ඇන්ඩ්‍රොයිඩ් ගැන ඇත්තටම දන්නවද?

Root කලාද?දැන් එහෙනම් Custom Recovery එකක් දාමු නේද?

ඉතින් කොහොමද කොල්ලනේ.ඊයෙ මුකුත් දාන්න බැරි වුණා පොඩි පොඩි වැඩ වගයක් තිබුණු නිසා.හැබැයි PM දාපු අපේ කොල්ලොන්ට reply කොහොමහරි දාලා ඇති.:)

ඉතින් අද මම කියලා දෙන්න යන්නේ අපට custom recovery එකකින් තියෙන ප්‍රයෝජන සහ කොහොමද custom recovery එකක් වන TWRP recovery එක install කරන්නේ කියන එක.

මේක නිකම් install කරන එකේ තේරුමක් නෑ කොල්ලනේ.මොකද custom roms/kernels/mods එහෙම flash කරන්න බලාපොරොත්තුවක් නැත්නම් මේක දාගන්න එකේ තේරුමක් නෑ.:no:.දැම්මා කියලා මුකුත් වෙන්නේ නෑ.ඒත් ඉතින් පාවිච්චි කරන්නේ නැත්නම් ඉතින් දාන එකේ තේරුමක් නැහැනේ.ඒකයි.:frown:


මොකක්ද මේ stock recovery එක කියන්නේ?

සාමාන්‍යයෙන් ෆෝන් එකක stock recovery එක විදියට තියෙන්නේ CWM හෙවත් ClockworkMod කියන recovery එක.මේකෙන් තමයි ඔයාලා වැරදියට pattern එක එහෙම ගහලා ෆෝන් එක lock උණාම (power+vol up+home) ඔබාගෙන ඉඳලා ගිහින් factory reset කරන්නේ.මතක ඇතිනේ නේද.මතක නැත්නම් නිකමට ගිහින් බලන්න.;)

Clockworkmod-CWM-recovery.jpg


ඉතින් මේ recovery එක stock recovery එකක් නිසා මේකෙන් කරන්න පුළුවන් වැඩ බොහොම සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ.මේකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේකෙන් custom rom flash කරන්න බැරි එක.මොකද මේ stock recovery එකෙන් flash කරගන්න පුළුවන් ඔයාගේ ෆෝන් manufacturer විසින් එවන OTA updates සහ roms විතරයි.ඉතින් ඔයාලට කවදාවත් මේ recovery mode එක භාවිතයෙන් custom rom flash කරගන්න ලැබෙන්නේ නෑ.මේ නිසා තමයි අපි ප්‍රධාන වශයෙන්ම custom recovery එකක් flash කරගන්නේ.දැන් තේරුණාද?:cool:


මොකක්ද මේ custom recovery එකක් කියන්නේ?

Custom recovery එකක් කියන්නේ third party recovery එකක්.මෙන්න මේ custom recovery එකක ඔයාලගේ stock එන CWM recovery එකේ තියෙන features සේරමත් තව වැදගත් features බොහොමයකුත් අන්තර්ගත වෙනවා.

මෙන්න මේ දේවල් ඔයාලට custom recovery එකකින් ලබාගන්න පුළුවන්.

01.ඔයාලගේ මුළු android os එකම backup කරගන්න පුළුවන්.
02.වෙනදා වගේ power/volume/home buttons ඕන නෑ TWRP වගේ recovery එකක වැඩ කරන්න.මොකද මේකේ තියෙන්නේ touch interface එකක් නිසා.:shocked:
03.Custom roms/kernels/mods/bloatware removers වගේ දේවල් බොහොම පහසුවෙන් flash කරගන්න පුළුවන්.
04.Partition එකක format එක වෙනස් කරන්න පුළුවන්.
05.Partitions වෙන වෙනම wipe කරන්න පුළුවන්.(Data/Cache/Dalvik cache/Pre load/System)

තව ගොඩක් දේවල් තියෙනවා ඒවත් පස්සේ ඔයාලට හම්බවෙයි.:cool:

520x245xTWRP-Recovery1-520x245.png.pagespeed.ic.mw-OldHonp.png



කොහොමද මේ TWRP recovery එක flash කරගන්නේ?

දැන් එහෙමනම් බලමු කොහොමද මේ කියන TWRP recovery එක install කරගන්නේ කියලා.;)
මේ සඳහා ෆෝන් එක root කරලා තියෙන එක අනිවාර්‍යයි හොඳේ.ෆෝන් එකේ internet හෝ WiFi connection එකක් තියෙන එකත් අනිවාර්‍යයි.Battery එකත් 50% ක්වත් තියෙනවා නම් වඩා හොඳයි.:frown:


01.මේන්න මේ app එක download කරගෙන ඒක ඔයාගේ ෆෝන් එකේ install කරගන්න.

  • TWRP Manager APK 7.5.0.2 (File Size: 2.26 MB) ---> Download

02.දැන් ෆෝන් එකේ internet connection එක on කරලා app එක click කරන්න.root permission ඉල්ලුවම Accept දීලා app එක open කරගන්න.

03.දැන් මේකේ තියෙන "Install TWRP" කියන එක(6 වෙනි එක) උඩ click කරන්න.

wHZGI94sznapgq1QR7LXJgBO2hoiLqNNIfm1RZGzce-zPH1OZEqX1wI6wyZMAvgqJgM=h900-rw


04.දැන් එන screen එකේ "Device Info" කියන එකේ ඇති "Device Name" කියලා එකක්.ඒකේ හරියටම ඔයාලගේ device name එකද තියෙන්නේ කියලා හොඳට බලන්න.මොකක්හරි ප්‍රශ්නයක් තිබ්බොත් මුකුත් කරන්න කලින් මට PM එකක් දාන්න මතක ඇතුව.ලොක්කා වගේ දාන්න ගිහින් වැඩේ නාගන්න එපා හොඳද.හරියටම device එකට ගැලපෙන recovery එකක් flash කරන එක ගොඩක් වැදගත්.
ඒකත් හරිනේ එහෙනම්.

05.දැන් "Install" කියන එකේ තියෙන "Install Recovery" කියන එක දෙන්න.

06.දැන් මුලින්ම internet connect වෙලා app එක ඔයාගේ ෆෝන් එකට හරියන recovery එක download කරගනියි.මේවා වෙනකොට ෆෝන් එකේ මුකුත් කරන්න යන්න එපා හොඳද.

07.Download වුණාට පස්සේ warning එකක් එයි ඒකට "yes" කියලා දෙන්න.ඒක දුන්නම auto install වෙයි recovery එක.

08.දැන් recovery එක install වෙලා ඉවරයි.:cool:

09.දැන් ආපහු back ගිහින්(back යන්න button එකක් නෑ.උඩ වම් පැත්තේ තියෙන button එක click කරන්න) "Reboot Options" උඩ click කරන්න.එතකොට එන screen එකේ තියෙන "Reboot to Recovery" කියන එක දෙන්න.දන් ඔයාගේ ෆෝන් එක automatically restart වෙලා අළුතින් ඔයා install කරපු recovery mode එකට යයි.:)

10.දැන් ඉතින් ආපහු ඔයාට recovery mode එකට යන්න කිසිම button එකක් ඔබාගෙන ඉන්න ඕන නෑ.කෙලින්ම මේ app එකෙන් recovery mode එකට යන්න පුළුවන්.:lol:

තේරෙන්නේ නැති තැනක් එහෙම තියෙනවා නම් PM එකක් දාන්න.මෙන්න මේ මම පහළ දාන video එකේ [4.15 ඉඳන් 5.10] වෙනකම් බලන්න මේක කරන හැටි තවත් හොඳට බලාගන්න පුළුවන් ඔයාලට.:yes:





හිතනවා මම මේ දාන දේවල් ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා.එහෙනම් මම ගිහින් එන්නම්.;).ඊළඟ දවසේ හම්බවෙමු.
 
  • Like
Reactions: eyepea

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Mama yaluwkge S4 ekata Lollipop damma Odin eken flash karala. U kiyanawa dan slow lu phone eka internet yanakota network error enawalu. mama damme wena region ekaka firm ware ekak. baseband wenas. Samsung apahu Downgrade karana bari scen ekak thiyenawa ne. puluwan nam downgrade karana widiya kiyala denna apahu KITKAT walata
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Mama yaluwkge S4 ekata Lollipop damma Odin eken flash karala. U kiyanawa dan slow lu phone eka internet yanakota network error enawalu. mama damme wena region ekaka firm ware ekak. baseband wenas. Samsung apahu Downgrade karana bari scen ekak thiyenawa ne. puluwan nam downgrade karana widiya kiyala denna apahu KITKAT walata

    matath me seen eka una note3 eke..habai network error awe na..phone eka slow una..man nam samanya widiyata aye kitkat flash kala odin walin..habai ehema downgrade kalata phone eka on weddi samsung logo eken ehata yanne na..ethakota karanna thiyenne phone eke battery eka galawala aye dala recovery mode eken phone eka on karala factory reset karana eka..itapasse aye baba wage kitkat duwanawa..:P:P
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,487
    3,169
    113
    斯里蘭卡
    Mama yaluwkge S4 ekata Lollipop damma Odin eken flash karala. U kiyanawa dan slow lu phone eka internet yanakota network error enawalu. mama damme wena region ekaka firm ware ekak. baseband wenas. Samsung apahu Downgrade karana bari scen ekak thiyenawa ne. puluwan nam downgrade karana widiya kiyala denna apahu KITKAT walata

    oya siddi enawa ban mokda thawa unstable athi s4 ekata lollipop official awadaa ? den ubata kranna thiyenne sammobile eken aye normal firmwere eka download karala ara fidihatama flash karahan aye ubata okoma downgrade karanna bae ,


    ko yako weli gowwage ithiriya :angry:
     

    charith05

    Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    machan,
    i have rooted my galaxy 10.1 2014 edition and i want to re-root it.
    i tried several times and failed.
    please let know that how to re-root it completely.
    thanx in advanced.