ඇන්ටාටිකාව දියවිම මානවයට තර්ජනයකි
පසුගිය මාස කිහිපය තුළ ලෝකයේ දකුණු අර්ධ ගෝලයේ ඇන්ටාටිකාවේ සිදු වූ සිදුවීමක් සමග ලෝකයේ දේශගුණික හා කාලගුණික විද්‍යාඥයින්ගේ විශේෂ අවධානයට යොමු වී තිබෙනවා. එයට හේතු වී ඇත්තේ ඇන්ටාටිකාවේ විශාල ප්‍රදේශයක් වර්ග කි.මී. 4000 කටත් අධික ප්‍රදේශයක ඝනව තිබූ ගොඩබිම අයිස් ප්‍රමාණයක් කුට්ටියක් වශයෙන් වෙන් වී දිය වී යාමේ තර්ජනයකට මුහුණ දීමයි. ඇත්තටම දක්ෂිණ අර්ධ ගෝලය තුළ ඇන්ටාටිකාව ලෝකයේ අයිස්වලින් 90% කට ආසන්න ප්‍රමාණයක් රැඳී තිබෙනවා. ඒ වගේම ලෝකයේ පිරිසිදු ජලය ඒ තුළ ගැබ්ව ඇති 70% ක පමණ ප්‍රමාණයක් තිබෙන බවයි විද්‍යාඥයින් විශ්වාස කරන්නේ. ඇන්ටාටිකාවේ හැරුණු විට විශාල අයිස් කන්දක් ඊළඟට පවතින්නේ උතුරු අර්ධ ගෝලයේ. අපි එයට කියන්නේ ආක්ටික් අයිස් කියලා. ඊට අමතරව හිමාලය ආසන්නයේත් ඒ වගේම අයිස්ලන්තය ආදී ප්‍රදේශවලත් ගොඩබිම අයිස් විශාල වශයෙන් පවතින බව අපි දන්නවා. මේ ඇන්ටාටිකාවේ සිදු වූ සිදුවීම බොහෝ විද්‍යාඥයින් මවිතයට පත් කරන්නත් ඒ වගේම යම් යම් අනාවැකි පුරෝකථනයන් පිළිබඳව නැවත හිතන්නත් ඔවුන් පොළඹවා තිබෙනවා. මෙයට හේතු වී තිබෙන්නේ ඔවුන් පවසන ආකාරයට ගෝලීය උණුසුම ක්‍රමයෙන් ඉහළ යාමයි.
පසුගිය වර්ෂයේදී ලෝක නායකයින් පැරිසියේදී යම් සම්මුතියක් ඇති කරගන්න උත්සාහ කරනු ලැබුවා මේ ගෝලීය උණුසුම පාලනය කර ගැනීම සඳහා. නමුත් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ බලයට පත් වූ දක්ෂිණාංශික ජනකාන්තවාදී ට්‍රම්ප් පාලනය විසින් එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා නව අර්බුදයකට දේශපාලන වශයෙන් ලෝකය ගමන් කළා. හැබැයි මේ කිසිම දේශපාලන පක්ෂයකින් මහී කාන්තාවට සිදු වී තිබෙන මේ විපත්තිය වැළකීමට හැකියාවක් නැහැ. ඒ අනුව මේ සුවිශාල අයිස් කන්ද දිය වී යාමේ තර්ජනයට දැන් හසුව තිබෙනවා. ගෝලීය උණුසුම වැඩිවීමට ප්‍රධාන හේතුව ලෙස පෙනී යන්නේ ගල් අඟුරු තෙල් ගෑස් ආදිය වැඩි වැඩියෙන් දහනය කිරීමයි. මේ නිසා පිටවන කාබන් ඩයොක්සයිඩ් කිසියම් ආකාරයකට ඝන ආවරණයක් ලෙස පෘථිවි ගෝලය වටේට රැඳී තිබෙනවා. මේ නිසා සූර්යාගෙන් එන ඇතැම් විකිරණ ආපසු යාමේදී බාධාවක් එල්ල වෙලා පෘථිවිය ක්ර්රමක්රමයෙන් එහි මධ්‍ය උෂ්ණත්වය ඉහළ යන්නට පටන් අරගෙන තිබෙනවා. මෙය තමයි අපි ගෝලීය උණුසුම ඉහළ යාම ලෙස සරලව සඳහන් කරන්නේ. මේ නිසා සාගරයට කුමක්ද සිදුවෙන්නේ. පළමුව සාගරයේ ගොඩබිම තිබෙන අයිස් දියවී යාමට විශේෂයෙන්ම මේ වසන්ත සමයේදී එය සිදු වෙනවා. උෂ්ණ සමයේදී එය සිදුවෙනවා. මේ මගින් අනිවාර්යයෙන්ම සාගරයේ ජල මට්ටම ඉහළ යාමට නියමිතයි. බොහෝ දෙනා සිතන පරිදි මේ සාගරයේ පාවෙමින් තිබෙන අයිස් කට්ටි දියවීම නිසා සාගර ජලය ඉහළ යාමක් සිදුවෙන්නෙ නැහැ. අපේ උසස්පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ වැදගත් ප්‍රශ්නයක් වන්නේත් ඕකයි. ඒ කියන්නේ අයිස් ජලයට වඩා ඝනත්වයෙන් අඩු නිසා ඒවා පාවෙනවා. නමුත් එය දියවූ පසු ගියහම, එහි පරිමාව ජලයේ පරිමාවට සමාන වන නිසා එහි ගිලී ගිය ප්‍රමාණය කිසිම ජල මට්ටමේ වැඩිවීමක් සිදුවන්නේ නැහැ. ඒ අනුව පාවෙන අයිස් දියවුනයි කියලා ජල මට්ටමේ ඉහළ යාමක් සිදු නොවුනත් ගොඩබිම හා ස්ථාවර අයිස් දියවී යාමේ දී එවැනි ප්‍රශ්නයක් ඇති විය හැකියි.
දෙවනුව සාගරය උෂ්ණත්වයත් සමග ප්‍රසාරණය වෙනවා. අපි දන්නවා උෂ්ණත්වය වැඩිවෙන කොට ජලය තමන්ගේ පරිමාව, ප්‍රමාණය වැඩි කර ගන්න බව. ඒ වගේම සාගරයත් තමන්ගේ පරිමාව ප්‍රමාණය වැඩි කර ගන්නවා. මෙන්න මේ ප්‍රධාන කරුණු දෙක විසින් සාගර ජලය විශාල වශයෙන් වැඩිවී යාමට නියමිතයි. මේ නිසා ක්‍රමක්‍රමයෙන් සාගරයේ මධ්‍යන උස වැඩිවෙලා වෙරළබඩ ප්‍රදේශවලට සාගර ජලය ගලා ඒමට විශේෂයෙන්ම මිරිදිය වෙනුවට කරදිය ගලා ඒමට, විශේෂයෙන්ම ඇතැම් ප්‍රදේශ සාගරයේ ගිලී යාමට නියමිතයි. දැනට පවතින උෂ්ණත්වය වැඩිවීම අනුව විද්‍යාඥයින් පුරෝකථනය කළේ 2100 පමණ වන විට මෙය වැළැක්විය නොහැකි තරම් ප්‍රමාණයක ගමන් කළ හොත් අඩුම තරමේ මීටරයකින් පමණ (අඩි 3.5ක්) ඉහළ යාමට ඉඩ ඇති බවයි ලෝකයේ සාගර මට්ටම. ඒ මගින් අඩුම තරමින් දැනට ලෝකයේ රටවල් හැටියට පිළිගෙන තිබෙන, විශේෂයෙන් දූපත් රාජ්‍යයන් 35 ක් පමණ සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලී යාමට නියමිත බව සඳහන් වුණා.
කෙසේ වෙතත් මේ සාගරය රත්වීම ඒ වගේම පෘථිවි ගෝලය රත්වීම හිතුවාටත් වඩා වේගවත් වන තත්ත්වයක් තමයි මේ ඇන්ටාටිකාවේ මේ සිදුවීමෙන් පෙන්වා දෙන්නේ. ඇන්ටාටිකාවේ මුළු අයිස් ප්‍රමාණයම දිය වුණොත් කුමක් වෙයිද? විද්‍යාඥයින්ගේ අදහස අඩුම තරමින් අඩි 200 කින්වත් මුහුදු මට්ටම ඉහළ යයි කියලයි. ඒ විදිහටම ආක්ටික් අයිස් සම්පූර්ණයෙන් දිය වුණොත් අඩි 25 කින් පමණ මුහුදු මට්ටම ඉහළ යයි කියලා විද්‍යාඥයින් අදහස් කරනවා. මෙය ඉතාම ප්රබලව දැනෙන ගැටලුවක් වෙනවා. විශේෂයෙන්ම වෙරළ තීරයේ ජීවත් වන දූපත් රාජ්‍යයන්ට. මෙයට අමතර වශයෙන් ඇති මේ අයිස් දියවී යාම නිසාත්, ඒ වගේම සාගරයේ උණුසුම වැඩිවීම නිසාත්, සාගරයේ දියරැල් වලත් පැහැදිලි වෙනසක් ඇතිවෙනවා. සුළං ප්රවාහවලත් පැහැදිලි වෙනසක් ඇතිවෙනවා. මෙය අනිවාර්යයෙන්ම අපගේ වර්ෂාවට තදින් බලපානවා. උණුසුම වැඩිවීමත් සමගම වාෂ්පීකරණය ඉහළ යාම නිසා අධික වැසි සමහරවිට ලැබෙන්න පුළුවන්. ඒ වගේම දියවැල්වල ස්වරූපය වෙනස් වීම නිසා ඒවා අක්‍රමවත් වැසි බවට පත්වෙන්න පුළුවන්. ඒකට දැන් ලංකාවත් මුහුණ දී තිබෙනවා. එක පැත්තක නියඟය, තව පැත්තක වැසි. ඒ වගේම අපිට කලට අදාළ කන්නවලට මෝසම් වැසි නොලැබී යාමේ තර්ජනයටත් දැන් ලංකාව මුහුණදී තිබෙනවා. ඒ වගේම මුහුදුබඩ ප්‍රදේශව විශාල පහත්බිම් ප්‍රදේශයක් කුඹුරු ඉඩම් ප්‍රමාණයකට දැන් මුහුදු ජලය ගලා ඇවිත් ඒවා නිසරු ප්‍රදේශ බවට පත් වී තිබෙනවා. බෙල්ලන්විල, මුතුරාජවෙල ආදී ප්‍රදේශ හොඳ උදාහරණ ලෙස පෙන්වා දිය හැක.
මේ භයානක පාරිසරික ගැටලුවට ලෝකයට අනාගතයේදී මුහුණ දීමට සිදුවෙනවා. මෙය පැහැදිලිවම නගරවල ජීවත්වන ජනතාවට යම් තර්ජනයක් එල්ල කරනවා වගේම පරිසරික අනාථයින් පිරිසක් මෙයින් බිහිවීමටත් ඉඩකඩ තිබෙනවා. එපමණක් නෙමෙයි ලෝකයේ බොහෝ මූල්‍ය නගර පිහිටා තිබෙන්නේ සාගරය ආසන්නයේ නිසා විශාල වශයෙන් වරායන් ආදී තැන්වලට මෙහි බලපෑම එල්ලවීමටත්, පිරිසිදු මිරිදියට තරරජනයක් එල්ල වීමටත් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම පානීය ජල ගැටලුවක් ඇතිවීමටත් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම ආර්ථිකයට මෙමගින් වන බලපෑමත් ඉතා විශාලයි. බ්‍රිතාන්‍යයේ චිරප්රසිද්ධ ආර්ථික විශ්ලේෂකයකට අනුව ඇතැම්විට 2100 වන විට මේ තත්වය පාලනය නොකළහොත් ගෝලීය උණුසුම වැඩිවීම කියන ප්රශ්නය නිසා ලෝක ආර්ථිකය 6% ක් පමණ වැඩිවශයෙන් අඩුවීමට, සංකෝචනය වීමට ඉඩකඩ ඇති බවයි ප්‍රකාශ කෙරෙන්නේ. එවැනි බරපතළ ආර්ථික බලපෑමකුත් මෙහි තිබෙනවා. ඒනිසා මේ ඇන්ටාටිකාවේ සිදු වූ සිදුවීම හුදකලා සිදුවීමක් නෙමෙයි. විශේෂයෙන්ම කාර්මික විප්ලවයේ දෙවන යුගය වෙච්ච 1860 න් ආරම්භ වූ පොසිල ඉන්ධන යුගය, විශාල වශයෙන් ලෝක ප්‍රජාවට, ආර්ථිකමය, සමාජමය වශයෙන් යම් යම් ජයග්‍රහණ ලබාදුන්නා. සුඛෝපභෝගීත්වය ගෙන ආවා. නමුත් දැන් එයම අපගේ සොහොන් බිම බවට පරිවර්තනය වෙමින් තිබෙන බවයි පෙනී යන්නේ. මෙයින් විශාල වශයෙන් ම බැටකන්නේ ධනවත් ලෝකය නෙමෙයි, මෙයින් විශාල ලෙස බැටකන්නේ දුගී ලෝකය. ඒ නිසා මේ සම්බන්ධයෙන් ලෝක පරිමාණ ක්‍රියාවලියක් අවශ්‍ය වෙනවා එක්කම මෙවැනි තත්වයන්ට මුහුණ දිය හැකි, ඔරොත්තු දිය හැකි නගර නිර්මාණය, වගේම ජනාවාස නිsර්මාණය, වෙරළාරක්ෂණය සඳහා රටවල් මුහුණ දිය යුතුව තිබෙනවා. එයට ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් හැටියට ඉතාම බරපතළ තර්ජනයකට මේ මුහුණදී තිබෙන නිසා මෙයට සූදානම් විය යුතුයි.
විශේෂයෙන්ම බස්නාහිර කලාපයේ, ඒ වගේම නැගෙනහිර මඩකලපු ප්‍රදේශයේ, යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයේ වගේම හම්බන්තොට ආදී ප්‍රදේශවල පහත් බිම් ප්‍රදේශවලට මේ ආකාරයට මුහුදු ජලය ගලා ඒමත් එම ප්‍රදේශ නිස්සාරවීමත් ඒ වගේම සාගරයට යටපත් වීමේ තර්ජනයත් රැඳී තිබෙනවා. අපි අමතක නොකළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ මෙයට අවුරුදු 15,000 ත් 6,000 ත් අතර කාලයේදී පෘථිවියේ ඇලය වෙනස් වීම නිසා. අපි දන්නවා පෘථිවිය ඇලයටයි ගමන් කරන්නේ අංශක 22.5 සිට 24.5 දක්වා. එයට අපි කියනවා මිලන්කොවිච් ආචරණය කියා. සූර්යයාට ඉතා ළඟින් ගමන් කරන තත්වයක් ඇතිවුණ අවස්ථාවේදී විශාල වශයෙන් හිම දියවී යාමෙන් විශාල ගැටලුවක් ලෝකයට ඇති වුණා. ඒ අවුරුදු 15,000 ත් 6,000 ත් අතර කාලයේදී. මුහුද අඩුම තරමින් මීටර් 125 ක පමණ ප්‍රමාණයකින් ඉහළ නැගි බවයි වාර්තා වෙන්නේ. ඒ නිසා බොහෝ ගොඩබිම් ප්‍රදේශ සදහටම මුහුදට යටවීම සිදුවුණා. අපේ රටෙත් විශාල ප්‍රමාණයක් ඒ කාලයේදී මුහුදට යට වුණයි කියලා විශ්වාස කරනවා වගේම මුහුද අයිනේ තිබූ ශිෂ්ටාචාර යාල, විල්පත්තු ආදී ප්‍රදේශවල ශිෂ්ටාචාර වැනසී යාමටත් එම මුහුදු ජලය බලපෑ බවයි විශ්වාස කරන්නේ. ඉතින් මෙවැනි ව්‍යසනයක් මනුෂ්‍ය වර්ගයාට අනාගතයේ ඇතිවිය හැකි බව අප වටහාගත යුතු වන්නේ අපේ අතීත මුතුන් මිත්තන්ට වෙනත් කාරණයක් නිසා, ගෝලීය උණුසුම වැඩිවීම නිසා නෙමෙයි අර වසර 20,000 කට වරක් පෘථිවිය සූර්යයාට ආසන්නයෙන් ගමන් කිරීමේ ක්‍රියාවලිය නිසා ඇති වූ බව අප වටහා ගත යුතු වෙනවා. එය ස්වභාවික ක්‍රියාවලියක් වුණත් මෙවර ඇති වී තිබෙන ගෝලීය උණුසුම මිනිසුන් විසින් නිර්මාණය කළ අර්බුදයක්. ඉතින් මානව වර්ගයා එයට ගොදුරුවීමෙන් වළකා ගැනීමේ වගකීම තිබෙන්නේ සමස්ත මානව වර්ගයාටයි. නමුත් බලගතු රටවල්වල දේශපාලන උවමනාවන්, ධනයට තිබෙන තන්හාව, බලයට තිබෙන කෑදරකම විසින් මේ ගැටලුව විසඳීමට පියවර ගන්නේ නැහැ. ඒනිසා අපේ වගේ රටවල් හැකිතාක් දුරට මේවාට ඔරොත්තු දීමේ තාක්ෂණයන් ගොඩනගාගත යුතු වෙනවා
පාඨලී චම්පික රණවක