ඇපල් iPhone 5c දුරකථනයක් පාසලකදී පුපුරා යයි

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඇපල් iPhone 5c දුරකථනයක් පාසලකදී පුපුරා යයි

    ඇමරිකාවේ Main හි පිහිටි Kennebunks හි පාසලක අවුරුදු 14ක දැරිවියකටයි මෙම අවස්ථාවට මුහුනදීමට සිදුවී ඇත්තේ. උදෑසන 7.40ට විතර ඇගේ ඇඳුමේ පිටුපස සාක්කුවේ තිබූ තම දුරකථනයෙන් එකවිටම හඬක් නැගුනු බවත්, දුමක් සමඟ ඇගේ කලිසමද පිලිස්සී ඇති බවත් ඇයට දැනී තිබෙනවා.

    පිලිස්සීම් වෙනවාත් සමඟ පන්තියේ ළමයින් ගුරුවරුන්ට මේ බව දැනුම්දී ඇති අතර, දැරිවිය දඟලා ඇගේ සාක්කුවෙන් දුරකථනය එලියට විසිකර තිබෙනවා.

    ඒ අවස්ථාවේදිම පාසල් ගුරුවරුන් ඇයව රෝහලට ඇතුලත් කර ඇති අතර, දොස්තරවරුන් පවස පරිදි ඇයට මධ්‍යම ප්‍රමාණයේ පිලිස්සුම් තුවාල සිදුවී ඇත.

    ගිනි නිවන අංශයේ නිළධාරී ඇන්ඩෘ පැල්මෙරිට අනුව ඇය තම දුරකථනය පසුපස සාක්කුවේ තබා වාඩිවීමට උත්සහ කරද්දි බැටරිය ‘ෂෝර්ට්‘ වී මෙම සිදුවීමට මුලපුරා ඇත. තමන්ගේ දුරකථනය පසුපස සාක්කු වල වැනි නැවෙන තැන් වල තබා නොගත යුතුයි. මොකද, ඒවායෙන් දුරකථනයේ පරිපථ ෂෝර්ට් වී මෙවැනි සිදුවීම් සිදුවිය හැකියි යැයි ඔහු වැඩිදුරටත් පවසනවා.



    උගතයුතු පාඩම :-සැබෑ පිරිමින් දුරකථන ප්‍රවේශමෙන් පාවිච්චි කල යුතුය.. අනෙක් උන්ට ගැටලුවක් නැත :rofl:

    උපුටාගැනීම
    http://sinhala.hub.lk/?p=45
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    aehenam ada indalama ZIGO gamu


    හොද අදහසක් :lol:

    ඒත් සීගෝ එපා මචං, ගන්න අපේ දේ ...

    ග්‍රීන්ටෙල්...:)

    ග්‍රීන් ටෙල් සදහා කඩේ යෑමට සුදානම් වෙමින් :rofl: (මම කඩේ යන්නේ ශ්‍රී ලාංකික නිෂ්පාදන සදහාම පමණි )