ගරු කතානායකතුමියනි, තංගල්ල උඩමාවත අංක හතලිස් හතේ පදිංචි රාජ් වන මා අප කුටුම්භයේ ගෘහ මූලිකයා ලෙස 2016 වසරේ අයවැය ඉදිරිපත් කිරීමට ඉඩ ලැබීම භාග්‍යක් කොට සලකමි. 2011 අප කුටුම්භය ගොඩනැඟීමෙන් අනතුරුව දෙදෙනා විතැන් වීමෙන් අනතුරුව වසර දෙක තුනක පමණ කාලයක් ගතකල අසීරු කාල පරිච්ඡේදයෙන් මිදී සෞභාග්‍ය කරා පියනැඟීමේ දැඩි උත්සාහය සඵල වන ලකුණු පෙනෙන්නට අැති බැව් සතුටින් ප්‍රකාශ කරමි.
☻ ගරු කතානායකතුමියනි, 2015 වර්ෂයට සාපේක්ෂව ආදායම් සහ වියදම් සැලකීමෙන් අනතුරුව ආදයම් වැඩිවීම ලෙස 2016 වසරේ ලැබෙන රුපියල් එකසිය හැත්තෑවක වැටුප් වර්ධකය ලැබීමට නියමිත අතර වෙනත් ආදායම් නොමැති බැව් ප්‍රකාශ කරමි. ඊට අමතරව ණය පොලිය අඩුවීමේ වාසියක් ලෙස රුපියල් හයක් පමණ මාසිකව වැටුපට එකතු වන බව සතුටින් ප්‍රකාශ කරමි.
☻ මීට අමතරව මහ ගෙවල් දෙකෙන් ඉඳහිට ලබාගන්නා පොල් ගෙඩි කිහිපයත් හාල් මල්ලත් ආදායම් ලෙස එකතු කල බැව් දැන්වීමට කැමැත්තෙමි.
☻ ගරු කතානායකතුමියනි, වෙළඳපොලේ භාණ්ඩ මිල වැඩිවීමත් සමඟ පහත සඳහන් ක්‍රියාමාර්ග වලට එළඹීමට තීරණය කලෙමි.
කාර් මිල ඉහල ගොස් ඇති බැවින් හා ඒ සඳහා වන අටෝරාසියක් වන බදු මුදල් හේතුවෙන්, වැස්සෙන් බේරීමට කාරයක් මිලදීගැනීමට ඉදිරිපත් කල යෝජනාව අවලංගු කරන අතර තවදුරටත් යතුරු පැදියේ ගමන් යාමට තීරණය කරමි. වැස්සෙන් ආරක්ෂා වීමට වර්ෂාව පවතින අවස්ථා වල ගමන් බිමන් අඩුකිරීමට යෝජනා කරන අතර අත්‍යාවශ්‍ය ගමන්බිමන් යාම සඳහා වැහි කබා තුනක් මිලට ගැනීමට යෝජනා කරමි. තවද සෙම්ප්රතිශ්යාවෙන් ආරක්ෂා වීමට සමහන් සංචිතයක් පවත්වා ගැනීමට අවසර ඉල්ලා සිටින අතර පිරිටන් ඇමොක්සලින් වැනි ඖෂධ කිහිපයක් රෝහලෙන් ලබාගෙන ගබඩා කරගැනීමට යෝජනා කරමි. තවද දඩයක් වැදීමේ අවධානම අඩුකරගැනීම පිණිස මාර්ග නීති අකුරටම පිලිපැදීමට කටයුතු කරන බව දන්වමි.
☻ වාහන ආදායම් බලපත්‍ර ගාස්තු සහ දුම් පරීක්ෂණ ගාස්තු ඉහලයාම හේතුවෙන් දැරීමට සිදුවන වියදම් වලින් කොටසක්, අඩුකර ඇති භාණ්ඩ මිලට හිලව් කරගතහැකි බව සතුටින් ප්‍රකාශ කරමි. ගරු කතානායකතුමියනි, කිරිපිටි මිල රුපියල් තිහකින් අඩුවීමේ වාසියත් ගෑස් සිලින්ඩරය සඳහා අඩුකරන ලද රුපියල් එකසිය පනහක මුදලත් මේ සඳහා ලබාගැනීමට අපේක්ෂා කරමි.
☻ ගරු කතානායකතුමියනි, සාලයා කරවල අඩුවිමේ වාසිය ලබාගනු වස් උම්බලකඩ පාවිච්චිය නතර කිරීමට යෝජනා කරන අතර කොලුවාගේ කෑම රුචිය වැඩිකිරීම පිණිස සාලයාගේ ගුණ දැක්වෙන පෝස්ටරයක් බිත්තියේ ඇලවීමට යෝජනා කරමි. තවද මාළු ගෙන එන අතරමැදියා වන ජෙමා මාළු කිලෝවකින් අධික මුදලක් අයකරන බැවින්, නිවාඩු දිනවල වැල්ලට ගොස් රැවුල කැපීමෙන් සතියේ මාළු අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමට කටයුතු කරමි. දෙහි මිල ඉහල ගොස් ඇති බැවින් ඊට පිලියම් ලෙස අල්ලපු වත්තේ දෙහිගසේ අපේ පැත්තට නැවී ඇති දෙහි වලින් කොටසක් නෙලා ගැනීමටත් වැඩිමනක් ලෙස යෝජනා කරමි.
☻ ගරු කතානායකතුමියනි, භූමිතෙල් මිල පහල යාමේ වාසිය ලබාගැනීම පිණිස භූමිතෙල් ලිප නැවත පාවිච්චි කිරීමට යෝජනා කරන අතර පරිප්පු සහ සැමන් මිල අඩුවී ඇති බැවින් එක් ආහාර වේලක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පරිප්පු එක් කිරීමට යෝජනා කරමි.
☻ විනෝද බද්ද ඉහලයාම හේතුවෙන් මත්පැන් පාවිච්චිය සීමා කිරීමට කටයුතු කරන අතර දුම්වැටි පාවිච්චිය නතර කිරීමට තීරණය කරමි. එහෙත් විශේෂ අවස්ථාවලදී පමණක් ඔබේ අනුමැතියට යටත්ව භාගයක් දක්වා මත්පැන් ලබාගැනීමට අවසර ඉල්ලා සිටිමි. මගුල් තුලා සහ මලගෙවල් වෙනුවෙන් වැයකරන මුදල් අඩුකිරීමට යෝජනා කරන අතර හිඟන්නන් සල්පිල්කරුවන් සම්මාදන්කාරයන් ඒම වැලැක්වීමට බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න පුවරුවක් ගේට්ටුවේ එල්ලීමට යෝජනා කරමි. එමෙන්ම සිංහල අවුරුද්දට බුලත් දීමේදී රුපියලේ කාසියක් පමණක් දීමට යෝජනා කරනමි.
☻ ගරු කතානායකතුමියනි, කොල්ලාගේ ආහාර වියදම් සීමා නොකිරීමට කටයුතු කරන අතර සෙල්ලම් බඩු ලබාදීමේදී මිල අඩු භාණ්ඩ කෙරේ විශේෂ අවධානය යොමුකරන අතර මීට අමතරව පොල්පිති හරකා, ගොක් කොල නයා ආදී පාරම්පරික ක්‍රීඩා සඳහා ඔහු පෙළඹවීමට අපේක්ෂා කරමි.
☻ ගරු කතානායකතුමියනි, රූපලාවන්‍ය ඇඳුම් ආයිත්තම් වැනි සුකුරුත්තං වෙනුවෙන් වන වියදම සැලකිය යුතු මට්ටමකින් කපාදැමීමට සිදුවන බැව් කණගාටුවෙන් ප්‍රකාශ කරන අතර අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සඳහා වන වියදම් පමණක් දැරීමට සලකා බලන මෙන් ඉල්ලා සිටිමි.
☻ අන්තර්ජාල සම්බන්ධතාවය වෙනුවෙන් යොදවන මුදල් අඩුකිරීමට අපහසු බැවින් දුරකතන පාවිච්චියේදී ඉන්කමින් සඳහා පමණක් ප්‍රතිචාර දැක්වීමට යෝජනා කරමි.
☻ ගරු කතානායකතුමියනි, "පුංචි පවුල රත්තරං", "ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ" වැනි සංකල්ප අනුව දැනට ඉන්නා එකා හොඳටම අැති බව යෝජනා කරන අතර "ආරක්ෂාව" සඳහා වියදම් රහිත ක්‍රියාමාර්ග වලට එළඹීමට යෝජනා කරමි.
ගරු කතානායකතුමියනි, දෙදහස් දහසය වසරේ අපේක්ෂික ඉලක්ක සපුරාගැනීම පිණිස ඉදිරිපක් කල මෙම අයවැය ලේඛණය සඳහා ඔබේ අනුමැතිය ඉල්ලා සිටින අතර ඉදිරියේදී ඇතිවිය හැකි ආර්ථික අවපාත හමුවේ නොසැලී ඉදිරියට යෑමේ ධෛර්ය අපේක්ෂා කරමි.

http://raj1st.blogspot.com/