'ඇමති කියන විදිහට කරලා බැම්ම කැඩුණොත් ප්‍රශ්න ඇති වෙන්නේ මට'

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major

    1743486260479.png

    දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී සිදුවූයේ කුමක් ද?​

    මාර්තු 27 වන දා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී සිදුවූ සංවාදය මෙසේ ය.
    සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:
    "වසර 15ක පමණ කාලයක් තිස්සේ සංචාරක ආකර්ෂණයක් පවතින අනුරාධපුර නුවර වැව වැව් බැම්ම වාහන ගමනාගමනයට අවහිර වන සේ වසා තැබීම නිසා ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් එල්ල වී ඇත. එබැවින් වැව් බැම්ම වසා දැමීමට නිශ්චිතව හඳුනාගත් තාක්ෂණික කාරණයක් නොමැති නම් වැව් බැම්ම වසා තැබීම නොකළ යුතු බවත්, එය කඩිනමින් විවෘත කළ යුතු බවත් කමිටු සභාපතිතුමා කමිටුවට පෙන්වා දෙන ලදී." (පසුගිය කමිටු රැස්වීමේ වාර්තාව උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය)
    "අපට වාරිමාර්ග ඉන්ජිනේරුතුමා කියන්නකො බලන්න මොකක් ද තත්ත්වෙ කියලා?"
    කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:
    "මේ සම්බන්ධයෙන් මම වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට මේ කරුණු ඉදිරිපත් කළා. එතුමා මේක පරීක්ෂා කිරීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්තුමා දෙසැම්බර් මාසෙ 25 වෙනිදා පැමිණියා. ඇවිල්ලා බලලා ලියුමක් එවල තිබුණා මේක තවදුරටත් විවෘත කරන්න බෑ. නමුත්, සංචාරක කර්මාන්තයට බාධාවක් නොවෙන විදිහට ගේට්ටුවලින් බයිසිකලයක් සහ පයින් යන්න පුළුවන් විදිහට ඉඩක් තියලා අවශ්‍ය කටයුතු කරන්න කියලා. දැනට අපි අවශ්‍ය කටයුතු කරල තියෙනවා."
    සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:
    "ඒ කියන්නේ බෑ කියන්න හේතුව මොකක් ද?"
    කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:
    "නුවර වැව, තිසා වැව වගේ ගත්තොත් මේවා අවුරුදු සිය ගණනකින් විතර ප්‍රතිසංස්කරණය කරල නෑ මේ වැව්වල. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉදිරිපත් කරල තියෙන්නෙ දැනට වැව් බැම්ම හරහා යාමේ ඇක්සස් ලබා දීමට අවශ්‍යතාවක් නෑ කියන කාරණය."
    සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:
    "ඒක වාරිමාර්ග අධ්‍යක්ෂතුමාට තීරණය කරන්න ඕන නම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවක් ඕන නෑනෙ. අපට කියන්න ඕන මේක. අලුත්වැඩියා කරල නැත්නම් අලුත්වැඩියා කරන්න ඕනෙ. එහෙනම් අපට එන්න ඕනෙ මේව හදල නෑ, ඒක රෙපෙයාර් කරන්න බැරි නිසා යන්න බෑ. එතකොට තියෙනව කාරණයක්, එහෙනම් රෙපෙයාර් කරල අරිමු."
    කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:
    "මේ වැව් බැම්මේ මුහුණත පළල මදි. අනිත් එක මේකෙ ස්ලෝප් එක ගොඩක් වැඩි යි. ඒ ප්‍රශ්නෙත් තියෙනවා. එතකොට වාහන දෙකක් මාරු වීමේ ගැටලුවක් තියෙනවා. සුළු වශයෙන් ජල කාන්දු තියෙනවා වැව් බැම්මේ."
    සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:
    "ඒක වහගෙන ඉඳල මොක ද කරන්නේ?"

    කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:
    "ඒකෙන් වාහන යාමේ අවශ්‍යතාවක් නෑනෙ ඇත්ත වශයෙන් ම."
    සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:
    "කවුද ඒක තීරණය කරන්න ඕනෙ? වාහන යාමේ අවශ්‍යතාව තීරණය කරන්න ඕනෙ වාරිමාර්ග අධ්‍යක්ෂතුමා නෙවෙයි. ඕව කැඩුණොත් ආපහු හදන්න තීරණය කරන්න තියෙන්නෙ කාට ද? අපිට ම තමයි. වාරිමාර්ග අධ්‍යක්ෂතුමා තීරණය කරන්න ඕන නම් අපි ඕන නෑනෙ මේක කතා කරන්න. ඒක වැරදියි ඒ ස්ථාවරය."
    කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:
    "වැව් බැම්ම කඩාගෙන ගියොත් එහෙම සහ හදිසියේ මේක රෙපෙයාර් කර ගන්න බැරි වුණොත් අපිට කරන්න දෙයක් නෑ.... වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා දෙන උපදෙස් අනුව තමයි මට කටයුතු කරන්න පුළුවන්."
    සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:
    "ඒ කියන්නෙ ඒක තීරණය කරන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද? දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ද? දැන් අපිට මේක යෝජනාවක් ඇවිල්ල තියෙනවා."
    කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:
    "දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් යෝජනාව ආව නිසා මම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට යොමු කළා. නමුත්, වැව් බැම්මෙ ප්‍රශ්න තියෙන නිසා මේක ලබා දීමේ හැකියාවක් නැහැ කියල එවල තියෙනවා. දිස්ක්‍රික් ලේකම්තුමාටත් ඒක යොමු කළා. නමුත් මේ කමිටුව අද දින මේ වැව් බැම්ම විවෘත කරන්න ඉල්ලනවා නම් මම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට නැවත ලියල මේකට අවශ්‍ය විශේෂඥ කමිටුවක් දාලා ඇස්තමේන්තුවක් සකස් කරල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරන්නම් අවශ්‍ය අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා."

    'වැව් බැම්ම අවුරුදු දහස් ගණනක් පරණ යි'​

    මේ සම්බන්ධයෙන් අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වාගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු අදාළ වැව් බැම්මේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේ ය.
    "වැව් බැම්ම අවුරුදු දහස් ගණනක් පරණයි. ඒකෙ ප්‍රශ්නයක් තියෙනවා. 1889 තමයි ප්‍රතිසංස්කරණයක් කලින් කරල තියෙන්නෙ. එතකොට බැම්ම දැනට අවුරුදු එකසිය ගාණක් පරණයි ඇත්තට ම. අවුරුදු 130කට වැඩි කාලයක්. වාහන මාරු වෙන්න ඉඩ මදි. ස්ලෝප් එක වැඩියි. ජල කාන්දු කීප තැනක ම තියෙනවා. මේවා පස්වලින් හදපු වැව් බැමි නේ. ඒ නිසා කාන්දු තියෙනවා මේවාවල. ඉතින් මේක ගොඩක් පරණ වැව් බැම්මක් හින්ද වාහන යන්න දෙන්න බෑ ඇත්තට ම. වාහන යන්න දුන්නා ම වයිබ්‍රේෂන් එකක් එනවා. ඒ කම්පනයත් එක්ක කාන්දු වැඩි වෙනවා. ඊට පස්සේ ස්ලිප් වෙනවා."
    ඔහු පෙන්වා දුන්නේ, වැව් බැම්ම මතින් වාහන ගමනාගමනයට ඉඩ සැලසීමෙන් යම් අනතුරක් සිදුවුවහොත් ඊට තමන්ට වගකීමට සිදුවන බව ය.
    "වැව් බැම්ම ඇරියා ම කොයි වෙලාවක හරි වැව් බැම්ම කඩාගෙන ගියොත් මට තමයි ප්‍රශ්නෙ එන්නෙ. පළවෙනි කාරණය මහජන ජීවිත ආරක්ෂා වෙන්න ඕනෙ. අනික් කාරණය තමයි යල මහ දෙකට ම වතුර දෙන්න ඕනෙ වගාවට. ඊළඟට බොන්න වතුර දෙන්න ඕනෙ. ඔය ප්‍රශ්න ඔක්කොම තියෙනව අපිට. සංචාරක කර්මාන්තයට ඉඩ දෙන්න ඕන එක ඇත්ත. නමුත්, පළවෙනියට ප්‍රමුඛතාව දෙන්න ඕනෙ ජීවිත ආරක්ෂා කරන්න නෙ."
    ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් නැවත ඉල්ලීමක් කළහොත් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා නැවත සලකා බැලීමක් කළ හැකි බව අමාත්‍යවරයාට දැනුම් දුන් බව ය.
    "මම කිව්වා අරින්න ම ඕන නම් ඒ ගැන නැවත ඉල්ලීමක් කරන්න කියලා. ඒකටත් ඒගොල්ලො කැමති වුණේ නෑ."

    වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දිගු කාලයක් සහ විශාල මුදලක් ද වැය කිරීමට සිදුවන බව ද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.
    "අක්කර අඩි 36250ක් වැවේ වතුර තියෙනවා. වතුර අඩු කරල තමයි අලුත්වැඩියා කරන්න ඕනෙ. එයාල කිව්වට මාසෙන් දෙකෙන් කරන්න බෑ. අවුරුදු 5ක්වත් යනවා සම්පූර්ණයෙන් අලුත්වැඩියාවක් කරන්න ඕන නම්. රුපියල් මිලියන 2000ක් වගේ මුදලකුත් යයි."

    කන්තලේ වැව් බැම්ම කැඩී යාමේ සිද්ධිය​

    මීට අවුරුදු 39කට පමණ පෙර කන්තලේ වැව් බැම්ම කැඩී යාමෙන් මිනිස් ජීවිත 120ක් අහිමි වූ අතර නිවාස දහසකට අධික සංඛ්‍යාවකට හානි වූ බව වාර්තා වී තිබේ.
    එහිදී වැව් බැම්මේ මීටර් 150ක පමණ කොටසක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුවී තිබිණි.

    https://www.bbc.com/sinhala/articles/cglxkkr08j4o
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සර නං ඔහොම එක එකා ඇමති හාමුදුරුවන්ට කටගහගෙන ගියේ නෑ. එහෙම ගියාම සොබාදර්මෙන් දඬුවම් ලැබුණා.

    එක්කො අහම්බෙන් කලාප වාරිමාර්ග අධ්‍යක්ෂකගෙ වාහනේ ගහක හැපිල ගිනිගත්තා.
    එක්කො අධ්‍යක්ෂක පාරෙ යන ගමන් අතුරුදහන් උනා.

    දැන් ඒකට. අර වගේ සොබාදහමෙන් වත් සපෝට් එකක් නෑ මේ ආණ්ඩුවට. 🙈🤭
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ඉස්සර නං ඔහොම උනේ නෑ.

    එක්කො අහම්බෙන් කලාප වාරිමාර්ග අධ්‍යක්ෂකගෙ වාහනේ ගහක හැපිල ගිනිගත්තා.
    එක්කො අධ්‍යක්ෂක පාරෙ යන ගමන් අතුරුදහන් උනා.

    දැන් ඒකට. අර වගේ සොබාදහමෙන් වත් සපෝට් එකක් නෑ මේ ආණ්ඩුවට. 🙈
    Mother Earth's reply is usually very slow, but these surely will come and will be terrible.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    එක *ත්තේක් වත් පොයින්ට් එකට කතා කරන්න දන්නේ නෑ
    කලින් හිතාගෙන ආපු ප්‍රශ්නයි උත්තරයි ටිකක් කියල දානවා
    අනිත් එකා කියන්නෙ මොකද්ද අදාල නෑ
    අහන්න පුරුද්දක් නෑ
    අන්තිමට කිසිම ඇක්ශන් එකක් තීරනයක් නෑ
    සභාතමෝ රීලා විසිර හියහ