ඇඳුම් ගැලවීම

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
ඔන්න එක විශාල ගොවිපොළක් කරගෙන හිටපු සාර්ථක ගොවියෙක් හදිස්සියෙම මළා. ඔහුගේ දේපළ සේරම ආදරණීය බිරිඳට උරුම වුණා. භාර්යාව අධිෂ්ඨාන කරගත්තා ගොවිපළ විකුණන්නේ නැතිව කොහොම හරි පාලනය කරගන්න. ගොවිපළ වැඩ ගැන වැඩි යමක් නොදන්න නිසා ඇය ගොවිපළට උදව්කාරයෙක් ගන්න ඕන කියලා පත්තරේ ලහි පිටේ හෙවත් ලූ‍හුඬු දැන්වීම් තීරයේ දැන්වීමක් දැම්මා.

පත්තරේ බලලා දෙන්නෙක් අයදුම්පත් දැම්ම අත්උදව්කාරයාගෙ රස්සාවට. එක් කෙනෙක් සමකාමී හෙවත් සමලිංගික පිරිමියෙක්. අනෙක් තැනැත්තා තරමක බේබද්දෙක්. වෙන කවුරුත් අයදුම් කළෙත් නැති නිසා ඇය හොඳට හිතල මතලා අන්තිමේ තීරණය කරලා සමකාමී පිරිමියාව රස්සාවට ගන්න. කොහොම වුණත් තනි පංගලමේ ගොවිපළක ජීවත් වෙන එකේ බේබද්දෙක් එක්ක ජීවත් වෙනවට වඩා සමකාමියෙක් එක්ක ඉන්න එක ආරක්ෂා සහිතයි කියල ඇය තීරණය කළා.

බලාගෙන ගියාම ඇගේ තේරීම හරි. මේ මනුස්සය හරිම හොඳට සැලකිල්ලෙන් ගොවිපළේ වැඩ කරන්න පටන් ගත්තා. සති ගණනක් අපේ මියගිය ගොවියගේ වැන්දඹු භාර්යාවයි, අපේ සමකාමී අත්උදව්කරුවයි වෙහෙස මහන්සි වෙලා වැඩ කළ නිසා ගොවිපළ සෑහෙන තත්වයකට ආවා. සමකාමීන් ගැන සමාජයෙ තියෙන අගතීන් කොයිතරම් වැරැදිද කියලා ඇය කල්පනා කරන්න වුණා. ඇත්තටම කෙනෙකුගෙ ලිංගික නැමියාව මත පුද්ගලයෙකු වෙනස් කොට සැලකීම කොයිතරම් වැරදිද කියලා ඇය අත්දැකීමෙන්ම තේරුම් ගත්තා. මේ උදව්කරුට ගොවිපළේ වැඩ හොඳට තේරෙනවා. ඒ වගේම ඔහු අවංකයි. කරුණාවන්තයි.

සමකාමීනුත් අනෙක් අය වගේම මිනිසුන් කොට්ඨාසයක්. එකම වෙනස විසමකාමියෙක් විරුද්ධ ලිංගිකයන් වෙතට ආකර්ෂණය වෙනවා වෙනුවට සමකාමියා සමාන ලිංගිකයකු වෙතට ආකර්ෂණය වීමයි. විසමකාමී පුද්ගලයෙක් සමාජයේ අනෙක් කටයුතු කිරීමේදී ඔහුගේ ලිංගික වරණය හෝ නැමියාව අනෙක් අයට ප‍්‍රශ්නයක් නොවෙනව වගේම සමකාමියෙකුගෙ ලිංගික වරණය හෝ නැමියාව සමාජ ජීවිතයෙදි ප‍්‍රශ්නයක් කර ගත යුතු නැහැ. ඇය මෙහෙම කල්පනා කළා.

ඉතින් එක දවසක් අපේ ගොවිපොළ හිමිකාරිය තමන්ගේ සමකාමී අත් උදව්කරුට මෙහෙම කිව්වා. ”ඔයා මේ දවස්වල හොඳටම මහන්සි වෙලා වැඩ කළා නේ. ඉතින් අද වැඩ කරන්න ඕන නැහැ. ටවුමට ගිහිල්ල පොඞ්ඩක් විනෝද වෙලා එන්න.”

අත්උදව්කාරයත් මේ අදහසට බොහොම කැමැති වුණා. සෙනසුරාදා හැන්දෑවේ වැඩ ඉවරවෙලා අත්උදව්කාරයා ටවුමට ගියා. ගොවිපළ හිමි කාන්තාව ඔහු ආපහු එනතුරු මඟ බලාගෙන හිටියා. ඉරිදා පාන්දර එකත් වුණා. මේ මනුස්සයා තවම නැහැ. දැන් දෙකයි, ඒත් තාමත් නැහැ. පාන්දර දෙක හමාරට විතර අන්තිමේදි මෙන්න අත්උදව්කාරයා ගොවිපළට එනවා. මේ වෙලාවෙ ගොවිපළ හිමි කාන්තාව ඉවසන්න බැරි සීතල නිසා ගිනි උ`දුන ළඟ වාඩි වෙලා හිටියෙ. ඇය හෙමිහිට ඔහුට තමන් ඉන්න තැනට එන්න කිව්වා.

”ගලවනවා මගේ බ්ලව්ස් එක” ඇය කිව්වා. අත්උදව්කරුවා වෙව්ලමින් ඇයගේ නියෝගයට අවනත වුණා.
”දැන් ගලවනව මගේ සපත්තු දෙක”ඇය කිව්වා. ඔහු සෙමෙන් සෙමෙන් ඇයට අවනත වුණා.
”හා, දැන් මගේ මේස් දෙකත් ගලවනව.” ඔහු එයත් කළා.
”දැන් ගලවනව මගෙ ස්කර්ට් එක!”ඇය විධානය කළා. ඔහු බිම බලාගෙන ඇගේ ඒ නියෝගයත් ඉටු කළා.
”දැන් ගලවනව මගේ බ‍්‍රා එකත්” නැවතත් ඔහු වෙව්ලන ඇගිලි තුඩුවලින් ඇය කී දේ කළා.
”මගෙ පෑන්ටි එකත් ගලවනව”
සෑහෙන චකිතයකින් යුතුව ඔහු ඇගේ පෑන්ටි එකත් ගැලෙව්වා.
ඊළඟට ඇය ඔහු දිහා බලල මෙහෙම කිව්වා: ”මීට පස්සෙ එහෙම තමුසෙ මගේ ඇඳුම් ඇඳගෙන ටවුමට ගිහින් තිබුණොත් කකුල් දෙක කඩනවා!”


samabima.info