ඇබ්බැහි වෙලාද? එන්න අපි පියවර 6කින් ඊට තිත ත&a

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    නැකැත් රාල;20110389 said:
    ජිවිතේ අරමුණු සාර්ථක කරගන්න ඉලක්ක ජයගන්න එක ගැන කරන්න හිතන් ඉන්න වැඩමුළුව ගැන කීප දෙනෙක්ගේම හොඳ ප්‍රතිචාර තිබ්බ. නමුත් දහදොළොස් දෙනෙක්ට වැඩමුළුවක් කරලා තේරුමක් නැ. :dull: බලමු අඩුම 50ක් විතරවත් ඉන්නවනම් වැඩේ කරමු. ඔන්න එහෙනම් අද ආර්ටිකල් එක.

    ඇබ්බැහි වෙලාද? එන්න අපි පියවර 6කින් ඊට තිත තියමු

    ඇබ්බැහිවීම් වර්ග දෙකක් තියනවා. එකක් ඒ ඇබ්බැහිවීම් නිසා තමන්ගේ කාලය, මුදල්, ශක්තිය, සෞක්‍ය, අධ්‍යාත්මය කියන දේවල් වලින් එකක් හෝ කීපයක් නිකම්ම විනාස වෙලා තමන්ව අසාර්ථක කරන්න බලපාන ඇබ්බැහිවීම්. හරියට කිව්වොත් දුම්පානය එහෙම නැත්තන් පැණිරස කෑම වගේ දේකට ඇබ්බැහි වීම වගේ. අනෙක් එක තමයි තමන්ව සාර්ථක කරන ඇබ්බැහිවීම්. කෙනෙක් හිතයි එහෙම ඇබ්බැහිවිමුත් තියනවද කියලා. ඔව් එහෙම ඒවා තියනවා. මම හැමදාම උදේට මගේ ඉලක්ක නැවත නැවත කියවන්න ඇබ්බැහිවෙලා ඉන්නවා. ඒ වගේම උදේ හා සවස පිළිවෙත් කරන්න (මේ ගැන වෙන දවසක කියලා දෙන්නම්) ඇබ්බැහි වෙලා තියනවා. මේවා වලින් වෙන්නේ දියුණුව වැඩි වෙන එක.

    අපි දැන් නවත්තන්න හදන්නේ කලින් කිව්ව අසාර්ථක වෙන්න බලපාන පිළිවෙත්. අපි කා කා ගාවත් මේ ඇබ්බැහිවීම් පුරුදු අඩුවැඩි වශයෙන් තියනවා. මුලින්ම අපි ගාව තියන මේ පුරුදු ඇබ්බැහිවීම් මොනවද කියලා අපි හොයාගන්න ඕන. (තමන්ගේ නරක පුරුදු මොනවද දන්නේ නැතුව කොහොමද ඒවා නවත්තන්නේ) ඉතින් කොහොමද මේ පුරුදු නවත්තන්නේ?

    01. ඇත්තටම මේක නවත්තන්නම ඕනෙද? ඔබෙන්ම අහන්න
    සමහර වෙලාවට ඔබට තියන නරක පුරුද්දක් ඔබට නවත්තන්න උවමනාවක් නැත්තන් මොකද වෙන්නේ? ඔබට ඒ පුරුද්ද ඕනේ කියලා හිතෙනවනම්? එහෙනම් මේ මොනදේ කලත් වැඩක් නැ. ඉස්සෙල්ලා ඔබෙ හිතේ ගැඹුරුම තැනින් අහන්න මට මේ පුරුද්ද අතාරින්න ඕනෙමද කියලා.

    02. ඇයි නවත්තන්නේ කියන හේතු ලියාගන්න
    හොඳයි ඒ තීරණය නවත්තන්නම ඔබේ කියලා ඔබ තීරණය කලාට පස්සේ ඒක නවත්තන්න තියන හේතු ලියාගන්න. ඒ ගැන චිත්තරුප මවන්න. හිතන්න ඔබට සිනි හා තෙල් කන එක අඩුකරන්න ඕනේ කියලා. ඔබ කියන්න එහෙම කලාම ඔබට ලැබෙන ප්‍රතිලාබ. හිතින් මවන්න ඔබ එහෙම කලාට පස්සේ කෙට්ටු වෙලා ලස්සන ඇඳුම් ඇඳල ඉන්න හැටි. තරුණියන් තමන්ට ආකර්ෂණය වෙන හැටි.

    03. ක්‍රියා කරන්න
    ඔබ දැන් ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න පටන් ගන්න. ක්‍රමක්‍රමයෙන් අඩු කරනවානම් දිනපතා අඩු කරන විදිහ ප්ලෑන් එකක් හදාගන්න, නැත්තන් ඒ වෙනුවට භාවිතා කල හැකි විකල්පයකට යන්න. කොහොමහරි ඔබේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කරන්න.

    04. තව කෙනෙක්ට කියන්න.
    ඔබ මේ කරන්න හදන දේ තව කෙනෙක්ට කියන්න. ඔබේ ප්ලෑන් එක, ඔබ එය කරන විදිහ තවකෙනෙක් දැනගත්තම ඔහු මේ ගැන හොයා බලනවා. ඔහුට කියන්න නිතර මේ ගැන මතක් කරන්න කියලා. ඔබෙන් කටයුත්තේ සාර්ථකත්වය ගැන නිතර අහන්න කියලා.

    05. අසාර්ථක වුනාට සැලෙන්න එපා.
    මම අරක්කු නවත්තලා මචං හිටියේ එදා පාටි එකේදී පෙවුනා, ඊට පස්සේ මම වැඩේ අතැරලා දැම්මා.. ඔයාලත් මෙහෙම කතා අහලා තියනවද? ගොඩක් අවස්තාවලදී වෙන්නේ වැඩේ අසාර්ථක වුනොත් අතෑරලා දාන එක. නමුත් වෙන්න ඕන අසාර්ථකත්වය වුන තැනින්ම නැවත ආරම්භකරලා ඉදිරි සති දෙකට අලුතින් ප්ලෑන් එකක් හදාගෙන ආයෙත් පටන් ගන්න එක.

    06. ජයග්‍රහණ සමරන්න
    ඔබ ඒ ඇබ්බැහිවීම අතැරලා ලබන ජයග්‍රහණ සමරන්න. උදාහරණයක් කියනවනම් ඔබ සිගරට් නවත්තලා මාසයක් ගිය තැන මාස තුනක් ගිය තැන සන්ධිස්ඨාන සමරන්න. එයින් ඔබට යම් ආර්ථික වාසියක් ලැබුණානම් සමරන්න. එහෙම නැත්තන් ඔබ සිනි තෙල් නවත්තපු කෙනෙක් නම් පලවෙනි කිලෝ එක අඩු වීම සමරන්න. මේ විදිහට ඔබේ ආයාසය තුලින් ලැබෙන සුළු සුළු ජයග්‍රහණ සැමරීම තුලින් ඔබට දිගටම ආයාස කිරීමට මානසික ශක්තියක් ලැබෙනවා.

    මේක අත්දුටු ක්‍රමයක්. ඔයාලත් මේ විදිහට උත්සහ කරලා ප්‍රතිපල අපිටත් දැනුම් දෙන්න.



    මේ ජාතියේ පරණ ත්‍රෙඩ් මෙතනින් කියවන්න
    godak watina thread 1k godak esthuthi meka dapu kenata . matath addict wela tiyenawa . nawattaganna eka thama amaru :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    godak watina thread 1k godak esthuthi meka dapu kenata . matath addict wela tiyenawa . nawattaganna eka thama amaru :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    එල මචං නවත්තන්න ඕනේ කියලා හිතනවානම් අනිවා නවත්තන්න පුළුවන්. :yes: ගොඩක් උන්ට තියෙන්නේ නවත්තන්න උවමනාවක් නැති කම..
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නැකැත් රාල;20116333 said:
    එල මචං නවත්තන්න ඕනේ කියලා හිතනවානම් අනිවා නවත්තන්න පුළුවන්. :yes: ගොඩක් උන්ට තියෙන්නේ නවත්තන්න උවමනාවක් නැති කම..

    :(:(:(