මම බෞද්ධයෙක්. ලංකාවට බෝම්බ සිදුවීමෙන් ගොඩක් ජීවිතක්ෂයට පත්වුණේ christian බැතිමතුන් කියලා කීයනවා. ඒත් මටනම් ඇත්තෙන්ම එක හිතෙන්නේ, ඒ ජීවිතේ නැති වුණෙත් අපි වගේම තව කාලයක් ජීවත් වෙන්න හිටිය ශ්රී ලාංකිකයෝ ටිකක් කියල විතරයි. ඒ මොකද මට ඔවුන්ගේ කිසිම වෙනසක් පේන්නෙ නෑ බෞද්ධ ක්රිස්ටියන් මුස්ලිම් කියලා..
ඒත් ලෝකයේ ආගම නිසා මිනිසුන් මිනිසුන්වම මරාගන්නවා.. ඔවුන්ට පේන්නේ නෑ අපි මේ මරාගන්නේ තමාගේ ම වර්ගයා කියලා.., මේකයි ලෝකයේ තමන්ගෙ වර්ගයාවම විනාශ කරගන්න සත්වයා මනුස්සයා විතරයි.
දැන් මේ ලංකාවට උදා වෙලා තියෙන්නේ ආගම නිසා අන්ධ වුන මිනිස්සු කොට්ඨාසයක් නිසා අහිංසක මිනිසුන්ගේ ජීවිත නැති වෙන එක..
ඒකට විසඳුමක් දෙන්න අපි පොලිසියටත් හමුදාවට බාරයි..
ඒත් මං දකින දේ තමා, අද සිට තව අව්රුදු 100ක් ඉස්සරහට ගිහින් බැලුවොත් මේක ලියන මම ඇතුළුව ඔබත්, මේ ත්රස්තවාදය ඇති කරන්න හදන අයත්, ආගම් පතුරුවන්න හදන අයත්, එකිනෙකාව මරාගෙන ඉහලට එන්න හදන අයත්, ජීවත් වෙලා ඉන්නකන් අත්විඳින්න නොලැබෙන මරණය කියන අවස්ථාවට ගිහින් ඉවරයි.
ඉතින් මං කියන්නේ අපි අදහන ආගම හරියට අදහල, මේ කියන කාරණාව ඔළුවේ තිබ්බොත් මේ ලෝකය මීට වඩා සුන්දර ලෝකයක් වේවි..