ඇමතිවරුන්ගේ ග්‍රහයෝ මාරූ වෙන්නේ මෙහෙමයි
අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද පස්වරුවේ සිදුකරනු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යධූරවල සිඳුවන වෙනස්කම් පිළිබඳ ලැයිස්තුවක් ජනාධිපති වරයාට මේ වන විට යවා ඇති බවටයි වාර්ථා වෙන්නේ.
ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය ද හිමිවනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමති ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාගෙන් මහමාර්ග විෂයද නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාගෙන් නීතිය හා සාමය යන විෂයද ඉවත් කෙරෙනු ඇතී.
මේ අතරේ රාජ්‍ය ඇමතිවරුන් වන රවින්ද්‍ර සමරවීර , සුජීව සේනසිංහ , නියෝජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා , අජිත් පී පෙරේරා යන මහත්වරුන් කැබිනට් නොවන ඇමතිවරුන් ලෙස පත් කිරීමට යොජනා වී ඇත.
යෝජිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේද විෂය පථයන් වෙනස් වීමට ඉඩ ඇති අතර මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන ඇමතිවරුන්ට වැඩි වගකීම් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ .
මේ අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුලු විෂයන් කිහිපයක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියා සිටියා.
නෙත් නිව්ස්