ඇත්තටම මහින්ද පරාද උනේ ඇයි??

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කියපු ඒවා ගොඩාක් ඇත්ත බන්. මේ වතාව (ජනාධිපතිවරණෙ ) පරදින්න ඕන එකක් කොහොමත්. ඒක දින්නනම් ඔය කියූ දේවල් වලට වඩා ලොකු දේවල් වෙනව. ව්‍යවස්ථාව වෙනස් කරගත්තු දවසෙමයි මහින්ද ඇණගත්තෙ මචන්.

    මමත් හිතන් හිටියේ මහින්ද දිනලා ලංකාවත් උතුරු කොරියාව වගේ වෙයි කියල. වෙලාවට එහෙම උනේ නැහැ.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මාත් ඒ කාලෙ හිතුවෙ මහින්ද මහත්තය වට්ටනව නං බොරු කියල
    අගවිනිසුරුවරිය ඉවත් කිරීම මහින්ද රජය කරපු ලොකු මෝඩකමක් තමන්ට රිසි නොවන තීන්දුවක් දුන්න කියල ඒ විදියට දෝෂාභියෝග ගෙනල්ල අගවිනිසුරු නිල නිවෙස ඉස්සරහ උද්ඝෝෂන කරල වැරදි පූර්වාදර්ශ දුන්නෙ ඊට පස්සෙ ලැජ්ජ නැතුව කිරිබතුත් උයාගෙන කාල celebrate කරා. එතකොට නීතියේ ආධිපත්‍යය බිඳවැටිම කියන එක තවත් වැඩිපුර පේන්න වුනා මොකද මර්වින් සරණ වගේ අය එලිපිට වැරදි කරද්දි නොදැක්ක වගේ හිටිය. අර යකඩ හොරාත් අධිකරණ වරෙන්තු තියෙද්දිත් කිසි ප්‍රශ්නයක් නැතුව පොලිස් ලොක්කොන්ට ජැක් ගහගෙන ෆොටෝ වල හිටියෙ. ඇත්තටම මමත් හිතුව මහින්ද මහත්තය ආයෙ මැරෙනකම් වට්ටන්න බෑ එතුමාට පස්සෙ එන්නෙත් තවත් රාජපක්‍ෂ කෙනෙක්. මහින්ද මහත්තයත් එහෙම හිතන්නැති ඒකම, ඒ අධිතක්සේරුව තමයි විනාශයට මුල වුනේ. ඊට අමතරව යම් කල්ලිවාදයකුත් පේන්න තිබුන. තදින්ම ගොට්ට අල්ලපු ජේශ්ඨ නොවන අයට වැඩිපුර සැලකුව. ජේෂ්ඨත්වය අඩු රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, විමල්, මුතුහෙට්ටිගම, ලංස, වගේ සෙට් එකක් හොඳට ප්‍රෙයා්ජන ගනිද්දි ජේෂ්ඨයො අසතුටු වුනා. අර දුම්න්ද දිසානායක තමන්ගෙ තාත්තගෙ මළගෙදර කරපු කතාව මේ පීඩනය එලියට ආපු අවස්තාවක් වුනා. පවුල් පාලනයට මං තදින්ම විරුද්ධ නෑ නමුත් පාලනයක් තිබිය යුතුයි. පසුගිය රජයේ අයවැයෙන් වෙන්කල මුදල් වලින් වැඩි කොටස් ගියේ රාජපක්ෂ සහෝදරවරුන්ගේ පාලනයට (ඇතැම් අවස්ථා වල 70% තරම්). නාමල් බේබිත් පොර වුනා වැඩියි (රැකියා දීමේදි ඔහුගේ ලිස්ට් වලට ප්‍රමුඛතා). මට මතකය් ඒ කාලෙ සමහර අය තමන්ගෙ දේශපාලන අනාගතය වෙනුවෙන් අර අවුරුදු 28 කොල්ලට වයසක මන්ත්‍රීල ඇමතිල ගොට්ට අල්ලපු හැටි

    අධිතක්සේරුව නිසා විනාශය ලංකරගත්ත තව කෙනෙක් තමයි වේලුපිල්ලේ පිරබාහරන්. 2002 සටන් විරාම ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන අරන් යුධමය විදියට ශක්තිමත් වුනා, එල් ටී ටී ඊ කියන්නෙත් තවත් හමුදාවක් කියල හිතුව. කොටි යුධමය විදියට පරාද කරන්න බෑ කියල හමුදාවෙම ලොක්කො හිතපු කාලයකුත් ආව. යම් තත්වෙකට ආවම කොටි හිතුව දැන් යුද්දෙන්ම ඉවර කරන්න ඕන කියල, මහින්ද 2005 දිනල අපේ කොල්ලො ක්ලේමෝ ගහල දවසට 10ක් 15ක් වගේ මැරුවේ යුද්දෙ ආපහු පටංගන්න. නමුත් ඒ සිද්ධි වලින් ජාත්‍යන්තරව නමත් කැතකරගත්ත ඊට පස්සේ 2006 හතරවැනි ඊලාම් යුද්දෙ පටංගත්ත ගමන් වුන මාවිල් ආරු ඇල්ලීම, මූතුර් ආක්‍රමණය, මුහමාලේ FDL එක කඩන්න යාම තනිකර ඉල්ලන් කෑම් තමයි. ඒවයින් කොටින්ට වුන යුධමය පරාජ වලට අමතරව කොටි යුධමය විදියට පරද්දන්න බෑ කියන මතයත් දුර්වල වුනා.

    හැබැයි ඉතින් මේ ආණ්ඩුවත් ඔය විදියට අපි පරාද කරනව බොරු කියල අධිතක්සේරුවක් ඇති කරගත්තොත් මේ ආණ්ඩුවට වැටෙන්න අවුරුදු 6ක් වත් යන්නෙ නෑ.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගොඩක් එවුන් කියන මෙ මහින්දට කෙලවුනේ වටේ ඉන්න වුන් නිසා!
    මහින්ද පැරදුනේ වටේ ඉන්න වුන් නිසා..කියලා!
    මටත් සැහෙන්න දෙනෙක් කියලා තියනවා!

    මහින්ද මුකුත් නොදන්න බබා!
    මහින්ද කිසි දෙයක් දන්නෙ නෑ! වටේ එවුන් තමා දන්නෙ!
    මහින්ද කිසි දෙයක් කලේ නෑ! වටේ එවුන් තමා කලේ!

    අවුලක් නෑ ඉතින් ඔය බයිලා පිලි ගන්න පොන්නලයොත් ඉන්නවා නෙ! LOL :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මාත් ඒ කාලෙ හිතුවෙ මහින්ද මහත්තය වට්ටනව නං බොරු කියල
    අගවිනිසුරුවරිය ඉවත් කිරීම මහින්ද රජය කරපු ලොකු මෝඩකමක් තමන්ට රිසි නොවන තීන්දුවක් දුන්න කියල ඒ විදියට දෝෂාභියෝග ගෙනල්ල අගවිනිසුරු නිල නිවෙස ඉස්සරහ උද්ඝෝෂන කරල වැරදි පූර්වාදර්ශ දුන්නෙ ඊට පස්සෙ ලැජ්ජ නැතුව කිරිබතුත් උයාගෙන කාල celebrate කරා. එතකොට නීතියේ ආධිපත්‍යය බිඳවැටිම කියන එක තවත් වැඩිපුර පේන්න වුනා මොකද මර්වින් සරණ වගේ අය එලිපිට වැරදි කරද්දි නොදැක්ක වගේ හිටිය. අර යකඩ හොරාත් අධිකරණ වරෙන්තු තියෙද්දිත් කිසි ප්‍රශ්නයක් නැතුව පොලිස් ලොක්කොන්ට ජැක් ගහගෙන ෆොටෝ වල හිටියෙ. ඇත්තටම මමත් හිතුව මහින්ද මහත්තය ආයෙ මැරෙනකම් වට්ටන්න බෑ එතුමාට පස්සෙ එන්නෙත් තවත් රාජපක්‍ෂ කෙනෙක්. මහින්ද මහත්තයත් එහෙම හිතන්නැති ඒකම, ඒ අධිතක්සේරුව තමයි විනාශයට මුල වුනේ. ඊට අමතරව යම් කල්ලිවාදයකුත් පේන්න තිබුන. තදින්ම ගොට්ට අල්ලපු ජේශ්ඨ නොවන අයට වැඩිපුර සැලකුව. ජේෂ්ඨත්වය අඩු රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, විමල්, මුතුහෙට්ටිගම, ලංස, වගේ සෙට් එකක් හොඳට ප්‍රෙයා්ජන ගනිද්දි ජේෂ්ඨයො අසතුටු වුනා. අර දුම්න්ද දිසානායක තමන්ගෙ තාත්තගෙ මළගෙදර කරපු කතාව මේ පීඩනය එලියට ආපු අවස්තාවක් වුනා. පවුල් පාලනයට මං තදින්ම විරුද්ධ නෑ නමුත් පාලනයක් තිබිය යුතුයි. පසුගිය රජයේ අයවැයෙන් වෙන්කල මුදල් වලින් වැඩි කොටස් ගියේ රාජපක්ෂ සහෝදරවරුන්ගේ පාලනයට (ඇතැම් අවස්ථා වල 70% තරම්). නාමල් බේබිත් පොර වුනා වැඩියි (රැකියා දීමේදි ඔහුගේ ලිස්ට් වලට ප්‍රමුඛතා). මට මතකය් ඒ කාලෙ සමහර අය තමන්ගෙ දේශපාලන අනාගතය වෙනුවෙන් අර අවුරුදු 28 කොල්ලට වයසක මන්ත්‍රීල ඇමතිල ගොට්ට අල්ලපු හැටි

    අධිතක්සේරුව නිසා විනාශය ලංකරගත්ත තව කෙනෙක් තමයි වේලුපිල්ලේ පිරබාහරන්. 2002 සටන් විරාම ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන අරන් යුධමය විදියට ශක්තිමත් වුනා, එල් ටී ටී ඊ කියන්නෙත් තවත් හමුදාවක් කියල හිතුව. කොටි යුධමය විදියට පරාද කරන්න බෑ කියල හමුදාවෙම ලොක්කො හිතපු කාලයකුත් ආව. යම් තත්වෙකට ආවම කොටි හිතුව දැන් යුද්දෙන්ම ඉවර කරන්න ඕන කියල, මහින්ද 2005 දිනල අපේ කොල්ලො ක්ලේමෝ ගහල දවසට 10ක් 15ක් වගේ මැරුවේ යුද්දෙ ආපහු පටංගන්න. නමුත් ඒ සිද්ධි වලින් ජාත්‍යන්තරව නමත් කැතකරගත්ත ඊට පස්සේ 2006 හතරවැනි ඊලාම් යුද්දෙ පටංගත්ත ගමන් වුන මාවිල් ආරු ඇල්ලීම, මූතුර් ආක්‍රමණය, මුහමාලේ FDL එක කඩන්න යාම තනිකර ඉල්ලන් කෑම් තමයි. ඒවයින් කොටින්ට වුන යුධමය පරාජ වලට අමතරව කොටි යුධමය විදියට පරද්දන්න බෑ කියන මතයත් දුර්වල වුනා.

    හැබැයි ඉතින් මේ ආණ්ඩුවත් ඔය විදියට අපි පරාද කරනව බොරු කියල අධිතක්සේරුවක් ඇති කරගත්තොත් මේ ආණ්ඩුවට වැටෙන්න අවුරුදු 6ක් වත් යන්නෙ නෑ.

    :yes::yes::yes:
    dan inna ewun owa oluwe tiyagatte nattam , munta yana enamak nati wenawa. Mahinda antha parajayak une naha. Mun pissu keliyot yana enamak nati wenawa
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහින්දට වැරදිච්ච හෙතු කතා කරන්නෙ අහවල් මගුලකටද බන්?
    ඇයි ආපහු උට සුභ සිද්දිය සලසන්නද? :D

    රටටයි කෙලවිලා තියෙන්නෙ.
    පුලුවන් නම් රට දියුනු කරන විදිහක් ගැන කතා කරපං. (තේරුමක් ඇති දෙයක් නං :D)
    සමහරු මේ රට = මහින්ද කියලනේ හිතං ඉන්නේ! :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මහින්දට වැරදිච්ච හෙතු කතා කරන්නෙ අහවල් මගුලකටද බන්?
    ඇයි ආපහු උට සුභ සිද්දිය සලසන්නද? :D

    රටටයි කෙලවිලා තියෙන්නෙ.
    පුලුවන් නම් රට දියුනු කරන විදිහක් ගැන කතා කරපං. (තේරුමක් ඇති දෙයක් නං :D)
    සමහරු මේ රට = මහින්ද කියලනේ හිතං ඉන්නේ! :lol:
    :rofl::rofl::rofl:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,454
    1,402
    113
    කාටවත්ම දිනන්න බෑ කිව්ව යුද්දෙ 2009 දී දින්නම හැමෝම හිතුවෙ රාජපක්ෂ ආණ්ඩුව ආයෙ අවු 10-15 යනකන් ගෙදර යවනවා බොරු කියලයි. UNP එකට ආයෙ සෑහෙනකලකට ආණ්ඩු පිහිටවනවා තබා හිතන්නත් බෑ කියන මතයක් තමා එදා තිබ්බෙ. නමුත් ඒවගේ ජනප්‍රියතාවයකින් තිබ්බ , මිනිස්සු ගෞරවයට මහරජානෝ කියලා පවා ඒකාලෙ කියපු මහින්ද අවුරුදු හයක් යන්න මත්තෙන් මේ වගේ පිට පිට දෙවරක් පරාජය වුනේ ඇයි? මම මට හිතෙන හේතු ටික කියන්නම්. උඹලත් කරුණු තව එකතු කරපල්ලා. මේක ටොයියා/බයියා ප්‍රශ්නයක් නෙවි. ඇත්තටම රටම ගරු කරපු කෙනෙක්ට මේවගේ තත්වයක් උදා උනේ ඇයි කියල විවෘතව හොයන එක ටොයියන්ට වගේම බයියන්ටත් හොඳයි. මහින්ද උනත් මේ ගැන මීට වඩා හිතුවනම් අද මේ වගේ තත්වයක්මට වැටෙන එකක් නෑ..

    මහින්දට වැරදුන තැන්

    1) යුද්දෙ දින්නම , මිනිස්සු ගෞරවේට මහරජානෝ කිව්වම හැමදාම ඒක මතක් කරකර ජන්දේ දේවි යැයි සිතීම. යුද්ද්ය සදාකල් මාර්කට් කළ හැකි දෙයක් යැයි සිතීම.
    2) යුද්ධයෙන් පස්සෙ මිනිස්සුන්ගෙ අතමිට සරු කරන්න, ජීවන බර අඩු කරන්න මීට වඩා කැපවිය යුතු බව නොසිතීම හෙවත් යුද්දෙ කාලෙ පටිතදකරගෙන ඉන්න කිව්වා. මිනිස්සු යුද්දෙ ඉවර වෙනකම් එහෙම හිටියා. ඊට පස්සෙ ඒ මිනිස්සුන්ගෙ පටි බුරුල් කරන්න ඕන යැයි නොසිතීම
    3) තම ප්‍රතිවාදී අපේක්ෂක උන ෆොන්සේකා මහත්තයට චන්දෙ ඉවර උනාට පස්සෙ කල දේවල් බහුතර අය අනුමත නොකිරීම. බල්ලෙක් වගේ හිරේ දැමීම. මොනව උනත් යුද්දෙට ඔහු දායක උනේ නෑ කියන්න බෑ නෙ.
    3) උතුරෙ මිනිස්සුන්ගෙ යටිතල පහසුකම් වැඩි කරලා ගෙවල් හදලා ඒ මිනිස්සුන් සාමාන්‍ය දිවිපෙවෙතක් ගත කරවන්න වුන කැපවීම මඳ වීම. මේ කිව්වෙ ඊලමවත් හමුදා කඳවුරු ඉවත් කරන මගුලක් නෙවි. ඒ මිනිස්සු අනාථ කඳවුරු, පැල්පත් වල දිගටම ඉන්දන්නෙ නැතිව තමන්ගෙ ගෙයක්දොරක් හදාගෙන කුලියක් මලියක් කරන් දෙයියනේ කියලා ජීවත් වෙන්න ක්‍රමයක් සකස් නොකරපු එක
    4) පාපමිත්‍ර සේවනය- ඒ කිව්වෙ විමල්, සජින්, බැසිල්, වාසු, දුමින්ද... එකී මෙකී අයගේ කීම පිළිගෙන, රටේ මිනිස්සු මොනාද ඉල්ලන්නෙ යැයි පොඩ්ඩක් වත් බලන්නෙ නැතිව වැඩ කරගෙන යාම.
    5) තමා වටේ දූෂිතයන් පටු වාසි තමා රැස් වෙන බව අවබෝධකර නොගැනීම මෙන්ම ඔවුන් කරන වංචා දූෂණ දැක දැකත් ඒවා නතර කරගන්න උපදෙස් නොදී ගොළුවෙක් බීරෙක් සේ ඉදීම.
    6) පමණ ඉක්මවා කේන්දර, බලි තොවිල්, යාග හෝම වැනි මිත්‍යාවන්ගෙ එලඹ සිටීම සහ ඒවාට අනුගතව රටක දේශපාලනමය තීන්දු ගැනීමට යාම.
    7) තමන්ගෙ පුතුන් නෑදෑ හිතවතුන්ට අදාල සුදුසුකමක් වත් නැතිව වැදගත් තානාන්තර දීම. පුතුන් අතින් වන වැරදි නිවැරදි නොකිරීම.
    8) මහනායක හාමුදුරුවන් වැනි ආගමික නායකයන්ගේ කීම් තඹ දොතිතුවකට මායිම් නොකිරීම. ෆොන්සේකට සමාව දෙන්න කියලා ඉල්ලපු වෙලාවෙ කලේ නැති එක, මහනායක කීම් අහන්නෙ නැතිව මාළිගාව ඉස්සරහ රේස් පැද්ද එක ගැන කියන්න ඕන නෑනෙ
    9) අධික සල්ලි නාස්තිය- පොඩි උත්සවයක් උනත් කෝටි ගණන් වියදම් කරලා බොරු සෝබන කරන්න යාම, පිටරට සංචාර වලට හත්මුතු පරපුරවල් එක්ක මෙගා ටුවර් යාම, රජගෙදර දන්සැල්, ජන්දකාලෙ අඩියෙන් අඩිය පෝස්ටර් කටවුට්
    10) නුසුදුසු තැන් වල වරාය, ගුවන්තොටුපල ඉදිකර පාඩුලබන තත්වෙට ගෙන ඒම. බයියො දැන් කලබල වෙන්න ඕනනෑ. මම කිව්වෙ නෑ මේවා අනවශ්‍යයි කියලා. තමන්ගෙ ගම කියලා හැම ල*බම හම්බන්තොට හදන්න ගිය එකයි වැරදි. උදාහරණයක් කිව්වොත් ඔය ගුවන්තොට වරාය කැලේක දාන්නෙ නැතිව දකුණෙම ගාල්ල/හික්කඩුව වගේ පැත්තක දැම්මනම් මීට වඩා ආදායම් එනවා.
    11) ජාත්‍යන්තර ලෙස ඇමරිකන්/චීන එක පැත්තක්ට වත් ගැති නොවී මඩ්‍යස්ථ ප්‍රතිපත්තියක් ගෙන නොයාම නිසා ජාත්‍යන්තර අප්‍රසාදය ලැබීම (මේක ජාත්‍යන්තර කුමන්තරණ නෙවි. මොලේ පාවිච්චි කරලා දෙපැත්ත බැලන්ස් කරන් වැඩ නොකිරීම). සජින් වගේ නුසුදුස්සන්ට විදෙස් ප්‍රතිපත්ති හදන්නට දීමේ විපාක.
    12) තමන්ගෙන් පසුවට එන්න දෙවන පෙළකට අවස්ථාව නොදීම. සුදුස්සට සුදුසු තැන දී නිසිලෙස වැඩ කරන් යාමට ඉඩ නොදීම. මෛත්‍රී එලියට බැස්සෙත් මේ නිසාමනෙ.
    13) රාජ්‍ය මාඩ්‍ය ජන්ද වැඩ වලට පහත් ලෙස යොදා ගැනීම හෙවත් ආන්ඩුවේ හොරණෑ බවට පත්කිරීම. මහින්දගෙ ජන්දකාලෙ රූපවාහිනි ITN බලන්න ඇතිනෙ
    14) ප්‍රතිවිරුද්ධ මතධාරීන් දැඩිව මර්දනය. අධිකරණයකට බලපෑම් එල්ල කිරීම. අගවිනිසුරුපවා ඉවත් කිරීම.

    මේවා මිනිස්සු කොච්ච්ර පෙන්නලා දුන්නත් වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න උත්සාගහ ගන්නවා වෙනුවට යළි යළි ඒවාම කිරීම තමා ලොකුම හේතුව

    True.. Good analysis. Not having people with brains on key positions.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මේ ප්‍රශ්නෙට ඔයිට වඩා බොහොම සරල උත්තරයක් ප්‍රභාකරන් මැරෙන්න කලින් කියලා තිබුනා.ඒ තමයි ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක හිටින කාලේ ගැන.ඒ කොච්චර කාලෙකටද කියලවත් මට මතක නෑ හිටං...... :dull::dull:
    :yes::yes::yes::yes::yes::yes: