ඇද වෙච්ච අකුරු ටික - Captcha
අන්තර්ජාලේ එහෙට මෙහෙට දුවන අපි හැමෝටම කැප්චා පස්ල්ස් [Captcha Puzzles] හමුවෙලා තියනවා.. එහෙම කිව්වට හිතා ගන්න අමාරුයි නේද..? පිළිවෙලක් නැති ඇද වෙච්ච අකුරු ටිකක් තේරුම් බේරුම් කරලා අරගෙන පුරවන්න අවස්ථාව හම්බෙලා තියනවා නේද...? අන්න ඒ වැඩේට තමයි කියන්නේ කැප්චා පස්ල්ස්[Captcha Puzzles] කියන්නේ.
කැප්චා [ Captcha] මේකේ තේරුම තමයි CAPTCHA: Completely Automated Public Turing Test to Tell Computers and Humans කියන එක.කැප්චා ක්‍රමය ලොවට හඳුන්වලා දුන්නේ ගෝතමාලා ජාතික විද්‍යඥයෙකු වූ මහාචාර්ය ලුවිස් වොන් ආන් විසින්.
මහාචාර්ය ලුවිස් වොන් ආන්
මෙවැනි ප්‍රහෙලිකා ලබාදීමෙන් බලාපොරොත්තු වන්නේ වෙබ් අඩවියට පිවිසෙන්නේ ජීවමාන පුද්ගලයෙකුද නැතිනම් පරිඝණක වැඩසටහනක් යන්න තෝරා බේරා ගැනීමටයි.
ගූගල්, යාහූ, මයික්‍රොසොෆ්ට් ලයිව් වැනි නොමිලේ ඉ-මේල් ගිණුම් ලබා දෙන වෙබ් අඩවි මෙන්ම ෆේස්බුක්, යූටියුබ්, ෆ්ලිකර් වැනි වෙබ් සේවාද ස්පෑම් වලින් බේරීමට යොදා ගන්නේ මේ ක්‍රමයයි.
මෙමඟින් සිදුවන්නේ අකුරු හඳුනා ගැනීමට හැකියාව ඇති පරිඝණක වැඩසටහන් වලට[OCR- Optical Character Recognition] හඳුනා ගත නොහැකි ලෙස, නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට හඳුනා ගැනීමට හැකි පිළිවෙලට අකුරු පේළියක හැඩය විකෘති කිරීමයි.
මෙය නිර්මාණය කරනු ලබන්නේ අකුරු පෙළ මතුපිටින් ග්‍රිඩ් එකක් යොදා එහි ස්වරූපය වෙනස් කිරීමෙන්.විකෘති කිරීමෙන් පසු ඇති වෙන්නේ වේගයෙන් ලියන ලද අත් අකුරු වලට කිට්ටු ස්වරූපයේ අකුරු හැඩයක්.මේවා කියවීමට හැක්කේ මිනිසෙකුට පමණයි.
ලොව පුරා මිනිසුන් සෑම මොහොතකම කැප්චා ප්‍රහෙලිකාවක් විසඳමින් ඉන්නවා.දිනකට මෙසේ විසඳන ප්‍රහෙලිකා ගණන කෝටි විස්සක් යැයි ගණන් බල තියනවා.මේ විසඳුමක් හඳුනා ගෙන එය නිවැරදිව ටයිප් කිරීමට තත්පර 10ක් ගත වෙනවා.ඒ අනුව බැලූ විට දිනකට මිනිස් පැය ලක්ෂ10ක් පමණ මේ සඳහා වැය වෙන බව සොයා ගෙන තියනවා.
source:

Code:
http://manubloggers.blogspot.com
Last edited: