ඇන්ටන් ජූඩ් ජීවිතයෙන් සමුගනී
වේදිකාව,ටෙලිනාට්‍ය මෙන්ම සිනමා ක්ෂේත්රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ඇන්ටන් ජූඩ් මහතා අද (20) අළුයම් කාලයේදී අභාවප්‍රාප්ත වුණා.
නුවර ප්‍රදේශයේ රූගත කිරිමක් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව වාර්තා වෙනවා.
බහු භූතයෝ, රන්කෙවිට, නුඹ නාඩන් අපට පිස්සු, සිකුරු හතේ, රෝස කැලේ, එතුමයි මෙතුමයි වැනි චිත්‍රපට වලද, පුංචි රාළ, සබඳ පබිලිස්, සකිසඳ එලියස් වැනි ටෙලි නාට්‍ය වලද රංගනයෙන් දායක වෙමින් ප්‍රේක්ෂක හද දිනාගත් ඇන්ටන් ජූඩ් මහතා මිය යන විට 50 වැනි වියේ පසුවිය.
වැඩි වශයෙන් විකට චරිත සඳහා රංගනයෙන් දායකත්වය දැක්වූ ඒ මහතා සබඳ පබිලිස් ටෙලිනාට්‍ය වෙනුවෙන් ගායනා කළ 'ආයිෂ් අම්මා ගුන්ඩු' ගීතය කාගෙත් කතා බහට ලක්වූ ගීතයකි.
උපුටා ගැනීම
Ukussa.com

Last edited: