ඇත්තටම ... බදු හැදෙන්නේ කොහොමද?
නංගී පෙන්නා අක්‌කා දීම"

අප කවුරුත් දන්නා ප්‍රසිද්ධ ජනවහරේ එන කියමනකි. අක්‌කා මෙන් නොව, නංගී පියකරුය. සුකුමාලය. සැවොම ඇය වෙත ආකර්ෂණය වෙයි. නමුත් නංගීට පෙර අක්‌කා දීග දිය යුතුය. නමුත් ගැටලුව වන්නේ නංගී මෙන් නොව ඇය එතරම් ආකර්ෂණීය නොවීමයි. එපරිද්දෙන්ම අපට බදු යන්න අක්‌කාට සමාන කළ හැකිය. සහනාධාර නංගීට සමාන කළ හැකිය. අක්‌කා විවාහ කර ගැනීමට කිසිවෙකුත් කැමැති නොවනවා සේම බදු ගෙවීමටද කිසිවකු කැමැති නොවේ. සැවොම කැමැති නංගීව විවාහ කර ගැනීමටය. එනම් සහනාධාර ලබා ගැනීමය. අයවැය කතාවක් තුළින් අප සැමදෙනාම අසන්නට කැමැති වන්නේ සහනාධාර ලැබීම සහ බදු අඩුකිරීම පිළිබඳවයි. එහෙත් රජයෙන් සෑම විටම අපට අක්‌කා පෙන්වා නංගී විවාහ කරවයි. 
බදු යනු සහනාධාරයන්හි විරුද්ධ පැත්ත වන අතර එය පුද්ගලයන් හෝ ආයතන මත රජය මගින් පනවනු ලබන අනිවාර්ය ගෙවීම් වේ. බදු ගෙවීමෙන් වැළකී සිටීමට කිසිවෙකුටත් නොහැකිය. ඔබ එය මඟහැරීමට සෘජුව කටයුතු කළහොත් එය වක්‍රාකාරයෙන් අයකර ගැනීමේ ක්‍රමයක් රජය විසින් සොයාගනු ඇත. තමන්ගේම සිතැඟියාව පරිදි ඕනෑම අයකුගෙන් හෝ ආයතනයකින් සෑහෙන පමණ බදු අය කිරීමට රජයකට හැකිය. උදාහරණයක් වශයෙන්, 1705 දී රුසියානු අධිරාජ්‍යයා වූ මහා පීටර් විසින් රැවුල සඳහා බද්දක් පනවන ලද්දේ පිරිමින්ගේ මුහුණු රැවුල රහිතව ප්‍රසන්න පෙනුමක් ඇති කිරීමේ අරමුණිනි.
ශ්‍රී ලංකාවේ බදු අයකිරීමේ ඉතිහාසය ඉතා සිත්ගන්නා සුළුය. පුරාණයේ අප රටේ පැවති බදු ක්‍රමය සංකීර්ණ සහ මනා සංවිධානයකින් යුතු එකකි. එම ඓතිහාසික වාර්තාවන් ක්‍රිස්‌තු පූර්ව තුන්වැනි වසර දක්‌වා ඈතට දිවෙන අතර කෘෂිකාර්මික කාර්යයන් සඳහා යොදාගත් ජලය සඳහා "දකපති" සහ "භෝජකපති" නමැති බදු පනවන ලදී. අනුරාධපුර යුගයේදී මන්නාරම සහ හම්බන්තොට වරායන්හිදී ආනයනය සහ අපනයන බදු එකතු කරන ලදී. එවකට පැවති ඉඩම් බද්දක් පිළිබඳව ක්‍රිස්‌තු පූර්ව දෙවැනි සියවසේ ශිලා ලිපියක සඳහන් වේ. ඉඩම් විවිධ ශේ්‍රණි යටතේ බෙදා ඊට අනුකූලව වෙනස් ප්‍රමාණයන්ගෙන් බදු අයකරන ලදී. වාණිජ කාර්යයන් සඳහා ද බදු අය කළ බවට සාක්‌ෂි තිබේ. ධාන්‍ය ප්‍රවාහනය කළ කරත්තවලින් නගරවලට ඇතුල්වන ස්‌ථානයන්හිදී බදු අය කරන ලදී. "මරාල" නමින් හැඳින්වූ බද්දක්, පුද්ගලයකු මියගිය විට ඔහු සතුව තිබුණු දේපළ මත පනවන ලදී. "මරාල" යනු යම් ආකාරයක ධන බද්දක් වශයෙන්ද සිතිය හැකිය. රොබට් නොක්‌ස්‌ගේ වාර්තාවන්ට අනුව රාජ අණින් වසරකට තුන් වරක් ජනතාවගෙන් බදු එකතු කරන ලදී. බදු ප්‍රමාණයන්හි වෙනස්‌කම් මෙන්ම විවිධ බදු ස්‌වභාවයන් පිළිබඳවද නොක්‌ස් සිය ග්‍රන්ථයෙහි දීර්ඝ ලෙස විස්‌තර කරයි. මෙම බදු බොහෝවක් මැණික්, වයින්. තෙල්, ධාන්‍ය, මීපැණි, මී ඉටි, රෙදි, වටිනා ලෝහ වර්ග, දුම්කොළ සහ ඇත්දළ ආදී වූ වෙළෙඳ ද්‍රව්‍යවලින් ගෙවන ලදී.
රජයක් විසින් බදු පැනවීමට හේතුවන ප්‍රධාන කරුණු තුනක් තිබේ. පළමු කාරණය වන්නේ රජයේ වියදම් සඳහා ආදායම් රැස් කිරීමයි. මෙම බදු මුදල් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම, මහාමාර්ග ඉදිකිරීම වැනි දේ සඳහා යොදවනු ලැබේ. දෙවැනි කාරණය වන්නේ ඇතැම් පරිසරයට හෝ සමාජයට හානිකර ක්‍රියාවන් අධෛර්යමත් කිරීමයි. උදාහරණයක් ලෙස සිගරැට් මත දුම්කොළ බදු පැනවීමෙන් ඒ සඳහා දුම්පානය කරන පුද්ගලයන්ට වැඩි මිලක් ගෙවීමට සිදු වන අතර එමගින් දුම්පානය කරන ප්‍රමාණය අවම කිරීමට රජය අපේක්‍ෂා කරයි. තවද දරුවන් තරබාරු වීම වැළැක්‌වීම සඳහා බ්‍රිතාන්‍යයේ නීති සම්පාදකයන් විසින් මෑතකදී පැණි බීම මත බද්දක් නියම කරන ලෙසට රජයට බලපෑම් කරන ලදී. තුන්වැනි කාරණය වන්නේ ඉහළ ආදායම්ලාභීන්ගෙන් යම් මුදල් කොටස් දිළින්දන් වෙත ගලා යැමට සැකසීමයි. ගොවීන් සඳහා දෙනු ලබන පොහොර සහනාධාරය මේ සඳහා උදාහරණයකි.
කෙසේ වෙතත් බදු පැනවීම් කළ විටෙකදී එයින් ගැලවීම සඳහා ඕනෑම දෙයක් කිරීමට ජනතාව පෙළඹේ. මධ්‍යසාර ප්‍රතිශතය මත පදනම්ව විස්‌කි සඳහා වූ බද්දක් ජපානය විසින් පනවන ලදී. මෙම බද්ද ගෙවීම මඟහැරීම සඳහා විස්‌කි නිෂ්පාදකයන් තමන්ගේ විස්‌කිවලට ජලය කළවම්කර ඒවා තනුක කළේය. 1660 වසරේ දී එංගලන්තය විසින් ගිනි උදුන් මත බද්දක් පනවන ලදී. තම ගිනි උදුන් සඟවා තැබීම සඳහා ජනතාව ඒවා ගඩොල් බැඳ ආවරණය කළේය.
ඇතැම් විට මෙවන් ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් මගින් වෙනත් ගැටලුද ඇති විය හැකිය. උදාහරණයක් වශයෙන් ගතහොත් නිවාසවල තිබෙන ජනේල ගණන මත පදනම්වූ බද්දක් එංගලන්තය විසින් 1696 දී නිවාස සඳහා පනවන ලදී. මේ හේතුවෙන් බදු ගෙවීම මඟහැරීම අරමුණු කරමින් ජනතාව තම නිවාසයන් අවම ජනේල ප්‍රමාණයක් සහිතව ඉදි කළේය. අවසානයේදී එය සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වූ අතර 1851 දී එම බද්ද ඉවත් කරන ලදී.
අවසන් දරන්නා මත සෘජුව හෝ වක්‍රව බදු පැනවීමට රජයට හැකිය. සෘජු බදු පැනවූ විට බදු මුදල ගෙවන්නන්ම පැහැදිලිව දැනගත හැකි අතර වක්‍ර බදු මුදල් ප්‍රමාණය එසේ ගෙවන්නන්ට එකවර පැහැදිලි නොවේ. ඊට හේතුව වන්නේ අවසන් පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන වක්‍ර බදු ප්‍රමාණය ගණනය කිරීම තරමක් සංකීර්ණ වීමය. ආදායම, ලාභය හෝ ධනය මත සෘජු බදු පැනවෙන අතර වක්‍ර බදු භාණ්‌ඩ හෝ සේවාවන් මත පැන වේ. සෘජු බදු සඳහා හොඳම උදාහරණය වන්නේ ආදායම් බද්දයි. මෑතකදී හඳුන්වා දෙනු ලැබූ මන්දිර බද්ද ධනය මත අයකරන බද්දකි. සෘජු බදු මෙන් නොව වක්‍ර බදු මඟහැරීමට අපහසු වේ. එකතු කළ අගය මත වූ බද්ද හෙවත් වැට් (ඩ්එ) බද්ද වක්‍ර බද්දකි.
Rජු බදු පිළිබඳව කතා කරන විට අපට අත්හල නොහැකි තවත් කරුණක් වන්නේ සමාගම් ආදායම් බද්දයි. පුද්ගල ආදායම මත බදු පනවන්නා සේම සමාගමක ආදායම මත බදු පැනවීමට රජයකට හැකිය. මේ සඳහා උදාහරණයක් ලෙස පසුගිය අයවැයෙන් ඉදිරිපත් කළ සුපිරි ආදායම් බද්ද (Sමචැර ඨ්‌සබ ඕං) දැක්‌විය හැක. ඇතැම් ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස වන්නේ රජය මගින් සමාගම් මත බදු පැනවීමෙන් ආයෝජනයන් අධෛර්යමත් කෙරෙන බවයි. නව රැකියා උත්පාදනයන් මගින් සමාගම් රටේ ආර්ථික වර්ධනයට දායක වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒක පුද්ගල ආදායම ඉහළ යනු ඇත. ජනතාවගේ ආදායම ඉහළ යන විට රජයේ බදු ආදායම ද කරුණු දෙකක් මත ඉහළ යනු ඇත. පළමුව, ඉහළ ආදායම් මට්‌ටම්වල දී ජනතාවගේ පරිභෝජනය ද වැඩි වේ. එබැවින් වක්‍ර බදු මගින් ලැබෙන ආදායම ඉහළ යයි. දෙවනුව, ජනතාවගේ ආදායම ඉහළ යන විට ආදායම් බදු මගින් රජයට වැඩි අදායමක් ලැබීමයි. එබැවින් සමාගම්වලට දෙනු ලබන බදු සහන සහ සමා කිරීම් ආදිය මගින් දීර්ඝ කාලීන වශයෙන් තම ආදායම වැඩිකරගැනීමට රජයට උපකාරයක් විය හැකිය.
මා ද ඇතුළු බොහෝ ආර්ථික විද්‍යාඥයන් වක්‍ර බදු ක්‍රමයට එකග නැත. ඊට ප්‍රධානම හේතුව වන්නේ එහි ඇති 'ප්‍රතිගාමී' ස්‌වභාවයයි. ඉන් අදහස් කෙරෙන්නේ අඩු ආදායම් සහිත පුද්ගලයන් වැඩි ආදායම් සහිත පුද්ගලයන් ගෙවනවාට වඩා වැඩි බදු ප්‍රතිශතයක් ගෙවීමට ඇති ඉඩකඩයි. කිරිපිටි සඳහා ආනයන බද්දක් ඇතුළත්වන අතර එය වක්‍ර බදු ආකාරයකි. මෙම කිරිපිටි පැකට්‌ටුව සඳහා ධනවතා සහ දුගියා යන දෙපාර්ශවයටම එකම මිලක් ගෙවුවද දුගියා ධනවතාට වඩා ඉහළ බදු ප්‍රතිශතයක් ගෙවන බව මා පැවසුවොත් ඔබ පුදුමයට පත්වනු ඇති. මෙය එකවරටම ඔබට පැහැදිලි නොවනු ඇත. මෙම තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා අපි පහත දැක්‌වෙන උපකල්පිත උදාහරණය දෙස අපගේ අවධානය යොමු කරමු.
වක්‍ර බදු වශයෙන් කමල් නමැති පුද්ගලයා මාසයකට රු. 1,000 ක මුදලක් ගෙවන්නේ යෑයි සිතමු. ඔහුගේ මාසික ආදායම රු. 10,000 ක් වන්නේ නම් ඔහුගේ ආදායමෙන් 10% ක් බදු සඳහා වියදම් කිරීමට ඔහුට සිදුවේ. කමල්ගේ ජීවන ශෛලියටම සමාන වූ ජීවන රටාවක් ඇති සුනිල් නමැති අයෙකුටද වක්‍ර බදු වශයෙන් මාසිකව රු. 1,000 වියදම් කිරීමට සිදු වේ. නමුත් ඔහුගේ මාසික ආදායම රු. 20,000 කි. මෙම අවස්‌ථාවේ දී තම බදු ගෙවීම් සඳහා සුනිල්ට වියදම් කිරීමට සිදුවන්නේ තම ආදායමෙන් 5% ක් පමණි. මින් අදහස් කෙරෙන්නේ මාසික ආදායම අඩුවන විට ගෙවීමට සිදුවන බදු ප්‍රතිශතය වැඩිවන බවයි. එබැවින් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් මත වක්‍ර බදු පැනවූ විටෙක දී අඩු ආදායම් මට්‌ටමේ සිටින්නන්ට තත්ත්වය තදින්ම බලපානු ඇත.
භාණ්‌ඩයක ඉල්ලුම සඳහා පාරිභෝගිකයන් දක්‌වන 'සංවේදීතාවය' අනුව බදු භාරය පාරිභෝගිකයන් වෙත පැටවීමට වෙළෙඳුන්ට හැකියාවක් ඇත. සංවේදීතාවය වැඩිවන විට, භාණ්‌ඩ මිලෙහි සිදුවන කුඩා වෙනසක් සඳහා පාරිභෝගිකයන් තම පරිභෝජනය විශාල ප්‍රමාණයයකින් වෙනස් කරනු ලබයි. එහෙත් සංවේදීතාවය අඩු භාණ්‌ඩ සඳහා, විශාල මිල වෙනසකට පාරිභෝගිකයන් තම පරිභෝජනය වෙනස් කරනුයේ කුඩා ප්‍රමාණයකිනි. සංවේදීතාවය බදු භාරය මත බලපාන්නේ කෙසේද පැහැදිළි කිරීම සඳහා, රජය මගින් එළවලු තෙල් සඳහා පවතින බද්ද 50% කින් වැඩි කරන ලදැයි අපි උපකල්පනය කරමු. ඊට ප්‍රතිචාර වශයෙන් අඩු මිලකට ලබාගත හැකි පොල්තෙල්, එළවලු තෙල්වලට විකල්පයක් වශයෙන් පරිභෝජනය කිරීමට ජනතාව පෙළෙඹෙනු ඇත. මෙනිසා බදු මුදල සම්පුර්ණයෙන්ම පාරිභෝගික ජනතාවගෙන් අයකරගැනීම සඳහා ඉහළ මිලක් නියම කිරීමට අපහසු බව වෙළෙන්දා දනී. එම නිසා මෙහි දී වැඩි බදු භාරයක් තමන් විසින් දැරීමට හෙතෙම තීරණය කරයි. දැන් කිරිපිටි සඳහා රජය විසින් 50% ක බද්දක් පනවන ලදැයි අපි උපකල්පනය කරමු. කිරිපිටි සඳහා තිබෙන එකම විකල්පය වන්නේ දියර කිරි වන අතර එය පිටිකිරිවලට වඩා බොහෝ සෙයින් මිල අධික වේ. මෙහි දී පාරිභෝගිකයාට තෝරාගැනීමට ඇති විකල්ප ඉතා අවම වේ. මෙම තත්ත්වය වෙළෙන්දා දන්නා බැවින් ඉහළ මිලක් නියම කරමින් බදු භාරයේ වැඩි කොටසක් පාරිභෝගිකයාට යොමු කිරීමට ඔහුට හැකිවේ.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය භාණ්‌ඩ මත වක්‍ර බදු පැනවීම පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන්ට පමණක් දොස් පැවරීමට අපට නොහැක. ආර්ථික සංවර්ධන මට්‌ටම පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ Rජු බදු ආදායම අවශ්‍ය කෙරෙන ප්‍රමාණයට ශීඝ්‍රයෙන් වර්ධනය නොවේ. ඊට හේතු වන්නේ බොහෝ දෙනකු බදු පැහැරහැරීම සහ මගහැරීමය. එයට සාර්ථක විසඳුමක් ලෙස වක්‍ර බදු යොදාගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයන් පෙළඹී ඇත. මහ බැංකු වාර්තාවන්ට අනුව 2015 වසරේ මුල් භාගයේ දී රජයේ බදු ආදායම් වශයෙන් Rජු බදුවලින් ලැබුණු ප්‍රමාණය 13.6% ක් පමණක් වන අතර ඉතිරිය ලැබී ඇත්තේ වක්‍ර බදුවලිනි. මේ සියලු වක්‍ර සහ Rජු බදු ආදායමින් වුවද රජයේ වියදම් පියවා ගැනීමට අපහසුව තිබේ. 2015 වසරේ මුල් අර්ධයේ දී එම කාලය තුළදී රජයේ වියදම සමස්‌ත බදු ආදායම මෙන් දෙගුණයකට ආසන්න වේ. එබැවින් බොහෝ පිරිසක් බදු ගෙවීම පැහැරහරින පරිසරයක් තුළ දිළිඳු ජනතාවට අහිතකර ප්‍රතිඵල ඇතිකරමින් භාණ්‌ඩ හා සේවාවන් සඳහා වක්‍ර බදු පැනවීමට රජයකට අනිවාර්යයෙන් සිදු වේ.
රජය පවත්වාගෙන යැමටත් පොදු සේවා සැපයීමටත් බදු අයකිරීමට රජයකට සිදු වේ. කෙසේ වෙතත් බදු මගින් අවශ්‍ය පමණ ආදායමක් උපයාගැනීමට රජයකට නොහැකි වුවහොත් තම වියදම් සඳහා ණය ලබාගැනීම වැනි වෙනත් ප්‍රභවයන් මත යෑපීමට ඊට සිදු වේ. මෙම විකල්ප අරමුදල් සඳහා පොළී ගෙවීමේ දී විශාල වියදමක් දැරීමට සිදුවන බැවින් එවැනි විකල්ප මගින් පුරවැසියන්ට තවත් අමතර භාරයක් පැටවෙනු ඇත. එබැවින් බදු අයකිරීම රජයකට වැදගත් වනවා පමණක් නොව එමගින් සමස්‌ත ආර්ථිකයටද යහපතක් වේ.
අවලස්‌සන මනාලිය සිප සෑම රාත්‍රියකම නිදි යහනට පිවිසීමට අපට සිදුවීම අසතුටුදායක වුවත් බදු ගෙවීම සම්පුර්ණයෙන්ම අයහපත් කරුණක් නොවේ. එමගින් අපගේ මුදල් ප්‍රවේශම්කාරීව වියදම් කිරීමේ විනයක් එමගින් අපට ලැබෙන අතර එය අපගේ සහෝදර රටවැසියන්ට සහ අනාගත පරපුර වෙත අපගෙන් ඉටුවිය යුතු යුතුකම්වලින් එකක් ද වේ.
* ලියුම්කරු සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ කටයුතු කරන ස්‌වාධීන ආර්ථික විද්‍යාඥයකු වන අතර ඔස්‌ටේ්‍රලියාවේ එඩිත් කොවන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ උපාධියක් ලබා ඇත.