ඇත්තටම ඔය රගන උන් Entrepreneurs ලද?

Ghostdevil

Active member
  • Feb 4, 2017
    394
    234
    43
    දැං හෙන ඔන්ලයින් ඔන්තර්පූනර් උමතුවක් තියෙන්නේ නේද?
    ඔන්තර්පූනර් කෙනෙක් කියන්නේ කාටද දන්නවද?
    ඒක හරි බරවචනයක්..
    ඇයි බර?
    බර වෙන්න හේතුව තමා .. ඔන්තර්පූනර් කෙනෙක් හැදෙන්නේ රටක පින් මහිමයට කියලා කිවුවොත් මම නිවැරදියි.
    මොකද ඔන්තර්පූනර් කෙනෙක් කියන්නේ මාස්ටර් මයින්ඩ් එකක්.. එයා හිතන්නේ අනිත් අය හිතනවට වඩා වෙනස් විදිහට..
    ඔන්තර්පූනර් කෙනෙක් දන්නවා ව්‍යාපාර ලෝකේ වෙන පොඩි වෙනස්කමක් වුනත් වාසියට හරවගන්න..
    ඒ වගේම එයාලා අති දක්ශයි මාකට්එකේ වාසි තියන හිඩැස් දකින්න සහ ඒවට භාණ්ඩ සහ සේවා නිශ්පාදනය කරන්න එහෙම නැත්නම් සැපයුම් කරන්න..
    ඔන්තර්පූනර් කෙනෙක් කියන්නේ හරි ස්මාර්ට් විදිහට මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසදන කෙනෙක්. එයාලා කවදාවත් මේ දේ හදලා මට කීයක් හොයන්න පුලුවනිද කියලා හිතනේ නෑ.. ඔවුන් හිතන්නේ අදාල ප්‍රශ්ණෙට සාර්ථකම දේ උත්තරේ විදිහට දෙයක් නිර්මාණය කරන්න..
    පස්සේ ඒක මිනිස්සු වැලදගෙන මුදල් බවට හැරවෙනවා..
    හරියට ස්ටීව් ජොබ්ස්ට ඕන වුනේ හැම ගෙදරකම ඩෙස්ක් එකක් උඩ පර්සනල් කොම්පියුටර් එකක් තියනවා දකින එක සහ ඒකෙන් මිනිස්සු තමන්ගේ ජීවිත කාර්‍යක්ශම කරගනීවි කියල කියන දේ...
    ඔන්තර්පූනර් කෙනෙක්ට පුලුවන් අවධානම යස අපූරුවට කළමණාකරනය කරගන්න..එ වගේම මිනිස්සු එක්ක බොහොම ලස්සනට වැඩ කරන්නත් එයාලා දන්නවා..කොටින්ම ඔන්තර්පූනර් කියන්නේ බොස් කෙනෙක් නෙවෙයි... ලීඩර් කෙනෙක්. එයා එක ව්‍යාපාරයක් සාර්ථක වෙනකොට තව වෙනස්ම ව්‍යාපාර අවස්ථා හොයන කෙනෙක්. අවධානම් බෙදාහරින කෙනෙක්..
    ඔය ඕනම ව්‍යාපාරයක් ඔන්ලයි .. එහෙම නැත්නම් අන්තර්ජාල උපයෝගී කරන් කරනවට කියන්නේ ඔන්ලයින් ඔන්තර්පූනර්ශිප් කියල..
    හැබැයි ලංකාවේ ඇත්තටම ඔන්ලයින් ඔන්තර්පූනර්ස්ලා ඉන්නවද?
    ඔයාල හිතනවද බ්ලොග්ස් තුන් හාරසීහක් හදලා ඇඩ්සෙන්ස් වලින් විසාල ආදායමක් ගන්න අය, බුකියේ ඉන්ස්ටන්ට් ආර්ටිකල් වලින් , එතකොට ගේම් එකක් , මොකාක් හරි ඇප් එකක් හදලා.. තව ඔය ෆයිවර්, අප් වර්ක් වගේ ෆ්‍රීලාන්සර් සයිට් වල එක්වුන්ට් හත අටක් හදාගෙන ඒවගේ වැඩ මිනිස්සු දාගෙන ඔෆිස් හදාගෙන කරා කියලා..., ඩිජිටල් මාකටිං ඒජන්සි එකක් කරා කියලා, වෙබ් ඩිසයිනිං කරන කඩයක් දාගත්තා, පිටරට එකෙක්ගේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක පලුවක් ඔපිස් දාගෙන කරා කියලා.. කොටින්ම ඔන්ලයින් මගුල් ගැන පත්තර සගරා ප්‍රින්ට් කරා කියලා.. ඒ වගේ අය ඔන්ලයින් ඔන්තර්පූනර් කෙනෙක් වෙනවා කියලා??
    😂
    😂

    එහෙනම් ඉතිං කෙසෙල් කඩ මුදලාලිත් ඔන්තර්පූනර් කෙනෙක්නේ.. වෙනසකට තියෙන්නේ ඌ ඕෆ් ලයින් උබලා ඔන්ලයින්
    😄
    .
    ලංකාවේ ඔන්ලයින් වැඩ කරන අති දක්ශ තරුණ පරපුරක් ඉන්නවා.. උන්ගේ දක්ශ තාවය ගැන වාදයක් නෑ.. හැබැයි අර වචනය මිස් යූස් කරන්න එපා..
    ඔන්ලයි මොකක් හරි කෙහෙල් මලක් කරලා හම්බ කරගනිපු කෝටි දෙක තුනක් වියදම් කරලා නම්බර් ප්ලේට් එක ගැහුව ගමන් ලස්ස 25ක් විතර ගාණ බහින ප්ලාස්ටික් වාහන අරන් ලස්සනට පොටෝ ශූට් කරලා ලොකු ගෲප් එකක් හදා ගනිපු පලියට ඔන්තර්පූනර් කෙනෙක් වෙන්නේ නෑ..
    අපේ @කෝසල එදිරිසිංහ ඉන්ජිනේරු මහත්තයා කියනවා වගේ ඒ වගේ උන් ඔන්තර්පූනර්ලා නෙවෙයි ඔන්ටර්පණුවෝ
    😂

    රියල් ඔන්තර්පූනර් කෙනෙක් වෙන්න අර මම උඩ කියපු වගේ දේවල් මොළේ ඇතුව කරන්න ඕන... ඒ වගේම තමන්ගේ හැකියාව මොලේ රටට වැඩක් වෙන විදිහට පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා.. එතකොට තමා හැදෙන ඔන්තර්පූනර් රටටත් ආශීර්වාදයක් වෙන්නේ...
    එහෙම කල්පනා කරලා බැලුවාම ලංකාවේ ඔන්ලයින් ඔන්තර්පූනර් කියලා කියන්න වෙන්නේ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසකට.
    වැඩේ කියන්නේ ඔන්ලයින් වැඩකරන.. ඒකෙන් දියුණුවෙලා ඉන්න මින්ස්සු ටික උන්ගේ පාඩුවේ වැඩ ටික කරගෙන යනවා..
    උන්ට මොනවට දොස් කියන්නද..උන් වැඩ්ඩෝ.. ඒක ගැන අවිවාදයක් නෑ..
    හැබැයි ඔය පිස්සු හැදිලා ඒ මිනිස්සු පස්සේ දුවන්නෙ එකක්වත් හරියට කොරගන්න බැරි සීනි කුරුල්ලෝ ටිකක්.
    උන් එක්ක කතා කරන්නත් බෑ.. ඇයි වශී වෙලා ඉන්නේ... තම තමන්ගේ ඔන්ලයින් ඔන්තර්පූනර් වීරයට.. උන්ගේ අනාගතේ දවසක කළකිරෙනවාමයි.. උන් ගැනම..
    ලංකාව වගේ රටක ඔන්තර්පූනර්ශිප් කියන එක විහිළු වචනයක් තරමට බාල්දු කරේ කුණු ගොඩවල් පුම්බලා පෙන්නන සල්ලි සල්ලි වලට ඕන ජරා ගොඩක් බුදින යූටියුබර්ස්ලා නිසා..දැන් රෑ මනමාලියෝ පවා ගෙන්නලා ඔන්තර්පූනර්ශිප් ගැන කතා කරන තැනටම ඔය වචනේ ඕකුං බාල්දුකරලා..
    ලංකාවේ නමක් තියන ආයතන පවා ඩිජිටල් මාකටියර්ස්ලාට ඇඩ්වයිස් දෙන්න යූටියුබ් එකේ කොමඩි කාරයෝ ගෙන්නවන තැනටම ඒ වචනේ චාටර්වෙලා..
    පුද්ගලිකව මටනම් දැන් නම් තිත්තවෙලා තියෙන්නේ..ඔය නගරං කතා...
    නංගියේ මල්ලියේ.. අන්තර්ජාලේ ඇතුලේ රවුම් කරලා ක්‍රේප් කොල අලවලා බැලුම් පුම්බලා සරසලා කතා පස්සේ පිස්සුවෙන් දුවන්න යන්න එපා.. එක දෙයක් හරියට ඉගනගන්න.. ඉගනගන්න එක තමන්ට තනියම කරන්න පුලුවනි.. මම ඉගනගතෙත් තනියම.. මට ඔය මොන අයියා කෙනෙක්වත් කියලා දුන්නේ නෑ.. හැබැයි අපි තාම ඉගන ගන්නවා.. නොදන්න දේ පොඩි එකෙක්ගෙන් හරි අහනවා.. දන්නේ නැතු දේට දන්නේ නෑ කියනවා..
    ඔබට සාර්ථක වෙන්න පුලුවනි අනිවාර්‍යෙන්ම.. හැනැයි රගපාන නළුවෝ පස්සේ යන්න එපා.. උන් දෙන ගුලි කාලා හිත රවට්ට ගන්න එපා.. උන්ව කොපි කරන්න යන්න එපා..මවා ගනිපු ජීවිත වල ජීවත් වෙන්න එපා.. කොයි තරම් ලොකු ආර්ථික මට්ටමකට ආවත්.. තමන් කැමති ජීවිතයේ ජීවත් වෙන්න.. සමාජෙට ඕන විදිහට නෙවෙයි ඔයාට ඕන විදිහට අදින්න පලදින්න...තමගේ අවශ්‍යතාවයට යාන වාහන ගන්න.
    ඇසට්ස් ( වත්කම්)වැඩි කරගන්න.. ලයබිලිටීස් ( වගකීම්) වැඩි කරගන්න එපා.. එක දවසින් .. එක රැයින් කෝටිපතියෝ වෙන්න බෑ මේ ක්‍රමේට.. ඔයාලට අවුරුදක් හමාරක් යාවී.. හෙමින් යමු. කලබලයක් නෑ.. ඕන තරම් ව්‍යාපාරික අවස්ථා අන්තර්ජාලය ඇතුලේ තියනවා.. කලබල වුනොත් කොරොස් කටෙත් අත දාගන්න බෑ..
    ඔන්න කියන්න තියන කතාව කිවුවා..
    එතකොට මේව ඇගේ අමාරුවට ලියන මම කවුද නේද?
    මම ධමිෂ
    🤘

    ආ.. මෙහෙම්මම මම ගැනත් කියන්නම්කෝ.. මොකද මමත් දැක්කා කීපදෙනෙක් කතා කරනවා මම ගැන.. එයාලට තියන කුතුහලේ අරින්නත් එක්ක මම කියන්නම්...
    මම එකෙන්ම මුදලාලි කෙනෙක්.
    ඔන්ලයින් මුදලාලි කෙනෙක්..
    ඔන්ලයින් ඔන්තර්පූනර් කෙනෙක් නම් නෙවෙයි.
    තාම ඒ තැනට මම කිට්ටුවෙලාවත් නෑ..
    හැබැයි ලගදි අලුත් දෙයක් පටන් ගන්නවා .. ඒකෙන්වත් ඔය නමට.කිට්ටු කරගන්න පුලුවනිද බලන්න ඕන
    😂
    ..
    මම විකුනන්නේ මගේ දැනුම සහ මගේ හැකියාව.. ඒ වගේම මගේ අත්දැකීම්..
    හුගාක් අය අහනවා ඔන්ලයින් ඔච්චර සල්ලි හොයන්න පුලුවනි නම් මොකටද මම ශොපිෆයි , ඩිජිටල් මාකටිං වර්ක්ශොප් කරන්නේ කියලා..
    උත්තරේ හරිම සරළයි. මම මේ දැන් ඉන්න තැනට ආවේ වැල්ලේ කුන්දු පැනලා නෙවෙයි.. එක එක ජාතියේ කොම්පැනි ගනනාවක විවිධ පුටුවල වාඩිවෙලා ඉදලා..ඒවගේ ඇතුලේ දාන්න තියන සෙල්ලම් ඔක්කෝම දාලා.. එක එක ජාතියේ ගල් ආදෝ දුසිම් ගනන් පාලනය කරලා... මම පැය 24 ම ෆෝකස් කරන්නේ.. කීයක් හරිම වැඩිපුර හම්බ කරන ක්‍රමයක් හොයා ගන්න විදිහක් ගැන..හැබැය් ජරා වැඩ කරලා නෙවෙයි..
    මම දැක්කා හොද අවස්ථාවක් මගේ දැනුම විකුනන්න පුලුවන් කියලා..ඉතිං මම ඒක විකුනනවා..පැය තුනක් හතරක් වැයකරලා දන්න දේ නොදන්න අයට හරියට කියලා දීලා ලක්ශ 4ක් 5ක් හොයන්න පුලුවන් නම් එක වර්ක්ශොප් එකකින්..., ඒ පැය දෙක තුන වෙන දේකට යොදවලා ලක්ශයක් දෙකක් හොයනවට වඩා මට වර්ක්ශොප් එකක් කරන එක අත උඩින් ලාභයිනේ.. අනිත් එක සල්ලි වලට අමතරව හොද ආත්මතෘප්තියක් වගේම.. දක්ශ පිරිසක් .. අනාගත ව්‍යාපාරිකයෝ පිරිසක් මගේ වටේ වට වෙන එකත් ලොකු දෙයක්නේ...
    ඔය ලංකාවේ වර්ක්ශොප් කරන අයට බනින වුන් හැමෝටම දෙන්න තියන උත්තරේ තමා ඕක..
    හොදටම දන්න දක්ශම ආත්මාර්ථකාමී නැතිම එකා තමා ඕවා උගන්වන්නේ.. මොකද කැම්පස් යන්න උගන්වනවට වගේ නෙවෙයි ව්‍යාපාරයක් කරන්න උගන්වන එක ලේසි නෑ..
    අනික සල්ලි වලට හරි දෙයක් දෙන එකාට හූ තියන්න කලින් තමුන් මොනවද මේ රටේ හති දාන් දුවන තරුණ පරම්පරාවට කරේ කියලා හිතලා බැලුවනම් හොදා..
    මේවට කීප දෙනෙක් ට්‍රිගර් වෙයි.. ඔය ගෲප් ඇතුලේ ඉන්න අයට බලාගන්න පුලුවන් වෙයි මම කියන්නේ බොරුද කියලා.
    එහෙනම් ටටා.
    මම
    ධමීෂ
    🤘


    Image may contain: one or more people




    MEYA UPUTA GANU LEBUUWAK BAWA KARUNAWEN SALAKANNA..
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,935
    113
    YouTube kariyangen keeyak hari aragena ungema views wadi karana kariyo jathiyak neda okun?
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Thawath emoney course karayek wage :lol: okum thama aththatama entrepreneurship kiyana eka mehe kujeetha karala thiyenne.
     
    Last edited:
    • Haha
    Reactions: thedigit2s

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,447
    113
    Once, there was a prostitute who became an entrepreneur.
    Everyone said that's because she put the "succ" in "success." :P
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    boruwak karana...mama dana samahara aya inawa....Black money duwana politicans lagee...unge provile walata yana...
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපේ @කෝසල එදිරිසිංහ ඉන්ජිනේරු මහත්තයා කියනවා වගේ ඒ වගේ උන් ඔන්තර්පූනර්ලා නෙවෙයි ඔන්ටර්පණුවෝ
    😂
    මේ කියන කෙනා එළකිරි එකේ රත්තරං කියන member කියල කියනව නේද? කොහොමත් රත්තරං කියන memberට මුල් කාලෙ e-money, freelancing ගැන ලොකු තේරුමක් තිබ්බෙ නෑ. එයාගෙ සමහර කතා වලින් online සල්ලි හොයන්න හදන එක බොරු වැඩක් වගේ මතයක හිටියා කියල තමා මට තේරුනේ. ලිපිය ලියල තියෙන කෙනත් ඒ වගේ කෙනෙක්ද කොහෙද.
    දැන් අළුත් niche එකක් හැදීගෙන වගේ එන්නෙ. e-money field එකට කැමති අයට guidance counseling කරනව කියන එකා දෙන්නෙ එළි බහින්න පටන් අරන්.