ඇපල් තාක්ෂණය කොපි කළාට සැම්සුන් ට දඩ

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    ඇපල් තාක්ෂණය කොපි කළාට සැම්සුන් ට දඩ

    603629_418760791516656_795686478_n.jpg

    ඇපල් සමාගමට හිමිකම් ඇති තාක්ෂණ කොපි කිරීම හේතුවෙන් ඩොලර් මිලියන එකසිය විස්සක අලාභයක් ඇපල් සමාගමට ගෙවන ලෙස කැලිෆෝනියාවේ ජූරියක් විසින් ස්මාර්ට් ෆෝන් නිෂ්පාදක සමාගමක් වන සැම්සුන් වෙත නියෝග කර තිබේ.

    එහෙත් සැම්සුන් නිෂ්පාදන වල එම තාක්ෂණයන් යොදා ගැනීම සහමුලින් තහනම් කරවා ගැනීමට ඇපල් සමාගම අපොහොසත් වී ඇත.

    තමන්ගේ තාක්ෂණික අදහස් සොරකම් කරන්නේ යැයි ලෝකය පුරා ඇති මෙම සමාගම් එකිනෙකාට චෝදනා කර ගනිමින් නීතිමය අරගලයක යෙදී සිටියද මෙවර ගෙවීම හානිය සඳහා සිදුවූ විශාලතම දඩ මුදල් ගෙවීම් වලින් එකක් බවයි පැවසෙන්නේ.

    තමන්ගේ "slide to unlock" තාක්ෂණය සැම්සුන් විසින් කොපි කර ඇති බවයි ඇපල් සමාගම පවසන්නේ

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    අයියො මේවා ගැන කතා කරලා වැඩක් නෑ. දැන් හෙමෝම copy කරනවා. Apple කොපි කරපු හැටි බලා ගන්න පුලුවන් iOS 8 ආවාම. Android එකට බැන බැන Android copy කරලා. :lol::lol:

    copy කරන එක consumers ලා විදියට අපිට හොඳයි, කවුරු copy කරත් අපිට වැඩක් නෑ, market එකට එන product එක හොඳයිනම්.. :yes::yes:

    Apple උනත් දැන් අරූ copy කරා මූ copy කරා කිය කිය ඉන්නවා මුකුත් innovation එකක් නැතුව. ඇපල්ලව කොපි කරලා හරි තැනකට ගිය කට්ටිය දැන් හොඳ හොඳ products හදනවා, like Gear watch, Motorolla 360 etc :oo::oo:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,597
    16,455
    113

    :lol::lol::lol::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,597
    16,455
    113
    steve jobs මලාට පස්සේ ඇපල් පැපොල් වෙලා තියෙන්නේ.ඉතින් එක එක බයිලා ගහලා ලොකු company වලට නඩු දාලා කීයක් හරි හොයාගන්නවා..පව් හිගන්නෝ..

    මේ ලගදී දැක්කනේ අර කොක් කියන එකා android වලට වඩා ios හොදයි කියලා මොන්ටිසෝරි ටෝක්ස් ටිකක් දුන්නා..ඒකෙන්ම තේරෙනවා උන් දැන් වැටිලා ඉන්නේ කියලා ඒ වගේම උන් android එක්ක ඉන්නේ ලොකු තරහකින් වගේම බයකින්.
    :lol: