෙයට හේතු වී තිබේ.

    මෙම තත්ත්වය මත දිනකට ආහාරයට ගනු ලබන විවිධ වර්ගයේ ධාන්‍ය ප්‍රමාණය වැඩිකිරීමෙන් ජනතාව අතර හෘද රෝග වැනි රෝග තත්ත්වයන් පැතිරීමේ අවදානම අඩුවන බව වෛද්‍ය මාර්තා සඳහන් කර ඇත.



     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    76.gif

    බම්පි... බම්පි....
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මේවා මචං ඇට නෙමේ. nuts
    ඇට කියන්නේ ධාන්ය. grains

    nuts වලට සිංහල වචනේ මොකක්ද බන්
    [/B]

    pistachio is my favorite