මට නම් හිතෙන්නෙ ඔය වෙනස්වීම වෙන්නේ කාලයත් එක්ක ඉන්ටර්නෙට් වල ව්‍යාප්තිය හින්දා.
ඉස්සරම තිබ්බෙ සීමිත සල්ලිකාර පිරිසකට.
පස්සෙ පස්සෙ තිබ්බෙ කැම්පස් වල, තව එක එක ඉන්ස්ටිටුට් වල. ඒ වගේම ඉන්ටර්නෙට් කැෆේ ගිය පිරිසකුත් හිටියා. එතකොට ඉන්ටර්නෙට් තිබ්බ බහුතරය අධ්‍යාපන මට්ටම තරමක් වැඩි පිරිස. කැෆේ පිරිස තමයි ටිකක් පිස්සු නටන මට්ටමේ හිටියෙ. අනික් පිරිස, ඒ කිව්වෙ බහුතරය අධ්යාපනික දේවල් අගය කළා. ඒ කාලෙ වෙන්න ඇති වැදගත් කියලා කියන ත්‍රෙඩ් නැගලා ගියේ.
ඊටපස්සෙ හැමතැනටම ඉන්ටර්නෙට් ආවා. ඒක හරිම සාමාන්‍ය දෙයක් උනා. එතකොට කලින් හිටපු බහුතරය සුලුතරයක් උනා. ඉතින් එතකොට ඕන දෙයක් වැඩ කරන්නෙ බහුතරයට ඕන විදිහට.
ඒක තමයි ඔහොම වෙලා ඇත්තෙ.
මන් තව එකතු කරන්නම් ඕකට මගෙ අත්දැකීම් එක්කලත්.
ඔව් කාලයක් තිබ්බා ඉන්ටර්නෙට් යන එක ලොකු දෙයක් වෙච්ච .
ඩිවලොප් රටවල් කිහිපයකට ඇරුණහම අනික් රටවල් වල සීමිත පිරිසකට තම ඉන්ටර්නෙට් තිබ්බෙ සහ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ,බ්‍රවුසර් ස්පීඩ් එක ,ඔපරේටින් සිස්ටම් එකෙ ස්පීඩ් එක සහ මැෂින් එකෙ තිබ්බ ප්‍රෆොර්මන්ස් එක්කලා ඉන්ටර්නෙට් යන එක ටිකක් කට්ටක් කන වැඩක් .
යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය අඩුයි ඉන්ටර්ෆේසස් වල පවා .
ඉතිං ඒ අසීරු බව නිසාම සල්ලි තිබ්බ පිරිස පවා නෙට් ගියෙ අවශ්‍යතාවට විතරයි .
මට මතකයි 2009 දි නෙට් ගත්තහම වෙබ් බ්‍රවුසර් එක ඔපන් වෙන්නම විනාඩි 3 තත්පර 28 ක් යනවා .
හිතා ගනින්කො ඊට කලින් කොහොම තියෙන්න ඇත්ද කියල .
කාලයක් තිබ්බා වෙබ් බ්‍රවුසර් එකත් සල්ලි වලට බයි කරන්න ඔනි .
එක්කො තොරතුරක් දැනගන්න ,ඔෆිස් එකෙ වැඩ වලට ,අධ්‍යාපනික දේවල් වලට .නැත්තම් ඒ කාලෙත් මේ වගෙ හොඳ ස්පීඩ් එකට නෙට් තිබ්බානම් හැම දේම (ඕ එස් එක ,බ්‍රවුසර් එක ,මැශින් ප්‍රෆොර්මන්ස් )
ස්පීඩ් නම් අද වගෙම තත්වයක් එදා ඇතිවෙන්නත් ඉඩ තිබුනා .
ඉතිං ඒ කාලෙ කැෆෙ ගියෙ ගොඩක් උන් ගේම් ගහන්න ,වැලක් බලන්න ,චැට් රූම් වල චැට් කරන්න හෝ අධ්‍යාපනික වැඩ වලට සුළු වශයෙන් .
මමත් කැෆෙ ගිය පළවෙනි වතාවට ගියෙ වැලක් බලන්න තමා. ඒ ඉස්කෝ 10 වසරෙදි
ඒකට හේතුව විදියට මන් දකින්නෙ මගෙ ඉංග්‍රිසි දුර්වල කම.
මොකද ආතල් එකට වැලක් බලන එක වරදක් නම් නෙමෙ.
එත් ඉංග්‍රිසි දැනුම ටිකක් එදා හොඳට තිබ්බා නම් අද වගෙ

ඉතිං ලේසිම් වචන ටිකනෙ අරවා .
ඉතිං ඒවට විතරයි ගියෙ .
අද වගෙ නෙමෙනේ ඒ කාලෙ වචනෙ හරියට ටයිප් කරන්න ඔනෙ.
ඒ වගෙම වෙබ් ඇඩ්‍රස් එක අකුරක් වරද්දන්නෙ නැතුව ටයිප් කරන්න ඔනි .
අද වගෙ ඔටො ෆිල් උනෙ නැහැ .
සජෙෂන්ස් නැහැ .
ඉතිං ඒ කාලෙ ඉංග්‍රිසි දුර්වල අපි වගෙ මිනිස්සු එහෙම ආතල් ගන්න නෙට් එද්දි
ඉංග්‍රිසි දන්න අපෙ වයසෙ උනුත් වැඩි මහල් උනුත් ඔන්න දැනුම වෙනුවෙ දෙවල් කරා .
අළුත් දෙවල් හොයාගෙන ගියා .
ඒ කාලෙ එළකිරි ත්‍රෙඩ්ස් බැලුවනම් තෙරෙවි හැම කෙනාම වගෙ ඉංග්‍රිසියෙන් තමා ගොඩක් කොටලා තියෙන්නෙ .
ඔන්න ඉතිං කාලයාගෙ ඇවැමෙන් කොල්ලටයි බල්ලටයි නෙට් හම්බ උනා.
ඒ වගෙම ස්මාර්ට් ෆෝන්ස් වල ව්‍යාප්තිය නිසා ගොඩක් ඉන්ටර්නෙට් යන එක සාමන්‍ය දෙයක් උනා .
මන් හිතන්නෙ වැඩියෙන්ම ෆේස්බුක් පවා ලොග් වෙන්නෙ මොබයිල් එකෙන් .
ඉතිං මේක තමා ප්‍රධාන හේතුව.