ඇදුමට බෙහෙත කුස්‌සියේම

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ඇදුමට බෙහෙත කුස්‌සියේම

කලකට පෙර මා හමුවන්නට ඇදුම රෝගියෙක්‌ ආවා. අවුරුදු 19 දී පමණ ඔහුට හතිය වැළඳුන අතර අවුරුදු 20 වන විට එය ඇදුම බවට පරිවර්තනය වුණා. ඔහු එතැන් පටන් උණුවතුර පමණක්‌ ස්‌නානය කළා. ඔහු තමාට අපථ්‍ය ආහාර, තමාට අපථ්‍ය දේශගුණික තත්ත්වයන් යනාදිය හඳුනා ගත්තෙ නැහැ. ඒ කියන්නෙ සමහරුන්ට සීතල කාලගුණය අගුනයි. සමහරුන්ට වියළි කාලගුණය අගුණයි. මේ තරුණයා මා ළඟට එන විට ඇදුම රෝගයෙන් හොඳටම හෙම්බත් වෙලා ජීවිතය පවා නැති කර ගන්නා තත්ත්වයක්‌ තමයි තිබුණේ. මා මුලින්ම කළේ ඔහුට රෝගය ගැන තේරුම් කර දී සුදුසු ආහාර සහ සුදුසු දේශගුණික තත්ත්වයන් හඳුන්වා දීමයි. ඊළඟට මා ඔහුට උපදෙස්‌ දුන්නා ඇල්වතුර පමණක්‌ පාවිච්චි කරන්න කියලා.

ඇදුම රෝගය සුවපත් කරන්නේ කොහොමද කියලා මා දැන් ඔබට කියන්නම්. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඔබේ ගෙදර කුස්‌සියේම තියෙනවා.

පළමුවැන්න තමයි කොත්තමල්ලි -

දෙවැන්න ඉඟුරු. මේ දෙක එකට තම්බා දවසට වේල් තුනක්‌ පමණ බොන්න. තේ බීම නවත්වා ඒ වෙනුවට මේ පානය යොදා ගන්න. කොත්තමල්ලි ග්‍රෑම් 50 ක්‌ පමණ ගෙන අමු ඉඟුරු ග්‍රෑම් 50 ක්‌ සමඟ වතුර කෝප්ප 6 ක්‌ දමා කෝප්ප තුනකට හිඳ ගෙන පෙරා එයින් කෝප්පය බැගින් උදේ, දවල්, රෑ පානය කරන්න.



ඉඟුරුවල ගුණාගුණ

ඉඟුරු දිනපතාම ආහාරයට ගන්නා අයට සිරුර ස්‌ථුල වීමෙන් වැළකී ජීවත් වීමට පුළුවන්. එසේම දියවැඩියාව සහ හෘදයාබාධයන්ට හොඳම ප්‍රතිකාරයක්‌ තමයි ඉඟුරු ආහාරයට ගැනීම.

බඩවැල්වලට බලපාන හැටි - බඩවැල්තුළ හටගන්නා තුවාල සුව කිරීමට ඉඟුරුවලට පුළුවන්. එසේම පිත්තාශයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන්නටත් මෙයට හැකියාව තිබෙනවා. පිත සහ සෙම නිසි ලෙස නිෂ්පාදනය වන විට ආමාශයේ හටගන්නා ගැස්‌ට්‍රයිටිස්‌ තත්ත්වය සුවපත් වෙනවා.

පිළිකාව - චීනය ඇතුළු සමහර ආසියාතික රටවල ජනයා දවසට දෙතුන් වරක්‌ ඉඟුරු කැබැල්ලක්‌ හපා කන්නට පුරුදුව සිටිනවා. එසේ කිරීමේදී පිළිකාව සුවවන බවත් පිළිකාව හට නොගන්නා බවත් ඔවුන් විශ්වාස කරනවා. මෙය චීනය, තිබ්බතය, ලාඕස්‌, ඉන්දියාවේ සමහර ප්‍රාන්ත, නේපාලයේ හිමාලයට කිට්‌ටු ගම්මානවල වැඩියෙන් අනුගමනය කරන වැඩපිළිවෙළක්‌. ගර්භනී සමය තුළ උදය කාලයේදී කාන්තාවන්ට හට ගන්නා ඉසේ ඇම්ම, ඇඟේ වේදනාව වැනි තත්ත්වයකට ප්‍රතිකාරය තමයි ඉඟුරු යුෂ තේ හැන්දක්‌ පානය කිරීම. මෙය ලාඕසය නමැති රටේ සුප්‍රකට අත් බෙහෙතක්‌. ගැබිනි මවුවරුන්ට සීතල හැදුන විට යහමින් ඉඟුරු දමා තේ එකක්‌ පානය කළාම තත්ත්වය පාලනය වනවා. මේ සඳහා අමු ඉඟුරු ග්‍රෑම්4 ක්‌ පමණ දමා උතුරන තේ කෝප්පයක්‌ එයට එක්‌කර මී පැණි තේ හැන්දක්‌ හා දෙහි යුෂ තේ හැන්දක්‌ මිශ්‍ර කළ යුතුයි. කාන්තාවන්ගේ ඔසප් සිදුවන අවස්‌ථාවලදී හට ගන්නා උදර වේදනාව සහ ශාරීරික වේදනාව සමනය කරන්නටත් ඉහත සඳහන් සංයෝගයට හැකි බව පර්යේෂණ මගින් හෙළි වී තිබෙනවා. මේ සියල්ලටම අමතරව උදරයේ හටගන්නා දාහය නිවා ගැනීම සඳහාත් සියවස්‌ ගණනක්‌ තිස්‌සේ ඉඟුරු ඉස්‌ම පානය කිරිමට ආසියානුවන් පුරුදුව සිටිනවා.



කොත්තමල්ලිවල ගුණාගුණ
වාෂ්පශීලී සුගන්ධවත් තෙල්වල අඩංගු සංඝටකවලින් එකක්‌ වන Cineole සහ Linolei අම්ල කොත්තමල්ලිවල අඩංගු වනවා. රූමැටික රෝග සහ ආතරයිටිස්‌ තත්ත්වයක්‌ වළක්‌වන්නට ඉහත සඳහන් අම්ලවලට පුලුවන්. ඉහත රෝග නිසා ශරීරයේ හටගන්නා ඉදිමුම නැති කිරීමට ඉහත සංඝටකවලට පුළුවන්. ලේ නැතිවීම සහ අක්‍රියාකාරී වකුගඩු නිසා ශරීරයේ හටගන්නා ඉදිමුම සුව කිරීමට මේ සංඝටක දෙකට පුළුවන්.

සම මත ඇතිවන බැක්‌ටීරියා වර්ධනයන් හේතුවෙන් හට ගන්නා කුෂ්ඨ රෝග මර්ධනය කරන්නටත්, සම මත සිදුවන ඉරිතැලීම් සුව කරන්නටත් කොත්තමල්ලිවල තිබෙන සංඝටකවලට හැකියි.

ශරීරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම පහත දැමීම සඳහා කොත්තමල්ලි ඉතා වැදගත්. එහි තිබෙන linoleic අම්ලය Oleic අම්ලය Plamitic අම්ලය Ascorbic අම්ලය යනාදියට පුළුවන් හෘද ධමනිවල බැඳෙන කොලෙස්‌ටරෝල් ඉවත් කර දමන්න. කොලෙස්‌ටරෝල් දියකර හැරීම හැටියට හඳුන්වනු ලබන්නේ මෙයයි. මෙසේ කොලෙස්‌ටරෝල් දිය කළ විට හෘදයාබාධ, ආඝාතය (Stroke) යනාදිය වැළඳීමට තිබෙන ඉඩ අඩුවනවා.

පාචනය - පාචනය වැළැක්‌වීමටත්, කොත්තමල්ලිවලට පුළුවන්. කොත්තමල්ලිවල අඩංගු Corneol සහ Linalool යන රසායනික ද්‍රව්‍ය මගින් පාචනයට තුඩු දෙන ක්‍ෂුද්‍ර ජීවීන් සහ පුස්‌ වර්ග විනාශ කිරීමට හැකියි. ඔක්‌කාරය, වමනය, වැළැක්‌වීමටත් කොත්තමල්ලිවලට පුළුවන්.

රුධිර පීඩනය පාලනය කර ගැනීමට කොත්තමල්ලි සතු ශක්‌තිය ඉතා ඉහළයි. මුඛයේ හටගන්නා තුවාල සුවපත් කිරීමටත් කොත්තමල්ලි වතුරවලට පුළුවන්. රුධිරයේ යකඩ ප්‍රමාණය අඩු වූ විටත් කොත්තමල්ලිවතුර ප්‍රයෝජනවත්. ලේ වල යකඩ අඩු වුණොත් අධික මහන්සිය ඇතුළු ශාරීරික දුබලතා රැසක්‌ හට ගන්නවා. ඉතාම විෂ සහිත සැල්මොනෙල්ලා බැක්‌ටීරියා විනාශ කරන්නටත් කොත්තමල්ලිවලට හැකිය.

-
වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි
මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 0759061771 අංකයට කතා කරන්න.
dr.jpg


සාකච්ඡා කළේ
අශේන් රඹකොස්‌වැව read full article here