ඇත් දළ යුගලක් සමඟ කතරගම දේවාලයේ කපුවෙකු අත්අඩංගුවට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නීතිවිරෝධී ලෙස ඇත් දළ දෙකක් ළග තබාගෙන සිටි කතරගම මහ දේවාලයේ කපු මහතෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා මධ්‍යස්ථානයේ නිලධාරීන් හා කතරගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

    හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ගේ බුද්ධි තොරතුරකට අනුව ඊයේ (28) සවස මෙම වැටලීම කර තිබෙන අතර කතරගම නගරය ආසන්නයේ ඇති අධාල කපුමහතාගේ නිවස පරික්ෂා කිරීමේදී සෙන්ටිමීටර් 94 ක් හා සෙන්ටිමීටර් 101.5 දිග මෙම ඇත් දල යුගල සොයා ගත් බවයි වනජීවී නිලධාරීන් පවසා සිටියේ .

    එමෙන්ම අධාල ඇත් ධල යුගල ළග තබා ගැනීම සදහා සකස්කර තිබු ව්‍යාජ සහතිකපත් කීපයක්ද වනජිවි නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් කතරගම වනජීවී නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    තව ගිහිං ඕකුන්ට පලතුරු වට්ටි දීලා මොනර කොලත් දීලා එන්න ඕනේ.😀😀😀