උපාලි FIAT කාර් හදනකොට ඉන්දියාව කාර් හදන්න හිතලවත් නැහැ”
මේක වැරදියි.
B. M. බිර්ලා විසින් හින්දුස්ථාන් මෝටර්ස් ඇරඹුවේ 1942 දී.
එතැන් පටන් ඔවුන් මෝටර් රථ නිපදවූවා. එපමණක් නොවේ. රතන් ටාටා මුලිකව වානේ නිෂ්පාදනය, ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනය, පොලිමර්, රසායන ඇතුලි සියලුම දේශීය කර්මාන්ත පටන් ගත්තා. ඒ කාලේ අපි කලේ ණයවෙලා හෝ පිටරටින් ගෙනත් හෝ නිකන් දෙන්නේ කවුද කිය කිය බල බල තට්ටු මාරු ක්‍රමයට චන්දෙ දුන්නා. කවුරුන් හෝ ආනයන සීමා කර නිෂ්පාදනය නංවන්න හැදුවොත් එයාව පරාජය කරලා ආනයන හා විකුණුම් ඔස්තාර් කෙනෙක්ව නැවත පත් කර ගත්ත.
උසස් විද්‍යා හා තාක්ෂණ දැනුම එකල රටකට ලබාගත හැකි පහසුම ක්‍රමය සෝවියට් දේශය. ඉන්දියාව එයට හේත්තු වෙලා ඉන් උපරිම ප්‍රයෝජනය ගත්තා. දැනුම, ආධාර, කර්මාන්ත ශාලා, විශේෂඥයන් පුහුණු කර ගැනීම ආදී.