ඇත්තටම අපි මේ ලෝකෙට ඉපදුනේ ඇයි?

toktok

Member
Jan 7, 2019
29
5
0
ඇත්තටම අපි මේ ලෝකෙට ඉපදුනේ ඇයි?

හැමෝගෙම අදහස් ඕන?
 
toktok

Member
Jan 7, 2019
29
5
0
අනිත් අයට උදව් කරන්න

කීයෙන් කී දෙනාද අනිත් අයට උදව් කරන්නේ? ගොඩක් අය බලා ඉන්නේ අනිත් කෙනාට කෙලවෙනව බලල යට් හිතෙන් හරි සතුටු වෙන්න නේ.
 
Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    ඔය උඩින් කොමෙන්ට් කරලා තියෙන පෙසිමිස්ට් කියන එකත් ඒ වගේ එකෙක්. කෝකටත් පරිස්සමින්. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය උඩින් කොමෙන්ට් කරලා තියෙන පෙසිමිස්ට් කියන එකත් ඒ වගේ එකෙක්. කෝකටත් පරිස්සමින්. :yes:

    ඔයා තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්න අහිංසකයන්ගෙ ගෙවල් හොයාගෙන ගිහිං කියපුව මම කියන්නෙ නෑ :frown:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔයා තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්න අහිංසකයන්ගෙ ගෙවල් හොයාගෙන ගිහිං කියපුව මම කියන්නෙ නෑ :frown:

    Ridilaᵀᴹ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මගේ ආගමට අනුව නම් අපි ඉපදිලා තියෙන්නේ පව් ගෙවන්න.. අපි මේ ගෙවනේ පවක්.. චතුරාර්ය සත්ත්‍ය අනුව ඉපදීම කියන්නේ දුකක්, දුක නැති කරගන්න අපි ඉපදීම නැති කරගන්න ඕනේ... හොදට තමන් ගැන තමන් මේතාක් ගෙවපු ජීවිතය ගැන හිතල බලපන්.. හැම දේම දුකක්... අපි සතුටක් කියල පටං ගන්න ගොඩක් දේවල් ඉවර වෙන්නේ දුකකින්... වැඩිය ඕනේ නෑ හෙන සතුටින් යාළුවො ටිකත් එක්ක බෝතලයක් ගහන්න සෙට් උනා කියපන්කෝ.. ඒ ක ඉවර වෙන්නේ පහුවදාට විදින පට්ට දුකකින්...
    අපි නොතේරෙන කාලේ ඇවිදින්න කොච්චර දුක් විදින්න් ඇතිද ? A4 size පිටු දෙකක CV එකක් හදාගන්න අපි අවුරුදු 13 කොච්චරනම් දුක් විදින්දද ? ඊට පස්සේ අපි තව අවුරුදු කීයක් කට්ට කෑවද උසස් අද්යාපනය ලබාගන්න.. එහෙම කට්ට කාලා අපි දැන් හොද ප්‍රීතිමත් ජිවිත ගත කරනවද? අමාරුවෙන් කට්ට කාල කෙල්ලෙක් දාගන්නවා ඊට පස්සේ වෙඩින් එක ගන්න දුක් විදිනවා දරුවෝ හදන්න උන්ට උගන්වන්න දුක් විදිනවා පස්සේ දුක් විදලා අපේ වටේ ඉන්න හැම එකාටමත්දුකක් දීල මැරිල යනවා... ඕකයි ජීවිතෙන් කියන්නේ බලපන්.. පොඩ්ඩක් ආපස්සට හැරිල බලපන්..... අපි සතුටක් සැපක් කියල හිතන් ඉන්න හැමදෙයක්ම දුකක්.. ජීවිතය කියන්නේ දුකක්.... පව් ගෙවන්න අපිට දීපු අවස්තාවක්
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20

    ඔන්න ඔය අන්තිමට කියපු ටිකෙන් තමයි උඹ ඇනගන්නෙ.
    ජීවිතේ කියන්නෙ දුකක් තමයි. නමුත් බුද්ධෝත්පාද කාලයක අපි ඉපදුනේ මනුසතෙක් වෙලා මේ සංසාර චක්‍රය කඩා බිද හෙලලා නිවීම ලබා ගැනීමට.