ඇත්ත කථාවක්

mr.white

Member
Oct 18, 2011
224
23
0
යුද්ධය දිනුවේ පාර්ලිමේන්තු හිමිවරුන් නිසා කීම සාවද්‍යයි – සරත් විජේසූරිය

පුවත් | June 18, 2012 11:48 am
“යුද්ධය ජය ගත්තේ භික්‌ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට වැඩම කළ නිසා යයි මතයක්‌ ගොඩ නගමින් තිබෙන බවත්, එය සාවද්‍ය අදහසක්‌ පමණක්‌ නොව, එය අධිතක්‌සේරුක් බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය වෙත තම අදහස දක්වමින් එසේ පවසා ඇති මහාචාර්යවරයා, වැඩිදුරටත් මෙසේද පවසයි.
“භික්‌ෂූන් වහන්සේලා මෙරට දේශපාලන සංසිද්ධීන්වලට සක්‍රීය අන්දමින් සම්බන්ධ වූ බව ඉතා පැහැදිලි කාරණයකි. එහෙත් භික්‌ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ඡන්දය ඉල්ලීම නමැති දේශපාලනය සමඟ එය සමාන කිරීම සාවද්‍ය වන්නේය. භික්‌ෂූන් වහන්සේලා සමාජ සංස්කෘතික හා දේශපාලනමය කටයුතුවලට අතීතයේ මෙන්ම සක්‍රීය අන්දමින් මැදිහත්වීම නිවැරදිය, එය අවශ්‍ය වන්නේය. ප්‍රශ්නය වන්නේ ඒ කාර්යභාරය ප්‍රබලව, අර්ථ සම්පන්න අන්දමින් අද සිදු නොවීමය. බහුතරයක්‌ භික්‌ෂූන් වහන්සේලා ගිහියන්ටත් වඩා ස්වාර්ථය පිණිසම අවධානය යොමු කර තිබෙන බවය දක්‌නට ලැබෙන්නේ.
අද දේශපාලනය කිරීම යන්න අන්තයටම පිරිහුණු කටයුත්තකි. නරාවලක්‌ වැන්න. මේ නරාවලට භික්‌ෂූන් වහන්සේලා පනින්නේ කුමට ද? පාර්ලිමේන්තුව තුළ භික්‌ෂූන් වහන්සේලාගේ සැබෑම තත්වය, උන්වහන්සේලාට හිමි ගෞරවය කුමක්‌ ද? ඒ ගැන කතා කිරීම පවා ශෝචනීය වේ.
ධර්ම රාජ්‍යයක්‌ ගොඩ නැඟීම, තම අරමුණ බව පවසමින් භික්‌ෂූන් වහන්සේලා ඡන්දයට ඉදිරිපත්ව, කීප නමක්‌ පාර්ලිමේන්තුවේ අසුන් ගත් බව කිව යුතු නැත. එසේ අසුන් ගත් භික්‌ෂූන් වහන්සේලාට ධර්ම රාජ්‍යයක්‌ ගොඩ නැඟීම කෙසේ වෙතත්, සමගියෙන් කටයුතු කිරීමටවත් අපහසු වූ බව සත්‍යයකි. කථානායකවරයා තෝරා පත් කර ගැනීමට භික්‌ෂූන් වහන්සේලාගේ ඡන්දය තීරණාත්මක විය. එහිදී පාර්ලිමේන්තුව නියෝජනය සඳහා වරම් ලත් භික්‌ෂූන් වහන්සේලා බෙදිණි. අප්‍රසන්න තත්වයන් සිදු විය. එක්‌ අවස්ථාවක භික්‌ෂූන් වහන්සේ නමකට පාර්ලිමේන්තු සභා ගැබ තුළ දීම ශාරීරික හිංසාවන් කළේ මහජන නියෝජිතයෙකි. අද වන විට පාර්ලිමේන්තුවට පත් වූ සංඛ්‍යාව වැඩිවීම වෙනුවට අඩු වී ඇත. එනිසා මොන අන්දමින් බැලුවත් භික්‌ෂූන් වහන්සේලාගේ පාර්ලිමේන්තු ගමන අසාර්ථක බව කියන්නට දෙවරක්‌ කල්පනා කළ යුතු නොවේ. හෙළ උරුමය භික්‌ෂූන් වහන්සේලා දඩමීමා කර නොගෙන මැතිවරණවලට ඉදිරිපත්වීමට යොමු වීමය වැදගත් වන්නේ.
යුද්ධය ජය ගත්තේ භික්‌ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට වැඩම කළ නිසා යයි මතයක්‌ ගොඩ නඟනු පෙනේ. එය සාවද්‍ය අදහසක්‌ පමණක්‌ නොව, එය අධිතක්‌සේරුවකි. පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයාට බලය ගොඩ නැඟීමට හෙවත්, එතුමාගේ දෑත් ශක්‌තිමත් කිරීමට, විපක්‌ෂයෙන් පැමිණි පිරිස කොපමණ ද? ආණ්‌ඩු පක්‌ෂයේ සිටි පිරිස යුද්ධයට විරුද්ධ මතයක්‌ දැරුවේ ද? ජනතා විමුක්‌ති පෙරමුණ මුල සිටම යුද්ධය ගැන පිහිටි ස්ථාවරය කුමක්‌ ද? ත්‍රස්තවාදය රටට කළ හා කරන විපත ගැන රටේ උගතුන් ප්‍රමුක මතධාරීන් සියලු දෙනාම සිටියේ නිහඬව ද? මහින්ද රාජපක්‌ෂ මහතාට සිය තනතුර ආරක්‌ෂා කර ගැනීමට යුද්ධය හැර වෙන කිසිම විකල්පයක්‌ තිබුණේ ද? හෙළ උරුමය නැඟූ හඬට ජනාධිපතිවරයා ඇහුම් කන්දීම නිසා යුද්ධය ජයග්‍රහණය කළේ යයි කීම විහිළු කතාවකි. සංගීතඥයෙකුට වාද්‍ය භාණ්‌ඩයක්‌ අවැසිය එහෙත් තුවක්‌කුවක්‌ අවැසි නැත. දුර බැහැර නිවසක ජීවත් වන ගැමියෙකුට දූර කථනයක්‌ උවමනා වන්නට පුළුවන. එහෙත් පැක්‌ස් යන්ත්‍රයක්‌ උවමනාම නොවේ.
භික්‌ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු යාමට ඡන්දය ඉල්ලීමෙන් ද, පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමෙන් ද පොදුවේ භික්‌ෂුවගේ ප්‍රතිරූපයට සිදු වුණේ අනර්ථයකි. පැහැදිලිව භික්‌ෂුවගේ ප්‍රතිරූපයට කැළලක්‌, අවමානයක්‌ ඒ කටයුත්තෙන් සිදු විණ.”
 

Similar threads