ඇදක් දුන් පියා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    ඇද වැටෙන නිසා

    IMG-3422.jpg

    😂😂😂😂😂😂
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,521
    28,332
    113
    කාලකන්නි වැඩ බැරි කුහක තක්කඩි අනුරය ආපහු ගූ නාලානේ :lol:


    කෙළෙහිගුණ දත් ජපන්නු, ඒවග නොදත් ලාංකිකයෝ සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල.....

    ජීවිතයේ එක් අවධියක ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල යනු මගේ ගමේ ඉස්පිරිතාලයයි. ජයවර්ධනපුර රෝහල ඉදි කළ දා සිට මගේ දෙමාපියන් මිය යන තුරුම ප්‍රතිකාර ලබා ගත්තේ එම රෝහලෙන්.
    මගේ දෙමව්පියන්ගේ ජීවිතවල ඉතාම අසීරු සහ අවදානම් සහගත අවස්ථා කිහිපයකම ඔවුන්ගේ දිවි ගලවා ගැනීමටද ජයවර්ධනපුර රෝහල සමත් වුනා. මගේ තාත්තා මිය යනවිට අවුරුදු 95 ක්. තාත්තා වෙනත් කිසිදු රෝහලකින් හෝ කිසිදු වෛද්‍යවරයෙකුගෙන් කිසිදා ප්‍රතිකාර ලබාගෙන නැහැ ජයවර්ධනපුර රෝහලෙන් මිස. එනිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහල කෙරෙහි සැමදා මා තුළ ඇත්තේ කෘතඥපූර්වක ගෞරවයක්.
    ශ්‍රී ජයවර්ධනපුර රෝහල ජපන් රජය විසින් ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දුන් ත්‍යාගයක්. ජපානය ලංකාවට ලබා දුන් ප්‍රදානයන් අපමණයි. ඊට ප්‍රධනම හේතුව ජපනුන් කෙලෙහිගුණ දත් ජාතියක් වීමයි.
    1951 සැප්තැම්බර් මස 6 වෙනිදා එවකට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය ධූරය දැරූ ජේ ආර් ජයවර්ධන විසින් සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදී රටවල් 51 ඉදිරියේ ජපානය නිදහස් හා ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට පක්ෂව කළ චිර ප්‍රසිද්ධ කතාවට පදනම් කර ගත්තේ "නහී වේරේන වේරානී... යන බුදු වදනයි.
    කෙළෙහිගුණ දත් ජපන් ජාතිකයන් තම රටේ ස්වාධිපත්‍යය තහවුරු කර දීම වෙනුවෙන් හඬ නැගූ ලාංකිකයා සහ ඔහුගේ දේශය කිසිදා අමතක කළේ නැහැ.
    ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඉදිවන්නේ ජයවර්ධන ජනාධිපතිතුමාගේ ධූර කාලය තුළ ඔහුගේ ඉල්ලීමකට අනුවයි. එහි සමස්ත පිරිවැය ජපන් රජයේ පරිත්‍යාගයක්. එහි මූලාරම්භයේ ඇඳන් 1001 ක් වූ අතර 1001 වන ඇඳ ජේ ආර් ජයවර්ධන ජීවත්ව සිටින තාක් කල් ඔහුගේ සත්කාරය සඳහා වෙන් කර තබන බවට වන අදහස කෙළෙහිගුණ දත් ජපනුන්ගේමයි.
    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පරිපාලනය සඳහා එවකට පැවති රජය විසින් 1983 අංක 54 දරණ ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩල පනත සම්මත කර ගනු ලැබුවා. එය ඉතාම විධිමත්, ප්‍රභල සහ සවිස්තරාත්මක පනතක්.
    ජයවර්ධනපුර රෝහල ඉදිවී කෙටි කලකට පසු ජේ ආර් ම ර මු, ජේ ආර්ට තව දින අච්චරයි මෙච්චරයි කියා රට පුරා පෝස්ටර් ගැසුවත් ජේ ආර් ජයවර්ධන මිය ගියේ 90 හැවිරිදිව 1996 නොවැම්බර් පළමුවැනිදා කොළඹ පෞද්ගලික රෝහලකදී මිස 1001 වෙනි ඇඳ මත නොවෙයි.
    ජපනුන් ජේ ආර් වෙනුවෙන් වෙන් කළ 1001 වෙනි ඇඳ අද ජනසතු කළ බව මුහුණු පොතේ දුටුවා. එය ලංකාවේ ජනාධිපතිවරුන්ගේ පරිහරණයට අයින් කර තැබූ ඇඳක් නොව තම රට වෙනුවෙන් කතා කළ අන් රටක මිනිසෙකු වෙනුවෙන් කළගුණ දත් ජාතියක් සිය කෘතඥතාවයේ සංඛේතයක් ලෙස වෙන් කර තැබූ සමරු ස්මාරකයක්.
    අදත් ජපානයේ විවිධ ස්ථානවල ජේ ආර් ජයවර්ධන වෙනුවෙන් ඉදි කළ විවිධාකාරයේ ස්මාරක, සමරු ඵලක පවතියි. ජපානයේ අලුත් ආණ්ඩු පත් වූ විට ඒවා ගලවා නොදමයි.

    1001 වෙනි ඇඳ ජපනුන්ගේ කෙළෙහිගුණ දත් බවේ සංඛේතයයි.
    1001 වෙනි ඇඳ ජන සතු කිරීම ඇතැම් ලාංකිකයන්ගේ කෙළෙහිගුණ නොදත් බවේ සංඛේතයයි.
    තම දේපළ වතු පිටි ජනසතු කළ සිරිමාවෝ බණ්ඩාරනායකලා සිටි රටක අනුන්ගේ සමරු ස්මාරකයක් ජනසතු කිරීම මහා උත්කර්ෂයට නගනු දුටු විට අපට ඇත්තේ සිනාසී බිම බලා ගැනීමටයි.
    මේ කළ කම් පළ දෙන කාලයක් බැවින් අපි සිනාසී බිම බලාගනිමු.