ඇඩෙනවා

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    ලිරික්ස් දැක්කා මෙහෙම ලිරික්ස් නම් දැක්කෙහ් නැහැහ් :yes:
    කාලෙකින් අහපු පට්ටම ට්‍රැක් එකක්
     
    • Like
    Reactions: maxboysl

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Liyuma - Kaizer Kaiz & Lil Neo
    අම්මේ අද මගේ 16 වෙනි උපන් දිනේ
    මතකෙට ආවෙ සමරපු හැටි 6 වෙනි එක මගේ
    ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගේ ලොකේ
    ඉස්සර වගෙනන් නුබ තමයි මුලින්ම සුබ පැතුවේ

    අනාථ මඩමේ කෑම අම්මේ මට වහයි
    උබෙන් ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
    තරහක් එනවා හිතට මාව දාල ගිය එකට
    ආදරෙයි නුබට මගේ හීනෙට හරි එනවට

    මවා ගන්නවා නුබේ රූපේ මගේ හිතින්
    අකුරු බොද උනේ කදුළු වැටෙන නිසා නෙතින්
    හදින් අපි ලං වෙලා ඉන්න නිසා
    තනියක් නැහැ අම්මේ හිටියට දුරින්

    එක පාරක් ලගට ඇවිත් අල්ලගන්න අතින්
    පරිවාසේට එන්න උනා සමාවෙන්න ඉතින්
    අනාථ උන විනාශ උන කාලකන්නි හිතින්
    මම සුබ පතනවා ඉන්න තැනක ඉන්න අම්මේ හොදින්

    දෙවියන්දෝ මා හට කුරිරු උනේ - ඉරණමදෝ මේ මගේ
    මං ඉන්නේ ඔබේ - මතකේ දැවටිලා
    අසරණ වී එදා - මතකේ ගිනියම් උනා
    අද වුණු ජීවිතේ - ලියුමක ලිය උනා

    බලන්න සැප ළමයි මැරෙද්දි පාරේ
    තාත්තලා එක් වෙලා බිවුවා කෙලෙසන කාලේ
    මම අම්ම හොයනවා පීරලා තුන් ලෝකේ
    තවත් එකෙකුගේ අම්ම මරලා ගන්න ඇගේ මාලේ

    ජීවිත යකඩ මරණය කාන්දම
    ඒ කාන්දම මාවත් අදිනවා ටික ටික
    මොන රජෙක් උනත් අපි මැරෙනවා දවසක
    තව ඉවසන්න බැහැ මාව ගන්න නුබේ ලගට

    අවතාර වාගේ සිතුවිලි තනිකම ගාව
    තනියම අඩනවා නිදියනකන් තාම
    අම්මේ නුබ අද නැති නිසා මගේ ගාව
    තනිවෙලා මම මාංචු නැති හිර ගේක

    අවුරුදු ගානක් නුබට ලියපු ලියුම් මිටිය
    එවනවා දන්නවනං දිව්‍ය ලෝකයේ ලිපිනය
    ඇරයුම සතුටට දුක ආවෙ සාදෙට
    උපන් දිනේ දවසෙම නුබ ගියා සුනාමියට

    දෙවියන්දෝ මා හට කුරිරු උනේ - ඉරණමදෝ මේ මගේ
    මං ඉන්නේ ඔබේ - මතකේ දැවටිලා
    අසරණ වී එදා - මතකේ ගිනියම් උනා
    අද වුණු ජීවිතේ - ලියුමක ලිය උනා

    නරකාදිය ඉදි කරන් - මාහා රළක සැගවුනා
    නරකාදිය ඉදි කරන් - ඔබ නිහඩව බොද උනා
    මාගේ ජීවිතේ මර උගුලක් උනා

    දෙවියන්දෝ මා හට කුරිරු උනේ - ඉරණමදෝ මේ මගේ
    මං ඉන්නේ ඔබේ - මතකේ දැවටිලා
    අසරණ වී එදා - මතකේ ගිනියම් උනා
    අද වුණු ජීවිතේ - ලියුමක ලිය උනා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    avatar512093_23.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ අදද බන් ඇහුවේ ඕක දැන් ගොඩක් කල්
    තව බිහ් හර්ශත් එක්ක කියන එකක් තියන්වා අම්මා කියලා :D
    ඒකත් මරු ම්ගේ සින්දු ඔක්කොම මරු ලංකාවේ පට්ටම සෝලෝ
    රැප් කෙනෙක් නමින් කයිසර කයිස් :love:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹ අදද බන් ඇහුවේ ඕක දැන් ගොඩක් කල්
    තව බිහ් හර්ශත් එක්ක කියන එකක් තියන්වා අම්මා කියලා :D
    ඒකත් මරු ම්ගේ සින්දු ඔක්කොම මරු ලංකාවේ පට්ටම සෝලෝ
    රැප් කෙනෙක් නමින් කයිසර කයිස් :love:
    ඔව් පොරගෙහ් ලිරික්ස් හොදයි ....
    අද බ0 දැක්කේ ඇවිල්ලා තියෙන්නෙහ් ඩිසෙම්බර් වෙල :D