වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වී තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නිරන්තරයෙන් සුප්‍රීම් සැට් රටේ ප්‍රගමනය වෙනුවෙන්, නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින් තවදුරටත් සමාගමේ කීර්ති නාමය තව දුරටත් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බවය.
එමෙන්ම නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාව නොමඟ යවමින් සිය දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් හා ඔවුනගේ පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් තම සමාගම දැඩිව කනගාටුව ප්‍රකාශ කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සම්පූර්ණ නිවේදනය පහතින්.
දශකයකට අධික කාලයකට පසු යළිත් කතාබහට ලක්වූ SupremeSAT-1 චන්ද්‍රිකාව සම්බන්ධයෙන් වත්මන් රජයේ අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය වසන්ත සමරසිංහ දැක්වූ පරස්පර විරෝධී අදහස් සම්බන්ධයෙන් SupremeSAT පුද්ගලික සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් අදාළ චන්ද්‍රිකාව සම්බන්ධයෙන් මතු වී ඇති කරුණු පිළිබඳව පැහැදිලි කිරීමක් කර ඇත.
2012 වසරේදී කක්ෂගත කළ බව කියන මෙම චන්ද්‍රිකාව 'අතුරුදන් වී ඇති' බවට දිගින් දිගට ම ජාතික ජන බලවේගයේ සාමාජිකයින් චෝදනා කළ අතර, බ්‍රහස්පතින්දා ද අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ඒ බව පැවසීය.
කෙසේ වෙතත්, අදාළ චන්ද්‍රිකාව කක්ෂගත වී ඇත්තේ කොහේ ද යන්න පිළිබඳව සුප්‍රීම්සැට් සමාගම සිය නිවේදනයේ සඳහන් කර තිබිණි.
SupremeSAT-1 චන්ද්‍රිකාව 'මේ වන විටත් 87.5° නැගෙනහිර කක්ෂයේ නිවැරදිව සක්‍රීය ලෙස පවතින' අතර 'මූලික දියත් කිරීමේ සිට ම චන්ද්‍රිකාව විද්‍යානුකූලව ස්ථානගත කර ඇති,' බව සුප්‍රීම්සැට් පුද්ගලික සමාගම පවසයි.
එහි සභාපති ආර්.එම්. මනිවන්නන්ගේ නම සහිතව නිකුත් කර ඇති අදාළ නිවේදනය මගින් එම සමාගම පෙන්වා දී ඇත්තේ, 'අපගේ සමාගම සිදු කළ මෙම ආයෝජනය පිළිබඳව 2012 වසරේ සිට ම පොදු ජනතාව නොමග යවමින්, පටු ග්‍රාම්‍ය දේශපාලන වාසි වෙනුවෙන් සාවද්‍ය මතවාදයන් දශකයකට පසුව', 'දත්ත වාර්තා සමගින් ම තහවුරු කර' ඇතත්, තවමත් ඇතැම් පුද්ගලයින් 'අසත්‍ය පැවසීම හා ආයතනික ගිණුම් පිළිබඳව බොරු දත්ත සැපයීම පිළිකුළෙන් යුතුව හෙළා දකින,' බව ය.
'පුද්ගලික සමාගමක් ලෙසින් අප සතුව පවතින පුද්ගලික සමාගම් ගිණුම් හා එහි දත්ත වාර්තා අපගේ නිසි නියෝජනයක් හා පිළිගත් දත්ත වාර්තා නොමැතිව, ඉතාමත් සාවද්‍ය ලෙස, ජනතාව නොමග යන අයුරින් විකෘති කර ජනගත කිරීම ඉතාමත් පිළිකුල්සහගත' බවත්, 'කිසිදු විෂයානුබද්ධ දැනුමක්, අවබෝධයක් නොමැතිව පමණක් නොව සරල සාමාන්‍ය දැනුමක්වත් නොමැතිව මෙවන් ප්‍රකාශ සිදු කිරීම පිළිබඳව බලවත් අප්‍රසාදය පළ කරන' බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කී 'සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය' සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැය කර නොමැති බවත්, එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බදාදා (අගෝ: 06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ ආදායම් දත්තවලට අනුව 2015 වසරේ සිට 2023 මුල් භාගය දක්වා මෙම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 343,909ක ආදායමක් ලැබී ඇති බව ය.
ඇය ඉදිරිපත් කළ ආදායම් දත්ත අනුව වාර්ෂිකව ලබා ඇති බව කී ආදායම් මෙසේ ය.
ඒ අනුව, වාර්ෂික ආදායම් පහත පරිදි විය යුතු බව ඔහු පැවසීය.
ඔහු ඉදිරිපත් කළ දත්ත අනුව පෙනී යන්නේ, අග්‍රාමාත්‍යවරිය දශම තිත අතහැර දත්ත ඉදිරිපත් කර ඇති බව ය.
"අගමැතිතුමිය නම් උත්තර දෙන්නෙ, ඒක හරියට බලල ඒ තහවුරුව අරගෙන කියන්න ඕනෙ. ඒ නිසා පිළිතුරු ලබා දීම වැරැද්දක් නිලධාරීන් කරල තියෙනවා," වසන්ත සමරසිංහ පැවසීය.
මේ අතර, අග්‍රාමාත්‍යවරිය සිය පැහැදිලි කිරීමේදී දශම තිත නොමැතිව සංඛ්‍යා දත්ත ඉදිරිපත් කර ඇතැයි පෙනී යන බව සුප්‍රීම්සැට් සමාගමට අනුබද්ධ සුප්‍රීම් මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී කංචන කොඩිතුවක්කු බීබීසී සිංහල වෙත පැවසීය.
සමාගමට අදාළ නිවැරදි දත්ත රජයට සපයා ඇති බවත්, ඒවා ඉදිරිපත් කිරීමේදී වරදක් වී ඇත්නම් එය සමාගම කළ වරදක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක විමසා සිටියේ, "ඇමතිතුමා කියන්නේ අග්‍රාමාත්‍යතුමිය ගිරවෙක් වගේ ලියල දෙන එක කියනවා කියල ද?" යනුවෙනි.
"දැන් එතකොට කියන්නෙ අග්‍රාමාත්‍යතුමිය ගිරවෙක් වගේ ලියල දෙන එක කියනව කියල ද වසන්ත සමරසිංහ ඇමතිතුමා කියන්නෙ? කිසි ම තහවුරු කිරීමකින් තොරව දේවල් කියනව කියල ද කියන්නෙ? මේක තමයි අපිත් කිව්වෙ, මේ ආණ්ඩුවට කිසි ම වැඩක් බෑ කියල."
ඩී.වී. චානක මන්ත්‍රීවරය සඳහන් කළේ, සාමාන්‍යයෙන් අග්‍රාමාත්‍යවරියගෙන් පිළිතුරක් ඉල්ලූ විට ඇය අග්‍රාමාත්‍ය ලේකම්වරයා හරහා පිළිතුර ලබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ය.
https://www.bbc.com/sinhala/article...t_campaign_type=owned&at_campaign=Social_Flow

SupremeSAT-1 චන්ද්‍රිකාව 'අතුරුදන් වෙලා' ද?

අගමැතිනිය ඉදිරිපත් කළ දත්ත සහ වසන්තගේ 'නිවැරදි කිරීම'
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කී 'සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය' සඳහා ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් වැය කර නොමැති බවත්, එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බදාදා (අගෝ: 06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා ය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ ආදායම් දත්තවලට අනුව 2015 වසරේ සිට 2023 මුල් භාගය දක්වා මෙම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 343,909ක ආදායමක් ලැබී ඇති බව ය.
ඇය ඉදිරිපත් කළ ආදායම් දත්ත අනුව වාර්ෂිකව ලබා ඇති බව කී ආදායම් මෙසේ ය.
- 2015/2016 - රු. මිලියන 19617
- 2016/2017 - රු. මිලියන 28133
- 2017/2018 - රු. මිලියන 29106
- 2018/2019 - රු. මිලියන 34169
- 2019/2020 - රු. මිලියන 42960
- 2020/2021 - රු. මිලියන 62545
- 2021/2022 - රු. මිලියන 87789
- 2023 පළමු මාස 6 - රු. මිලියන 39590
ඒ අනුව, වාර්ෂික ආදායම් පහත පරිදි විය යුතු බව ඔහු පැවසීය.
- 2015/2016 - රු. මිලියන 19.167
- 2016/2017 - රු. මිලියන 28.133
- 2017/2018 - රු. මිලියන 29.1
- 2018/2019 - රු. මිලියන 34.1
- 2019/2020 - රු. මිලියන 42.9
- 2020/2021 - රු. මිලියන 62.0
- 2021/2022 - රු. මිලියන 87.0
- 2023 පළමු මාස 6 - රු. මිලියන 39.5
ඔහු ඉදිරිපත් කළ දත්ත අනුව පෙනී යන්නේ, අග්‍රාමාත්‍යවරිය දශම තිත අතහැර දත්ත ඉදිරිපත් කර ඇති බව ය.
"අගමැතිතුමිය නම් උත්තර දෙන්නෙ, ඒක හරියට බලල ඒ තහවුරුව අරගෙන කියන්න ඕනෙ. ඒ නිසා පිළිතුරු ලබා දීම වැරැද්දක් නිලධාරීන් කරල තියෙනවා," වසන්ත සමරසිංහ පැවසීය.
'ඒක අපේ වරදක් නෙවෙයි'
මේ අතර, අග්‍රාමාත්‍යවරිය සිය පැහැදිලි කිරීමේදී දශම තිත නොමැතිව සංඛ්‍යා දත්ත ඉදිරිපත් කර ඇතැයි පෙනී යන බව සුප්‍රීම්සැට් සමාගමට අනුබද්ධ සුප්‍රීම් මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී කංචන කොඩිතුවක්කු බීබීසී සිංහල වෙත පැවසීය.
සමාගමට අදාළ නිවැරදි දත්ත රජයට සපයා ඇති බවත්, ඒවා ඉදිරිපත් කිරීමේදී වරදක් වී ඇත්නම් එය සමාගම කළ වරදක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
'අගමැතිනිය ගිරවෙක් වගේ ලියල දෙන එක කියනවා ද?'

Last edited: